වෛද්‍යවරයා

සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි.

Physician
වෛද්‍යවරයා
"The Doctor" by Luke Fildes (detail)
Occupation
නම් Physician, medical practitioner, doctor of medicine, medical doctor or simply doctor
Type Profession
Activity sectors Medicine, Health care
Description
Competencies the ethics, art and science of Medicine, Analytical skills, Critical thinking
අවැසි අධ්‍යාපනය see Medical education
Fields of employment Clinics, Hospitals
Related jobs General practitioner or Family physician, Surgeon, other Medical specialists

සමාජයීය භූමිකාව

එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්තිය හා සම්බන්ධ විශේෂ ආචාර ධර්ම සහ නෛතික වගකීම් හේතුවෙනි.

වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රම අතීතයේදී ආගම සහ විවිධ ඉන්ද්‍රජාලක්‍රම සමග සම්බන්ධතාවයක් පැවතිණි. (වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නම් ලිපිය බලන්න)

වෛද්‍යවරුන් පොදුවේ ඉහළ සමාජීය තත්වයක් අත් දකින අතර ඒ සදහා ඔවුන්ගේ ඉහළ සහ ස්ථාවර ආදායම් මාර්ගය හා වෘත්තීමය ආරක්ෂාව බලපානු ලබයි. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ අවස්ථාවලදී දවසේ වැඩි කාලයක් දීර්ඝ, අසීරු සේවා මුරයන් සිදු කරන අතර ඔවුන් තමන් තරම් අධ්‍යාපන මට්ටමක් නොලැබූ අනෙකුත් වෘත්තිකයන්ට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල දී උපයති.

අධ්‍යාපනය සහ පුහුණුව

වෛද්‍යවරුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය සහ වෘත්තීය ගමන් මග ලොව පුරා සැලකිය යුතු අන්දමට විවිධ වේ.

සියළුම වෛද්‍යවරුන්

සියළුම සංවර්ධනය වූ රටවල ඇතුළත් වීමේ මට්ටමෙන් වෛද්‍ය අධ්‍යාපන වැඩ සටහන් තෘතීයික මට්ටමේ පාඨමාලාවන් වන අතර ඒවා විශ්ව විද්‍යාල හා අනුබද්ධ වෛද්‍ය විද්‍යාල මගින් සිදු කරනු ලබයි. අධිකරණ බලය සහ විශ්ව විද්‍යාලය මත පදනම්ව වෛද්‍ය අධ්‍යාපනය සදහා ඇතුළු වීම සදහා සෘජුවම ද්විතීක විද්‍යාලයක් මගින් හෝ උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් අවශ්‍ය වේ. ද්විතීක විද්‍යාලයක පුහුණුව සම්පුර්ණ කිරීම සදහා පොදුවේ වසර 5 ක් හෝ 6 ක කාලයක් ගත වන අතර උපාධි ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයක් ලබන්නේ නම් වසර 3 ක හෝ 4 ක කාලසීමාවක් ගත වේ. එමනිසා මූලික වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා සාමාන්‍යයෙන් අධිකරණ නීතිය හා විශ්ව විද්‍යාලය මත පදනම්ව වසර 5 හේ සිට 8 ක් අතර කාලයක් ගත වේ.

මෙලෙස ලැබූ මූලික පුහුණුව සම්පුර්ණ කිරීමෙන් පසුව අළුතින් උපාධි ලැබූ වෛද්‍යවරුන් සම්පුර්ණ වශයෙන් ලියා පදිංචි වීමට ප්‍රථම වසර 1 ක් හෝ 2 ක කාලයක් අධීක්ෂණය යටතේ සේවය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම කාලසීමාව “සීමාවාසික” හෝ “කොන්දේසි සහගත ලියාපදිංචි වීම” ලෙස හැදින්වේ.

වෛද්‍යවරුන් ඔවුන් උපාධි ලබන විශ්ව විද්‍යාලයට විශේෂිත වූ වෛද්‍ය උපාධියක් දරති. මෙම උපාධිය මගින් අදාල වෛද්‍යවරයා අදාල රටෙහි හෝ රටවල් කිහිපයක නීතියට අනුව ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලබයි. එහිදී ඔවුන් සීමාවාසික හෝ කොන්දේසි සහගත ලියාපදිංචි වීම යන පුහුණුව ලබාගත යුතු වේ.

වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයින්

උපාධි ලබාගැනීමෙන් පසුව වෛද්‍ය වෘත්තිකයින් බොහෝ අවස්ථාවලදී විශේෂඥවරුන් වීම සදහා යම්කිසි ක්ෂේත්‍රයක වැඩි දුර පුහුණුව ලබා ගනිති. උතුරු ඇමරිකාවෙහි මෙය නේවාසික පුහුණුව නමින් හදුන්වන අතර පොදු රාජ්‍ය මණ්ඩල රටවල මෙලෙස පුහුණුවන වෛද්‍යවරුන් “රෙජිස්ටාර්” ලෙස හැදින්වේ.

මෙලෙස ලබාගන්නා වැඩි දුර පුහුණුව සඳහා සාමාන්‍යයෙන් වසර 3 ක් හෝ 6 ක් ගත වන අතර එම කාල සීමාව හදාරන ක්ෂේත්‍රය අනුව සහ අධිකරණ නීතිය අනුව වෙනස් වේ. ප්‍රාථමික සත්කාරය විශේෂ ක්ෂේත්‍රයක් ලෙස බහුලවම හදුනාගෙන ඇති අතර මේ පිළිබඳව ලබාදෙන නේවාසික වැඩසටහන් ද ප්‍රචලිතව පවතී. මෙම විශේෂ ක්ෂේත්‍රයන්හි පුහුණුව සම්පුර්ණ කරන වෛද්‍යවරයෙකු විශේෂඥ වෛද්‍යවරයෙකු නම් වේ.

ඇතැම් අවස්ථාවල දී විශේෂඥ පුහුණුව ලබාගැනීම ඇතුළත් වීමට අවශ්‍ය පුහුණුව සම්පුර්ණ කළ වහාම හෝ ඊට පෙර ආරම්භ කරනු ලැබේ. ඇතැම් නීතිවලට අනුව කණිෂ්ඨ වෛද්‍යවරුන් විශේෂඥ උපාධි ලබාගැනීමට ප්‍රථම වසරක හෝ දෙකක කාලයක් පොදුවේ පුහුණුවක් ලබාගත යුතුය. එබැවින් පවත්නා නීතියට අනුව වෛද්‍යවරයෙකු විශ්ව විද්‍යාලයක් තුළ වසර 5 හේ සිට 8 දක්වා කලයක් මූලික වෛද්‍ය පුහුණුව ලබා තවත් වසර 6 ක කාලයක් විශේෂඥවරයෙකු වීමට පුහුණුව ලබාගත යුතු බැවින් අවම වශයෙන් වසර 12 ක වත් කාලයක් ගත වීමෙන් පසුව ඔහු විශේෂඥවරයෙකු බවට පිළිගනු ලැබේ.

මූලාශ්‍ර

Tags:

වෛද්‍යවරයා සමාජයීය භූමිකාවවෛද්‍යවරයා අධ්‍යාපනය සහ පුහුණුවවෛද්‍යවරයා මූලාශ්‍රවෛද්‍යවරයා

🔥 Trending searches on Wiki සිංහල:

කෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවනව සීලන්තයඋඩුනුවර ලංකාතිලක විහාරයත්‍රිකෝණමිතියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගවැදි ජනයාබදුලු ටැම් ලිපියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවගස්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්නාඅභයගිරි දාගැබරතු දත්ත පොතක්ෂීර පථයසියඹලාමහාද්වීපශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසිංහරාජ වනාන්තරයආචාර්ය එස්‌. පනීභාරතනාග මාපිලාසඳකඩපහ‍ණේ විකාසනයනුතන සිංහල අක්‍ෂර මාලාවවිල්කලා වැවනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයශ්‍රී ලංකාවේ පළාත්සිංහල අකුරුමැලේරියාවවර්ණ සබැඳි සිද්ධාන්තමහනුවර යුගයේ රාජාවලියරාවණා රජමාතලේ කැරැල්ලලිංගික ඉන්ද්‍රියන්දේශපාලන විද්‍යාවඅකුණුබුදු දහමසිංහල භාෂාවසේවාදායක පරිගණකයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)නොබෙල් ත්‍යාගයනාලන්දා විද්‍යාලය, කොළඹතෝමස් හොබ්ස්කාලස් පුයිජ්දෙමොන්චතුරාර්ය සත්‍යයශ්‍රී ලංකාවපොරොන්දමසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවැල්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකා ජාතික කොඩියචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයක්‍ෂුද්‍රජීව විද්‍යාවසාම්ප්‍රදායික සිංහල විවාහසිරස රූපවාහිනීයශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ ඉතිහාසයඅර්ථයකාලිංග මාඝ රජකොහුඅයිසැක් නිව්ටන්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලතා මංගේෂ්කාර්සපුෂ්ප ශාකශක්තියෙහි ඒකකහිරුයසෝදරාවතපොලිස් විමර්ශනසුනාමික්ෂමතාව (භෞතික විද්‍යාව)තිරසාර සංවර්ධනයසෙනසුරු ග්‍රහලොවශාක🡆 More