ඇල්බේනියාව දකුණු දිග යුරෝපයේ පිහිටි රටකි.
එහි මායිම් ලෙස මොන්ටෙනෙක් රෝ වයඹ දිගින්ද, කොසෝවෝ ඊශාන දෙසින්ද , මෙසඩෝනියා සමූහාණ්ඩුව නැගෙනහිර දෙසින්ද, ග්‍රීසිය දකුණ හා ගිනිකොණ දෙසින්ද විහිදී ඇත. එහි බටහිරින් ඇඩ්‍රියටික් මුහුදට වෙරල තීරයටත්, නිරිත දෙසින් ලෝනියෙන් මුහුදටත් සීමාවේ. ඉතාලියේ සිට ඇල්බේනියාවට ඇති දුර කි.මී. 72ට වඩා අඩු අතර ඔරන්ටෝ සමුද්‍ර සන්ධිය හරහා ඇඩ්‍රියටික් මුහුද, ලෝනියන් මුහුදට යා කරයි. ඇල්බේනියාව එක්සත්ජාතීන්ගේ, නේටෝ, ආරක්ෂාව සහ සහයෝගීතා යුරෝපානු සංවිධානය, යුරෝපානු මණ්ඩලය, ලෝක වෙළද සංගමය, ඉස්ලාමීය සම්මන්ත්‍රණ සංගමය, මධ්‍යධරණී සංගමය ආදි සංවිධාන රැසක මූලාරම්භක සාමාජිකයෙකි. ඇල්බේනියාව 2003 වර්ෂයේ සිට යුරෝපානු සංගමයේ ඵලදායි සාමාජිකයෙක් වන අතර එය EU සාමාජිකත්වය සදහා 2009 අප්‍රේල් 28 අයදුම් කර ඇත. ඇල්බේනියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා සංක්‍රමණික ආර්ථිකයකට හිමිකම් කියයි. ඇල්බේනියානු අගනුවර ටිරානා වේ. එහි රටෙහි සමස්ථ ජනගහනය මිලියන 3.6 න් 727,000 ක් ජීවත් වේ. එය මූල්‍ය මධ්‍යස්ථානය වේ. නිදහස් වෙළෙද ගිවිසුම් විදේශ ආයෝජනයට ඉඩ සලසා ඇති අතර මෙය බලශක්තිය ගොඩනැගීම හා ගමනාගමනයට බොහෝ ඉවහල් වේ.
ජාතික ගීය | හිම්නි ෆැලැමුරිට් |
ආදර්ශ පාඨය | ඇල්බේනියන්ගේ විශ්වාසය ඇල්මේනුවාදයයි. (ජාතික) ඇල්බේනියාව, ඔබ මාහට ගෞරවය ලබාදෙයි. ඔබ මා හට ඇල්බේනියන් නාමය ලබාදේ |
ඇල්බේනියාවේ පිහිටීම (තොල) යුරෝපියානු මහාද්වීපයේ | |
අගනුවර සහ විශාලම නගරය | ටිරානා |
රාජ්‍ය භාෂාව | ඇල්බේනියන් |
රාජ්‍යය | පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
ජනාධිපති | බුජාර් නිෂානි |
අගමැති | සාලි බෙරීෂා |
නිදහස | |
ඔටෝමන් රාජධානියෙන් | නොවැම්බර් 28, 1912 |
වර්තමාන ව්‍යවස්ථාව | නොවැම්බර් 28, 1998 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කි.මී. 28,748, වර්ග හැතැප්ම 11,100 |
ජලය (%) | 4.7% |
ජනගහනය | |
2009 ඇස්තමේන්තුව | 36394543 |
ජන සංගණනය | 5 379 455 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 126.6 |
327.8 වර්ග සැතපුම් | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | 11.864 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 6897 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 12,964 ඩොලර් බිලියන |
සාමාන්‍ය | 4089 ඩොලර් |
ගිනි (2005) | 26.7 (අඩු) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.818 (වැඩි) |
මුදල් | ලෙත් (සමස්ත) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .al |
දුරකථන සංකේත | 355 |
This article uses material from the Wikipedia සිංහල article ඇල්බේනියාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.