එෆ්සී බාර්සිලෝනා: පාපන්දු සමාජය

සුපතල ලෙසින් බාර්සිලෝනා ලෙසින්ද, හුරුපුරුදු ලෙසින් බාර්ක ලෙසින්ද හැඳින්වෙන, බාර්සිලෝනා පාපන්දු සමාජය හෝ එෆ්සී බාර්සිලෝනා යනු, ස්පාඤ්ඤයෙහි, කැටලෝනියාවෙහි, බාර්සිලෝනා නගරය පාදක කොට ගත් වෘත්තිමය පාපන්දු සමාජයකි.

බාර්සිලෝනා
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
සම්පූර්ණ නමෆුට්බෝල් ක්ලුබ් බර්සිලෝනා
අපනාමය(න්)බර්ස හෝ බ්ලවුග්‍රානා (කණ්ඩායම)
කුලේස් හෝ බර්සිලොනිස්ටාස් (ආධාරකරුවෝ)
බ්ලවුග්‍රානෙස් හෝ අසුල්ග්‍රානාස් (ආධාරකරුවෝ)
නෙටි නමඑෆ්සීබී
ආරම්භ කෙරුණේ29 නොවැම්බර් 1899; වසර 124 ක් පෙර (1899-11-29)
ෆුට්බෝල් ක්ලුබ් බර්සිලෝනා ලෙසින්
ක්‍රීඩාපිටියකම්ප් නොවු
ක්‍රීඩාපිටියේ ධාරිතාව99,354
සභාපතිජොසෙප් මරියා බර්ටමේවු
පුහුණුකරුඑරනෙස්ටො වල්වෙරඩෙ
ලීගයලා ලිගා
2016–17ලා ලිගා, 2වන
වෙබ් අඩවියසමාජ මුල් පිටුව
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
සියරට වර්ණ
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
බැහැර වර්ණ
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන්
තෙවන වර්ණ
එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් වත්මන් ක්‍රීඩා වාරය

ජුවන් ගම්පාර්ගේ නායකත්වය යටතේ, ස්විස්, ඉංග්‍රීසි සහ කැටලන් පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් විසින් 1899 වසරෙහිදී ආරම්භ කෙරුණු මෙම සමාජය, කැටලන් සංස්කෘතිය සහ කැටලන් වාදයෙහි සංකේතයක් වූ අතර, එනයින් එහි ආදර්ශ පාඨය වූයේ , "මේස් කෙ වුන් ක්ලුබ්" (සමාජයකට වඩා වැඩි යමක්) යන්නයි. වෙනත් බොහෝ පාපන්දු සමාජ මෙන් නොව, බාර්සිලෝනාහී අනුග්‍රාහකයෝ එහි අයිතිය දරන අතර එය ක්‍රියාත්මක කරවති. බාර්සිලෝනාහි නිල ගීතය "Cant del Barça" ජඋම් පිකාස් සහ ජෝසෙප් මරියා එස්පිනාස්[1] විසින් රචනා කර ඇත. අනෙක් පාපන්දු සමාජයන් අතරින් මෙහි විශේෂත්වයක් වන්නේ කාණ්ඩායමේ අයිතිය සහ පරිපාලනය සහායකයන් විසින් සිදු කිරීමයි. ආදායම් අතින් ලොව දෙවනුවට ධනවත්ම පාපන්දු සමාජය බාර්සිලෝනා වන අතර එහි වාර්ෂික වෙළද අගය €398 මිලියනයකි. දීර්ඝකාලීනව ස්පාඤ්ඤයේම රියල් මැඩ්රිඩ්[2] කණ්ඩායම සමග "එල් ක්ලැසිකෝ( El Clásico)" ලෙස හදුන්වන්නාවූ පාපන්දු තරගයක නිරත වෙයි.

වත්මන් කෝපා ඩෙල් රේ ශූරයන් වන මොවුන් ලා ලීගා කුසලානය 21 වතාවක්ද, කෝපා ඩෙල් රේ ශූරතාවය 26 වතාවක්ද, ස්පාඤ්ඤ සුපිරි කුසලානය Supercopa de España 10 වතාවක්ද, ඊවා ඩුආර්ටේ කුසලානය Copa Eva Duarte3 වතාවක්ද සහ කෝපා ඩි ලා ලීගා Copa de la Liga 2 වතාවක්ද, එලෙසම අවසාන ශූරාතාවලි හතරෙදිම ජයග්‍රහණ වෙනුවෙන් වාර්තාවන් ද හොබවයි. අන්තර්ජාතික ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලි අතරින් UEFA ශූරයන්ගේ ලීගය UEFA Champions League කුසලානය සිව් වතාවක්ද, වාර්තාගත ලෙස UEFA කුසලාන ජයග්‍රාහකයන්ගේ කුසලානය UEFA Cup Winners' Cup සිව් වතාවක්ද, UEFA සුපිරි කුසලානය UEFA Super Cup කුසලානය සිව් වතාවක්ද, වාර්තාගත අන්තර් නගර ෆෙයාර් කුසලානයCities_Fairs_Cup Inter-Cities Fairs Cup තුන් වතාවක්ද, FIFA අන්තර් සමාජ ලෝක කුසලානයFIFA Club World Cup කුසලානය දෙවතාවක් ද වාර්තාගත ලෙස ජය ලබාගෙන ඇත.

1955 සිට නොකඩවාම මහද්වීපික පාපන්දු තරගවාර සියල්ලටම ක්‍රීඩා කල එකම යුරොපීය කණ්ඩායම වන අතර, ලා ලීගා තරගාවලියේ දිගටම රැදී සිටීමට සමත් කණ්ඩායම් තුන අතරින් ඇත්ලෙටිකෝ බිල්බාඕAthletic Bilbao සහ රියල් මැඩ්රිඩ් කන්ඩායම් දෙකට අමතරව අනෙක් කණ්ඩායම බාර්සිලෝනා වේ. 2009 වසරේදී ලා ලිගා, කෝපා ඩෙල් රේ , සහ චැම්පියන්ස් ලීගය යන තරගාවලි තුනම ජයගත් ප්‍රථම ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජය බවට පත් විය. එම වසරේදීම ශුරාතාවලි හයෙන් හයම එකම වසරක් තුල ජය ගත් එකම පාපන්දු සමාජය බවට පත් වීමද බාර්සිලෝනා ලැබූ විජයග්‍රහණයන් අතරට එක් වේ. මේ සදහා කලින් සදහන් කල තුනට අමතරව ස්පාඤ්ඤ සුපිරි කුසලානය, UEFA සුපිරි කුසලානය,FIFA අන්තර් සමාජ ලෝක කුසලානය අයත් වේ.

ඉතිහාසය

බාර්සිලෝනා පාපන්දු සමාජයේ උපත (1899-1922)

1899 ඔක්තෝම්බර් 22, හාන්ස් කැම්පර් [3]විසින් ලොස් ඩිපොර්ටෙස් හී දැන්වීමක් පළකරමින් පාපන්දු සමාජයක් ගොඩනැගීමට සිය අදහස ඉදිරිපත් කරන ලදී. මේ සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදෙමින් ජිම්නේසියෝ සෝලේ හිදී නොවැම්බර් 29 දින ක්‍රීඩකයන් එකොලොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පැවැත්විණි. වෝල්ටර් වයිල්ඩ්[4] (ප්‍රථම අධ්‍යක්ෂවරයා), ලුයිස් ඩි'ඔසෝ,බාර්ටෝමි ටෙරාඩාස්[[5], ඔටෝ කුන්ස්ලේ, ඔටෝ මයිඅර්, එන්රික් දුකාල්, පෙරේ කැබොට්, කාර්ල්ස් පුයෝල්, ජෝසෙප් ලොබෙට්, ජෝන් පාර්සන්ස්, සහ විලියම් පාර්සන්ස් ප්‍රථම සාමාජිකයන් විය.

කෝපා ඩෙල් රේ[6] සහ කැම්පියෝනාට් ඩි කැටලුන්යා[7] හී තරග වදිමින් බාර්සිලෝනා ක්‍රීඩා සමාජය ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ කුසලාන සඳහා ජයග්‍රාහී ආරම්භයක් ලබා දී ඇත. 1902 දී සමාජය විසින් සිය ප්‍රථම කුසලානය කෝපා මකායා[8] දිනා ගැනීම සහ සිය ප්‍රථම කෝපා ඩෙල් රේ සහභාගී වූ අතර එහි අවසන් තරගයේදී බිස්කායා[9] කණ්ඩායමට 1-2 ක් ලෙස පරාජය විය. වර්ෂ 1908 දී කම්පෙර්(ජොආන් ගැම්පර්) මෙම සමාජයේ ප්‍රථම සභාපති බවට පත් විය. වර්ෂ 1908 සහ 1925 අතර කාලය තුල සමාජයේ සභාපති බවට අවස්ථාවන් 5ක් පත්විය. ඔහු අවුරුදු 25ක් පුරාවටම එය පාලනය කරයි.ඔහුගේ එක් ප්‍රධාන ප්‍රධාන සේවයක් වුයේ 1905 කැම්පියෝනාට් ඩි කැටලුන්යා ජයග්‍රහණයෙණ් පසු ජයග්‍රහණ නොලබා සිටි ඔවුන්ට ස්ථිර අදායම් මාර්ගයක් ලෙස ඔවුන්ගේම ක්‍රීඩාපිටියක් ලබා ගැනීම තුලින් ස්ථාවර ආදායමක් ජනනය කර ගැනීමට ඇති හැකියාව පිළිබද සහතික කර ගැනීමට හැකි වීමයි.

1990 මාර්තු 14 දින කණ්ඩායම කෑම්පි ඩි ලා ඉන්ඩස්ට්‍රියා ( Camp de la Indústria) නමැති 8,000 කට ආසන පහසුකම් ඇති විශාලත්වයෙන් වැඩි පිටියකට මාරු විය. 1910 සිට 1914 තෙක් බාර්සිලෝනා පයිරනීස් කුසලානයට (Pyrenees Cup) සහභාගී විය. මෙම කුසලානය සදහා ලංගුඑඩොක් (Languedoc), මිඩි, ඇකුයිටේන්, බාස්ක් ප්‍රදේශය, සහ කැටලෝනියානු ප්‍රදේශයන්ගේ හොදම කණ්ඩායම් සහභාගිවිය. මෙම සමයේදීම සමාජය සිය නිළ භාෂාව ලෙස කැස්ටීලියන්[10] සිට කැටලාන් [11] දක්වා වෙනස් වීමත් සමගම එය කැටලාන් සමාජය තුල වැදගත් සංඛේතයක් බවට පත් විය.

ගැම්පර් ගේ උත්සාහය මත 1922 වන විට 20,000කට අධික සාමාජික සංඛ්‍යාවක් සිටි අතර නව ක්‍රීඩාපිටියක් ලබා ගැනීමට තරම් මුල්‍යමය තත්වයකට පත් විය. මෙම ක්‍රීඩාපිටිය ලෙස් කෝට්ස් (Les Corts) වූ අතර ආරම්භයේදී නරඹන්නන් 22,000කට පහසුකම් තිබූ මෙහි පසුව 60,000ක් දක්වා වර්ධනය කරන ලදී. ජැක් ග්‍රීන්වෙල් (Jack Greenwell) ප්‍රථම පූර්නකාලීන කළමණාකරු ලෙස බදවා ගැනීමත් සමගම පටිය තුල කණ්ඩායමේ කැපීපෙනෙන වර්ධනයක් සිදු විය. ගැම්පර් යුගයේදී කැම්පියෝනාට් ඩි කැටලුන්යා (Campionat de Catalunya) පස් වතාවක්ද, කොපාස් ඩෙල් රේ ( Copas del Rey) සය වතාවක්ද, පයිරනීස් කුසලානය(Pyrenees Cup) සිව් වතාවක්ද ජයග්‍රහණය කරන ලදී.

රිවේරා, සමුහාණ්ඩුව සහ සිවිල් යුධ සමය (1923-1957)

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
1938දි බාර්සිලොනාවට ගුවනින් බෝම්බ හෙළීම

1925 ජුනි මස 14 දින ක්‍රීඩාගාරය තුල වූ නරඹන්නන් මිගෙල් ප්‍රිමෝ ඩි රිවෙරාගේ ඒකාධිපතිත්වයට විරෝධය දක්වීමට ස්පාඤ්ඤ ජාතික ගීය[12] සමච්ච්ච්ලයට ලක් කල අතර ගෝඩ් සේව් ද කිං ගීතයට අත්පොලසන් දී විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදී. මෙයට පළිගැනීමක් ලෙස පිටිය සය මසකට වසාදමා ගැම්පර්ට දිය දුරයෙන් අස් විමට අස් වීමට බල කරන ලදී. මෙම සිදුවීම සමාජයේ වෘතීමය පරිවර්තනය හා සමපාත විය. 1926දී බාර්සිලෝනා අධ්‍යක්ෂවරුන් සිය කණ්ඩායම වෘතීමය කණ්ඩායමක් ලෙස ප්‍රකාශ කරන ලදී. 1928දී ලබාගත් ස්පාඤ්ඤ කුසලාන ජයග්‍රහණය සැමරීමට ජෙනරේශන් 27[13] සාමාජික රෆායල් ඇල්බර්ටි විසින් "ඔඩා ඒ ප්ලාට්කෝ" (Oda a Platko) නම් කවිය රචනා කරන ලදී. 1930 ජූලි 30 වෙනිදින ගැම්පර් දීර්ඝකාලීන මුල්‍යමය ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ ආතතිය නිසා සියදිවි හානි කර ගන්නා ලදී.

එහෙත් ජෝසෙප් එස්කෝලාගේ මගපෙන්වීම මත සමාජය මුහුණදුන් දේශපාලන හැලහැප්පීම් මත උවද ක්‍රීඩකයන් ලබා ගැනීම සහ කණ්ඩායමේ 1930, 1931, 1932, 1934, සහ 1938 ජාතික මට්ටමේ කැම්පියෝනාට් ඩි කැටලුන්යා ජග්‍රහණ ඒවා මගහැරීමට සමත් විය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයඇරඹි මසකට පසු බාර්සිලෝනා සහ ඇත්ලෙටික් බිල්බාඕ යන කණඩායම් වල ක්‍රීඩකයන් හමුදා නැගීසිටීමට එරෙහිව කැදවන ලදී. එම වර්ෂයේම අගෝස්තු 6 වැනිදා ජෝසප් සන්යොල් සංගම් සභාපති සහ ප්‍රෝ-ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂයේ නියෝජිතයා ෆැලැන්ගිස්ට් සොල්දාදුවන් අතින් ගුආඩරාමා ප්‍රදේශයෙදී මරාදමන ලදී. මෙම සිදුවීම බාර්සිලෝනාහී ඉතිහාසය සටහන් කල සිදුවිම විය. දෙවන ස්පාඤ්ඤ සමුහාණ්ඩුවේ තානාපති ධුරයක් ලබමින් 1937 වසන්ත ඍතුවේ දී කණ්ඩායම මේක්සිකෝව සහ එක්සත් ජනපදයේ තරග සංචාරයක නිරත විය. එම සංචාරය සමාජය මුල්‍යමයව සුරක්ෂිත කලද, බොහෝ ක්‍රීඩකයන් මෙක්සිකෝවේ සහ ප්‍රංශයේ රැකවරණය පතා නැවතීම සිදු විය. 1938 මාර්තු 16 වෙනි දින බාර්සිලෝනා නගරයට 3000කට ජිවිත හානි කරමින් ගුවනින් බෝම්බ හෙලූ අවස්ථාවේ, සමාජයට අයත් කාර්යාලයකටද බෝම්බයක් පතිත විය. මාස කිහිපයකට පසු කැටලෝනියා යටත් විය. කටලානුවාදය, සමාජය, සහ සාමාජික සංඛ්‍යාව 3,486 කට අඩුවීම වැනි හේතුන් මත සිමා කිහිපයක් පනවන ලදී. සිවිල් යුද්ධය අවසන් විමත් සමගම කැටලාන් කොඩිය[14] තහනම් කරනු ලබූ අත‍ර පාපන්දු සමාජයන්ට ස්පාඤ්ඤ නොවන නාමද වාරණයට ලක් විය. මෙම සම්බාධක විසින් මෙහි නම ක්ලබ් ඩි ෆුට්බෝල් බාර්සිලොනා ලෙස වෙනස් කර කැටලානු කොඩිය සමාජයේ පළිහෙන් ඉවත් කරන ලදී.

1943 දී බාර්සිලෝනා සිය ප්‍රතිවාදීන් වන රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමග කෝපා ඩෙල් ජෙනරලිසිමෝ (Copa del Generalísimo) තරගාවලියේ අර්ධ අවසන් තරගයට මුහණ දුන් අතර එහි ප්‍රථම තරගය 3-0 ලෙස ජයග්‍රණය කරන ලදී. නමුත් එහි 2වෙනි තරගයට පෙර ෆරැන්කෝ ගේ ප්‍රාන්ත ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂවරයා පැමිණ තර්ජනය කිරීමෙන් අනතුරුව රියල් මැඩ්රිඩ් 11-1 ජයග්‍රහණයක් අත් කර ගන්නා ලදී. මෙවැනි දේශපාලනික අතපෙවීම් හැරුණ කොට කණඩායම 1940 සහ 1950 වකවානුවල සැලකිය හැකි සාර්ථකත්වයක් ලබා ගන්නා ලදී. 1945 දී ජෝසෙප් සමිටියර් (Josep Samitier) කළමණාකරු වශයෙන් හා සීසර්(César), රමාලෙට්ස්(Ramallets) සහ වෙලාස්කෝ (Velasco) විසින් 1929න් පසු ප්‍රථම වතාවට ලා ලීගා ජයග්‍රහණයක් ලැබීය. මෙම එකතුවට 1948 සහ 1949 ද ඉන්පසු එකතු විය. එම වසරෙදීම ඔවුන් ප්‍රථම කෝපා ලැටිනා ජයග්‍රහණය ද, ලබාගන්නා ලදී. 1950 ජුනි මස සමාජයේ ඉමහත් බලපෑමක් ඇති කලාවූ ලැදිස්ලාඕ කුබාලා එක් වුනි.

බොහෝ ස්පාඤ්ඤවරුන් අතර සමාජය අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් පෙනී සිටින්නාවූ සමාජයක් ලෙස ප්‍රසිද්ධියට පත් වුයේ 1951 ට්‍රෑම් රථ වරිජන්ය අවස්ථාවෙ බ්ලුගාර්නා රසිකයින්[15] එයට සහයෝගය දක්වද්දී බාර්සිලෝනා රසිකයින් ලෙස් කොර්ට්ස් (Les Corts) ක්‍රීඩාංගනයේ සිට පයින් නිවෙස් වලට යාමෙනි.

[[ෆර්ඩිනැන්ඩ් දාසික්] සහ ලැස්ලෝ කුබලා යන කලමණාකරුවන් විසින් කණඩායම ලා ලිගා, කෝපා ඩෙල් රේ, කෝපා ලැටිනා, ඊවා දුආර්ටේ කුසලානය, සහ කෝපා මාර්ටිනි රොසි යන තරග ජයග්‍රහණයට මෙහෙයවන ලදී. නැවතත් 1953 ලා ලීගා සහ කෝපා ඩෙල් රේ ජයග්‍රහණ ද මේ අතරට එක් විය.

බාර්සිලෝනා පාපන්දු සමාජය (Club de Fútbol Barcelona) (1957-1978)

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
1961දී බාර්සිලෝනා හා හැම්බර්ග් අතර තරගය

1959 දී ජාතික ජයග්‍රහණ 2ක් සහ 1960 දී ලා ලිගා සහ අන්තර්-නගර ෆෙයාර් කුසලාන දෙකම ජය ගැනීමට කලමණාකරු හෙලෙනියෝ හෙරේරා (Helenio Herrera), 1960 වසරේ යුරෝපානු පාපන්දු ක්‍රීඩකයා ලුයී සුආරෙස් (Luis Suárez), සහ සැන්දෝර් කොක්සිස් (Sándor Kocsis), සෝල්ටාන් සිබෝර් (Zoltán Czibor) යන හංගේරියානු ක්‍රීඩක දෙපලගේ සහයෝගය කැපී පෙනුනි. එලසම 1961 වසරේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායම යුරෝපානු කුසලාන තරගයකදී පරාජය කරවිය. එහෙත් එහි අවසන් තරගය 3-2 ක් ලෙස බෙන්ෆිකා(Benfica) අතින් පරාජය විය.

1957දී කෑම්ප් නෞ ක්‍රීඩාංගනය ඉදිකිරීමත් සමගම ඇතිවූ මුල්‍යමය ගැටළු හේතුවෙන් නවක ක්‍රීඩකයන් මිලදී ගැනීමට නොහැකි වීම නිසා 60 දශකය සමාජයට සාර්ථක එකක් නොවීය. මෙම දශකය පුරාවටම රියල් මැඩ්රිඩ් විසින් ලා ලිගා හී අණසක පතුරුවන ලදී. එහෙත් ධනාත්මක කෝණයකින් බැලූ විට ජෝසෙප් මරිය ෆුස්ටේ (Josep Maria Fusté) සහ චාර්ල්ස් රෙක්සාක්(Carles Rexach) ගේ පැමිණීම ද, 1963 කෝපා ඩෙල් රේ සහ 1966 ෆෙයාර් කුසලාන ජයග්‍රහණ වැදගත්ය. බාර්සිලෝනා සිය අතීත ගම්භීරත්වය රැකගැනීමට සමත් වුයේ 1968 කෝපා ඩෙල් රේ අවසන් තරගයේදී රියල් මැඩ්රිඩ් කණඩායම 1-0 ලෙස බාර්නෙබූ (Bernabéu) හීදී ෆ්රැන්කෝ ඉදිරිපිට පරාජය කිරීමෙනි. මේ සදහා එවකට කළමණාකරු හිටපු ජනරජ නියමු සැල්වදෝර් ආර්ටිගස් හේතු විය. ෆ්රැන්කෝ ඒකාධිපතිත්වය අවසන් වීමත් සමගම 1974 සමාජය සිය නිල නාමය නැවත පිහිටුවනු ලබූ අතර සලකුණෙහි ප්‍රථම නිර්මාණය නැවත පිහිටුවන ලදී.

ජොහාන් කෘයිෆ් (Johan Cruyff) විසින් තමා රියල් මැඩ්රිඩ් කණඩායම වෙනුවට බාර්සිලෝනා තෝරාගන්නේ ෆ්රැනකෝ වාදී කණඩායමක ක්‍රීඩා කිරීමට අකමැති බව පැවසීම තුල ඔහු බාර්සිලෝනා රසිකයින්ගේ සිත් දිනා ගන්නා ලදී. එලෙසම 1973-74 වාරය සදහා ඔහුව මිලදී ගත්තේ ලෝක වාර්තාගත යුරෝ 920,000 කට එජැක්ස්[16] කණඩායමෙනි. ඔහු තව දුරටත් ජනතාධරය දිනා ගත්තේ සිය පුතාට කටලානු සාන්ටුවරයෙකුගේ නමක් වන ජෝඩි යන්න යෙදීමෙනි. 1960 වසරට පසු 1973-74 සමයේ ලා ලිගා තරගය ජයගැනීමට ජුආන් මනුඑල් අසෙන්සි (Juan Manuel Asensi), කාර්ල්ස් රෙක්සාක් (Carles Rexach), සහ හියුගෝ සොටිල් (Hugo Sotil) වැනි අග්‍රගන්‍ය ක්‍රීඩකයන් ඔහුට සහය විය. මෙම තරගාවලිය අතරතුරදී රියල් මැඩ්රිඩ් 5-0 ලෙස පරාජය කිරීමද විශේෂය. ඔහු වසරේ යුරෝපානු පාපන්දු ක්‍රීඩකයා ලෙස 1973 සහ 1974 දී අභිසෙස් ලබන ලදී.

නුනෙස් සහ ස්ථායිකරන අවුරුදු (1978-2000)

ෆරැන්කෝ ඒකාධිපතිත්වය අවසන් වී ස්පාඤ්ඤයේ ප්‍රජාතාන්ත්‍රවාදය ඇරභුමත් සමගම 1978 ජෝසප් ලුයී නුනෙස්[17] සමාජයේ සභාපතිත්වයට පත් විය. නුනෙස් ගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ බාර්සිලෝනා තරගබිම තුල සහ ඉන් පිටත ස්ථාවර කරමින් ලෝක මට්ටමේ පාපන්දු සමාජයක් බවට පත් කිරීමයි. කෘයිෆ් ගේ නිර්දේශයක් මත නුනෙස් 1979දී ලා මාසියා එනම් බාර්සිලෝනා තරුණ ඇකඩමිය ඔක්තෝම්බර් 20 අරඹන ලදී. සිය 22 වසරක සභාපතිත්ව සමය තුල වේතන සහ විනය සම්බන්ධ විධිමත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දියෙගෝ මැරඩොනා[18], රොමාරියෝ[19], සහ රොනල්ඩෝ[20] වැනි ක්‍රීඩකයන් ඔවින්ගේ ඉල්ලීම් නොසලකා ඉවත් කිරීම තුල බාර්සිලෝනා හී ප්‍රතිරූපය ඉහල නංවන ලදී.

1979 මැයි මස 16 වෙනිදා 30,000 කට අධික සංචාරක බ්ලුග්රුනා රසිකයන් ඉදිරියේ ෆොර්ටුනා දසල්දොෆ් කණ්ඩායම 4-3ක් ලෙස බසෙල් හිදී පරාජය කරමින් සිය ප්‍රථම UEFA කුසලානය දිනාගන්නා ලදී. එකල ලෝක වාර්තාගත මිලක් වන යුරෝ මිලියන 5කට මරඩොනා ව බොකා ජුනියර්ස්[21] කණඩායමෙන් මිලදී ගන්නා ලදී. සිය බාර්සිලෝනා කෙටි කාලය තුල රියල් මැඩ්රිඩ් පරදවමින් කෝපා ඩෙල් රේ ජයග්‍රහණය කල මොහු ඒ සදහා මෙන්නෝටි (Mennotti) කළමණාකරුගේ සහය ලබා ගන්නා ලදී. 1984-85 වාරය සදහා ටෙරී වෙනබල්ස් (Terry Venables) කළමණාකරු ලෙස මිලදී ගත් අතර ඔහු ලා ලිගා ජයග්‍රහණය ගෙන දුන්නේ ජර්මානු මැදපෙළ ක්‍රීඩක බර්න්ඩ් ශුස්ට්ර් (Bernd Schuster) ගේ කැපීපෙනෙන ක්‍රීඩාශිලීත්වයත් සමගය. ඊලග වාරයෙදී වෙනබල්ස් කණ්ඩායම සිය දෙවන යුරෝපානු කුසලානය වෙත ගෙන ගිය අතර එහිදී දඩුවම් පහර මගින් ස්ටිආඌ බුකුරෙස්ටි අතින් සෙවිල් හිදී පරාජය විය.

1986 ලෝක කුසලානයට පසු ඉංග්‍රීසි ජාතික ගැරී ලිනෙකර් (Gary Lineker) සහ ගෝල රකින්නෙකු වන අන්දෝනි සුබිසරෙටා (Andoni Zubizarreta) එක් කර ගත්තද කණඩායමට සාර්ථක විය නොහැකි වුයේ ශුස්ට්ර් කණඩායමෙන් ඉවත් වූ නිසාය. 1987-88 වාරය ආරම්භයේදී වෙනබල්ස් ඉවත් කර ලුයී අරගොනෙස් (Luis Aragonés) පත් කරන ලදී. ක්‍රීඩකයන් නුනෙස්ට විරුධව කැරළි ගැසුවද තරග වාරය 1-0ක් ලෙස රියල් සොශියෝඩෑඩ් පරාජය කරවිය.

ගොනුව:Johan Cruyff.jpg
ජොහාන් කෘයිෆ්ගේ කලමාණාකරු ලෙස බාර්සිලෝනාවට ලා ලීගා ජයග්‍රහණ 4ක් ලබාදීය.

සිහින කණ්ඩායම

බාර්සිලෝනා සිහින කණ්ඩායම සම්පාදනය කිරීමෙහිලා 1988 ජොහාන් කෘයිෆ්ගේ ආගමනය හේතු විය. පෙප් ගුආර්ඩියෝලා[22], ජොසේ මාරි බකෙරෝ[23] සහ ට්සිකි බෙගිරිස්ටයින්[24] ආදී ස්පාඤ්ඤ ක්‍රීඩකයන් මෙන්ම රොනල්ඩ් කොමැන්[25], මයිකල් ලොඩරප්[26], රෝමරියෝ සහ හ්රිස්ටෝ ස්ටෝච්කොව්[27] වැනි අන්තර්ජාතික ක්‍රීඩකයන්ද බදවා ගන්නා ලදී. ජොහාන් කෘයිෆ්ගේ මග පෙන්වීම මත 1991 සිට 1994 දක්වා නොකඩවා ලා ලීගා ජයග්‍රණය කරන ලදී. 1989 කුසලාන ජයග්‍රාහකයන්ගේ කුසලානය සහ 1992 යුරෝපානු කුසලාන අවසන් තරගය වෙම්බ්ලි හිදී සම්පොද්රියා පරාජය කළහ. ගුආර්ඩියෝලා විසින් කණ්ඩායම බාරගැනීමට පෙර කෘයිෆ්ගේ කුසලාන 11ක් සමාජය වෙත ලබා දෙනු ලැබීය. ඔහුගේ අවසන් තර්ගවාර 2කෙහිදීම කුසලාන ජය ගැනීමට නොහැකි වීම හේතුවෙන් නොකඩවා අවුරුදු 8ක් කළමණාකරු ව සිටි ඔහු නුනෙස් සමගම සමාජයෙන් ඉවත් විය.

කෘයිෆ්ගෙන් පසු 1996-97 එක් තරග වාරයක් සදහා බොබී රොබ්සන් [28] කණ්ඩායමබාරගන්නා ලදී. සමාජය රොනාල්ඩෝව බදවා ගැනීමෙන් පසුව ඔහු කෝපා ඩෙල් රේ, කුසලාන ජයග්‍රාහකයන්ගේ කුසලානය සහ සුපර්කෝපා ඩි එස්පානා යන තරගාවලි 3ම ජයගැන්විය. ඔහුගේ සාර්ථකත්වය හමුවේ වුවද රොබ්සන්ට කණ්ඩායම තුල කාලය කෙටි විය. ලුයී වැන් ගාල්[29] ඉන්පසු කලමාණාකරු ලෙස UEFA සුපිරි කුසලානය, කෝපා ඩෙල් රේ සහ ලා ලීගා තරග තිර්ත්වයක්ද 1998 ජයග්‍රහණය කරන ලදී. 1999 සිය ශතවර්ෂ පූර්ණය සමරුවැ වෙනුවෙන් ප්රිමෙරා ඩිවීෂන් තේමාව ලබා ගන්නා ලදී. රිවාල්ඩෝ වසරේ යුරෝපානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත් සිව්වැනි බාර්සිලෝනා ක්‍රීඩකයා බවට පත් විය. දේශීය ජයග්‍රහණ ලැබුවද අන්තර්ජාතික ජයග්‍රහණ නොමැති වීමෙන් නුනෙස් 2000දී, ඉල්ලා අස් විය.

නුනෙස් නික්මීම සහ ලපොර්ටා ආගමනය (2000-2008)

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
රොනාල්ඩීනො 2005 වසරේ පාපන්දු ක්‍රීඩකයා

වැන් ගාල් සහ නුනෙස්ගේ හැරයාමට වඩාත්ම සමාජයට බලපෑවේ ලුයී ෆිගෝ[30]ගේ හැර යාමයි. ලබ්ධි වීරයෙකු හා උප නායක වශයෙන් සිටි ක්‍රීඩකයකුව සිටි ෆිගෝ කණ්ඩායමේ දීර්ඝකාලීන එදිරිවාදීන් වූ රියල් මැඩ්රිඩ් සමග එකතු වීම රසිකයන්ගේ අකමැත්තට බදුන්විය. නරබන්නන් ඔහු කැම්ප් නෞ වෙත පැමිණි විට ඔවුන්ගේ විරුද්ධත්වය පෙන්විය. නුනෙස් වෙනුවට ජොආන් ගැස්පාර්ට් 2000 වසරෙදී පත් වූ අතර ඔහුගේ පාලන වසර තුන අතර කළමණාකාරවරුන්ගේ පැමිණීම සහ නික්මීම සිදුවිය. ඒ අතර වැන් ගාල් දෙවන වතාවට තේරී පත් විය. නමුත් 2003දී දෙදෙනාම ඉල්ලා අස් විය.

ගස්පාර්ට් යුගයේ බලාපොරොත්තු කඩවීමත් සමග සමාජය නැවත පනගැන්වුයේ යෞවන සභාපති කෙනෙක් වූ ජුආන් ලපොර්ට සහ යොවන කලමණාකරුවෙකු සහ හිටපු ඕලන්ද ක්‍රීඩක ෆ්රෑන්ක් රිජ්කාර්ඩ් (Frank Rijkaard) ගේ සංයෝජනයෙනි. පිටිය තුල විදේශ ක්‍රීඩකයන්ගේ ආගමනය සහ දේශීය ක්‍රීඩකයන්ගේ සංයුතිය කණ්ඩායමේ පුනරාගමනයට හේතු විය. 2004-05 ලා ලීගා සහ ස්පාඤ්ඤ සුපිරි කුසලානය ජයග්‍රහණය කල අතර මැදපෙල ක්‍රීඩක රොනාල්ඩීනෝ FIFA වසරේ ක්‍රීඩකයා[31] සම්මානයෙන් පිදුම් ලැබීය.

2005-06 තරග වාරයෙදී බාර්සිලෝනා සිය ලීග සහ සුපිරි කුසලාන ජයග්‍රහණ නැවත සටහන් කරන ලදී. ශූරයන්ගේ කුසලානයේදී බාරකා ආර්සනල් 2-1 ලෙස අවසන් තරගය ජය ගත්හ. මෙය වසර 14කට පසු සමාජය ලබූ ප්‍රථම යුරෝපා කුසලාන ජයග්‍රහණයයි.

2006-2007 බාර්සිලෝනාවට පසුබෑමට ලක් වූ සමයක් වුයේ එම කාලය පුරාවටම ඔවුන් ලබූ එකම ජය ස්පාඤ්ඤ සුපිරි කුසලානය 2006 දී දිනා ගැනීම පමණි. 2006 FIFA අන්තර් සමාජ ලෝක කුසලානයට සහභාගී වුවද අවසාන මහා තරගයේදී බ්‍රසීලියානු ඉන්ටර්නැෂනාල් අතින් අවසන් මොහොතේ පරාජය විය. ලා ලිගා හිදී තරගාවලියේ බොහෝ විට පෙරමුණේ සිටි බාර්සිලෝනා 2007 මැයි 12 රියල් මැඩ්රිඩ් සමග තරගයෙන් ප්‍රසාද ලකුණු මත පරාජය විය. ශූරයන්ගේ කුසලානයේ ප්‍රථම වටය හරහා ගියද, අවසන් 16 දෙනාගේ වටයේදී ලිවර්පූල්[32] සමග ආරාධිත ගෝල සංඛ්‍යාව මත තරගාවලියෙන් ඉවත් විය.

2007-2008 තරග වාරයද කිසිම ජයග්‍රහණයක් නැතිව අවසන් විය. ලා ලීගා තරගාවලියේ 3වෙනි ස්ථානයද, ශූරයන්ගේ කුසලානයේ අර්ධ අවසන් තරගය 1-0ක් ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ්[33] අතින් පරාජය විය.

ගුආර්ඩියෝලා යුගය (2008-2012)

තරග සාමය අවසානයේ එවකට බාර්සිලෝනා B කණ්ඩායමේ කලමාණාකරු පෙප් ගුආර්ඩියෝලා විසින් ෆ්රෑන්ක් රිජ්කාර්ඩ් ගේ රාජකාරිය බාරගන්නා ලදී. ඔහු ඉගෙන ගත් ටිකි-ටකා ක්‍රමයට අනුව කණ්ඩායම මෙහෙයවූ අතර ඔහු රොනාල්ඩීනො සහ ඩෙකෝ විකුණා ෂවි, ඉනියෙස්ටා සහ මෙසී වටා කණඩායම ගොඩ නගන ලදී.

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
ලයනල් මෙසී, 2009, 2010, 2011 and 2012 ලෝක පාපන්දු ක්‍රීඩකයා සහ ගෝල 308කින් බර්සිලෝනාවේ වැඩිම ගෝල ලාබියා.

2009 වසරෙදී කෝපා ඩෙල් රේ කුසලානය වාර්තාගත 25 වෙනි වතාවට ජයගත්තේ ඇත්ලටික් බිල්බාඕ 4-1 ලෙස පරාජය කිරීමෙන් අනතුරුවය. මෙම වසර ඔවුන්ට ජයග්‍රාහී වසරක් වූයේ රියල් මැඩ්රිඩ් සමග 2-6 ජයග්‍රහණයකින් ලා ලීගා ද, පෙර වසරේ ශූරයන්ගේ කුසලානය දිනූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 2-0 ලෙස ඔලිම්පිකෝ ක්‍රීඩාංගනයේ දී 3 වන වතාවට ශූරයන්ගේ කුසලානය ජය ගනිමින් එලෙස ජයගත් එකම ස්පාඤ්ඤ කණ්ඩායම වීමද, 2009 ස්පාඤ්ඤ සුපිරි කුසලානය ඇත්ලටික් බිල්බාඕ ට එරෙහිවද, 2009 UEFA සුපිරි කුසලානය දිනා ගනිමින් පෙර කී තරගාවලි ත්‍රිත්වයට අමතරව දෙශීය සහ යුරෝපානු සුපිරි කුසලාන දෙකම දිනූ එකම යුරෝපානු පාපන්දු සමාජය බවට පත් වීමද, 2009 FIFA අන්තර් සමාජ ලෝක කුසලානය දිනාගැනීමත් සමග ජයග්‍රහණ 6කට උරුමකම් කීම විශේෂය. ඊට අමතරව 2010 වසරේ ලා ලීගා ලකුණු 99කින් ජය ගැනීම සහ ස්පාඤ්ඤ සුපිරි කුසලානය 9වෙනි වරට ජය ගැනීමද ඔවුන් තැබූ වාරතා අතරට එක් වෙයි.

2010 ලැපොර්ටා ඉවත් වීමෙන් පසු ජුනි 13 පැවති ඡන්දයෙන් නව සභාපතිත්වයට සන්ද්‍රෝ රොසෙල් පත්වූයේ 61.35% කැ ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. ඔහු වැලෙන්සියා කණ්ඩායමෙන් ඩේවිඩ් විලා[34] යුරෝ මිලියන 40 කාටද, ලිවර්පූල් කණ්ඩායමේ ෂෙවියර් මෂරානෝ[35] යුරෝ මිලියන 19කට බදවා ගන්නා ලදී. 2010-11 සමයේදී බාර්සිලෝනා සිය ලා ලීගා කුසලානය තුන් වන වරටත් රක ගත්තේ ලකුණු 96ක් හා සිය දිගු කාලීන ප්‍රතිවදීන්ට එල් ක්ලැසිකෝ හීදී 5-0 ක පරාජයක් අත් කරමිනි. 2011 අප්‍රේල් මාසයේදී කෝපා ඩෙල් රේ 1-0 ක් ලෙස රියල් මැඩ්රිඩ් අතින් පරාජය වුවද, 2011 ශූරයන්ගේ කුසලාන අවසන් තරගය නැවත වතාවක් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙම්බ්ලි හිදී පරාජය කරමින් සිය සිව් වන යුරෝපානු කුසලානය අත් කර ගත්හ. 2011 ආර්සනල් කණඩායමෙන් ෆැබ්රිගාස් එකතුකර ගැනීමෙන් ස්පාඤ්ඤ සුපිරි කුසලානය රියල් මැඩ්රිඩ් ට එරෙහිව සුරක්ෂිත කර ගන්නා ලදී. මෙම ජයග්‍රහණය සමගම මුළු කුසලාන සංඛ්‍යාව 73 වූ අතර එය රියල් මැඩ්රිඩ් ලබා සිටි අගයට සමාන වීමකි.

එම මස අවසානයේදී ලයනල් මෙසී සහ ෆැබ්රිගාස් ලබාගත් ගෝල දෙකකින් පොරටෝ කණ්ඩායම 2-0 ලෙස UEFA සුපිරි කුසලානයද ජය ගන්නා ලදී. මෙය කණ්ඩායමේ සමස්ථ ශුරතා සංඛ්‍යාව 74ක් දක්වාද, ගුආර්ඩියෝලා විසින් තමා කළමණාකරු ලෙස මුහුණදුන් තරග 15න් 12ක් ජය ගෙන කණ්ඩායම් පුහුණුකරුවෙකු ලෙස ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවට අදාළ සමාජ වාර්තාව පිහිටුවීමක්ද විය.

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
2012 දී බාර්සිලෝනා UEFA ශූරයන්ගේ කුසලාන තරග

එම වසරේ දෙසැම්බර් මාසයෙදි බාර්සිලෝනා ඔවුන්ගේ අග්‍රගන්‍ය ජයග්‍රහණ කුසලතා පෙන්වුයේ FIFA අන්තර් සමාජ ලෝක කුසලානය දෙවන වතාවටත් ලබාගැනීමෙනි. එහිදී ඔවුන් බ්‍රසීලියානු සන්ටෝස් කණ්ඩායම 4-0ක් ලෙස පරාජය කලේ මෙසී ගෝල 2කුත්, ෂවි සහ ෆැබ්රිගාස් එක් ගෝලයක් බැගිනුත් ලබා ගනිමිනි. මේ අනුව ඔවුන් වසර 4ක් තුල තරගාවලි 24කින් 13ක්ම ජය ගැනීමට සමත් විය.

2011-12 තරග සමයේ බාර්සිලෝනා UEFA සුපිරි කුසලානය චෙල්සී කණ්ඩායමට පරාජය වීමත් සමගම ගුආර්ඩියෝලා තමා ඉවත්වන ලෙස ප්‍රකාශ කරන ලදී. එහෙත් ඔහු සිය කටයුතු සිය සහයක ටිටෝ විලානොවාට(Tito Vilanova) ජුනි 30වෙනි දින බාර දීමට පෙර කෝපා ඩෙල් රේ 3-0 ක් ලෙස ජය ගනිමින් බාර්සිලෝනා තුල ඔහුගේ කුසලාන එකතුව 14ක් දක්වා වර්ධනය කරගන්නා ලදී.

ගුආර්ඩියෝලාගේ සහ කටලියානු දැවැන්ත්යින්ගේ මෙම සමත්කම හා සබැදුනු වාර්තාමය චිත්‍රපටයක් 2014 ලෝක කුසලානයට පෙර පෝල් ග්‍රීන්ගාස්(Paul Greengrass) විසින් එලි දැක්වීමට නියමිතය.

ටිටෝ විලානොවා (2012 - අද )

ගුආර්ඩියෝලාට පසු ඔහුගේ සහය කලමාණාකරු ටිටෝ විලානොවාTito Vilanova 2012 වසන්ත ඍතුවේ සිට කළමණාකරු ලෙස කටයුතු කරයි. ඔහුගේ කළමනාකාරිත්වය තුල බාර්සිලෝනා සති 26ක් පුරාවට ලීග ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ තරග 23කින් තවම එක් තරගයක් පමණක් පරාජය වී ඇත. මෙසී මෙම තුල පමණක් ගෝල 34ක් ලබා සිටි. පෙබරවාරි මැද සතිය වන විට බාර්සිලෝනා දෙවන ස්ථානයේ පසුවන ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් වලට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටී.

රසිකයන් සහ සාමාජිකයන්

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 

ස්පාඤ්ඤයේ මුළු ජනගහණය අතරින් 25% කම බාර්සිලෝනා අධාරකරුවන් වන අතර එය දෙවැනි වන්නේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ 32%කැ ප්‍රතිශතයටයි. එම ආධාරකරුවන් හදුන්වන්නේ කියූලර් (culer) යන සුරතල් නාමයෙනි. මෙය සෑදී ඇත්තේ කැටලානු කල්(cul) එනම් පශ්චාත් ප්‍රදේශය අනුසාරයෙනි. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ ප්‍රථම ක්‍රීඩාගාරය තුල නරඹන්නන්ට වාඩි වීමට පුටු නොමැති වීම නිසාය. මුළු යුරෝපය පුරාම සැලකූ කල්හී බාර්සිලෝනා කණ්ඩායම ප්‍රේක්ෂක ආකර්ෂණය අතින් දෙවන ස්ථානයට සිටී. 2003-04 වසර වන විට තිබු සමාජ සාමජිකත්ව සංඛ්‍යාව 100,000 සිට 2009 වන විට සැලකිය හැකි පරිදි 170,000 දක්වා වර්ධනය විය. මෙයට මුලිකම හේතු ලෙස වාර්තා වන්නේ රොනල්ඩීනො ගේ බලපෑමත්, ජොආන් ලපොර්ටාගේ මාධ්‍ය භාවිතයේ දක්ෂ උපාය මාර්ගත් නිසාය.

සාමාජිකත්ව සංඛ්‍යාවට අමතර 2010 වන විට ලොව පුරා නිල රසික සංගම් (පෙන්යෙස් - penyes) සංඛ්‍යාව 1,335 ක් විය. මෙම රසික සංගම් බාර්සිලෝනා සිය දේශීය සමාජය තුල ප්‍රචලිත කල අතර බාර්සිලෝනා එම ප්‍රදේශ වල සංචාරය කරන විට විවිධ වරප්‍රසාද දිනා ගනී. ජෝන් පාවුල් 2John Paul II පාප්වහන්සේ හා ස්පාඤ්ඤ හිටපු අගමැති ජොසේ ලුයිස්José Luis ඇතුළු සම්භාවනීය පිරිස්ද බාර්සිලෝනා රසිකයන් සහ සාමාජිකයන් අතරට එක් වේ. යුරෝපානු පාපන්දු සමාජ අතරින් දෙවැනියට වැඩිම පැමිණීමේ සාමාන්‍ය ඇත්තේ බාරසිලෝනා පාපන්දු සමාජයටය. එය දෙවැනි වන්නේ බොරුසියා ඩොර්ට්මුන්ඩ්

ප්‍රධාන ප්‍රතිවාදීන්

එල් ක්ලැසිකෝ

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
රියාල් මැඩ්රිඩ් සහ එෆ්සී බාර්සිලෝනා අතර 2009 දී පැවති තරගයක්

ලා ලීගා ලීග් කුසලානයට මුහුණ දෙන ප්‍රබලම කණ්ඩායම් දෙකක් වන බාර්සිලෝනා හා රියාල් මැඩ්රිඩ් අතර තරගය අතීතයේ සිටම එල් ක්ලැසිකෝ (El Clásico) ලෙස හදුන්වයි. ජාතික තරගාවලි ආරම්භක සමයේ සිටම මෙම කණ්ඩායම් දෙක නියෝජනය වුයේ [[ස්පාඤ්ඤය|ස්පාඤ්ඤයේ එකිනෙකාට ප්‍රතිවාදී ප්‍රදේශ දෙකක් වූ කැටලෝනියාව සහ කැස්ටයිල් නගර දෙකය. මෙම ප්‍රතිවාදීත්වය තුල කැටලානු සහ කැස්ටීලියානු දේශපාලන හා සංස්කෘතිමය ඝට්ටනයන් පිළිඹිබු වන්නේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ නැවත විදර්ශනයක් ලෙසය.


ප්‍රිමෝ ඩි රිචෙරා(Primo de Rivera) හා ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ(Francisco Franco) පාලන සමයන් හීදී සියලුම ප්‍රාදේශීය සංස්කෘතීන් පීඩනයට ලක් විය. සපා ස්පාඤ්ඤ එසේත් නොමැතිනම් කැසටිලාන් භාෂාව හැර අනෙක් සියලුම භාෂාවන් වාරණයට පත් විය. මෙම සාමය තුල ෆ්රැන්කෝ විරොධී කණ්ඩායමකට එකතු වීමට වඩා එකල කැටලානු අනන්‍යතාවය රැගත් බාර්සිලොනාවට එක් වීම වඩා හිතකර බව මැනුවල් වස්කෝ මොන්ටාබාන් (Manuel Vázquez Montalbán) විසින් ප්‍රකාශ කරන ලදී.

එලෙසම අනිත් අතින් ගත් විට රියල් මැඩ්රිඩ් යනු මධ්‍යනුවාදය(Centralism) සහ ෆැසිස්ට් වාදය මුල්බැසගත් කණ්ඩායමකි. කෙසේ නමුත් සිවිල් යුධ සමයේදී කණ්ඩායම් දෙකෙන්ම ජෝසෙප් සුන්යෝල් සහ රෆායෙල් සන්චෙස් ගුඑරා ෆ්රැන්කෝ ගේ අධාරකරුවන් විසින් අඩම්තේට්ටම් වලට ලක් විය.

1950 කාලයේදී මෙම ප්‍රතිවාදීත්වය ඇල්ෆ්රෙඩො ඩි ස්ටෙෆානෝ හුවමාරුවත් සමග වඩාත් තීවෘ විය. මෙයට හේතුව වූයේ ඔහු කරණකොටගෙන රියල් මැඩ්රිඩ් කණ්ඩායම සාර්ථකත්වය ලබා ගැනීමැයි. මෙම් එදිරිවාදීකම යුරෝපානු මට්ටම කරා පැතිර ගියේ 1960 යුරෝපානු කුසලානයේදී කණ්ඩායම් දෙක පිලිමල්ලවුන් පිටි දැකීමේ වටයේදී දෙවතාවක් මුන ගැසීමයි.

එල් ඩර්බි බාර්සිලෝනි

බාර්සිලෝනා හී ප්‍රාදේශීය එදිරිවාදීන් වුයේ එස්පන්යෝල් ක්‍රීඩා සමාජයයි. රාජකීය අනුමැතිය සහ ස්පාඤ්ඤ පාපන්දු ලෝලීන් විසින් ඇරඹි මෙහි බාර්සිලෝනා මෙන් විවිධ රටවල සංයුතියක් නොවූහ. මෙම කණ්ඩායමේ ආරම්භක පණිවිඩය අනුව එය සහසුද්දෙන්ම බාර්සිලෝනා විරෝදී එකක් බවට සහතික කරයි. එලෙසම ඔවුන් බාර්සිලෝනා එකහෙලාම විදේශිකයන්ගේ කණ්ඩායමක් ලෙස හදුන්වයි. මෙය තවත් වර්ධනය වූයේ කැටලොනියානුවන් මොවුන්ව මැඩ්රිඩ් හා සම්බන්ද නියෝජිතයන් ලෙස දුටු විටයි. එස්පන්යෝල් හි ආරම්භක පිටිය වූයේ සාරියා ප්‍රදේශයයි.

ෆ්රැන්කෝ සමයේදීද එස්පන්යෝල් කඳවුර මද්‍යම රජයට සම්බන්ද කණ්ඩායමක් ලෙස බාර්සිලෝනුවන්ට හැගිණි. එලෙසම ස්පාඤ්ඤසිවිල් යුධ සමයේ එස්පන්යෝල් ආධාරකරුවන් ෆැසිස්ට් වරුන් සමග සටන් කිරීමද මෙයට හේතුවක් විය. මෑත භාගයේදී එස්පන්යෝල් සිය තේමා ගීතය ස්පාඤ්ඤ භාෂාවේ සිට කැටලාන් භාෂාවට පරිවර්තනය කිරීමත් සමගම මෙම එදිරිවාදිකම දේශපාලනයම වශයෙන් අඩු විය.

මෙම ප්‍රතිවාදීන් මුණගැසීම් අතරින් බොහොමයක් බාර්සිලෝනා ජයගෙන අතර ලීග සටහනේ එස්පන්යෝල් බාර්සිලෝනා පසු කර ඇත්තේ වසර 70කටම තුන් වතාවකි. එහෙත් වැඩිම පරතරයකින් එනම් 6-0ක් ලෙස ජය ලබාගෙන ඇත්තේ එස්පන්යෝල් කණ්ඩායමයි. 2008-09 සමයේ බාර්සිලෝනා සිය තුන්ජය සමය ගෙවන විට කැම්ප් නෞ හිදී ඔවුන් ප්‍රථම වතාවට පරදවන ලද්දේද එස්පන්යෝල් විසිනි.

හිමිකාරිත්වය සහ මුල්‍යමය පසුබිම

2008-09 සමය තුල කණ්ඩායමේ මුල්‍යමය තොරතුරු මත පිහිටා ෆෝබ්ස් සගරාව[36] විසින් 2010 වසරේදී බරසිලෝනාහී වටිනාකම යුරෝ මිලියන 752ක් (ඇමෙරිකානු ඩොලර් බිලියනයක්) ලෙස තක්සේරු කරන ලදී. මේ අනුව බාර්සිලෝනා මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ ආර්ස්නාල්ට පසුව මුල්‍යමව සිව්වැනි ස්ථානයට නම් කෙරුණි. ඩිලොයිට් වාර්තාවට අනුව එම සමයේ වරතාගත අදායමක් ලෙස ඔවුන් යුරෝ මිලියන 360ක් ලබාගෙන රියල් මැඩ්රිඩ් හී මිලියන 401ක අදායමට පසුව ශ්‍රේණිගත වුනි.

රියල් මැඩ්රිඩ්, ඇත්ලෙටික් බිල්බාඕ, සහ ඔසසුනා[37] කණ්ඩායම් සමගම බාර්සිලෝනා ලියාපදිංචි සංගමයක් ලෙස සංවිධානය වී තිබේ. සීමාසහිත සමාගමක් ලෙස කොටස් නිකුත් කිරීම කල නොහැකි වුවද සොසිෂ් (socis) ලෙස හදුන්වන සාමාජික ක්‍රමය තුල මෙහි උසස්ම පාලන කොටස වන්නේ නියෝජිතයන් මගින් සමන්විත පාලන කමිටුවකි. 2010 වන විට සමාජය සතුව සොසිෂ් වරුන් 170,000 ක් පමණ විය.

ඩිලොයිට් මගින් කරන ලද විඝනයකට අනුව 2010 ජුලි මාසය වන විට සමස්ථ ණය ප්‍රමාණය යුරෝ මිලියන 442ක් එය ෆොර්බ්ස් ගණනයට අනුව 58%ක ප්‍රමාණයකි. නව කළමනාකාරිත්වය මෙයට හේතුව ලෙස සැකැස්මේ ගැටළු පෙන්වා දෙන ලදී. සමාජය ලා ලීගා කිරුල රක ගැනීමට අමතරව යුරෝ මිලියන 79ක් අහිමි කරගෙන ඇති බවට පුවත් පල විය.

2011 වසර සදහා බාර්සිලෝනා හී ශුද්ධ ණය ප්‍රමාණය යුරෝ මිලියන 483කට ආසන්න වූ අතර සමස්ථ ණය ප්‍රමාණය යුරෝ මිලියන 364කි. බාර්සිලෝනා යනු සියළුම වෘතීය ක්‍රීඩා සමාජ අතරින් එක් ක්‍රීඩකයෙකුට වැඩිම සාමාන්‍යයක් සහිතව ගෙවීම් කරන සමාජයකි. එය රියල් මැඩ්රිඩ් පවා අභිබවා ඇත.

වාර්තා සටහන්

වර්තමානය වන විට කණ්ඩායම වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවක් එනම් තරග 665ක් ක්‍රීඩා කර ඇත්තේ ෂවි වන අතර එයින් 437ක් ලා ලීගා තරග වේ. මෙය මීට ප්‍රථම මිගායෙල් ගේ 391ක වාර්තාව පසු කිරීමකි.

සියලුම තරග අතුරින් (සුහද තරගද ඇතුළුව) වැඩිම ගෝල සංඛ්‍යාව 369 වර්තාකර ඇත්තේ පවුලිනෝ අල්කන්ටාරා විසිනි. එහෙත් සියළුම නිල තරග තුලදී වැඩිම ගෝල සංඛ්‍යාව 308 වාර්තා කර ඇත්තේ ලයනල් මෙසී විසිනි. එලෙසම බාර්සිලෝනා වෙනුවෙන් යුරෝපානු හා අන්තර්ජාතික තරග වලදී වැඩිම ගෝල වාර්තාවද මෙසී ගේ නමට සටහන් වෙයි. මීට අමතරව ලා ලීගා තරග වල වැඩිම ගෝල සංඛ්‍යාව 211ද මොහු සතුය. ලයනල් මෙසී (211), සීසර් රොඩ්රිගස් (192), ලදිස්ලෝ කුබාලා (131) , සැමුවෙල් එටෝ (108) යන ක්‍රීඩකයන් සිව් දෙනා ලීග් තරග වලදී ගෝල 100 අභිබවා සිටී.

ලයනල් මෙසී විසින් රේසින් සන්ටන්ඩර් සමග 2009 පෙබරවාරි 2 පැවති තරගයේ වාර්තා කල ගෝලයක් මගින් බාර්සිලෝනා සිය 5,000 වැනි ගෝලය ලබාගත් තර එම තරගය 2-1 ක් ලෙස ජය වාර්තා කළහ. එම වසරේම දෙසැම්බර් 18 දින එස්ටුඩිආන්ටෙස් 2-1 ලෙස පරාජය කරමින් වසරේ සය වන ජය ලබා වසරක් තුල ජයග්‍රහණ හයක් වාර්තා කල එකම කණ්ඩායම බවට කිරුළු පැලදීය.

1986 මාර්තු මස ජුවෙන්ටස් කණඩායමට එරෙහිව පැවති තරගය බර්සිලෝනාහට වැඩිම නේවාසික නරබන්නගේ පැමිණීම වන 120,000 වාර්තා විය. කැම්ප් නෞ 1990 දී නවීකරණය කරන විට ආසන පහසුකම 99,354ක් දක්වා අඩු කල නිසා මෙම වාර්තාව මෑතකදී බිදේ යයි විශ්වාස කල නොහැක.

කමිසය සහ ලාංඡනය

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
බාර්සිලෝනා ප්‍රථම ලාංඡනය

සමාජය ආරම්භයේ සිටම ලාංඡනයක් භාවිතා කල අතර ප්‍රථම ලාංඡනය දියමන්තියක කාලක් වැනි හැඩයක් වූ අතර එයට ඉහලින් ඇරගොන් ඔටුන්නCrown of Aragon, ජේම්ස් රජුගේ වවුලා ගේ රූපය සහ එය වටකරගත් ජයපත්‍ර සහ පාල්ම් අතු කැබලි දෙකක් විය. 1910 වසරෙදී පැවති තරගයකින් සමාජය සිය සාමාජිකයන්ට ලාංඡනයක් නිර්මාණය කරන ලෙස පවසන ලදී. එහිදී එකල සමාජයේ ක්‍රීඩකයෙක් වූ කාර්ල්ස් කොමමාලාCarles Comamla ජයගත්හ. ඔහුගේ එම අදහසට සුළු වෙනස්කම් සහිතව වර්තමාන ලාංඡනය නිමවා ඇත. එම ලාංඡනය සාන්ත ජෝජ් කුරුසිය වම් ඉහල කෙලවරේද, එයට පසෙකින් කෑටලානු ධජයද, කණ්ඩායම් වර්ණ පහලින්මද පිහිටන පරිදි සකස් කර ඇත.

1900 වසරෙදී ප්‍රථම වරට නිල් සහ රතු වර්ණ හිස්පැනියාවට එරෙහිව කමිසයට එක් කරන ලදී. මෙම වර්ණ සංයෝජනයට එකිනෙකට වෙනස් මත ප්‍රකාශ වෙයි. ප්‍රථම ජනාධිපති පුත් ආර්තර් විටිගේArthur Witty අදහස අනුව එය සිය පියාගේ මර්චන්ට් ටේලර් පාසල් කණ්ඩායමට යෙදූ වර්ණ බවයි. ටෝනි ස්ට්‍ර්බෙල් පවසන පරිදි එම වර්ණ රෝබෙස්පියරේගේ ප්‍රථම සමුහාණ්ඩුවේ වර්ණ බවයි. නමුත් කැටලෝනියානු සමාන්‍ය මතය වන්නේ එම වර්ණ ජොආන් ගැම්පර් විසින් සිය මව් කණ්ඩායම වූ බැසෙල් හී වර්ණ අනුව තෝරාගත් බවයි.

2011-12 තරග සමයට පෙර වාණිජමය අනුග්‍රාහක සලකුණු සිය කම්සයේ යෙදීම ඔවුන් විසින් මග හරින ලදී. 2006 ජූලි මස 14 වෙනිදා සමාජය UNICEF සංවිධානය සමග සිය පස් වසරක කොන්ත්‍රාත්තුව ප්‍රකාශයට පත් කරන ලදී, මෙහි එකගතාවක් ලෙස සමාජය විසින් UNICEF වෙතට වසරකට යුරෝ මිලියන් 1.5 ක් ආධාර ලෙස දී UNICEF ලාංඡනය කමිසයේ පලදී. මෙම මුදල සමාජයේ සාමාන්‍ය අධායමෙන් 0.7% කි. මෙය බාර්සිලෝනා සමාජ පදනම මගින් ක්‍රියාත්මක කරයි. 1994දී මෙම පදනම පිහිටවීමේ මූලික අභිප්‍රාය වන්නේ අදායම් රහිත ක්‍රීඩා සමාගම් නාගා සිටු වීමයි. 2004 වසර වනවිට ඕනෑම සමාගම් 25කට ගෞරවනීය සාමාජිකත්වයට පැමිණීමට පවුම් 40,000 - 60,000 දක්වා පරිත්‍යාග කිරීමෙන් හැකි විය. එලෙසම වසරකට පවුම් 14,000ක් පරිත්‍යාග කොට සහසමජිකත්වයට පත් සමාගම් 48ක්ද, වසරකට පවුම් 4,000ක් ගෙවා අනුග්‍රාහකත්වය ලබාගත් විශාල සංඛ්‍යාවක්ද විය.

ඔවුන්ගේ වාණිජමය අනුග්‍රාහකත්ව නොසලකා හැරීම 2011-12 තරග සමයට අත් හල මොවුන් කටාර් ක්‍රීඩා ආයෝජකයන් සමග යුරෝ මිලියන 150ක පස් අවුරුදු ගිවිසුමකට එලබුනි. 11/12 සහ 12/13 තරග සමයන් වලදී කටාර් පදනම්(Qatar foundation) ලාංඡනයද, 13/14 වාර සදහා කටාර් ගුවන් යානා සමාගම් (Qatar Airways) ලාංඡනයද පිහිටවීය. මෙම ගනුදෙනුව අනුව වාණිජමය අනුග්‍රාහකත්ව ලාංඡන මගින් සමාජ කාර්යභාර ලාංඡන වසර දෙකේ සිට හය දක්වා වූ කාලයකට අත්හිටුවන ලදී.

කාලාන්තරය නිෂ්පාදකයා කමිස සහකරු
1982-1992 Meyba නැත
1992-1998 Kappa
1998-2006 Nike
2006-2011 UNICEF
2011-2013 කටාර් පදනම(Qatar foundation), UNICEF
2013 කටාර් ගුවන් යානා සමාගම (Qatar Airways), UNICEF

ක්‍රීඩා පිටි

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
කෑම්ප් නෞ හී ඉහලින් ගත් චායාරූපයක්

ආරම්භයේදී බාසිලෝනා තරඟ වැදුනේ කෑම්ප් ඩි ලා ඉන්ඩස්ට්‍රීයා (Camp de la Indústria)ක්‍රීඩාංගනයේදීය. එහි ධාරිතාවය 6000ක් වීම සහ වැඩිවන සාමාජිකත්වයට ප්‍රමාණවත් නොවූ පහසුකම් පිළිබඳ සමාජය සලකා බැලුහ.

192දී අනුග්‍රහකයන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබීම සහ සමාජයට ණය ලැබෙමින් පැවතීම මත ප්‍රේක්ෂක ධාරිතාවය 20,000කින් යුත් විශාල කෑම්ප් ඩි ලෙස් කොර්ට් ( Camp de Les Corts)ක්‍රීඩාංගනය ගොඩ නැගීමට බාර්සිලෝනාට හැකි විය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට පසුව සමාජය තවත් සාමාජිකයන් සහ තරඟ සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම ආරම්භ කළහ. මෙය විවිධ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ මෙහෙයවිය: 1994දී ප්‍රධාන ආසන පෙළ ද, 1946දී දක්ෂිණ ආධාරකය ද, සහ අවසාන ලෙස 1950 දී උත්තර ආධාරකය ලෙසය. අවසාන පුළුල් කිරීමෙන් අනතුරුව ලෙස් කොර්ට්හි ප්‍රේක්ෂකයන් 60,000ක්‌ රඳවාගැනීමට හැකි විය.
ඉදි කිරීම් සම්පුර්ණ කිරීමෙන් පසුව ලෙස් කොර්ට්හි තව දුරටත් පුළුල් කල හැකි ඉඩපහසුකම නොවීය. එක දිගට 1948 සහ 1949 ලබා ගත් ලා ලීගා ජයග්‍රහණ හා 1950 ලාස්ලෝ කුබාලා බදවා ගැනීමත් සමගම ඔහු තරග 256කදී ගෝල 196ක් වාර්තා කිරීමත් විශාල වශයෙන් නරබන්නන් තරග වෙත ඇදී එන්නට හේතු විය. The club began to make plans for a new stadium. සමාජය විසින් අලුත් ක්‍රීඩාංගනය සඳහා සැළසුම් සකස් කිරීම ආරම්භ කළහ. බාසිලෝනා ලෝලීන් 60000 ක් තෙරපීමට පෙර කෑම්ප් නෞ(Camp Nou) ඉදි කිරීමේ පළමු පියවර 1957 මාර්තු 28 දින තැබීය. අනාගත ක්‍රීඩාංගනයේ මුල් ගල තැබීම ෆිලිප් අචෙදෝ චොලුංග(Felipe Acedo Colunga)ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය සහ බාසිලෝනා අග්‍ර රාජගුරු ග්‍රෙගරිඔ මොද්රිගෝතුමාගේ (Gregorio Modrego)ආශිර්වාදය යටතේ සිදු විය.ඉදි කිරීම් සඳහා වසර 3ක් ගත වූ අතර අයවැයගත පිරිවැය මෙන් 336% ප්‍රමාණයක් පිරිවැය අභිබවමින් pesetas මිලියන 288ක අවසාන පිරිවැයකින් යුක්තව, 1957 සැප්තැම්බර් 24 වන දින ඉදි කිරීම් කටයුතු අවසන් විය.

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 
"සමාජයකට වඩා" යන ආදර්ශ පාඨය සහිත ක්‍රීඩාගාරයක්

1980දී UEFA ප්‍රමිතීන්ට අනුකුල වීම සඳහා ක්‍රීඩාංගනය නැවත නිර්මාණය කිරීමට අවශ්‍ය විය, මේ සඳහා මුදල් ලබාගත්තේ අනුග්‍රාහකයන්ට අඩු මුදලකට තම නම ගඩොල් වල කැටයම් කිරීමට අවස්ථාව ලබා දීමෙනි. මෙම අදහස අනුග්‍රාහකයන් අතර ජනප්‍රිය වීම සහ දහස් ගණනක් මේ සඳහා මුදල් ගෙවීය. පසුව බොහෝ කලක් සිටි සැබෑ මැඩ්රිඩ් සභාපති සහ ෆ්රන්කෝගේ( Franco)අනුග්‍රාහක සැන්ටිඅගෝ බර්නෙබූ (Santiago Bernabéu) නම් එක් ගලක සඳහන් වීම මැඩ්රිඩ්හි මාධ්‍යන්වල ප්‍රධාන මතභේදයට තුඩු දුන් කරුණක් විය. In preparation for the 1992 Summer Games two tiers of seating were installed above the previous roofline. 1992දී ගිම්හානයේ ක්‍රීඩා වලට සූදානම් වෙද්දී තට්ටු 2ක ආසන පෙළක් පෙර පියස්සේ ඇතුලත් කළහ.වර්තමානයේදී මෙහි ධාරිතාවය 99,354 කරමින් යුරෝපයේ විශාලතම ක්‍රීඩාංගනය වූ බවට පත් කර ඇත.
මෙහි තවත් පහසුකම් අන්තර්ගත වී ඇත.

  • සියුටට් එස්පොර්ටිවා ජෝන් ගැම්පර්(Ciutat Esportiva Joan Gamper )-FC බාර්සිලෝනාගෙ පුහුණු වීමේ පිට්ටනිය
  • මසියා-සෙන්ටර් ද ෆොර්මසියෝ ඔරිඔල් ටෝර්ට්(Masia-Centre de Formació Oriol Tort)-තරුණ -ක්‍රීඩකයන්ගේ නිවාසය
  • මිනි එස්ටඩි(Mini Estadi)-වෙන් කල කණ්ඩායම් වල නිවහන
  • පලායු බ්ලුග්‍රනා(Palau Blaugrana)-FC බාර්සිලෝනා ගෘහස්ත ක්‍රීඩාංගනය
  • පලායු බ්ලුග්‍රනා 2 (Palau Blaugrana 2)-2වන FC බාර්සිලෝනා ගෘහස්ත ක්‍රීඩාංගනය
  • පිස්ටා ද ජෙල් (Pista de Gel)-FC බාර්සිලෝනා අයිස් ක්‍රීඩාගාරය

සම්මානයන්

එෆ්සී බාර්සිලෝනා: ඉතිහාසය, රසිකයන් සහ සාමාජිකයන්, ප්‍රධාන ප්‍රතිවාදීන් 

බාර්සිලෝනා සිය සන්ටෝස් පිලට එරෙහිව FIFA Club World Cup 2011 ජය සමරමින් ]]

2012 මැයි 25 වන විට 21 වරක් ලා ලිගා ( La Liga), 26 වරක් කෝපා ඩේල් රේ (Copa del Rey),10 වරක් සුපර්කෝපා ඩි එස්පනා ( Supercopa de España), 3 වරක් කෝපා ඊවා ඩුඅර්ටේ (Copa Eva Duarte) සහ 2 වරක් කෝපා ද ලා ලිගා ( Copa de la Liga) කුසලානයන් බාර්සිලොනා දිනා ගත් අතර එසේම මෑත තරඟ වලදී වාර්තාගත කුසලාන 4ක් ලබා ඇත.ඒ වගේම ඔවුන් 4 වරක් UEFA ශුරතා ලීග් ( UEFA Champions League), UEFA කප් විනර්ස් කුසලානය (UEFA Cup Winners' Cup) වාර්තාගත කුසලාන 4ක් , 4 වරක් UEFA සුපර් කප් (UEFA Super Cup)සහ FIFA ක්ලබ් වර්ල්ඩ් කප් (FIFA Club World Cup) කුසලාන 2ක් දිනා ඇත. වාර්තාගත අන්තර් නගර ෆෙයාර් කුසලාන 3 කුත්, එලෙසම UEFA යුරෝපා කුසලාන ලීගයට පුරෝගාමියෙකු ලෙසද සලකයි.1955 සිට සෑම වාරයකදීම මහද්වීපික වශයෙන් තරඟ කරන එකම යුරෝපීය සමාජය සහ කිසි දිනක ලා ලිගා වලින් ඉවත් නොවූ සමාජ 3 වූ ඇත්ලටික් බිල්බාඕ (Athletic Bilbao) සහ රියල් මැඩ්රිඩ් (Real Madrid) සහ බාසිලෝනා ඉන් එක් සමාජයක් වීමද විශේෂය. 2009 දී,බාසිලෝනා ලා ලිගා,කෝපා ඩේල් රේ සහ ශුරතා ලීග් යන තරඟ 3ම ජයග්‍රහණය කල ස්පාඤ්ඤයේ පළමු සමාජය විය.එම වසරේදීම, එක වසරක් තුලදී තරඟ 6කින් එම 6ම ජයග්‍රහණය කල පළමු පාපන්දු සමාජය එය විය, තරගාවලි 6ක් එකදිගට සහ සැලකිය යුතු ස්පාඤ්ඤ සුපිරි කුසලානය, UEFA සුපිරි කුසලානය සහ FIFA අන්තර්සමාජ ලෝක කුසලානය යන තරගාවලි ත්‍රිත්වයම ජයගනිමිනි.

ක්‍රීඩකයන්

වර්තමාන කණ්ඩායම

ස්පාඤ්ඤ කණ්ඩායම් යුරෝපීය පුරවැසියන් හැර ක්‍රීඩකයන් 3 කට සීමා කර ඇත. ක්‍රීඩක ලැයිස්තුවේ අඩංගු වනුයේ එක් එක් ක්‍රීඩකයාගේ ප්‍රධාන ජාතිය පමණි, විවිද යුරෝපීය නොවන ක්‍රීඩකයන්ට යුරෝපීය රටක පුරවැසිභාවයන් 2ක් ඇත.ඒ වගේම ACP රටවල්[38] ක්‍රීඩකයන්-කොටෝනස් ගිවිසුමට (Cotonou Agreement) අත්සන් කරන ලද රටවල් අප්‍රිකාව,කැරිබියාව, සහ පැසිපික් -කොල්පක් නීතියට (Kolpak ruling) අනුව යුරෝපීය නොවන්නන් ලෙසට ගණන් නොගැනේ.

2013 පෙබරවාරි 23විට ස්ථිර කණ්ඩායම

මුලාශ්‍ර

Tags:

එෆ්සී බාර්සිලෝනා ඉතිහාසයඑෆ්සී බාර්සිලෝනා රසිකයන් සහ සාමාජිකයන්එෆ්සී බාර්සිලෝනා ප්‍රධාන ප්‍රතිවාදීන්එෆ්සී බාර්සිලෝනා හිමිකාරිත්වය සහ මුල්‍යමය පසුබිමඑෆ්සී බාර්සිලෝනා වාර්තා සටහන්එෆ්සී බාර්සිලෝනා කමිසය සහ ලාංඡනයඑෆ්සී බාර්සිලෝනා ක්‍රීඩා පිටිඑෆ්සී බාර්සිලෝනා සම්මානයන්එෆ්සී බාර්සිලෝනා ක්‍රීඩකයන්එෆ්සී බාර්සිලෝනා මුලාශ්‍රඑෆ්සී බාර්සිලෝනාබාර්සිලෝනාස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පළාත්කළුතර බෝධියපොළොන්නරුව වටදාගෙයආදරයකන්‍යා පටලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව2004 සුනාමියඅධිකරණයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඋද්ධමනයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවමුහුදව්‍යාපෘති කළමනාකරණයදෙමළ ජනතාවශ්‍රී ලංකාව තුළ රූපවාහිනියවියළි කළාපයේ පසශ්‍රී ලාංකීය සංස්කෘතියපර්යේෂණශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකුමාරතුංග මුනිදාසනායකත්වයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවනියඟයනිරවි යුද්ධයනාගරීකරණය - ශ්‍රී ලංකාඅමරදේවසිංහල සන්ධිප්‍රතිරෝධකයත්‍රිවිද්‍යාමානව කායච්ඡේද විද්‍යාවඅක්මාවලේනාස්වාභාවික උපද්‍රවපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයජපානයතෛපොංගල්සොළොස්මස්ථානසිඟාලෝවාද සූත්‍රයබලශක්ති සංරක්‍ෂණයඋඩරට නැටුම්අනුර කුමාර දිසානායකආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඩී.එස්. සේනානායකමුස්ලිම්දිමුත් කරුණාරත්නකෞතුකාගාරමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිදඹදෙණිය යුගයවැස්සශ්‍රී ලංකා කොටියාහබන් කුකුළාසිංහල අලුත් අවුරුද්දඅපරාධකටු අනෝදාශ්‍රී ලංකාවේ නර්තනයන්පරිගණක මෙහෙයුම් පද්ධතිසිරිත් මල්දමවැව්ජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිනාඉන්දියාවමාරි කියුරිපංච මහා වාදපිළිකාධවල පත්‍රිකාවමානව අයිතිවාසිකම්ධම්මපදයඉලෙක්ට්‍රෝන වින්‍යාසයයාල ජාතික වනෝද්‍යානයදියවැඩියාවෙහි රෝග ලක්ෂණසිංහල නිපාත පදනුවර වැවශ්‍රී ලංකා ගුවන් හමුදාවඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය🡆 More