වසූරිය

වසූරිය (ඉංග්‍රීසි:  Smallpox) මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි.

මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි.

වසූරිය
වෙනත් නම්smallpox, variola, variola vera, pox, red plague
වසූරිය
A child with smallpox in Bangladesh in 1973. The bumps filled with thick fluid and a depression or dimple in the center are characteristic.
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණ
  • Early: Fever, vomiting, mouth sores
  • Later: Fluid filled blisters which scab over
සංකුලතාScarring of the skin, blindness
Usual onset1 to 3 weeks following exposure
කාලපරාසයAbout 4 weeks
හේතුVariola major, Variola minor (spread between people)
රෝග විනිශ්චය ක්‍රමBased on symptoms and confirmed by PCR
Differential diagnosisChickenpox, impetigo, molluscum contagiosum, monkeypox
වැළක්වීමSmallpox vaccine
ප්‍රතිකාරSupportive care
ඖෂධBrincidofovir
Prognosis30% risk of death
සංඛ්‍යාතයEradicated (last wild case in 1977)

වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.

වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.

විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

වර්ගීකරණය
බාහිර සම්පත්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අන්වීක්ෂයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඉන්දියාවේ ඉතිහාසයමුතියංගණ රජ මහා විහාරයරාවණා රජදඹදෙණිය යුගයශාන්ති නිකේතන විද්‍යාපීඨයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවආතර් සී. ක්ලාක්ඩී.එස්. සේනානායකකාව්‍යශේඛරයලෝක පුදුමබයිබලයක්‍ෂය රෝගයහෙන්රි ස්ටීල් ඕල්කට්නාබුද්ධාගමව්‍යාපාරඑදිරිවීර සරච්චන්ද්‍රජී‍.බී. සේනානායකමහා ප්‍රජාපතී ගෝතමීමහ වැව් නාමාවලියජලභීතිකාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයදියවැඩියාවෙහි රෝග ලක්ෂණප‍්‍රාථමික අධ්‍යාපනයප්‍රජාපතී ගෝතමීරතු දත්ත පොතවිජය රජඅධ්‍යාපන මනෝ විද්‍යාවමහින්ද රාජපක්ෂසුසන්තිකා ජයසිංහවේවැල්කැටිය සෙල් ලිපියරණතුංග කරුණානන්දලිංගික සංසර්ගික ඉරියව්ඇඩොල්ෆ් හිට්ලර්ගෝලයSLS ප්‍රමිති ලැයිස්තුවමහාසේන රජඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකන්‍යා පටලයදෙවන පරාක්‍රමබාහු රජඅර්ජුන රණතුංගබෞද්ධ කොඩියශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවදමිතා අබේරත්නනන්දා මාලනීසමාජයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දනුවරඑළියශ්‍රී ලංකාවේ දියඇලිසංගීතයජපානයේ දේශපාලන ආර්ථිකයඅපරාධතාප රසායනයකලා වැවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාදහඅට සන්නියහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)බලශක්ති සංරක්‍ෂණයඋඩරට ගිවිසුමශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිලෝකයේ රටවල්ටජ් මහල්ශ්‍රී ලංකා පොලිස් සේවයඅනුරාධපුර යුගයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාභගමණියසොකරි නාටකයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඅක්මාවේ තෙල්ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයඅර්ථයමැතිවරණයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩකොහොඹා කංකාරිය🡆 More