සත්ව සහ ශාක විශේෂයන් අවම බලපෑමක් යටතේ බෝවීම මඟින් එම විශේෂිතයන් මිහිපිටින් වඳවී යාම තුරන් කිරීම සදහා ස්වභාවික පරිසරයක් සපයන විද්‍යාත්මක පර්යේෂණ සදහා යෝග්‍ය පහසුකම් ඇති භූමි දැඩි ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශිතය.
දැඩි ස්වභාවික රක්ෂිත පූර්ණ ස්වභාවික පද්ධති ලෙස ආරක්ෂා කෙරේ. එබැවින් දැඩි ස්වභාවික රක්ෂිත තුළ මිනිස් ක්‍රියාකාරකම් වලට අවසර ලබා නොදේ. එනමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පර්යේෂණ ක්‍රියාකාරකම් කිරීමට හැක. ශ්‍රී ලංකාවේ දැඩි රක්‍ෂිත ලෙස නම්කර ඇති ස්වාභාවික ප්‍රදේශ 3ක් ඇත.
දැඩි ස්වභාව රක්ෂිතය | ප්‍රකාශිත දිනය | වපසරිය (හෙක්) |
හක්ගල | 1938.02.25 | 1142.00 |
යාල | 1938.03.01 | 28905.00 |
රිටිගල | 1941.11.07 | 1528.00 |
තෙත් කලාපය තුල පිහිටන, දැඩි ස්වභාව රක්ෂිතයකි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සත්ව සහ ශාක විශේෂ ගණනාවක් මෙම මේඝ වනාන්තරයෙහි දැකගත හැකිය. 1938 වසරේ පෙබරවාරි 25 වන දින, දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස නම් කල මෙම වටිනා උරුමය ආසන්නයෙන්ම 1860 දී හක්ගල උද්භිද උද්‍යානයද පිහිටුවා තිබෙයි.
හක්ගල රක්ෂිතය වර්ග කිලෝ මීටර 11.42 ක පමණ භූමි ප්රමාණයක පැතිර පවතින අතර, උන්නතාංශය මීටර 1650 - 2178 ත් අතර විචලනය වෙයි. වාර්ෂිකව මිලි මීටර 2400 ක පමණ වර්ෂාපතනයක් මෙම රක්ෂිතයට පතිත වෙයි. දකුණු දිගින් සීතාඑලියට මායිම් වන මෙම රක්ෂිතයේ එකට බැඳුනු කඳු පන්ති රැසක් දැකගත හැකියි. මින් සමහර කඳු පන්තියක ස්වරූපය අලියෙකුගේ හක්කක් ලෙස දිස්වන නිසා මෙම ප්‍රදේශයට හක්ගල නම ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ
රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි
කඳුකර වනාන්තර වල දැකගත හැකි සදාහරිත ශාක පවතී. ස්ථරීභවනයක් පැහැදිලිව දැකගත නොහැකි අතර බොහොමයක් ශාක එතරම් විශාල නොවේ.පර්ණාංග, අක්මා ශාක, පාසි සහ ලයිකන වැනි දර්ශක ජීව විශේෂද බහුලව දක්නට ඇත
ප්‍රධාන වශයෙන් මෙම රක්ෂිතයෙහි ඒක දේශීය ජීව විශේෂ (ශ්‍රී ලංකා වළි කුකුලා), දේශීය ජීව විශේෂ, මූලස්ථාන විශේෂ(දිවියා) සහ ආවරණ ජීව විශේෂ(වලහා) දැකගත හැකියි.
Sri Lankan Long-tailed Shrew, Pearson's Long-clawed Shrew,ශ්‍රී ලංකා කොටියා, වල් ඌරා, Sri Lankan Sambar Deer, Red Giant Flying Squirrel, සහ Pungent Pipistrelle වැනි ක්ෂීරපායී ජීව විශේෂ මෙම රක්ෂිතයේ ස්වභාවිකව ජීවත් වෙයි.
හක්ගල රක්ෂිතයෙහි සිටින දේශීය හා ඒක දේශීය කුරුළු විශේෂ ලෙස මවුන්ටන් හොක්-ඊගල්, වළි කුකුළා, මයිල ගොයා, ඉන්දියන් ජංගල් නයිට්ජාර්, කැහිබෙල්ලා, කහ කන් කොණ්ඩයා, රතු දෙමලිච්චා, ඩල්-බ්ලූ පිළිහුඩුවා, ශ්‍රී ලංකා වනරැවියා, අරංගයා, Spot-winged Thrush, ගෝමර තිරසිකායා, කොමන් බ්ලැක් බර්ඩ්, ශ්‍රී ලංකා සිතැසියා, ස්කාර්ලට් මිනිවට්, ස්මෝල් මිනිවට්, බ්ලැක් බුල්බුල්, Sri Lanka Scimitar-babbler, Grey-headed කැනරි-පිළිහුඩුවා, ශ්‍රී ලංකා කායුරු තිරසිකායා, අවිච්චියා, ආසියානු දුඹුරු පිළිහුඩුවා, කාෂ්මීර රත් මැසිමාරා, ඉන්දියානු නිල් අවිච්චියා සහ Large-billed Leaf-warbler හඳුනාගත හැක.
ශ්‍රී ලංකාවට ආවේණික වන Adenomus kelaartii, Polypedates cruciger, Philautus microtympanum, Philautus schmarda, Ramanella palmata, Microhyla zeylanica, Fejervarya limnocharis සහ Bronzed Frog වැනි උභය ජීවීන්ද මෙහි දැකගත හැකි වෙයි.[1] මීට අමතරව මේ රක්ෂිතයේ ජීවත් වන වැදගත් උරග විශේෂ ලෙස Uropeltis melanogaster, Rhinophis blythii, Aspidura brachyorrhos, A. trachyprocta, Hypnale nepa, Calotes nigrilabris, Cophotis ceylanica, අං කටුස්සා සහ Sphenomorphus striatopunctatum හැඳින්විය හැකිය.
ප්රමාණයෙන් සාපේක්ෂව කුඩා වීම සහ වෙන්ව පිහිටීම නිසා හක්ගල රක්ෂිතය තරමක විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙයි. අනවසර ලෙස කැලෑ එලි කිරීම, අනවසර ලෙස භූමිය අත්පත් කර ගැනීම, ශාක හා සත්ව ප්‍රජාව අවලෙස භාවිත කිරීම සහ දඩයම් කිරීම වැනි මානව ක්‍රියාකාරකම් මීට ප්‍රබල ලෙස බල පා තිබේ. මෙම රක්ෂිත භූමිය තුල සමහරක් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතුද සිදු කර ඇති අතර, පසට වීශ ද්‍රව්‍ය එකතු වීම නිසා වනාන්තරයට හානි සිදුවිය හැකි බව, සිදු කල එක් පරික්ෂණයකදී හෙලි විය
ශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප්රමාණයක පැතිර ඇති ප‍්‍රධානම රක්ෂිතයකි. ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි. ජනතාවට විවෘත නොවන වර්ග කිලෝමීටර් 838ක විශාල ප්‍රදේශය යාල දැඩි ස්වභාවික රක්ෂිතය ලෙස පවත්වාගෙන යයි.
උද්‍යානයේ උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.
යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය.
රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.
කලාප අංක එක තුළ බුතව, හින්වැව, ගෝනගල, කොමාවැව, පටනංගල වැව, පළටුපාන, බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැව් දෙකක් ද රුක්විල, පටිටියවිල, දෙබරගස්වල, ඛරවිගස්වල, රනිවල වශයෙන් දියවළවල් ද රැසකි. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක් ද මෙහි වේ. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි. කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව, ගජබාව ප්‍රකට ය. මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථාන ය. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.
යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
ලොකු කුඩා සෑම ක්ෂීරපායි විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරම් ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරම් ය. කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත. කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍රමණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වනබද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල ය. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබ්බන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන්, උභයජිවින්, කෘමීන්, මොලස්කාවුන් වැනි සංවේදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමේ හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
මෙහි ප්‍රධාන ලෙස පවතින්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයකි . එමෙන්ම කටු පඳුරු ආශ්‍රිත ළඳු කැලෑ ද බහුල ය. මේවා බොහෝ විට හේන් ගොවිතැන් නිසා බිහි ව ඇත. දඹකොටේ ප්‍රදේශයේ වියළි මිශ්‍ර ගණ වනාන්තර පවති. තෘණ බිම් ද පිහිටයි. සමස්තයක් ලෙස මෙහි ද්විතීයික වානාන්තර ආකාර පිහිටයි. ඒවායේ බුරුත, වීර, පලු, මයිල, මලිත්තන්, කුඹුක්, හල්මිල්ල, තිඹිරි වැනි ශාක බහුල ය. පඳුරු අතර මයිල, කටුපිල බහුලව ඇත. වෙරළබඩ ශාක ප්‍රජා හා වැලි කඳු පරිසර පද්ධති පවතී.
යාල ජාතික වනෝද්‍යානය තුල නියං කාළයට ඇතිවන දැඩි ජල හිඟයට පිලියමක් වශයෙන්, එහි ඇති කුඩා පොකුණු ගැඹුරු කිරීමේ ව්‍යාපෘතියක් 2016 ඔක්තෝම්බරයේ නියං සමයක සිදුවූ අතර, යාල කළාප 1 (Yala Block 1) ප්‍රදේශයේ ඇති "වල්මල් කෙම" ලෙසින් හැඳින්වෙන ස්වභාවික ගල් පොකුණක් (natural rock pool) ගැඹුරු කිරීම අතරතුරේ දී වසර 5000ක් පමණ පැරණි සත්ව ෆොසිල විශාල ප්‍රමාණයක් හමුවුනා.
පුරා-ජීව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි[permanent dead link] ගේ මග පෙන්වීම යටතේ කැළණිය විශ්වවිද්‍යාලයේ පස්චාත්-පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසුන් එම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සිදුකල අතර ඇතුන්, කුළුමීමන්, මුවන්, ඉදිබුවන් ආදී වනසතුන් විශාල ප්‍රමාණයක ඇටකටු හමුවී තිබෙනවා.
මීට වසර දහස්ගණනකට පෙර නියං සමයන්හිදී මෙහි දියබීමට පැමිණ මඩෙහි එරී මියගිය සතුන්ගේ ඇටකටු බව පර්යේෂකයින් පවසනවා.
මීට පෙරද තණමල්විල ප්‍රදේශයේ ගල් පොකුණකින් ට්‍රක් රථ 4ක් ඉන් ගෙනයා යුතු තරමේ සත්ව ඇටකටු හමුවූ බව පවසන කැලුම්-මනමේන්ද්‍ර මහතා, එහි තිබූ ඇටකටු අතර ඇතුන් 100කගේ, කුළුමීමුන් 150කගේ, මුවන් 200කගේ, වල්-ඌරන් 150කගේ හා ගෝනුන් 50දෙනෙකුගේ අස්ථි හමුවී තිබෙනවා.
උතුරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.
විදේශීකයන්ගේ පවා අවධානයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පධානගර හා ගල් කුළුණුය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.
මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත.
ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එච්.සී.පී.බෙල් රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනා ගැනීමත්, නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් සිදු වුණු කාර්යන්ය. එම සියලු පුරා විද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී පළ කරන දී.
යන වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ. එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සඳයක් වේ.
දැනට අවුරුදු 2434ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමඟ කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේදී ඒ ගමන් මඟ රිටිගල අසලින් වැටී තිබුණුබව ද කියවේ.
මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පූ.833-835 පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව දසඳහන් වේ.
රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ.
1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානයයොමු වන්නට විය. පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.
තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු, වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.
නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ, වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ. මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය. වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකා ස්වාභාවික දැඩි රක්ෂිත, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.