එවරස්ට් කන්ද

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි.

මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

එවරස්ට් කන්ද
එවරස්ට් කන්ද
නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම
එවරස්ට් කන්දේ පිහිටීම
නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම
උස ප්‍රමාණයමීටර 8848 (අඩි 29,029)
මුල් ම තරණය1953 මැහි 29 වැනි දා
නවසීලන්තයඑඩ්මන්ඩ් හිලරි
නේපාලයඉන්දියාවටෙන්සිං නෝර්ගේ

ගවේෂණ ඉතිහාසය

එවරස්ට් කන්ද 
පීත කලාපය පසුකරන කඳු නගින්නන්

එවඑස්ට් කන්ද යනු ලෝකයෙහි උසම කන්ද බැවින්, සැලකිය යුතු තරම් අවධානයක් සහ කඳු නැගීම් උත්සාහයන් මාලාවක් යොමු කර ගැනීමට එය සමත් වී ඇත. දශක කිහිපයක් මුළුල්ලේ කන්ද වෙත සිදුවී ඇති කඳු නැගීමේ ගවේෂණ නිසා කඳු නැගීමේ මාර්ග මාලාවක් තහවුරු වී ඇත. පුරාතන කාලයෙහිදී කන්ද වෙත නගින ලද්දේ යන බව නොදනී; 1924 දී එය වෙත නගින ලද බවක් සිතිය හැක.

සමාලෝචනය

1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි. ගවේෂණ සඳහා යොමු වූ උද්‍යෝගය සහ අවධානය මහත් වුවද, 1987 වසර වන විට කඳු මුදුන තරණය කර සිටියේ 200 ක් පමණ දෙනෙක් පමණි.වෘත්තිය කඳු නගින්නන්ගේ සහ විශාල ජාතික ගවේෂණයන්හී බරපතල උත්සාහයන් හමුවේ පවා, එවරස්ට් කන්ද දශක ගණනක් මුළුල්ලේ දුෂ්කර ඉලක්කයක් බවට විදහා පෑවේ, 1990 ගණන් වලදී එම සම්මතය බිඳ දමමින් වාණිජ යුගය මුළු දෙන තෙක්ය.

2016 කඳු නැගුම් කාලවාරය

එවරස්ට් කන්ද 
නප්ට්සී සහ ලෝට්ස් කඳු මුදුන් ඉහළ දකුණු කෙළවරෙහි දක්වමින් එවරස්ට් කන්ද 2016 මැයි මාසයෙහිදී දිස් වුනු අයුරු
එවරස්ට් කන්ද 
2016 මැයි 19 දිනදී කඳු නගින්නන් තිදෙනෙක් එවඑස්ට් කඳු මුදුනෙහි සිටින අයුරු

නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි. කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි. 2016 මැයි 11 දින වන විට එවරස්ට් කන්දෙහි දකුණු පැත්තෙහි රැහැන් සවි කර තිබූ අතර කඳු නගින්නන් සිය ගණනක් විසින් අවදානම් සහිත කාලගුණ කාල කවුළු තුල කන්ද නගින ලදි.

2016 මැයි 11 දිනදී ෂර්පාවරු නව දෙනෙක් එවරස්ට් කඳු මුදුන තරණය කලහ. ඊළඟ දිනයෙහි තවත් පුද්ගලයන් සය දෙනෙක් කඳු මුදුනට සැපත් වූහ. 106 දෙනෙකු කඳු මුදුනට ළඟාවූ 2014 වසරට පසු කඳු මුදුන තරණය කල පළමු පිරිස මොවුන් වූහ. මැයි 13 වන විට, කඳු නගින්නන් 42 දෙනෙකු කඳු මුදුන තරණය කොට තිබූ අතර මැයි 22 වන විට, යහපත් කාලගුණයෙහි උපකාරයද සහිතව 400 කට වැඩි කඳු නගින්නන් ගණනක් කඳු මුදුන තරණය කිරීමට සමත්ව සිටියහ. කෙසේවෙතත්, කඳු නගින්නන් 30 දෙනෙකු පමණ ශීත-කුෂ්ඨ සැදීම හෝ වෙනත් අසනීප වැලඳීම සිදුවූ අතර උන්නතාංශ ආබාධය විය හැකි ව්‍යාධියක් නිසා කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා විය . (අමතර වාර්තා සඳහා අනතුරු ඡේදය බලන්න)

එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි.


ආශ්‍රිත

Tags:

එවරස්ට් කන්ද ගවේෂණ ඉතිහාසයඑවරස්ට් කන්ද ආශ්‍රිතඑවරස්ට් කන්දනේපාලයහිමාලය

🔥 Trending searches on Wiki සිංහල:

ජාතික ගීය - ශ්‍රී ලංකාඑච්ටීඑම්එල්ශ්‍රී ලංකාවේ සිනමාවඅවසාදිත පාෂාණඡායාරූප ශිල්පීඅළු බදාදාපළමුවන ලෝක යුද්ධයස්වයං වින්දනයශ්‍රී ලංකාවේ නවක වදයත්‍රිකුණාමලයමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ශ්‍රී ලංකාවේ පුරාවස්තුබලශක්ති සංරක්‍ෂණයමිනිස් මොළයකලාවජන සන්නිවේදනයජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියවිධායක ඡනාධිපතිමද්දුම බණ්ඩාරජනමාධ්‍යයශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයඋපසර්ගනේටෝකාර්මික විප්ලවයමාර්ටින් වික‍්‍රමසිංහසෙම්ප්‍රතිශ්‍යාවබුද්ධාගමශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඅමාවතුරරුසියානු විප්ලවයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය2023 ක්‍රිකට් ලෝක කුසලානයසිංහල අලුත් අවුරුද්දවාරියපොල ශ්‍රී සුමංගල හිමිශ්‍රී ලාංකීය සංස්කෘතියමහින්ද තෙරණුවෝඅර්ජුන රණතුංගචන්ද්‍ර කුමාර කඳනාරච්චිආතර් සී. ක්ලාක්මිනිස් ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයනව යොවුන්වියතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකාව්‍යශේඛරයසාංචියමනෝ විශ්ලේෂණවාදයක්ෂණික මෝචනයමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකා‍වේ බුදු පිළිමදිලීරඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවසිංහල ව්‍යාකරණශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයසාහිත්‍යයසමලිංගිකතාවවිවාහ නීතිය - ශ්‍රී ලංකාආලේලූයා සෙනසුරාදාචෛත්‍යරූපවාහිනියසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුපුරාතන මිසරයපරිණාමයපරිගණක වෛරසබඹරකන්ද ඇල්ලථූපාරාමය, අනුරාධපුරරාවණා රජකම්කරු නීතියගලගොඩ අත්තේ ඥාණසාර හිමිනීතියමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියලිබියාවපෝලන්ත ජාතියට එරෙහි නාසි අපරාධමහින්දාගමනයශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමා🡆 More