ලොව ජෛව විවිධත්වය සම්බන්ධ ප්‍රදේශ 18 න් 1ක් වශයෙන් සලකන්නේ වනාන්තරයි.
Lists of miscellaneous information should be avoided. |
ධරනීය සංවර්ධන උපාය මාර්ගත රියෝ සමුළුවේදී සම්මත කරන ලද 21 වන න්‍යාය පත්‍රයෙහි11.12(ආ) පරිච්ඡේදය වනහරනයට එරෙහිව වනාන්තර සංරක්‍ෂණයකර කළමනාකරනයට යටත්ව රටවල් ධරනීය සංවර්ධනය කරා යොමු කරන ජාතික වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නකි. එය ගුරුකරගනිමින් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්‍ෂණය කර කළමණාකරනය කර තිරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයවීමට 1995 දී ප්‍රථම වරට ජාතික වනෂෙත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.
1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය අනුව වන ගහනයක් යනු ඊටම අාවේනික වූ ජීව අජීව පදාර්ථවල හැඩය හෘ පැවැත්මේ ස්වාභාවය තීරණය කරන සංකීර්ණ භූගෝලීය තත්වයන් ඒකරාශී වූ විශේෂිතර කලාපයකි.
වන කළමනාකරණය යනුවෙන් හැඳින්වෙන්නේ වනාන්තරයක සංඝටක අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමේදී ඊට හානි නොවන පරිදිත් අන්තර් පරම්පරා අතරත් තම පරම්පරා අතරත් තම පරම්පරාව තුළත් සමානාත්මතාව රැකෙන පරිදිත් ගෝලිය වගකීමක් වශයෙන් විධිමත්වූත් ක්‍රමානුකූලවූත් ප්‍රතිපත්තියක් තුළ සිට භාවිතයට ගැනීමයි.ප්‍රතිපත්තියේ 2,3,5 වගන්ති අනුව කළමනාකරණ රාමුවක් ඔස්සේ එය ක්‍රියාත්මක විය යුතුය.
වන සංරක්‍ෂණය යනුවෙන් හඳුන්වා දී ඇත්තේ අනාගත පරම්පරාවට ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අවශ්‍යතා සරලව හා බුද්ධිමත්ව ඉටු කර ගැනීමට හානි නොවන පරිදි වන පරිහරණයයි .
තිරසාර සංවර්ධනයේදී අනාගත අරමුණු ඉටු කර ගැනීමට බාධා ඇති නොවන පරිදි වත්මන් අරමුණු ඉටු කර ගැනීමත් ආර්ථිකයේ නොවෙනස් විම් මත තත්වය පාලනය කරමින් සංවර්ධනය වීමත් මෙහි ප්‍රධාන අපේක්‍ෂාවයි. තිරසාර මට්ටමින් ඉඩම් භාවිතයට ගැනීම ,නිත්‍ය වනාන්තර පද්ධතියක් ගොඩ නැගීම මෙම වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයයි.
වන සංරක්‍ෂණය අදියරවල් 4ක්ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත.
ආනපල්ලම වැනි වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වය රැකීමද මෙමගින් සිදුවේ.
ශ්‍රීලංකාවේ වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ,පුද්ගලික ආයතන ,පරිසර විද්‍යාඥයන් පෙරටු කර ගනිමින් ක්‍රියාත්මක කිරීම මෙහි සාර්ථකත්වයට හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට හේතු වී ඇත.
ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වන ආරක්‍ෂක කලාප ඇති කිරීම ඖෂධීය ශාඛ සංරක්‍ෂණය ආවේණික හා වඳවීයන ශාඛ හා සතුන් සංරක්‍ෂණය පුහුණු වැඩසටහන් ඇරඹීම අදාළ ආයතනවල නම්‍යශීලීත්වය හා අන්‍යොන්‍ය සබඳතාව දියුණු කිරීම පසුගිය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය ක්‍රමක්‍රමයෙන් අඩු වන ආකාරය පහත පරිදි හදුනාගත හැක.
වනාන්තර | ප්‍රතිශතය |
---|---|
1902 | 84.9% |
1956 | 84.1% |
1981 | 24.0% |
1995 | 23.85% |
1998 | 23.95% |
2005 | 23.98% |
2007 | 20.30% |
මේ වගුව ආශ්‍රිත සතුටුදායක තත්වය වනුයේ 1995 වසර දක්වා 60% කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් විනාශ වී තිබුණද 1995 වසරේ සිට තත්වය ස්ථාවර මට්ටමක සිට වර්ධනීය ප්‍රවේශයක් කරා ගෙන ඒමට 1995 වන ක්‍ෂෙත්‍ර මහා ප්‍රතිපත්තිය සමත් වී ඇති බවයි.
1.ලෝක වනගහන දිනය - මාර්තු 21
2.ලෝක පරිසර දිනය - ජුනි 5
3.ජෛව විවිධත්ව දිනය - මැයි 22
4.තර්ජනයට ලක් වූ සතුන් දිනය- ඔක්තෝබර් මාසය
5.ලෝක තෙත් බිම් දිනය - පෙබරවාරි 2
ලෝක වනගහන දිනයේදී වනාන්තර වලින් මිනිසාට ඇති දායකත්වය සමරයි.
ලෝක පරිසර දිනය යෙදෙනුයේ ජූනි මස 5 වන දිනයි. මෙහිදී වාතය,ජලය,පස ශාක යන සියල්ල පරිසරයේ අංගයන් නිසා, ඒ සියල්ල සමස්ථයක් ලෙස ආරක්‍ෂා කිරීමේ වැදගත්කම සමරයි. නොසැලකිලිමත් ලෙස ගස්කොළන් ආරක්ෂා කරනවා වෙනුවට සිතා මතා ආරක්ෂා කිරීමට පෙළඹ විම වඩා වැදගත්ය.මෙම යහපත් ක්‍රියාවෙන් ඇති වන මානසික සහනය මුළු දිවියට ම ආශිර්වාදයක් වනු ඇත.මන්ද යත් බුදු රදුන් දෙසූ පරිදි, " සිතුවිලි දියුණු කර ගතහොත් පැවැත්ම ස්වභාවයෙන්ම ආරක්ෂා වන හෙයිනි".
ජෛව විවිධත්ව දිනයේ අරමුණ ආවේනික හා තර්ජනයට ලක් වූ විශේෂ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි.
වනාන්තර ආශ්‍රිත වැදගත්ම තත්වය වනුයේ ජෛව විවිධත්වයයි.
සිංහරාජ වනය 1988 ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කළේ එයටම ආවේණික පරිසර කලාපයකින් යුතු නිසාය.
සිංහරාජයටම ආවේණික ක්‍ෂීරපායී හා සමනළ විශේෂ 50% කටත් වඩා සිංහරාජයේ ජීවත් වෙති.
ලංකාව තුල ඇති වනාන්තර අතරින් සිංහරාජ වනාන්තරය ඉතා වැදගත් වනේන, එහි ඇති වටිනා ශාක නිසාය.
භෞමික,සමුද්‍රීය හා වෙනත් ජලජ පරිසර පද්ධති ,ජීව විශේෂ තුළ විශේෂයන් අතර හා පරිසර පද්ධතීන්ගේ හා ජීවීන්ගේ විවිධත්වයද ඇතුළුව ප්‍රභවයන් අතර පවතින විපරීයතාවයයි.
1907 වන ආඥා පනතේ ප්‍රධාන අරමුණ වැසි වනාන්තර ආරක්‍ෂා කිරීමයි.
පනතේ 7 වන වගන්තිය අනූව රක්‍ෂිත වනාන්තර තුළ සත්ව දඩයම එළිපෙහෙළි කිරීම් මෙන්ම අනවසර ඇතුළුවීම්ද තහනම් කර ඇත.
1995 දී මීට කළ සංශෝධනයෙන් වඳවී යන සතුන් සංරක්‍ෂණය , පස සෝදායාම වැළැක්වීම හා ස්වාභාවික විපත් වලින් ආරක්‍ෂාවීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කර ඇත.
වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ ජාන විවිධත්වයකින් යුත් විශේෂ රාශියක පැවැත්මයි. විශේෂයන් දියුණු වන්නේ ජාන විවිධත්වයක් ඇත්නම් පමණි. වනාන්තර ආශ්‍රිත විශේෂයන්ගේ ජාන සමාන වන විට සතුන් හා ශාඛ වඳවීමට බොහෝ ඉඩකඩ ඇත.අප්‍රිකාවේ චීටාවන් වඳවීමට ලක් වූ විශේෂයක් ලෙස බොහෝ කතා බහට ලක් වී ඇත්තේ ද මෙලෙස ජාන සමානවීම නිසාය.
රැම්සාර් සම්මුතිය මඟින් වගුරැ බිම් ආශ්‍රිත ජෛව විවිධත්වය සංරක්‍ෂණයට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.තර්ජනයට ලක් වූ ශාඛ හා සත්ව විශේෂ වෙළඳාම් කිරීමද මෙමගින් තහනම් කර ඇත.
සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය මඟින් දේශභූමිය තුළ ජීවත් වන සතුන් පමණක් නොව දේශසීමාවට පිටින් එන හා දේශසීමාවෙන් මාරුවන ජීවීන්වද ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත. සංරක්‍ෂණය , ධරණීය භාවිතය හා ජාන සම්පත් වලින් ඇති ප්‍රයෝජන බෙදා ගැනීම මෙම සම්මුතිවල ප්‍රධාන අරමුණයි.
කාටජීනා ප්‍රොටකෝලය ජෛව සංරක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් වන අතර නවීන තාක්‍ෂණය හා මහජනයාගේ සෞඛ්‍ය හා ජෛව විවිධත්වය අතර තුලනයක් ඇතිකර ඇත.
http://www.forestry-suppliers.com/
http://www.fao.org/forestry/en/
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්‍වය රැකගැනීම, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.