තිම්පු

තිම්පු හෝ තීම්ඵු (/tɪmˈpuː/; ටිබෙට් වර්ණමාලාව: ཐིམ་ཕུ ), හෙවත් කලින් උච්ඡාරණය කල පරිදි තිම්බු, යනු භූතානයේ අගනගරය සහ විශාලතම නගරයයි.

එය පිහිටා ඇත්තේ භූතානයේ මධ්‍යම බටහිර ප්‍රදේශයේය. එය වටකරගෙන ඇති නිම්නය භූතානයේ එක් ද්සොන්ඛාග් පරිපාලනමය ඒකක වලින් එකක් වන තිම්පු දිස්ත්‍රික්කයයි. තිම්පු නගරය භූතානයේ අගනුවර බවට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1961 වසරේදීය. 2005 වසර වන විට එහි ජනගහනය 79,185ක් වූ අතර සමස්ත තිම්පු දිස්ත්‍රික්කයේම ජනගහනය 98,676ක් විය.

තිම්පු
ཐིམ་ཕུ་ (ද්සොන්ඛා)
තිම්පු නගරය
තිම්පු නගරය
තිම්පු is located in Bhutan
තිම්පු
තිම්පු
තිම්පු is located in Asia
තිම්පු
තිම්පු
ඛණ්ඩාංක: 27°28′20″N 89°38′10″E / 27.47222°N 89.63611°E / 27.47222; 89.63611 89°38′10″E / 27.47222°N 89.63611°E / 27.47222; 89.63611
රටතිම්පු භූතානය
දිස්ත්‍රික්කයතිම්පු දිස්ත්‍රික්කය
රජය
 • අධිකරණ වර්ගයව්‍යවස්ථාමය රාජාණ්ඩුව
 • දෘක් ග්යාල්පෝජිග්මේ ඛේසර් නම්ග්යෙල් වැන්ග්චක්
උන්නතාංශය7,656 ft (2,320 m)
ජනගහණය(2005)නගර සීමාව (2015)
 • නගරය79,185
 • ඝණත්වය7,850/වර්ග සැත (3,029/කිමී2)
 • පුරවර115,260
කාලගුණයඅර්ධනිර්වතන උස්බිම් කාලගුණය
වෙබ් අඩවියනගරය සඳහාම වූ වෙබ් අඩවියක් නොමැත; http://www.tcc.gov.bt (තිම්පු දිස්ත්‍රික්කය සඳහා)

භූතානයෙදී වැන්ග් චූහෝ තිම්පු චූ ලෙස හඳුන්වන රයිදාක් ගංගාවේ බටහිර ඉවුරේ ඇති නිම්නයේ උතුරු-දකුණු දෙසට පාර්ශවිකව විහිදුනු ආකාරයට නගරය පිහිටා ඇත. තිම්පු නගරය 2,248 මීටර (7,375 ft) සිට 2,648 මීටර (8,688 ft) දක්වා වූ උන්නතාංශ පරාසයක විහිදී ඇත. සාමාන්‍යයෙන් අගනගරයකට ගුවන්තොටුපලක් තිබුනද තිම්පු අගනුවර ගුවන්තොටුපලක් නොමැත. එහෙත් 54 කිලෝමීටර (34 mi) පමණ දුරින් පිහිටි පැරෝ ගුවන්තොටුපළ සමග නගරය මාර්ගයකින් සම්බන්ධ කර ඇත.

තිම්පු නගරය භූතානයේ දේශපාලනික සහ ආර්ථික මධ්‍යස්ථානය වන අතරම දැවැන්ත කෘෂිකාර්මික සහ සත්ව නිෂ්පාදන පදනමක්ද ඇති නගරයකි. තිම්පු නගරය රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 45%කට හිමිකම් කියයි.සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට දායකත්වයක් සැපයුවද එය දැඩි ලෙස සීමා කර තිබේ. ඊට හේතුව වන්නේ සම්ප්‍රදාය, සංවර්ධනය සහ නවීකරණය යන ඒවා අතර සමබරතාවයක් පවත්වාගැනීමයි. තිම්පු නගරයේ දේශපාලනික වැදගත්කමින් යුතු ගොඩනැගිලි රැසක් ඇත. රට තුල අලුතෙන්ම ස්ථාපනය කරන ලද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය වන ජාතික සභාව සහ රජුගේ නිල නිවස වන නගරයට උතුරින් පිහිටා ඇති දෙචෙන්චොලින් මාලිගය ඒ අතර ප්‍රධාන වේ. තිම්පු නගරය සංවර්ධනය කිරීම සඳහා "තිම්පු ව්‍යුහ සැලැස්ම" (Thimphu Structure Plan) නමින් නගර සංවර්ධන ව්‍යාපෘතියක් 1998 වසරේදී ඇරඹිණි. තිම්පු නිම්නයේ නොඉඳුල් පරිසරය ආරක්ෂා කිරීමද එහි එක් අරමුණකි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයයි.

භූතානයේ සංස්කෘතියට අදාළ සාහිත්‍යය, ආගම, සිරිත් විරිත්, සාම්ප්‍රදායික ජාතික ඇඳුම්, ආගමික ස්ථානවල ආගමික කටයුතු, සංගීතය, නැටුම් ආදී දේ තිම්පු නගරයෙන් සම්පූර්ණයෙන්ම විද්‍යාමාන වේ. ත්ශේචු යනු භූතානයේ වැදගත් උත්සවයක් වන අතර චාම් නැටුම් ලෙස හැඳින්වෙන වෙස් මුහුණු නැටුම් ඊට සමගාමීව තිම්පු නගරයේදී දැකිය හැක. එම උත්සවය භූතාන දිනදර්ශනයට අනුව නියම වන දින හතරක කාලය තුල සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී සමරනු ලබයි.


මූලාශ්‍ර

Tags:

උදවු:IPA/Englishඋදවු:IPA/Tibetanතිම්පු දිස්ත්‍රික්කයභූතානයවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ක්‍රියා පදවිකිපීඩියානිශ්ශංක විජයරත්නශ්‍රී ලංකානු සිවිල් යුද්ධයගම්මඩුව ශාන්තිකර්මයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියවිද්‍යාවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසෙම්ප්‍රතිශ්‍යාවටොලමිගේ ලෝක සිතියමආකිමිඩීස්හික්කඩුවේ සුමංගල තෙරණුවෝදුක්ඛසඳකඩපහණවේගයඉන්ෆ්ලුවෙන්සාපරිණාමයවියුණු සටහනවිජයබා කොල්ලයගස්කොරෝනා වෛරසයඩී.එන්.ඒ.පවුලපිළිකාවර්ණ සබැඳි සිද්ධාන්තපොදු නීතියථූපාරාමයඅකුණුකාල් මාක්ස්පර්යේෂණගණිකාවදුටුගැමුණු රජෆින්ලන්තයකෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකොළඹ බස් මාර්ගG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)ප්ලේටෝස්වභාවික පරිසරයමඩු (ශාක වර්ගය)මොණරවිල කැප්පෙටිපොළවළි කුකුළාප්‍රජාතන්ත්‍රවාදයප්‍රංශයආකල්පඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අනුරාධපුරයේ පළමුවන කාශ්‍යපවෙසක් උත්සවයසයිමන් නවගත්තේගමයාපහුවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවධනවාදයසිංහල අලුත් අවුරුද්දමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඋද්ධමනයක්‍රිකට්ප්‍රවේගයසිංහල ව්‍යාකරණනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසිරස රූපවාහිනීයකොවිඩ්-19 එන්නතදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ අපරාධමනමේශ්‍රී ලංකාවේ බලකොටුස්ත්‍රී පුරුෂ භාවයමරියානා අගාධයචිත්‍රපට ඉතිහාසයබර්මියුඩා ත්‍රිකෝණයතෝමස් අල්වා එඩිසන්ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමඑමිල් ඩුර්කයිම්ඊලෝන් මස්ක්🡆 More