ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව (කොරියානු:국어의 로마자 표기법 ගුගොඋයි රොමජා ප්යොගිබොප්; සාහිත්‍යමය ජාතික භාෂාවේ රෝමානු අක්ෂර අංකනය) යනු දකුණු කොරියාවේ නිල කොරියානු භාෂා රෝමානුකරණ පද්ධතිය වේ.
මෙය සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද්දේ පැරණි මැකූන්-රයිෂවර් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ය. මෙම නව පද්ධතිය තුළ අක්ෂරයක විවිධ ශබ්ද හැඳින්වීමට යොදන ලකුණු ඉවත් කොට ඇති අතර, තනි ශබ්ද හඟවන අක්ෂර ද්විත්වයන් භාවිත කොට තිබේ. එය කොරියානු ශබ්දවිද්‍යාව සමීපව අනුගමනය කරමින්, ස්වදේශික-නොවන පරිශිලකයිනට භාෂාව හැසිරවීම පහසුකොට ඇත.
මෙම ප්‍රතිශෝධිත රෝමානුකරණය ISO මූලික ලතින් හෝඩියට පමණක් සීමා වී ඇති අතර, නිතරම යා-ඉර (-) භාවිත කරනු දක්නට ලැබේ. මෙය 1995 සිට කොරියානු භාෂා ජාතික ඇකඩමිය මගින් සංවර්ධනය කරන ලද අතර, 2000 ජූලි 7වන දින සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගිනමෙහජනයාට මුදාහැරි අතර, ප්‍රකාශන අංක. 2000-8 මගින් නව පද්ධතිය භාවිතයට පහත හේතූන් දක්වා ඇත:
ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව | |
හංගුල් | 국어의 로마자 표기법 |
---|---|
හන්ජා | 國語의 로마字 表記法 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gugeoui Romaja Pyogibeop |
මැකූන්–රයිෂවර් | Kugŏŭi Romaja P'yogipŏp |
ප්‍රතිශෝධිත රෝමානුකරණ පද්ධතියේ පහත වැදගත් ලක්ෂණ ඇත:
මීට අමතරව, පරිවර්තනයේ දී ක්‍රමානුකූල ශබ්දවිද්‍යාත්මක නීති සඳහා විශේෂ නියමයන් ඇත (බලන්න කොරියානු ශබ්දවිද්‍යාව).
වෙනත් නීති සහ නිර්දේශයන් පහත පරිදි වේ:
අක්ෂර වින්‍යාසය සරල කරන ලද සමහර යුරෝපීය භාෂා මෙන් (උදාහරණ ලෙස පෘතුගීසි, ජර්මන් හෝ ස්වීඩන්) ප්‍රතිශෝධිත රෝමානුකරණය කොරියානු පවුල් නාමයන් නිල රෝමානුකරණයට ලක්කිරීම අපේක්ෂා නොකෙරුණ ද, ඉතා සුළු පිරිසක් කැමැත්තෙන්ම එය අනුගමනය කොට ඇත. 2009 වර්ෂයේ කොරියානු භාෂා ජාතික ආයතනය මගින් මෙහෙයවන ලද සමීක්ෂණයක් අනුව, 2007 දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ 63,351ක් මත පදනම්ව, වඩාත් සුලබම සෑම කොරියානු පෙළපත් නාමයන් තුනක් වන කිම් (김), ලී (이), සහ පාක් (박) සඳහාම, 2%ට වඩා අඩු අයදුම්කරුවන් පිරිසක් සිය වාසගම සිය විදේශ ගමන් බලපත්‍රයෙහි රෝමානුකරණය කිරීමට ඉල්ලා තිබිණි. ඒවායේ ප්‍රතිශෝධිත රෝමානුකරණයන් පිළිවෙලින් ගිම්, ඉ, සහ බක් වේ. දෙනලද නාමයන් සහ වෙළඳ නාමයන් රෝමානුකරණය කිරීමට දිරිගැන්වුවද, එය අත්‍යාවශ්‍ය දෙයක් නොවී ය.
2002 පෙබරවාරි 28 සිට සියලු කොරියානු පාඨ ග්‍රන්ථ නව පද්ධතිය සමග සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය. දකුණු කොරියාවේ ඉංග්‍රීසි-භාෂා පුවත්පත් මුලින් එහි දෝෂ හුවා දක්වමින් ඊට දැඩිව විරෝධය දැක්වුවද, පසුව රජයේ බලපෑම නිසා ඔවුනට එය අනුගමනය කිරීමට සිදු විය. කොරියා ටයිම්ස් යනු එසේ සිදුකිරීමට සිදු වූ අවසාන ප්‍රධාන ඉංග්‍රීසි-භාෂා පුවත්පත වූ අතර, 2006 මැයි මාසයේ පමණක් එය මාරුකරන ලදී.
උතුරු කොරියාව තවමත් භාවිත කරන්නේ මැකූන්-රයිෂවර් පද්ධතියේ ප්‍රභේදයක් වන අතර, එය 1984 සිට 2000 දක්වා දකුණු කොරියාවේ භාවිත වූ නිල පද්ධතියට වඩා තරමක් වෙනස් ප්‍රභේදයකි.
කොරියානු භාෂා අධ්‍යයන සිසුනට සකස් කළ පාඨග්‍රන්ථ සහ ශබ්දකෝෂ මෙම රෝමානුකරණය ඇතුළු කිරීමට උත්සාහ ගත්හ. කෙසේනමුත් සමහර ප්‍රකාශකයින්, එමගින් මෙම රෝමානුකරණ ආරේ සම්මුතීන් නොදන්නා ස්වදේශික-නොවන කොරියානු භාවිත කරන්නන්ට ඉන් ඇති විය හැකි දුෂ්කරතාවන් හෝ පැටලිලි සහගත තත්ත්වයන් සඳහන් කොට ඇත.
හංගුල් | ㅏ | ㅐ | ㅑ | ㅒ | ㅓ | ㅔ | ㅕ | ㅖ | ㅗ | ㅘ | ㅙ | ㅚ | ㅛ | ㅜ | ㅝ | ㅞ | ㅟ | ㅠ | ㅡ | ㅢ | ㅣ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
රෝමානුකරණය | a | ae | ya | yae | eo | e | yeo | ye | o | wa | wae | oe | yo | u | wo | we | wi | yu | eu | ui | i |
හංගුල් | ㄱ | ㄲ | ㄴ | ㄷ | ㄸ | ㄹ | ㅁ | ㅂ | ㅃ | ㅅ | ㅆ | ㅇ | ㅈ | ㅉ | ㅊ | ㅋ | ㅌ | ㅍ | ㅎ | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
රෝමානුකරණය | ආරම්භක | g | kk | n | d | tt | r | m | b | pp | s | ss | – | j | jj | ch | k | t | p | h |
අවසාන | k | k | n | t | – | l | m | p | – | t | t | ng | t | – | t | k | t | p | h |
ㄱ, ㄷ, ㅂ, සහ ㄹ යන්න සාමාන්‍යයෙන් ස්වරයකට පෙර යෙදුණු විට පිටපත් කෙරෙන්නේ g, d, b, සහ r ලෙස වන අතර, ව්‍යඤ්ජනාක්ෂරකට පෙර හෝ වචනයක අවසානයේ යෙදෙන විට k, t, p, සහ l ලෙස ය.
ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව අවසාන ව්‍යඤ්ජනාක්ෂරයේ අක්ෂරය සමග සංයුක්ත වීමෙන් සහ Hanguk → Hangugeo වැනි ඊළඟ ආරම්භක ව්‍යඤ්ජනාක්ෂරය සමග සංයුක්ත වීමෙන් සිදුවන ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් විස්තර වේ. මෙවැනි වැදගත් වෙනස් වීම් පහත පරිදි වේ:
ඊළඟ ආරම්භකය → | ㅇ | ㄱ | ㄴ | ㄷ | ㄹ | ㅁ | ㅂ | ㅅ | ㅈ | ㅊ | ㅋ | ㅌ | ㅍ | ㅎ | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
පෙර අවසානය ↓ | ! | g | n | d | r | m | b | s | j | ch | k | t | p | h | |
ㄱ | k | g | kg | ngn | kd | ngn | ngm | kb | ks | kj | kch | k-k | kt | kp | kh, k |
ㄴ | n | n | n-g | nn | nd | ll, nn | nm | nb | ns | nj | nch | nk | nt | np | nh |
ㄷ | t | d, j | tg | nn | td | nn | nm | tb | ts | tj | tch | tk | t-t | tp | th, t, ch |
ㄹ | l | r | lg | ll, nn | ld | ll | lm | lb | ls | lj | lch | lk | lt | lp | lh |
ㅁ | m | m | mg | mn | md | mn | mm | mb | ms | mj | mch | mk | mt | mp | mh |
ㅂ | p | b | pg | mn | pd | mn | mm | pb | ps | pj | pch | pk | pt | p-p | ph, p |
ㅅ | t | s | tg | nn | td | nn | nm | tb | ts | tj | tch | tk | t-t | tp | th, t |
ㅇ | ng | ng- | ngg | ngn | ngd | ngn | ngm | ngb | ngs | ngj | ngch | ngk | ngt | ngp | ngh |
ㅈ | t | j | tg | nn | td | nn | nm | tb | ts | tj | tch | tk | t-t | tp | th, t, ch |
ㅊ | t | ch | tg | nn | td | nn | nm | tb | ts | tj | tch | tk | t-t | tp | th, t, ch |
ㅌ | t | t, ch | tg | nn | td | nn | nm | tb | ts | tj | tch | tk | t-t | tp | th, t, ch |
ㅎ | t | h | k | nn | t | nn | nm | p | hs | ch | tch | tk | tt | tp | t |
දෙන ලද නාමයන්හි මාත්‍රාවන්හි ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් පරියර්තනය නොකෙරේ: 정석민 → Jeong Seokmin හෝ Jeong Seok-min, 최빛나 → Choe Bitna හෝ Choe Bit-na.
ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් ㄱ, ㄷ, ㅂ, සහ ㅈයන්න, ㅎට යාබද ව යෙදේ: 좋고 → joko, 놓다 → nota, 잡혀 → japhyeo, 낳지 → nachi. කෙසේනමුත්, ㅎට පෙර ㄱ, ㄷ, සහ ㅂ යෙදෙන වචනවල මහාප්‍රාණ ශබ්ද නොසැලකේ: 묵호 → Mukho, 집현전 → Jiphyeonjeon.
This article uses material from the Wikipedia සිංහල article ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.