සෙනසුරු ග්‍රහලොව

සෙනසුරු යනු සූර්යයාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි.

මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙස නම් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන් ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් ගේ නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි. මෙයට උප ග්‍රහයින් 62 ක් සිටියි.

සෙනසුරු ♄
The planet Saturn during equinox
කැසිනි යානය මගින් ලබාගත් සෙනසුරුගේ ඡායාරූපයක්
නිලනාමයන්
ශබ්දනැගීමඅසන්නi/ˈsætərn/
විශේෂණයSaturnian, Cronian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය J2000.0
විහේලිකය1,513,325,783 km
10.115 958 04 AU
අපහේලිකය1,353,572,956 km
9.048 076 35 AU
අඩ-මහා අක්ෂය1,433,449,370 km
9.582 017 20 AU
උත්කේන්ද්‍රියතාවය0.055 723 219
කක්ෂීය කාලාවර්තය10,759.22 days
29.4571 yr
24,491.07 Saturn solar days
චන්ද්‍ර කාලාවර්තය378.09 days
සාමාන්‍යය කක්ෂීය වේගය9.69 km/s
මධ්‍යන්‍යය විෂමතාවය320.346 750°
ආනතිය2.485 240° to Ecliptic
5.51° to Sun’s equator
0.93° to invariable plane
ආරෝහණ මංසලෙහි දේශාංශකය113.642 811°
පරිතාරාන්තිකයේ විස්තාරය336.013 862°
චන්ද්‍රිකා~ 200 (61කට ස්ථාවර කක්ෂයන් ඇත)
භෞතික ගුණාංග
සමක අරය60,268 ± 4 km
9.4492 Earths
ධ්‍රැවීය අරය54,364 ± 10 km
8.5521 Earths
Flattening0.097 96 ± 0.000 18
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය4.27×1010 km²
83.703 Earths
පරිමාව8.2713×1014 km³
763.59 Earths
ස්කන්ධය5.6846×1026 kg
95.152 Earths
මධ්‍යන්‍යය ඝණත්වය0.687 g/cm³
(less than water)
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය10.44 m/s²
1.065 g
මිදුම් ප්‍රවේගය35.5 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තයපැය 10.57
(10 hr 34 min)
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය9.87 km/s
35,500 km/h
ආක්ෂක ආනතිය26.73°
උත්තර ධ්‍රැවය විෂුවදංශය2පැය 42විනා 21තත්
40.589°
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය83.537°
ප්‍රභානුපාතය0.342 (Bond)
0.47 (geometric)
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
1 bar level 134 K
0.1 bar 84 K
දෘශ්‍ය විශාලත්වය+1.47 to −0.24
කෝණික විෂ්කම්භය14.5"–20.1"
(excludes rings)
වායුගෝලය
පරිමාණ උස59.5 km
සංයුතිය
~96%හයිඩ්‍රජන් (H2)
~3%හීලියම්
~0.4%මීතේන්
~0.01%ඇමෝනියා
~0.01%හයිඩ්‍රජන් ඩියුට්රයිඩ් (HD)
0.000 7%ඊතේන්
අයිස්:
ඇමෝනියා
ජලය
ඇමෝනියම් හයිඩ්‍රොසල්ෆයිඩ්(NH4SH)

සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන්

හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි.මී. බිලියන 1.4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි.මී. 9.69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි.මී. මිලියන 155 ක් පමණ වේ. සෙනසුරුගේ භ්‍රමණයත්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි. නමුත් 2004 කැසිනි යානය සෙනසුරු වෙත යොමු කරන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී. 2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ ප්ලස්මා වායුන් හා එන්සිලේඩස් උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි. මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්‍රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.

වායුගෝලය

සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී. බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේග‍යටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩු වේ.

වළලු

සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත.

උප ග්‍රහයින්

සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 146කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. (බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව) එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය.

මූලාශ්‍ර

Tags:

සෙනසුරු ග්‍රහලොව සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන්සෙනසුරු ග්‍රහලොව වායුගෝලයසෙනසුරු ග්‍රහලොව වළලුසෙනසුරු ග්‍රහලොව උප ග්‍රහයින්සෙනසුරු ග්‍රහලොව මූලාශ්‍රසෙනසුරු ග්‍රහලොවග්‍රහලෝකනෙප්චූන්බ්‍රහස්පති ග්‍රහයායු‍රේනස්සෞරග්‍රහ මණ්ඩලයහිරු

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයලේ ගැලීමයමන් රාගයජාත්‍යන්තර සම්මත පොත් අංකයහෙන්රි ස්ටීල් ඕල්කට්මිනිස් දත්දහඅට සන්නියපරිගණක ජාලශ්‍රී ලංකා පොලිස් සේවයකඩවතඅලිදෙවන පරාක්‍රමබාහු රජරක්‍ෂණයඔස්කාර් වයිල්ඩ්තත් වාද්‍ය භාණ්ඩසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්යුරෝපයසොලොස්මස්ථානඋණමහාසේන රජශ්‍රී ලංකා පොදුජන පෙරමුණමල්දියවැඩියාවතෙරේසා මවුතුමියඑස් පහ (5S) ක්‍රමයනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පළාත් මල්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමානව සංවර්ධන දර්ශකයපැපොලශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඋපුල් ශාන්ත සන්නස්ගලඅමරදේවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසමනල කන්දත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයවිධායක ඡනාධිපතිකෙසෙල්සමාධි බුදු පිළිමයබැඩ්මින්ටන්සෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඅභයගිරි දාගැබවෙදනලාවමහින්දාගමනයකර්ම (බුදු දහම අනුව)ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඉබ්බන්කටුව මහශිලා සුසානයඌව වෙල්ලස්ස කැරැල්ලස්ත්‍රී පුරුෂ භාවයසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියජන කවිබෞද්ධ භාවනාහරිතාගාර ආචරණයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරාජ්‍ය නොවන සංවිධානඑනසාල්අපරාධඑස්. පණීභාරතබුද්ධඝෝෂ හිමිශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවරජරටජනමාධ්‍යයතාප රසායනයහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකා ජාතික කොඩියලිංගාශ්‍රිත රෝගනිදන්ගත වකුගඩු රෝගයදඹදෙණිය යුගයකළු කුහරවිජය රජවැලිවිට සරණංකර හිමි🡆 More