ඩොමීනියන් රාජ්‍යය

ඩොමීනියන් රාජ්‍යයන් යනු, 19වන සියවසෙහි අවසන් භාගයෙහි සිට, නාමික වශයෙන් කිරීටය යටතේ පැවති සහ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සැදූ, ස්වතන්ත්‍ර දේශපාලන තන්ත්‍රයන් වූහ.

ඒවා අතර, කැනඩාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, ඉන්දියාව, ලංකාව (ශ්‍රී ලංකාව), නවසීලන්තය, නිව්ෆවුන්ඩ්ලන්ඩ්, දකුණු අප්‍රිකාව සහ, අයර්ලන්ත නිදහස් රාජ්‍යය වූහ. 1926බැල්ෆෝර් ප්‍රකාශනය වෙතින් ඩොමීනියන් රාජ්‍යයන් පිළිගනුලැබුනේ "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්" ලෙසින් වන අතර, ඉන්පසු දශකයන් තුලදී, ඩොමීනියානු රාජ්‍යයන්, එක්සත් රාජධානිය වෙතින් පූර්ණ ස්වෛරී විය. ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ස්වෛරී ව්‍යවස්ථාදායක රාජාණ්ඩු බවට පත්වී, පූර්ණ ස්වෛරීත්වයට පෙර පැවති රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය, ස්වීය රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය ලෙසින් පවත්වාගෙන ගියේ නම්, වසර 1953 ට පසුව ඒවා, පොදු රාජ්‍ය මණ්ඩල අධිකාර ක්ෂේත්‍රයන් ලෙසින් හැඳින්විණි.

කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි.

අර්ථදැක්වීම

ඩොමීනියන් රාජ්‍යය 
දහනවවන සියවසෙහි අවසානයේදී වික්ටෝරියා රැජින යටතේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සිතියම. "ඩොමීනියන් රාජ්‍යයන්" ලෙසින් හැඳින්වෙනුයේ කිරීටයට අයත්වූ සියළු බල ප්‍රදේශයන් වෙති.

ඉංග්‍රීසි පොදු නීතිය ප්‍රකාර, බ්‍රිතාන්‍ය කිරීටයෙහි ඩොමීනියන් රාජ්‍යයන් යනු, කිරීටයේ අධිකාරිය යටතේ පැවති සියළු අධිකාර ක්ෂේත්‍රයන් සහ බල ප්‍රදේශ වෙති. නිදසුනක් වශයෙන්, 1914 දී සයිප්‍රස දිවයින ඇඳා ගනිමින් නිකුත් කෙරුණු රාජසභා ආඥාව විසින් ප්‍රකාශනය කෙරුණේ, නොවැම්බර් 5 දින සිට, දිවයින:

"රාජෝත්තමයාණන් වහන්සේගේ ඩොමීනියන් රාජ්‍යයන්ට ඈඳා ගනු ලබන අතර ඒවායේ කොටසක් වෙයි".

කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි: නිදසුනක් වශයෙන්, වේල්සයේ නීති 1535 පණත යන්න යෙදෙන්නේ ඩොමීනියන් රාජ්‍යය, සාමන්ත රාජ්‍යය සහ වේල්ස ප්‍රාන්තය වෙතය. වර්ජීනියා යටත් විජිතය වෙත 1660දී පමණද, නිව් ඉංග්ලන්ඩ් ඩොමීනියන් රාජ්‍යය වෙත 1686දී පමණද ඩොමීනියන් රාජ්‍යය යන්න නිල අභිධානයක් ලෙසින් පවරන ලදි. මෙම ඩොමීනියන් රාජ්‍යයන් කිසි දිනෙක ස්වයං-පාලන තරාතිරම් නොවූහ. කෙටි-කාලීන නිව් ඉංග්ලන්ඩ් ඩොමීනියන් රාජ්‍යය තැනීම සැලසුම් කෙරුණේ– පසුකාලීන ඩොමීනියන් රාජ්‍යයන්ගේ අරමුණට පටහැනි වශයෙන් – රාජකීය පාලනය දැඩි කරගැනුමට සහ යටත් විජිතයේ ස්වයං-පාලනය දුර්වල කිරීමටය.

සටහන්

Tags:

ඕස්ට්‍රේලියාවකැනඩාවජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලයනවසීලන්තයබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයලංකා ඩොමීනියන් රාජ්‍යයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රංශ විප්ලවයඅනුරාධපුර ජේතවනාරාමයසතර සෘධිපාදවිද්‍යුත් මුදල්සුබ පැතුම්ජලභීතිකාවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයපුරාතන මිසරයයුදෙවුවෝඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසමනලයාදෙමළ භාෂාවසීගිරි බිතු සිතුවම්මහියංගනයඇල්බට් බණ්ඩුරාධර්මපාල විද්‍යාලයසතර අගතිශ්‍රී ලංකා රුපියලහික්කඩුවේ සුමංගල තෙරණුවෝදඹදෙණිය යුගයතෝමස් නිව්කොමන්රබින්ද්‍රනාත් තාගෝර්විජයබා කොල්ලයශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකන්‍යාභාවයදකුණු කොරියාවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසිංහබාහුමර්සලින් ජයකොඩිහාවෝසන්නිවේදනයලංකා බැංකුව‍දේශගුණික විපර්යාසකොහොඹමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)අෂ්ඨ විද්‍යාමිනිසාගේ ස්නායු පද්ධතියඔක්සිජන්බර්ගර් ජනයාතෝමස් අල්වා එඩිසන්නායකත්වයයාපහුව බලකොටුවවෘත්තීය අධ්‍යාපනයගලගොඩ අත්තේ ඥාණසාර හිමිකාර්මික විප්ලවයඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහජ්සාපේක්ෂතාවාදයයුද්ධශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටූපැක් ශාකූර්ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්පොන්නම්බලම් රාමනාදන්දැඩිමුණ්ඩ දෙවියෝත්‍රිපිටකයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකෙසෙල්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවිෂ්ණුමූලික අයිතිවාසිකම්කොහොඹා කංකාරියසංචාරක කර්මාන්තයසෙම්ප්‍රතිශ්‍යාවබුද්ධාගමකනනෙල්ලිහෙද සේවයබලශක්ති සංරක්‍ෂණයප්‍රජාතන්ත්‍රවාදයසාම්ප්‍රදායික සිංහල විවාහපයිතගරස් ප්‍රමේයයඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඌව වෙල්ලස්ස කැරැල්ලහේන් ගොවිතැනමහා සිකුරාදාශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්🡆 More