කතෝලික සභාව

කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ.

ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ. ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ.

Emblem of the Holy See
කතෝලික සභාව
Ecclesia Catholica
Saint Peter's Basilica
ලෝකයෙහි විශාලතම කතෝලික දෙව්මැදුර වන ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර
වර්ගීකරණයකතෝලික
ශුද්ධ ලියවිල්ලබයිබලය
දේවධර්මයකතෝලික දේව ධර්මය
සිවිල් පාලන පද්ධතියරදගුරුමය
පාප්වහන්සේෆ්‍රැන්සිස්
රජයශුද්ධාසනය
පරිපාලනයරෝමානු පරිපාලන දෙපාර්තමේන්තු
වෛශේෂික සභා
sui iuris
ලතින් සභාව සහ 23 නැගෙනහිර කතෝලික සභා
රදගුරු වසම්
  • අගරදගුරුවසම්: 640
  • රදගුරුවසම්: 2,851
මීසම්221,700
ප්‍රදේශයලොව පුරා
භාෂාවසාමයික ලතින් සහ දේශීය භාෂා
ජනවන්දනාවබටහිර සහ නැතෙනහිර
මූලස්ථානයවතිකානු නගරය
ප්‍රාරම්භකයාජේසුස්වහන්සේ,
ශුද්ධවූ සම්ප්‍රදායය පරිදී
සම්භවයපළමුවන සියවස
ශ්‍රද්ධවූ දේශය, රෝමානු අධිරාජ්‍යය
සාමාජිකයෝ1.345 බිලියන (2019)
පූජක පක්ෂය
  • රදගුරුවරු: 5,364
  • පූජකවරු: 414,336
  • තේවාචාර්යවරු: 48,238
අරෝග්‍යශාලා5,500
ප්‍රාථමික පාසල්95,200
ද්වීතියික පාසල්43,800
නිල වෙබ්අඩවියvatican.va
මෙම ලිපිය
පිළිබඳ ලිපි මාලාවක කොටසකි

Jesus Christ is the central figure of Christianity.

 
Jesus Christ
Virgin birth · Crucifixion · Resurrection · Easter · Christian views of Jesus
Foundations
Church · New Covenant · Creeds · Apostles · Kingdom · Gospel
Bible
Old Testament · New Testament ·
Books · Canon · Apocrypha
Theology
Salvation · Baptism · Trinity · Father · Son · Holy Spirit · History of theology · Christology · Apologetics · Eschatology
History and traditions
Timeline · Mary · Peter · Paul ·
Early · Constantine · Councils ·
Missions · Chrysostom · East–West Schism · Crusades · Reformation ·
Counter-Reformation
Movements
General topics
Preaching · Prayer · Ecumenism · Relation to other religions · Christian movements · Music · Liturgy · Calendar · Symbols · Art · Criticism
කතෝලික සභාව Christianity Portal

කතෝලික ධර්මයේ මූලික විශ්වාසයන් නයිසීයානු විශ්වාස ලක්ශනයේ දක්නට ලැබේ. කතෝලික සභාව ස්ථාපිත කරනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසිනි. තවද කතෝලික සභාව එහි බිශොප්වරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයින් වන අතර, පාප් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රමුඛත්වය ලබා දුන් ශුද්ධ වූ පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා වේ. එය ප්‍රේරිතයන් විසින් ඉගැන්වූ මුල් ක්‍රිස්තියානි ඇදහිල්ල ක්‍රියාවට නංවන අතර, ශුද්ධ ලියවිල්ල සහ පූජනීය සම්ප්‍රදාය(ජීවන සභා සම්ප්‍රදාය) හරහා ඇදහිල්ල නොවරදින ලෙස ආරක්ෂා කරන අතර, සභා ගුරු අධිකාරීත්වය හරහා නොවරදිනසුලු ලෙස අර්ථකථනය කරයි.

එහි සක්‍රමේන්තු හතෙන්, දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රධාන එක වන අතර, එය දිව්‍ය පූජාවේදී පවත්වනු ලැබේ. කතෝලික සභාව උගන්වන්නේ පියතුමෙකු විසින් කැප කිරීම තුළින් පූජා කරන පූප සහ වයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය බවට පත්වන බවයි. කතෝලික සභාව තුළ මරිය තුමිය සදාකාලික කන්‍යාවක්, දෙවියන්ගේ මව සහ ස්වර්ගයේ රැජින ලෙස ගෞරවයට පාත්‍ර වේ. තව ඇය එතෙක් මෙතෙක් හා මතුවටත් පහල වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙසද ඉහළ ගෞරවයක් ලබා දෙයි.කතෝලික සමාජ ඉගැන්වීම් මගින් දයාවේ ශාරීරික හා අධ්‍යාත්මික ක්‍රියාවන් තුළින් රෝගීන්, දුප්පතුන් සහ පීඩිතයන් සඳහා ස්වේච්ඡා සහයෝගයක් ලබාදීමට ජනතාව මෙහෙයවයි. කතෝලික සභාව ලොව පුරා කතෝලික පාසල්, විශ්ව විද්‍යාල සහ විද්‍යාල, රෝහල් සහ අනාථ නිවාස දහස් ගණනක් ක්‍රියාත්මක කරන අතර ලොව විශාලතම රාජ්‍ය නොවන අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සපයන්නා වේ. එහි අනෙකුත් සමාජ සේවා අතර බොහෝ පුණ්‍ය සහ මානුෂීය සංවිධාන වේ.

කතෝලික සභාව බටහිර දර්ශනය, සංස්කෘතිය, කලාව, සංගීතය සහ විද්‍යාව කෙරෙහි ගැඹුරින් බලපා ඇත. කතෝලිකයන් ලොව පුරා සක්‍රීයව විවිධ කටයුතු වල නිරත වන අතර, 20 වන සියවසේ සිට, බහුතරයක් දකුණු අර්ධගෝලයේ වාසය කරයි. ක්‍රි.ව. 1054දී මහා සභා භේදයෙන් පසුව පෙරදිග ඕතඩොක්ස් සභාව, කතෝලික සභාවෙන් වෙන් වූ අතර, විශේෂයෙන් පාප්තුමාගේ අධිකාරය ප්‍රතික්ශේප කළේය. ක්‍රි.ව. 431 දී එපීසස් කවුන්සිලයට පසුව පෙරදිග සභාවද(Church of the East), ක්‍රි.ව. 451 දී කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවට පසුව ඔරියන්ටල් ඕර්තඩොක්ස් සභාවද කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. ඒ ජේසුස් වහන්සේගේ ස්වභාවයන් සම්බන්ධයෙන් පැන නැගුන මත භේද නිසාය. ආසන්න වශයෙන් මිලියන 18 ක ඒකාබද්ධ සාමාජිකත්වයක් ඇති පෙරදිග කතෝලික සභාව නියෝජනය කරන්නේ, විවිධ ඓතිහාසික තත්වයන් මගින් මෙම භේදයන් අතරතුර හෝ පසුව පාප් වහන්සේගේ අධිකාරීත්වය පිළිගන්නා පෙරදිග කිතුනුවන්ය. 16 වන ශතවර්ෂයේදී, ප්‍රතිසංස්කරණය මගින්ද තවත් කොටසක් කතෝලික සභාවෙන් වෙන්ව ස්වාධීන සභාවන් ආරම්භ කරගත්තේය.

ආශ්‍රිත ලිපි

සටහන්

මූලාශ්‍ර

Tags:

කතෝලික සභාව ආශ්‍රිත ලිපිකතෝලික සභාව සටහන්කතෝලික සභාව මූලාශ්‍රකතෝලික සභාව භාහිර සබැඳිකතෝලික සභාව

🔥 Trending searches on Wiki සිංහල:

මහා ප්‍රජාපතී ගෝතමීබළලාපොලිස් විමර්ශනසේනක බිබිලේශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණයෝනි මුඛයමුල් පිටුවනාගරීකරණයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයපළමුවන පරාක්‍රමබාහු රජසිඟාලෝවාද සූත්‍රයපළමුවන ලෝක යුද්ධයජපමාලයමැලේරියාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබුද්ධ චරිතයයාල ජාතික වනෝද්‍යානයදකුණු පළාත, ශ්‍රී ලංකාවමහගම සේකරයමන් රාගයජර්මනියඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනපයිතගරස් ප්‍රමේයයහේන් ගොවිතැනදැල්පන්දුමානව සැකිලි පද්ධතියරුධිර සංසරණ පද්ධතිය (මානව)කොහාශ්‍රී ලංකාව තුළ රූපවාහිනියපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවේ ඉතිහාසයතාරකා විද්‍යාවකැස්බෑවාසුරාබදු ආඥා පනතඅධ්‍යාපන මනෝ විද්‍යාවදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියඅනුරාධපුර රාජධානියමිනිස් ලිංගික ක්‍රියාජපානයකොළඹබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහඒ. පී. ජේ. අබ්දුල් කලාම්මානව ලිංගිකත්වයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසංචාරණයේ නව ප්‍රවණතාරසායනික මූලද්‍රව්‍යඅධ්‍යාපනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපුස්තකාලඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවවෛද්‍යවරයාධර්ම සංගායනාපොළොන්නරුව වටදාගෙයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසෝඩියම්ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියමුවාඡායාරූප ශිල්පීදවුලශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්රුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකා පොදුජන පෙරමුණධම්මපදයපොන්නම්බලම් රාමනාදන්හරප්පා ශිෂ්ඨාචාරයගල් විහාරයකාල් මාක්ස්ධාතුසේන රජතිරසාර සංවර්ධනයචාමර වීරසිංහශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ ආදි වාසීන්හින්දු ධර්මයමුදු කරවලා🡆 More