බිල් ගේට්ස්

විලියම් හෙන්රි ගේට්ස් (III) (1955 ඔක්තොම්බර් 28 දින උපත ලදී) ඇමරිකානු ව්‍යාපාර ප්‍රධානියකු, මහජන හිතෛෂියකු, ලොව තෙවැනියට පොහොසත්ම මිනිසා (2008 වනවිට) හා මයික්‍රොසොෆ්ට් ආයතනයේ (ඔහු විසින් පෝල් ඇලන් සමඟ එක්ව අරඹන ලද) සභාපති ද වේ.

ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ දිවිය තුළ ප්‍රධාන මෘදුකාංග නිර්මාණකරු හා සභාපති ධුර හෙබවූ අතර දැනටත් වැඩිම ගණනක් කොටස් හිමි (9% ක් පමණ පොදු තොග) පුද්ගලයා ලෙස රැඳී සිටියි.

බිල් ගේට්ස්
බිල් ගේට්ස්
උපතඔක්තොම්බර් 28, 1955
සියැටල්, වොෂින්ටන්, U.S.
ප්‍රසිද්ධව ඇත්තේසභාපති, මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft)සභාපති (විශ්‍රාම ලත්),
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම
කලත්‍රයා(යන්)මෙලින්ඩා ගේට්ස් (1994–present)
දරුවන්තිදෙනෙක් ජෙනිෆර්, රෝරි, ෆෝබි
අත්සන
බිල් ගේට්ස්

විලියම් ගේට්ස් නම් වූ ඔහුගේ පියා නීතිඥයෙකු විය. මව මේරි මැක්ස්වෙල් ගේට්ස් නම් වූ අතර ඇය පාසල් ගුරුවරියක ලෙස සේවය කළාය. බිල් ගේ සීයා ගේ පියා රාජ්‍ය නීති සම්පාදකයෙකු ද නගරාධිපතිවරයකු ලෙස ද සේවය කළ අතර ඔහුගේ සීයා ජාතික බැංකුවේ උප සභාපතිවරයකු ලෙස සේවය කළේය. බිල්ට සොයුරියන් දෙදෙනෙකු ද විය.

ගේට්ස් උපත ලැබුවේ සියැටල්, වොෂින්ටන් වල අතර පාස‍ලේදී ඉගෙනීමට දක්ෂ වූයේය. 1973 හාවඩ් විද්‍යාලයට ඇතුල් වූ ඔහු එහිදී ස්ටීව් බෝල්මර් (පසුව මයික්‍රොසො‍ෆ්ට් ආයතනයේ සභාපති වූ) ව හමුවිය. 1975 දී "ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රෝනික්ස්" නම් මුද්‍රණය කියවු ඔහු මයික්‍රො‍ඉන්ස්ටුමන්ටේෂන් හා ටෙලිමට්‍රි සිස්ටම්ස් ආයතනයට ඇල්ටෙයාර් බේසික්ස් ලබාදී මයික්‍රොසොෆ්ට් ආයතනය බිහි කළේය. මෙය IBM හා හවුල් වී බේසික් ඉන්ටප්‍රිටර් නම් පරිවර්තකය සාදා ගැනීමට උපකාරි විය. අනතුරුව ගේට්ස් IBM සමඟ නව ගිවිසුමක් අත්සන් කර IBM ආයතනයට හැම IBM පැකේජයක් සමඟම මයික්‍රොසොෆ්ට් PC-DOS මෘදුකාංග විකිණීමට ඉ‍ඩ සැලසීය. මෙම ගිවිසුම මයික්‍රොසොෆ්ට් මෘදුකාංග කර්මාන්තයේ ප්‍රධානියකු බවට පත් කිරීමට ඉවහල් විය. වයස අවුරුදු 13 දී පාසලේ පරිගණකය සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම ඇරඹුවේය. පරිගණක පිළිබඳ දැඩි උනන්දුව නිසා බිල් සිය පාසල් මිතුරෙකු වූ පෝල් ඇලන් සමඟ හොර රහසේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය තුළට ඇතුළු විය. පසු කලෙක ඔහුට එම විශ්ව විද්‍යාලයටම ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් වීමට ද හැකි විය. එහි ඉගෙන ගනිමින් සිටිය දී ඔහු පරිගණක මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුගත්තේය. පාසල් වියේ මිතුරු ඇලන් පෝල් සමඟ එක් වූ ඔහු 1975 දී පෞද්ගලික පරිගණක සඳහා මෘදුකාංගයක් නිර්මාණය කළෙය. ඉන්පසු බිල් ගේ නායකත්වය යටතේ පරිගණක මෘදුකාංගය වැඩි දියුණු විය. ලොව පුරා මෙම පරිගණක මෘදුකාංගය ජනපි‍්‍රය විය. ඉන්පසු බිල් ගේ ‘මයික්‍රෝසොෆ්ට්’ පරිගණක මෘදුකාංග සමාගම ලොව පුරා ජනපි‍්‍රය වන්නට විය. මෙය බිල්ට නොසිතූ වාසනාවක් ගෙන ආ අතර ඔහුට විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට ද හැකි විය. වර්තමානයේ ඔහු ප‍්‍රමුඛ පෙළේ කෝටිපතියෙකු ලෙස ද ප‍්‍රකටය.

ගේට්ස් පුද්ගලික පරිගණක විප්ලව‍ය ලොව-ප්‍රචලිත ව්‍යවසායකයන් අතරින් එක් අයෙකි. බොහෝ අය ඔහුව අගය කලත්, තවත් බෙහෝ පිරිසක් ඔහුගේ තරඟකාරී-නොවන ව්‍යාපාර උපායමාර්ග විවේචනය කරති. 2009 දී බිල් හා මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් පිහිටවන ඔහු ඒ හරහා විශාල මුදල් සම්භාරයක් පුන්‍යාධාර කටයුතු හා විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වලට පිරිනැමීමට දායක විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බෞද්ධ කොඩියඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකා‍වේ බුදු පිළිමදුන්හිඳ ඇල්ලදෙවන පරාක්‍රමබාහු රජබලං‌ගොඩ මානවයාචන්ද්‍ර මාස ක්‍රමයප්‍රථමක සංඛ්‍යාසිංහල අක්ෂර මාලාවමහවැලි සංවර්ධන වැඩසටහනජේතවනාරාමය, අනුරාධපුරත්‍රිශික්‍ෂායාපහුව බලකොටුවතෙරේසා මවුතුමියබලශක්ති සංරක්‍ෂණයගොක් කලාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඇසපැපොලකාව්‍යයේ මුඛ්‍යාංගකොහොඹා කංකාරියඉංග්‍රීසි භාෂාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකක්‍රිස්තියානි ආගමසුදු බිංදුමමිනිසාගේ ස්නායු පද්ධතියවිජය කුමාරණතුංගසිංහල හෝඩිෆේස්බුක්නත්තලලිංගික ඊර්ෂ්‍යාවනෙප්චූන්සාදික්කාටී.බී. ජයාථූපාරාමයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්පාසල්ජැක්සන් ඇන්තනීබිසෝ කොටුවගඩලාදෙණිය විහාරයශ්‍රී ලාංකීය සංස්කෘතියපරිගණක දෘඩාංගනියුමෝනියාවරන්මසු උයනඅකුණුලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමහාභාරතයපළමුවන පරාක්‍රමබාහු රජලෝක ජනගහනයදකුණු පළාත, ශ්‍රී ලංකාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයආර්ඩුයිනෝචාල්ස් ඩාවින්නවයොවුන් ලිංගිකත්වයචතුරාර්ය සත්‍යයආර්ය අෂ්ඨාංගික මාර්ගයසීගිරි බිතු සිතුවම්රුවන්වැලිසෑයව්‍යාපාරකතෝලික සභාවමානව අයිතිවාසිකම්විෂ්ණු දෙවියන්ට පිං දීමස්වභාවික වෘක්‍ෂලතාකෘෂිකර්මයනාගරීකරණය - ශ්‍රී ලංකානිකොලා ටෙස්ලාගුණ කිරීමේ වගුවගිරවුමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඉන්දුනීසියාවපද්මසිරි ත්‍රීමා විතාරණචාල්ස් බැබේජ්දියවැඩියාවෙහි රෝග ලක්ෂණ🡆 More