ධාරා තුලාව

ඇම්පියර් තුලාව හා කෙල්වින් තුලාව යන නම්වලින් ද හඳුන්වනු ලබන ධාරා තුලාව වනාහි ඉතා නිරවද්‍ය ලෙස විද්‍යුත් ධාරාවෙහි SI ඒකකය වන ඇම්පියරය මැනීම සඳහා වන විද්‍යුත් යාන්ත්‍රික ඇටවුම කි.

එය කෙල්වින් සාමිවරයා විසින් නිර්මාණය කරන ලද්දකි.

ධාරා තුලාව
ධාරා තුලාව

මැනිය යුතු ධාරාව කම්බි දඟර දෙකක් හරහා ශ්‍රේණිගත ව යවන අතර, ඉන් එක් දඟරයක් සංවේදී තුලාවක බාහුවකට සම්බන්ධ කර ඇත. අනෙක් බාහුව සමතුලිත කිරීමට අවශ්‍ය වන බර ප්‍රමාණය ඇසුරෙන් ගම්බි දඟර දෙක අතර ඇති චුම්භක බලය මැනිය හැක. එමගින් දඟර තුළින් ගලා ගිය ධාරාව ගණනය කළ හැක.

ධාරා තුලාවෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයක් වනුයේ ධාරාව ගණනය කිරීම සඳහා කම්බි දඟරවල විවිධ මිනුම් ද අවශ්‍ය වීමයි. එබැවින්, කම්බි දඟරවල ලබා ගන්නා මිනුම්වල නිරවද්‍යතාවය ත්, ඒවායේ යාන්ත්‍රික දෘඩභාවයත් මගින් ධාරා මිනුමෙහි නිරවද්‍යතාවය සීමා කෙරේ. මෙම දුෂ්කරතා මග හරිමින් නිර්මාණය කර ඇති වොට් තුලාව නම් උපකරණය දැන් ධාරා තුලාව වෙනුවට භාවිතා කෙරේ.

භාවිතය

ධාරා තුලාව 
කෙල්වින් ගේ ධාරා තුලාවේ රූටනය

පරිමාණය මත ඇති භාරයන්ගේ පිහිටුම්වල කියැවීම් මගින් දළ පාඨාංක ලබා ගැනීම සිදු කරනු ලබයි. එසේත් නැතහොත්, වඩාත් නිවැරදි පාඨාංක ලබා ගැනීම සඳහා පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ලබයි: ධාරා තුලාවෙහි භාරයන් සර්පණය වන තට්ටුවේ ඉහළ දාරය සමාන බෙදුම්වලට ක්‍රමාංකනය කොට ඇත. තට්ටුව මත භාරයේ පිහිටුම වඩාත් නිවැරදි ව නිශ්චය කිරීම සඳහා භාරයට තියුණු ලෝහ දිවතක් ද සම්බන්ධ කොට ඇත. දී ඇති භාරයක් සඳහා තුලාව සමතුලිතතාවයේ පවතින විට එතුළින් ගලා යන ධාරාව, එම භාරය නිසා ඇති වන යුග්මයේ විශාලත්වයෙහි වර්ගමූලයට සමානුපාතික වේ. මේ අනුව, තුලාව සමතුලිත පිහිටුමේ අැති විට ධාරා ප්‍රබලතාවය, යොදා ගත් භාරයේ විශාලත්වයෙහි වර්ගමූලයේ ත්, භාරය එහි ශුන්‍ය පිහිටුමේ සිට විස්ථාපනය වූ දුරෙහි වර්ගමූලයේ ත් ගුණිතයට සමානුපාතික වන බව කිව හැක. සෑම ධාරා තුලාවක් සමගම භාරයන් යුගලක් ද, වර්ගමූල වගු ද ලබා දේ. එමගින්, සර්පණය වන භාරයේ පිහිටුමට අනුරූප පාඨාංකවල වර්ගමූල අගයන් ඇසුරෙන් වගු භාවිත කර එක්වරම ධාරාවෙහි අගය ඇම්පියර්වලින් ලබා ගත හැක. සෑම ධාරා තුලිවක් ම නිර්මාණය කරනුයේ කිසියම් පාඨාංක පරාසයක් කියවිය හැකි වන පරිදි ය. එනම්, සෙන්ටි-ඇම්පියර් තුලාවකින් සෙන්ටි-ඇම්පියර් 1 සිට 100 දක්වා ත්, ඩෙසි-ඇම්පියර් තුලාවකින් ඩෙසි-ඇම්පියර් 1 සිට 100 දක්වා ත්, ඇම්පියර් තුලාවකින් ඇම්පියර් 1 සිට 100 දක්වා ත් ආදී ලෙස ධාරා මැනිය හැක.

පරිශීලන

Tags:

SI ඒකක

🔥 Trending searches on Wiki සිංහල:

කිසා ගෝතමී රහත් තෙරණියපටිච්චසමුප්පාදයආචාර්ය එස්‌. පනීභාරතහලාවතදළදා වහන්සේශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවචාමර වීරසිංහශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ මැණික්පිළිකාඅධ්‍යාපන මනෝ විද්‍යාවධාතුසේන රජකෘෂි කර්මාන්තයප්‍රෝටීන්පාපන්දු ක්‍රීඩාවඉංග්‍රීසි භාෂාවකුණකටුවාඑවරස්ට් කන්දශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයදඬුලේනාවළගම්බා රජශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරනීල් ආම්ස්ට්‍රෝන්ස්වභාවික පරිසරයලෝකෝපකාරයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයපොරොන්දම්ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවජාතික ගීය - ශ්‍රී ලංකාෆේස්බුක්ස්ත්‍රී ස්වයං වින්දනයඩී.එන්.ඒ.පරමාණුඅභයගිරි විහාරයශ්‍රී ලංකා ජාතික කොඩියබුදුගුණ අලංකාරයබ්‍රිතාන්‍ය ලංකාවවොලිබෝල්නීතියවළි කුකුළාදළදා පෙරහැරපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුඅළු බදාදාසිබිල් වෙත්තසිංහඇසළ (ගස)අකුණුබුද්ධ චරිතයඉතිහාසයවනාන්තරප්‍රථමාධාරඋඩරට ගිවිසුමමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකා‍ අලියාආදරයමාර්තුඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකදන්ත කුමරු හේමමාලා කුමරියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයහින්දු ධර්මයසොළොස්මස්ථානකන්‍යාභාවයලෝ වැඩ සඟරාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඋසස් බාලිකා විදුහල, මහනුවරක්ෂුද්‍ර ජීවීන්සිංහල ව්‍යාකරණජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණමිශ්‍ර සිංහල හෝඩියඇදුමයාපනය බලකොටුවයුරේනස්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමුහම්මද් නබි🡆 More