බොහොමයක් රෝග සෑදීම ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදු කරයි.
බැක්ටීරියා, වෛරස, දිලීර සහ නෙමටෝඩාවන් ද ඒ අතර වේ. නිරෝගී සිරුර මත හා තුළ ක්ෂුද්‍ර ජීවීන් විශාල ගණනක් වාසය කරයි. මවුකුස තුළ ජීවත් වන කළලය/භ්රුණය සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වේ. නමුත් ඉපදීමේදී හා ඉපදීමෙන් පසුව සාමාන්‍ය හා විශේෂිත ක්ෂුද්‍ර ජීවී ගහණ මිනිස් දේහය තුළ ස්ථාපනය වේ. අලුත බිහිවන දරුවාට ප්‍රථමයෙන් ආසාදනය වන්නේ Lactobacilli නම් බැක්ටීරියාවන් වේ. මෙම බැක්ටීරියා මවගේ ප්‍රජනක මාර්ගය තුළ ජීවත් වීම මෙයට හේතුවයි. අලුත බිහි වූ දරුවන්ගේ ආහාර මාර්ගය තුළ මෙම බැක්ටීරියා දැකිය හැක. බිහිවීමෙන් පසුව E. coli ඇතුළු වෙනත් බැක්ටීරියා දේහය මත හෝ තුළ ස්ථාපනය වේ. මෙය ජීවිත කාලය මුළුල්ලේම සිදු වේ. මේ නිසා මිනිසාගේ දේහය මත හා දේහය තුළ සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි සමුදායක් වශයෙන් අති විශාල විවිධත්වයකින් යුත් ක්ෂුද්‍ර ජීවීන් ජිවත් වේ.
ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමේ හැකියාව ඇති ක්ෂුද්‍ර ජීවියා, ව්‍යාධිජනකයා ලෙස හඳුන්වයි.
දේහය මත හෝ දේහය තුළ පරපෝෂිත ජීවීන් වාසයට ඉඩ ලබා දෙන ජීවියා ධාරකයා ලෙස හඳුන්වයි.
සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවී සමුදායේ ජීවත් වන, ධාරකයාගේ ප්‍රතිරෝධය අඩු වූ අවස්තාවක දි ව්‍යධිජනකයින් ලෙස ක්‍රියා කරන ක්ෂුද්‍ර ජීවීන් වේ.
සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවි සමුදායේ ජිවත් නොවන, නමුත් දේහයට ඇතුළු වූ විට අනිවාර්යයෙන්ම රෝගයක් ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් වේ.
ක්ෂුද්‍ර ජීවි ආසාදනය, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය, හා ක්ෂුද්‍ර ජීවී ඵල ආදියේ ප්‍රතිඵලයක් ලෙස කායිකව ඇතිවන දුබල තත්ත්වයයි.
ක්ෂුද්‍ර ජීවීන් මගින් ධාරකයා ආසාධනය වූ විට එම ධාරකයා තුළ රෝගයක් හට ගැන්වීමට ක්ෂුද්‍ර ජීවීයාට ඇති හැකියාවයි.
ධාරකයා ලෙස හඳුන්වන වෙනත් ජීවියෙකු මත හෝ එම ජීවියාගේ පටක තුළ වාසය කරමින් ධාරකයාගෙන් පෝෂණය ලබා ගන්නා ජීවියා වේ.
මේ සඳහා ව්‍යාධිජනකයාගේ ආක්‍රමණකතාවය හා ධූලකජනකතාවය බලපායි.
මිනිස් සෛල හා පටක ආක්‍රමණය කර පටක තුල ගුණනය වීමේ හැකියාව මෙසේ හඳුන්වයි. ව්‍යාධිජනකයා විසින් නිපදවන බහිස්සෛලීය එන්සයිම ගණනාවක්, ආක්‍රමණකතාවය සඳහා හේතු වේ.
එන්සයිමය | ආක්‍රමණකතාවයට දායක වන අන්දම |
---|---|
පොස්පොලයිපේස් | සත්ත්ව සෛල පටලය විනාශ කරයි. |
ලෙසිතිනේස් | සෛල පටලයේ ලිපිඩ වල ඇති ලෙසිතින් නම් සංරචකය ජල විච්ඡේදනය කරයි. |
හයලුරොනිඩේස් | සෛල අතර ද්‍රව්‍ය එකට බැඳ තබන හයලුරොනික් අම්ලය බිඳ දමමින් පටක විනාශ කරයි. |
කිරීමට
සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරන ධූලක නම් ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ක්ෂුද්‍ර ජීවියාට ඇති හැකියාවයි. මේවා ප්‍රෝටීන් හෝ පොලිසැකරයිඩ වේ. ක්ෂුද්‍ර ජීවින් විසින් නිපදවන මෙම ධූලක ජෛව විෂ ලෙසද හඳුන්වයි. මේවා ප්‍රධාන වර්ග දෙකක් ඇත.
ක්ෂුද්‍ර ජීවී සෛලයේම කොටසක් ලෙස මෙම ධූලක පවතී. මේවා තාප ස්ථායි ධූලක වේ. උදා: Salmonella typhi සෛල බිත්තියේ ඇති ලිපොපොලිසැකරයිඩ.
මෙය සෛල වලින් පිටතට ශ්‍රාවය කරන ද්‍රව්‍යයකි. මේවා ප්‍රෝටීන සයුතියක් ඇති බැවින් තාප අස්ථායි වේ. එබැවින් නැටවිමේදී විනාශ වේ. මේවා ග්‍රෑම් + හෝ ග්‍රෑම් - බැක්ටීරියා මගින් නිපදවයි.
ධූලකය | බලපෑම | නිපදවන ක්ෂුද්‍ර ජීවීන් |
---|---|---|
නියුරෝටොක්සින් (Neurotoxin) | ස්නායු ආවේග සම්ප්‍රේෂණයට බලපෑම් ඇති කරයි. | Clostridium tetani |
එන්ටරෝටොක්සින් (Enterotoxin) | ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සෛල අධිකව උත්තේජනය කරයි. | Clostridium botulinum |
සයිටොටොක්සින් (Cytotoxin) | සෛල වලට පහර දී හානිකර විනාශ කරයි. | Corynebacterium diphtheriae |
මිනිස් සිරුර තුලට ව්‍යාධිජනකයනට ඇතුළු වීමට ඇති මාර්ග ගණනාවකි. මේවා ප්‍රවේශ මාර්ග ලෙස හඳුන්වයි. බොහොමයක් ව්‍යාධිජනකයන් ධාරකයාගේ බිඳවැටුණු පටක හරහා දේහය තුලට ඇතුළු වේ. ඇතැම් ව්‍යාධිජනකයන් ශ්වසන මාර්ගය, ආමාශ ආන්ත්‍රික මාර්ගය, මෞත්‍රලිංගික මාර්ගය, ඇසේ අක්ෂිපටලයේ ඇති ශ්ලේෂ්මල පටලය හරහා දේහයට ඇතුළු වේ.ව්‍යාධිජනකයන් වැඩි ගණනක් දේහයට ඇතුළු වන්නේ නිශ්චිත ස්ථානයකින් පමණි. (උදා:Clostridium tetani වියළි හමේ පතිත වූ විට හානියක් සිදු නොවේ නමුත් තුවාලයක් මත පතිත වූ විට පිටගැස්ම ඇති වේ. මොවුන් ධූලක නිකුත් කරයි. මේවා රුධිර සංසරණය හරහා දේහය පුරා ව්‍යාප්ත වේ. මේ නිසා පිටගැස්ම ඇති වේ).
ජීවී දේහය තුලට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වැලක්වීමටත් ඔවුන් ජීවි දේහය තුළ වර්ධනය වීම මැඩ පැවැත්වීමටත් ධාරක් දේහය සතු අනුවර්තන මෙසේ හඳුන්වයි. මෙම ආරක්ෂක යාන්ත්‍රණය කොටස් දෙකකට බෙදිය හැක.
ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවින් විසින් ආසාදන ඇති කිරීමට එරෙහිව, මුලින්ම ඇති කරන භෞතික සහ රසායනික බාධක විශිෂ්ට නොවන ආරක්ෂක ලෙස හඳුන්වයි. මෙම ආරක්ෂක යාන්ත්‍රණ සහජයෙන්ම ලැබෙන අතර උපතේ සිටම මෙමගින් ආරක්ෂාව ලැබේ. මෙම ආරක්ෂක යාන්ත්‍රණ ඕනෑම ව්‍යාධිජනක විශේෂයක් කෙරෙන් ධාරකයා ආරක්ෂා කර ගනී.
මිනිසාගේ දේහය ආවරණය කරමින් සම පිහිටා තිබේ. සම,
රුධිරයේ ඇති නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, මොනොසයිට, වැනි සෛල වර්ග මේ සඳහා දායක වේ. සම්බන්ධක පටක වල ඇති මහා භක්ෂාණු සෛල, දේහයට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවින් භක්ෂණය කර විනාශ කරයි.
ක්ෂුද්‍ර ජීවි ආසාදනයක දී හෝ පටක වලට හානියක් සිදු වූ විට ඇතිවන සමාන්යිත ප්‍රතිචාර, ප්‍රදාහක ප්‍රතිචාර ලෙස ලෙස හඳුන්වයි. මෙම ප්‍රදාහක ප්‍රතිචාර නිසා ක්ෂුද්‍ර ජීවින් මුල් ස්ථානයේ සිට පැතිරී යාම වලක්වයි. මෙම ප්‍රදාහක ප්‍රතිචාරයක දී පහත ලක්ෂණ දැකිය හැක.
මිනිස් දේහය තුලට විවිධ වෛරස, බැක්ටීරියා, දිලිර වැනි ක්ෂුද්‍ර ජීවින් සහ පරාග වැනි ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වීම නිසා විශිෂ්ට ආරක්ෂක පද්ධතිය දේහය තුල ආරම්භ වේ. මෙම ජීවින් හෝ ද්‍රව්‍ය, ප්‍රතිදේහ ජනක ලෙස හඳුන්වයි. මෙම ප්‍රතිදේහ ජනක වලට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම මගින් විශිෂ්ට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති වේ. මෙම ප්‍රතිදේහ විශිෂ්ට වූ ආගන්තුක ජීවින් හෝ ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වී ඒවා විනාශ කරමින් දේහ ආසාදන වලක්වයි. මෙය පරිචිත ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි. (ප්‍රතිදේහ මගින් ඇතිවන ප්‍රතිශක්තිය පරිචිත ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි). පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.
ධාරකයා තුළට ප්‍රතිදෙහජනකය හෝ ධූලකය හෝ ඇතුල් වීම හෝ ඇතුල් කිරීම නිසා ධාරක දේහය තුල, විශිෂ්ට වූ ප්‍රතිදේහ හෝ ප්‍රතිධූලක ඇති වීම නිසා ඇති වන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. සක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.
ධාරකයාගේ දේහය තුලට ස්වභාවිකව ප්‍රතිදේහ ජනක හෝ ධූලක ඇතුල් වීම නිසා ඇතිවන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. මෙම ප්‍රතිශක්තිය, ජිවිත කාලය පුරාම හෝ දිගු කාලයක් පැවතිය හැක. උදා: පැපොල්, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග සෑදෙන විට ඇති වන ප්‍රතිශක්තිය
ධාරකයා තුළට මරණ ලද හෝ බෙලහීන කරන ලද හෝ ක්ෂුද්‍ර ජීවින් හෝ විෂ නැසූ විෂ (Toxoid), එන්නත් මගින් ලබා දේ. එන්නත් සම තුළට, පේශි තුළට, රුධිර සංසරණයට හෝ මුඛ මාර්ගයට ලබා දිය හැක. උදා: පෝලියෝ, රුබෙල්ලා, ජලභීතිකාව, සරම්ප, හෙපටයිටිස් B, පිටගැස්ම, ඩිප්තිරියා
මෙහිදී ධාරකයාගේ දේහයට පිටතදී නිපදවනු ලබන ප්‍රතිදේහ (නිමි ප්‍රතිදේහ) හෝ ප්‍රතිධුලක ඇතුළු කරනු ලැබේ. එවිට ධාරකයාගේ දේහය තුල ඇති වන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. දේහය තුල ස්වභාවික ක්‍රියාවන් හේතුවෙන්, ඇතුල් කල ප්‍රතිදේහ හෝ ප්‍රතිවිෂ ක්‍රමයෙන් බිඳ වැටේ. එබැවින් අක්‍රිය ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩු වේ. නමුත් සක්‍රිය ප්‍රතිශක්තිය ඇති වීමට පැය ගණනාවක් ගත වුවද මෙම අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය මගින් ඉක්මනින්ම ආරක්ෂාව ලැබේ. අක්‍රිය පරිචිත ප්‍රතිශක්තිය ප්‍රධාන ආකාර දෙකකි.
මෙහිදී ධාරකයාගේ දේහය තුලට වෙනත් ජීවින් තුල නිපදවූ ප්‍රතිදේහ හෝ ප්‍රතිධුලක ඇතුළු කිරීම නිසා ඇතිවන ප්‍රතිශක්තිය මෙසේ හඳුන්වයි. උදා: ප්‍රතිටෙටනස් එන්නත - පිටගැස්ම වැලැක්වීමට, ප්‍රති රේබීස් එන්නත - ජලභීතිකාව වැලැක්වීමට
ප්‍රතිජීවකය | ක්ෂුද්‍රජිවින්ට බලපෑම |
---|---|
පෙනිසිලින් | බැක්ටීරියා සෛල බිත්තිය සංස්ලේෂණය නිශේධනය කරයි. |
පොලිමික්සින් | බැක්ටීරියා සෛල වල පාරගම්‍යතාවයට හානි පමුණුවයි. |
එරිත්‍රොමයිසින් | බැක්ටීරියා වල ප්‍රෝටීන් සංස්ලේෂණය නිශේධනය කරයි. |
කෘත්‍රිම සිෆ්‍රෝෆ්ලොක්සසින් | බැක්ටීරියා වල DNA සංස්ලේෂණය නිශේධනය කරයි. |
කීටෝකොනැසොල්/ක්ලෝට්‍රිමසෝල් | දිලීර වල සෛල පටල සංස්ලේෂණය නිශේධනය කරයි. |
රෝගය | රෝග කාරකයා | සම්ප්‍රේෂණය | දේහයට ඇතුළු වන ස්ථානය |
---|---|---|---|
සරම්ප (Measles) | Paramyxovirus | ප්‍රශ්වාස වාතයේ බිඳිති | ශ්වසන මාර්ගය |
කම්මුල්ගාය (Mumps) | Paramyxovirus | ප්‍රශ්වාස වාතයේ බිඳිති සහ ඛේටය | ශ්වසන මාර්ගය, ස්නායු පද්ධතිය |
ඉන්ෆ්ලුවෙන්සා (Influenza) | Myxovirus | ප්‍රශ්වාස වාතයේ බිඳිති | ශ්වසන මාර්ගය |
සෙම්ප්‍රතිශ්‍යයාව (Common cold) | Myxovirus | ප්‍රශ්වාස වාතයේ බිඳිති | ශ්වසන මාර්ගය |
වසූරිය (Small pox) | Poxvirus | ප්‍රශ්වාස වාතයේ බිඳිති | ශ්වසන මාර්ගය |
පැපොල (Chicken pox) | Vericella-zoster (Hepes) virus | ප්‍රශ්වාස වාතයේ බිඳිති, ස්පර්ශය, රෝගියෙකු භාවිත කල දුෂිත භාණ්ඩ මගින් | ශ්වසන පද්ධතිය |
ඩෙංගු (Dengue) | Arbovirus | වාහක මදුරුවන් මගින් | සංසරණ පද්ධතිය |
හර්පීස් 1 | Herpes simplex-1 | ස්පර්ශය | මුඛයේ ශ්ලේෂ්මල පටලය |
හර්පීස් 2 | Herpes simplex-2 | ලිංගික ස්පර්ශය | ප්‍රජනක අවයව වල ශ්ලේෂ්මල පටලය |
පෝලියෝ (Poliomyelitis) | Poliovirus | මළ ද්‍රව්‍ය හා මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් | ආහාර මාර්ගය |
ජලභීතිකාව (Rabies) | Rhabdovirus | ඛේටය | තුවාල සහ සතුන් සපා කෑ ස්ථාන වලින් |
හෙපටයිටිස් A | Hepatitis A virus | මළ ද්‍රව්‍ය හා මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් | ආහාර මාර්ගය |
හෙපටයිටිස් B | Hepatitis B virus | ආසාධිත රුධිරය (සමහර විට ශුක්‍ර තරලය, ශ්වසන ශ්‍රාව) | මවගෙන් දරුවාට, ශ්ලේෂ්මල පටල, ආහාර මාර්ගය, අක්මාව |
ඒඩ්ස් (AIDS) | HIV (Retrovirus) | ආසාධිත රුධිරය, දේහ තරල, ශුක්‍ර තරල | මවගෙන්, ශ්ලේෂ්මල පටල, රුධිර සංසරණය |
රෝගය | රෝග කාරකයා |
---|---|
ගලපටලය | Corynebacterium diphtheriae |
මස්තිෂ්ක සුෂුම්නා පටල ප්‍රදාහය | Neisseria meningitidis |
නියුමෝනියාව | Streptococcus pneumoniae |
ක්ෂය රෝගය | Mycobacterium tuberculosis |
කක්කල් කැස්ස | Bordetella pertussis |
Coccidioidomycosis | Coccidioides immitis |
ෂිගෙල්ලා අතීසාරය | Shigella spp. |
Histoplasmosis | Histoplasma capsulatum |
Brucellosis (Undulant fever) | Brucella spp. |
කොළරාව | Vibrio cholerae |
Salmonellosis | Salmonella enteritidis S. typhimurium S. cholerae |
ටයිපොයිඩ් උණ | Salmonella typhi |
බොටියුලිනාව | Clostridium botulinum |
ගොනෝරියාව | Neisseria gonorrhoeae |
සිෆිලිස් | Treponema pallidium |
Gasgangrene | Clostridium perfrigens |
පිටගැස්ම | Clostridium tetani |
Leptospirosis | Leptospira inferrogans |
Plague | Yersinia pestis |
මැලේරියාව | Plasmodium spp |
ඇමීබා අතීසාරය | Entamoeba histolytica |
This article uses material from the Wikipedia සිංහල article ක්ෂුද්‍ර ජීවීන් සහ රෝග, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.