හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර

1945 අගෝස්තු 6 සහ 9 දිනයන්හී දී, එක්සත් ජනපදය විසින්, පිළිවෙලින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බොම්බ හෙළන ලදී.

සන්නද්ධ යුධ ගැටුමකදී න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය විය. බෝම්බ දෙකෙන්ම මිනිසුන් 129,000 සහ 226,000 ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වූ අතර ඉන් බහුතරය සිවිල් වැසියන් විය. නාගසාකි නගරයට බෝම්බය හෙලූ දිනයේම සෝවියට් සංගමය විසින් මැන්චූරියාව ආක්‍රමණය කරන ලද අතර, ඉන් දින හයකට පසුව, අගෝස්තු 15 වැනිදා ජපානය මිත්‍ර පාර්ශවයට යටත් විය. සැප්තැම්බර් 2 වැනිදා, ජපන් රජය විසින් නිළ වශයෙන් යටත් වීමේ පත්‍රිකාව අත්සන් කිරීමත් සමග දෙවැනි ලෝක යුද්ධය අවසන් විය.

දෙවැනි ලෝක යුද්ධයේ අවසාන වර්ෂයේදී මිත්‍ර පාර්ශවය ජපානයේ ප්‍රධාන භූමිය ආක්‍රමණය කිරීමට සූදානම් වූහ. සාම්ප්‍රදායික බෝම්බ සහ ගිනි අවුලුවන බෝම්බ හෙළීම මගින් ජපන් නගර 64 ක් විනාශ කෙරුනි. 1945 මැයි 8 වැනිදා ජර්මනිය යටත් වීමෙන් අනතුරුව මිත්‍ර පාර්ශවයේ මුලු අවධානය පැසිෆික් යුධ පෙරමුණ වෙත යොමුවිය. 1945 ජුලි මාසය වන විට මෑන්හැට්න් ව්‍යාපෘතිය මගින් "ෆැට් මෑන්" සහ "ලිට්ල් බෝයි" නමැති පරමාණු බෝම්බ දෙකක් නිෂ්පාදනය කර තිබුනි. පරමාණු බෝම්බ හෙළීම සඳහා පුහුණුව ලත් එක්සත් ජනපද යුද්ධ හමුදා ගුවන් බලකායේ 509 වැනි සං‍යුක්ත කණ්ඩායම, එම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම සකසන ලද බොයිං B-29 සුපර්ෆෝට්‍රස් ගුවන් යානයක් සමග මරියානා දූපත් හි ටිනියන් දූපතට දියත් කෙරුනි. 1945 ජුලි 26 වැනිදා, මිත්‍ර පාර්ශවය පොට්ස්ඩෑම් ප්‍රකාශනය මගින් රාජකීය ජපන් සන්නද්ධ හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ද, එසේ නොමැති නම් විකල්පය වනුයේ "ඉක්මන් සහ සම්පූර්ණ විනාශය" වන බවද ප්‍රකාශ කරන ලදී. ජපන් රජය මෙම අවසන් නිවේදනය ප්‍රතික්ෂේප කළහ.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අත්සන් කර තිබූ ක්වබෙක් ගිවිසුමට අනුකූලව, පරමාණු බෝම්බ හෙළීමට පෙර එක්සත් රාජධානියේ අනුමැතිය ලබා ගන්නා ලදී. ජුලි 25 වැනිදා, එක්සත් ජනපද යුද්ධ හමුදාවේ වැඩබලන හමුදාපති වූ ජනරාල් තෝමස් හැන්ඩි හිරෝෂිමා, කොකූරා, නීගාටා සහ නාගසාකි යන නගර ඉලක්ක කර පරමාණු බෝම්බ හෙළීමට ආඥා නිකුත් කළේය. මෙම නගර තෝරාගනු ලැබූයේ ඒවා හමුදාමය වශයෙන් වැදගත්කමක් තිබූ, විශාල නාගරික ප්‍රදේශ වූ නිසා ය. ඒ අනුව, අගෝස්තු 6 වැනිදා ලිට්ල් බෝයි බෝම්බය හිරෝෂිමා නගරයට හෙළනු ලැබීය. මෙයට ප්‍රතිචාරය ලෙස ජපන් අග්‍රාමාත්‍ය කන්ටාරෝ සුසුකි ජපන් රජයේ ස්ථාවරය වෙනස් නොකරන බව නැවත ප්‍රකාශ කළේය. ඉන් දින තුනකට පසු ෆැට් මෑන් බෝම්බය නාගසාකි නගරයට හෙළන ලදී. ඉන් පසු මාස දෙක තුල, බෝම්බ ප්‍රහාරයේ ප්‍රථිපළ ලෙස හිරෝෂීමා නගරයේ 90,000 සිට 146,000 දක්වා ප්‍රමාණයක් ද, නාගසාකී නගරයේ 60,000 සිට 80,000 දක්වා ප්‍රමාණයක් ද ජනයා මරණයට පත් වූහ. ඉන් අනතුරුවද, මාස ගණනාවක් තිස්සේම, පිලිස්සීම්, විකිරණ හා තුවාල වීම් නිසා ද, වෙනත් ලෙඩ රෝග සහ මන්දපෝෂණය නිසාද, ජනයා විශාල ප්‍රමාණයක් මිය ගියහ. හිරෝෂිමා හී සැළකිය යුතු හමුදා බලකායක් සිටිය ද, බෝම්බයෙන් මියගිය අති බහුතරය සිවිල් වැසියන් වූහ.

හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර නිසා පශ්චාත්-යුධ ලෝකයට ඇතිවූ සමාජීය සහ දේශපාලනික බලපෑම් ගැන විද්වතුන් පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති අතර, බෝම්බ හෙළීම නීත්‍යානූකූලව හා සදාචාරානුකූලව සාධාරණීකරණය කළ හැකිද යන්න වර්තමානය වන විටද වාදයට තුඩු දෙන කරුණකි. බෝම්බ හෙළීම සමග එකඟ වන පාර්ශවයන් ප්‍රකාශ කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා පරමාණු බෝම්බ හෙළීම අත්‍යවශ්‍ය වූ බවයි. එහෙත්, විවේචකයන් ප්‍රකාශ කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කර සිතා මතා පරමාණු බෝම්බ හෙළීම අනවශ්‍ය පියවරක් සහ යුධ අපරාධයක් වූ බවයි.

Tags:

එක්සත් ජනපදයජපානයදෙවන ලෝක යුද්ධයදෙවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝන්‍යෂ්ටික අවිනාගසාකිසෝවියට් සංගමයහිරෝෂිමා

🔥 Trending searches on Wiki සිංහල:

ලේ ගැලීමසිංහල වර්ණ මාලාවමහවැලි ගඟගාල්ලදිළිඳුබවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමආනන්ද රහතන්වහන්සේතිරසාර සංවර්ධනයමෛත්‍රී බුදුරජාණන් වහන්සේඉන්දුනීසියාවරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්මාර්තුශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයප්‍රථමක සංඛ්‍යාහරිත විප්ලවයවිශ්ව විසිරි වියමනනත්තලගොක් කලාවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්බසවක්කුලම වැවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවචතුරස්‍රයමනෝවිද්‍යාවසාර ධර්මඅහිකුණ්ඨකඋභය ජීවීන්කනපෙරහැර - ශ්‍රී ලංකාථූපාරාමය, අනුරාධපුරරුධිර සංසරණ පද්ධතිය (මානව)මූලික අයිතිවාසිකම්ශාන්ති නිකේතන විද්‍යාපීඨයමහ කුරුලු පිය පැපිලියාසංගීතයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ඌව පළාතමිත්‍රත්වයසමාජ ඉගෙනුම් වාදයමාක්ස්වාදයබුද්ධ චරිතයබෞද්ධ කොඩියකුඹුක්ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමිනිස් ඇසශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවවේල්ස් කුමර විදුහලඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයදුන්හිඳ ඇල්ලසිංහල සහ හින්දු අලුත් අවුරුද්ද1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතVoynich manuscriptඅපද්‍රව්‍ය කළමනාකරණයමහා මංගල සුත්‍රයදිවාලිශ්‍රී ලංකා‍ අලියාචිත්‍රපට ඉතිහාසයස්ටීව් ජොබ්ස්මිනිසාසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයචතුරාර්ය සත්‍යයසුදු බිංදුමමානව සම්පත් කළමනාකරණයආප්තෝපදේශතිසා වැවඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ ගමනාගමනයලෝකයේ රටවල්නියඟයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරරුහුණු කතරගම දේවාලයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයආතර් සී. ක්ලාක්🡆 More