ඇලන් ටියුරින්

ඇලන් මැතිසන් ටියුරින් (1912 ජුනි 23 – 1954 ජුනි 7) යනු ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙකි.

පරිගණක විද්‍යාවේ සිද්ධාන්ත වර්ධනය කෙරෙහි ඔහුගේ දායකත්වය අතිමහත් ය. ඇල්ගොරිතමය (algorithm) සහ පරිගණනය (computation) වැනි පරිගණක විද්‍යාවේ මූලික සංකල්ප හදුන්වා දීමට මුල් වූ හෙතෙම පොදු අවශ්‍යතා පරිගණකයක (general purpose computer) මුල් කාලීන ආකෘතියක් වන ටියුරින් යන්ත්‍රය (Turin machine) පිළිබද අදහස ද ඉදිරිපත් කළේ ය. පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන විෂයයන්හි පියා වශයෙන් ද සැලකෙන්නේ ඇලන් ටියුරින් ය.

ඇලන් ටියුරින්

OBE FRS
ඇලන් ටියුරින්
Turing ආ. 1928 at age 16
උපත
ඇලන් මැතිසන් ටියුරින්

23 ජුනි 1912(1912-06-23)
Maida Vale, ලන්ඩනය, එක්සත් රාජධානිය
මියගිය දිනය7 June 1954(1954-06-07) (වයස 41)
විම්ස්ලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය
මිය යාමට හේතුවදිවිනසාගැනීම (මේ ගැන විවාදයක් පවතී) සිදු වූයේ සයනයිඩ් විසවීමකින්
සතපවන ලද තැනඅලු විසුරවා හැරියේ gardens of Woking Crematorium
නිවහනවිම්සලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය
අධ්‍යාපනයSherborne School
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධව ඇත්තේ
  • Cryptanalysis of the Enigma
  • Turing's proof
  • Turing machine
  • ටියුරින් පරීක්ෂණය
  • Unorganized machine
  • Turing pattern
  • Turing reduction
සහකරුවා(වන්)ජොආන් ක්ලාක්
(ගිවිස ගත්තේ 1941; විවාහ වූයේ නැත)
සම්මානSmith's Prize (1936)
Scientific career
ක්ෂේත්‍රය
ආයතන
  • University of Manchester
  • Government Code and Cypher School
  • National Physical Laboratory, UK
ThesisSystems of Logic Based on Ordinals (1938)
ආචාර්ය උපදේශකඇලොන්සෝ චර්ච්
ආචාර්ය සිසුන්රොබින් ගැන්ඩි, Beatrice Worsley
බලපෑමමැක්ස් නිවුමන්
අත්සන
ඇලන් ටියුරින්

දෙවෙනි ලෝක යුධ සමයේ දී ජර්මානු යුධ හමුදාවන් භාවිත කළ රහස් සංඥා පද්ධති කියවීම (cryptanalysis) සදහා බ්‍රිතාන්‍ය රජය පිහිට වූ රජයේ කේත සහ රහස් සංඥා ක්‍රම අධ්‍යයන ආයතනය (Government Code and Cypher School) වෙනුවෙන් සේවය සැපයූ හෙතෙම ජර්මානු රහස් සංඥා ක්‍රම (ciphers) ඉක්මනින් හදුනාගැනීම සදහා උපක්‍රම රැසක් හදුන්වා දුන්නේ ය. ජර්මානු යුධ හමුදා භාවිත කළ රහස් සංඥා ක්‍රම ජනන යන්ත්‍රයක් වූ Enigma machine හි කේත බිදීම සදහා කලින් භාවිත වූ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමයක් වූ bomba නම් පෝලන්ත ක්‍රමවේදය ද ඔහු විසින් වැඩිදියුණු කෙරිණි. රදවාගත් ගුප්තකේතනය (encripted) කරන ලද පණිවිඩ බිදහෙලීම සදහා ටියුරින්ගෙන් ලැබුණු දායකත්වය මිත්‍ර පාර්ශ්වීය හමුදාවන්ට දෙවන ලෝක යුද්ධය කෙටිකලකින් ම නිමා කිරීමට ශක්තියක් වූ බව කියැවේ. අත්ලන්තික් සටන වැනි සටන්වල ජයග්‍රහණයන් මීට නිදසුන් ය. මෙම කාර්යභාරය යුරෝපයේ යුද්ධය වසර දෙකකින් කෙටිකිරීමට සහ මිලියන 14කට අධික ජීවිත ගණනක් සුරක්ෂිත කිරීමටත් හේතු වූ බවට ගණන් බලා ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු හෙතෙම National Physical Laboratory හි සේවය කළ අතර එහි දී ඔහු ස්වයංක්‍රීය පරිගණන යන්ත්‍රය (Automatic Computing Engine) හෙවත් ACF යන්ත්‍රය සැලසුම් කළේ ය. ක්‍රමලේඛස්ථාපිත පරිගණකයක (stored-program computer) මුල් ම සැලසුම් ද ඔහු විසින් එකල පිළියෙළ කෙරිණ. 1948 දී ඔහු මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ පිහිටි මැක්ස් නිවුමන්ගේ පරිගණන යන්ත්‍ර විද්‍යාගාරයට (Computing Machine Laboratory) එක් වූ අතර ගණිතමය ජීවවිද්‍යාව (mathematical biology) විෂය කෙරෙහි නැඹුරු විය. ජීවීන්ගේ රූප ජනනයේ (morphogenesis) රසායනික පදනම පිළිබද ව ඔහු ලියූ පත්‍රිකාව විසින් දෝලන රසායනික ප්‍රතික්‍රියා (oscillating chemical reactions) පිළිබද ව 1960 දී එය මුල්වරට සොයාගැනීමට පෙර අනාවැකි පළකර තිබුණි.

1952 දී සමලිංගික චෝදනා යටතේ ටියුරින් ව අත්අඩංගුවට ගැනිණ. ඒ වනවිටත් එක්සත් රාජධානියේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් තිබූ නීතිමය බාධක ඉවත් නොවී තිබුණි. ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම වෙනුවට රසායනික පුමගහරණයක් (chemical castration) සිදුකරගැනීමට එකග විය. සිය 42 වැනි උපන්දිනයට දින 16ක් තිබිය දී 1954 වසරේ දී ඔහු සයනයිඩ් විෂ වීමකින් මරණයට පත් විය. පශ්චාත් මරණ පරික්ෂයකින් එය දිවිනසාගැනීමක් බව තීරණය කරන ලදී. නමුත් පැවති සාධක අනුව එය අත්වැරැද්දකින් සිදු වූවක් ලෙස ද සැලකිය හැකි ව තිබූ බව සදහන් කර තිබේ. 2009 වසරේ දී අන්තර්ජාලය හරහා ගෙනගිය ව්‍යාපාරයකින් පසුව බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ අන්දම පිළිබද බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නිල වශයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. 2013 දී දෙවැනි එළිසබෙත් මහරැජින ඔහුට මරණාපර සමාව ප්‍රදානය කර සිටියා ය.

පවුල් පසුබිම සහ අධ්‍යාපනය

පවුල් පසුබිම

ටියුරින් ලන්ඩනයේ මායිඩා වේල්හි උපත ලැබුවේ ය. ඔහුගේ පියා ජුලියස් මැතිසන් ටියුරින් (1873-1947) බ්‍රිතාන්‍ය යටත් විජිත ඉන්දියාවේ එවක මැද්‍රාස් ප්‍රදේශය වූ අද ඔඩිස්සා ප්‍රාන්තයේ සිවිල් සේවකයකු ලෙස කටයුතු කළේ ය. ටියුරින්ගේ පිය පාර්ශ්වයේ සීයා වූ ජෝන් රොබර්ට් ටියුරින් පූජකවරයකු වූ අතර නෙදර්ලන්තයේ පදිංචි ව සිටි ස්කොට් වෙළද පවුලකින් පැවත ආවේ ය. ටියුරින්ගේ මව ඊතල් සාරා ටියුරින් (විවාහයට පෙර - නී ස්ටෝනි 1881-1976) මද්‍රාස් රේල්වේස් හි ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වර්ඩ් වොලර් ස්ටෝනිගේ දියණිය විය. ස්ටෝනිවරු ප්‍රොතෙස්තන්තු භක්තික සහ ඇංග්ලෝ අයිරිෂ් සම්භවයක් තිබූ සාමාන්‍ය පංතියේ මිනිසුන් විය.

ඉන්දියානු සිවිල් සේවයේ රැකියාව හේතුවෙන් ජුලියස් ටියුරින්ට සිය පවුල සමග ඉන්දියාවේ පදිංචි වීමට සිදු විය. ඔහුගේ සීයා ද යටත් විජිත ඉන්දියාවේ බෙන්ගාල හමුදාවේ ජෙනරල්වරයකු ව සිට තිබුණි. කෙසේනමුත් ටියුරින්ගේ මවට මෙන් ම පියාට ද ඔහු ව ඉන්දියාවේ නොව බ්‍රිතාන්‍යයේ හැදී වැඩෙනු දකින්නට වුවමනා විය. එනිසා ඔවුහු ඔහුට උපත දීමට ලන්ඩන්හි මයිඩා වේල් වෙත පැමිණියහ. 1912 ජුනි 23 දින එහි වූ ඔවුන්ගේ නිවසේ දී ඔහු උපත ලැබුවේ ය. එම නිවසේ පිටත ඇති නිල් ඵලකයක මේ බව සටහන් කර ඇත. later the Colonnade Hotel. ටියුරින්ට ජෝන් නමින් වැඩිමල් සොයුරකු ද වූ අතර ඔහු ටියුරින් බැරන් පෙළපතේ 12වැනියා වූ සර් ජෝන් ඩර්මොට් ටියුරින්ගේ පියා විය. ටියුරින්ගේ පියාගේ රාජකාරී ජීවිතය හේතුවෙන් ඔහුට නිතර නිතර දුර බැහැර ගමන් කරන්නට සිදු වූ අතර ටියුරින්ගේ මාපියන් ළමාවියේ සිටි සිය දරුවන් දෙදෙනා ව විශ්‍රාමික හමුදා යුවළකගේ රැකවරණයේ තබා එක්සත් රාජධානියේ හේස්ටිංග්ස් සහ ඉන්දියාව අතර සංචාරයන්හි යෙදුණි. ටියුරින් පසුකලෙක ප්‍රාඥයකු වන ලකුණු සිය ළමාවියේ දී ම දක්වන්නට විය.

His parents purchased a house in Guildford in 1927, and Turing lived there during school holidays. The location is also marked with a blue plaque.

පාසල් සමය

ඔහුගේ මව්පියන් ඔහු ව වයස 6 දී චාල්ස් මාවතේ අංක 20 හි පිහිටි St Michael's නමැති දිවා පාසලකට ඇතුළත් කළේ ය. එහි විදුහල්පතිනිය ඔහුගේ දක්ෂතාවය ළමාවියේ දී ම හදුනාගත් අතර පසුව ඔහුට උගැන් වූ සෑම ගුරුවරයෙක් ම ඔහු පිළිබද පැමිණි නිගමනය එය විය.

1922 ජනවාරි සිට 1926 දක්වා ටියුරින් Hazelhurst ආරම්භක පාසල (සසෙක්ස් ෆ්‍රාරන්ට් ගම්මානයේ වූ ස්වාධීන පාසලක්) හි අධ්‍යාපනය ලැබූ අතර 1926 දී ඔහුට වයස අවුරුදු 13ක් වූ විට ඩෝර්සෙට් හි ෂර්බෝන් වෙළද නගරයේ වූ ස්වාධීන පාසලක් වන ෂර්බෝන් පාසලට ඇතුළත් විය. නව පාසල් වාරය ඇරඹුණේ හරියට ම බ්‍රිතාන්‍යයේ 1926 මහා වර්ජනය කාලයේ වූ අතර නමුත් එදින ම ඇතුළත් වීමට දැඩි අධිෂ්ඨානයකින් යුතු ව ඔහු සවුත්හැම්ප්ටන් සිට ෂර්බෝන් දක්වා කිලෝමීටර් 97ක් දුර සිය පාපැදිය පැද ගියේ රාත්‍රියේ තානායමක නතර ද වෙමිනි.

ගණිතය හා විද්‍යාව කෙරෙහි වූ ටියුරින්ගේ සහජ නැඹුරුව අධ්‍යාපනය යන්න සම්භාව්‍ය විෂයයන් හැදෑරීම ලෙස වටහා ගත් ෂර්බෝන්හි ඇතැම් ගුරුවරුන්ගේ ප්‍රසාදයට හේතු නොවී ය. විදුහල්පතිවරයා ඔහුගේ මව්පියන්ට මෙසේ ලියා යැව්වේ ය. “ඔහු මාවත් දෙකක් අතර අතරමං නොවන්නේ නම් ඔහුට හොද ය. ඔහු පොදු පාසලක උගෙනුම ලබන්නේ නම් ඔහුගේ අරමුණ විය යුත්තේ සාමාන්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය ලැබූ පුද්ගලයකු බවට පත් වීම ය. ඔහුගේ අරමුණ විද්‍යා කරුණු පිළිබද විශේෂඥයකු වීම නම් ඔහු පාසලේ උගෙනුම ලැබීම ඔහුගේ කාලය අපතේ යැවීමකි.” කෙසේනමුත් ටියුරින් සිය සිත්ගත් විෂයයන් පිළිබද සිය සුවිශේෂී දක්ෂතාවය දිගින් දිගට ම පෙන්නුම් කළේ ය. 1927 දී (වයස 14 දී) ආරම්භක කලනයවත් උගෙන නොසිටි ඔහු දුෂ්කර ගැටලු විසදීමට සිය සිත යොමු කළේ ය. 1928 දී වයස 16ක් ව සිටි ඔහු ඇල්බට් අයින්ස්ටයින්ගේ කෘති කියවූ අතර එය ග්‍රහණය කරගැනීමෙන් නොනැවතුණු ඔහු අයින්ස්ටයින්ගේ න්‍යායන් තුළින් නිව්ටන්ගේ චලිත නියම ප්‍රශ්න කෙරෙන බව (එය ප්‍රකාශිතව) සදහන් නොකෙරුණු ලියවිල්ල කියවීමෙන් නිගමනය කිරීමට ද සමත් වූ බව කිව හැකි ය.

වෘත්තීය ජීවිතය සහ පර්යේෂණ

ගුප්තකේත විශ්ලේෂණය

Bombe

Hut 8 සහ නාවික Enigma

Turingery

Delilah

විශ්වවිද්‍යාල ජීවිතය සහ පරිගණනය සම්බන්ධ අධ්‍යයන

ෂර්බෝන්හි අධ්‍යාපනයෙන් පසුව ටියුරින් 1931 සිට 1934 දක්වා King's College, Cambridge හි උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සිය ගණිත උපාධිය ලබාගත්තේ එහි දී ය. 1935 දී වයස 22ක් වූ ඔහු රාජකීය සාමාජිකයකු වශයෙන් පත්විය. ඒ මධ්‍යය අගය කරා නැඹුරුව පිළිබද ප්‍රමේය (central limit theorem) තහවුරු කරමින් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයක් හේතුවෙනි. 1922 දී එම න්‍යාය ඒ වනවිටත් Jarl Waldemar Lindeberg විසින් තහවුරු කර තිබූ බව එය පිරික්සා බැලූ කමිටුව නොදැන සිටියේ ය.

1936 දී ටියුරින් "On Computable Numbers, with an Application to the Entscheidungsproblem" නම් පත්‍රිකාව පළ කළේ ය. එය Proceedings of the London Mathematical Society ජර්නලයේ කොටස් දෙකක් ලෙස පළ විය. පළමු කොටස නොවැම්බර් 30ත් දෙවැනි කොටස දෙසැම්බර් 23ත් ලෙස ය. මෙහි දී ටියුරින් කර්ට් ගර්ඩ්ල් විසින් 1931 දී ඉදිරිපත් කරන ලද සාධනයේ සහ ගණනයේ සීමාවන් පිළිබද ප්‍රතිඵලය (කිසියම් සංගත ගණිතමය පද්ධතියක් තුළ සත්‍ය එහෙත් එම පද්ධතිය තුළ සාධනය කළ නොහැකි අංක ගණිතමය ප්‍රකාශ තිබෙන බවත්, ඒ අනුව ගණිතමය පද්ධතියක් සංගත සහ සම්පූර්ණ විය නොහැකි බවත්, පද්ධතියට තමන්ගේ ම සංගතබව සාධනය කළ නොහැකි බවත් මෙයින් කියවෙයි.) යළි හැඩගන්වන ලදී. ඒ ගර්ඩ්ල්ගේ අංක-ගණිතය පදනම් වූ සාර්වත්‍රික රූපික භාෂාව රූපික (formal) සහ සරල උපකල්පිත යන්ත්‍ර විශේෂයකින් ප්‍රතිස්ථාපනය කරමිනි. මෙම යන්ත්‍ර ටියුරින් යන්ත්‍ර ලෙස පසුකලෙක ව්‍යවහාරයට පත්විය. Entscheidungsproblem හෙවත් තීරණ ගැටලුව (decision problem) යනු ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බර්ට් විසින් 1928 දී ඉදිරිපත් කරන ලද ගැටලුවකි. "කිසියම් ස්වසාධ්‍යයන් (axioms) සමූහයක් තුළ කිසියම් ගණිතමය ප්‍රකාශයක් සාධනය කළ හැකි ද නොහැකි ද යන්න පරිමිත කාලයක් තුළ පැවසිය හැකි සාර්ථක ක්‍රමවේදයක් සැකසිය හැකි ද?" යනුවෙන් හිල්බට් ඉදිරිපත් කළ පැනය මෙ නමින් හැදින්වේ. සිය "සාර්වත්‍රික පරිගණක යන්ත්‍රය" (universal computing machine) ගොඩනැංවිය හැකි ඕනෑම ගණිතමය විසදුම් ක්‍රියාවක් සිදුකිරීමට එය ඇල්ගොරිතමයක් ලෙසින් ඉදිරිපත් කරන තාක් කල් සමත් වන බව සාධනය කළ ටියුරින්, තීරණ ගැටලුවට කිසිදු විසදුමක් නොමැති බව දෙවනුව සාධනය කළේ ය. ඒ නැවතීමේ ගැටලුව (halting problem) ටියුරින් යන්ත්‍ර සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව (undecidable) පෙන්වාදෙමිනි. එනම් ටියුරින් යන්ත්‍රයක් කොයි අවස්ථාවක දී හෝ නතර වනු ඇති දැයි ඇල්ගොරිතමයක් ආධාරයෙන් තීරණය කළ නොහැක.

ටියුරින්ගේ සාධනය ඇලොන්සෝ චර්ච් විසින් සිය ලැම්ඩා කලනය (lambda calculus) ආධාරයෙන් කරන ලද මේ හා සමාන ම සාධනයෙන් ටික කලකට පසු ප්‍රකාශයට පත්වුවත් ටියුරින්ගේ ප්‍රවේශය සැලකිය යුතු තරම් සමීප සහ අවබෝධයට පහසු වූවකි. ඒ තුළ 'සාර්වත්‍රික යන්ත්‍රයක් ' (අද මෙය සාර්වත්‍රික ටියුරින් යන්ත්‍රයක් නමින් හැදින් වේ.) පිළිබද අදහසක් එම යන්ත්‍රය (චර්ච්ගේ ලැම්ඩා කලනය විසින් ද සිදු කළ හැකි පරිදි) මගින් වෙනත් ඕනෑම පරිගණන යන්ත්‍රයක් විසින් කළ හැකි කාර්යයන් කළ හැකි ය යන අදහසත් සමග අන්තර්ගත විය. චර්ච්-ටියුරින් ප්‍රවාදයට අනුව ටියුරින් යන්ත්‍ර සහ ලැම්ඩා කලනය ගණනය කළ හැකි ඕනෑම දෙයක් පිළිබද ව ගණනයන් සිදුකිරීමට සමත් ය. නූතන පරිගණකය පිළිබද සංකල්පයේ කේන්ද්‍රීය අදහස ටියුරින්ගේ පත්‍රිකාවට ස්තූතිවන්නට ඇති වූ බව ජෝන් වොන් නියුමන් පිළිගනියි. අද දක්වා ම ටියුරින් යන්ත්‍ර වූ කලී පරිගණනය පිළිබද න්‍යාය තුළ නිරන්තර ව අධ්‍යයනයට ලක්වන දෙයකි.

1936 සැප්තැම්බර් සිට 1938 ජූලි දක්වා කාලය ටියුරින් වැඩි වශයෙන් ම ගත කළේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි ය. ඒ චර්ච් යටතේ වැඩිදුර හැදෑරීම් කරමිනි. ශුද්ධ ගණිතය පිළිබද සිය සොයාගැනීම්වලට අමතර ව හෙතෙම ගුප්තකේතවේදය ද හැදෑරූ අතර විද්‍යුත්-යාන්ත්‍රික ද්විමය ගුණකිරීමේ යන්ත්‍රයේ අවධි හතරෙන් තුනක් ම ද නිර්මාණය කළේ ය. 1938 ජුනි මස ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබද සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධය වූයේ Systems of Logic Based on Ordinals යන්නයි. එමගින් ක්‍රමසූචක තර්කය (ordinal logic) නමැති සංකල්පය හදුන්වා දුන් අතර සාපේක්ෂ පරිගණනය පිළිබද අදහස ද හදුන්වා දුන්නේ ය. සාපේක්ෂ පරිගණනයේ අදහස ඉදිරිපත් කිරීම පිණිස ඔහු ටියුරින් යන්ත්‍ර ඔරැකල් යන්ත්‍ර මගින් වැඩිදියුණු කර ටියුරින් යන්ත්‍ර මගින් විසදිය නොහැකි ගැටලු විසදීමට හැකි පරිදි සංවර්ධනය කර තිබුණි. ජෝන් වොන් නියුමන්ට ටියුරින් ව සිය පශ්චාත් ආචාර්ය උපාධි සහායකයා වශයෙන් යොදාගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු නැවත එංගලන්තය බලා ආවේ ය.

මුල් පරිගණක සහ ටියුරින් පරීක්ෂාව

1945 සිට 1947 දක්වා ටියුරින් ලන්ඩන්හි හැම්ප්ටන් හි වාසය කළ අතර ස්වයක්‍රීය පරිගණන යන්ත්‍රය හෙවත් ACE යන්ත්‍රය සැලසුම් කිරීම සම්බන්ධයෙන් National Physical Laboratory (NPL) හි කටයුතු කළේ ය. 1946 පෙබරවාරි 19 ඔහු පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එය ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකයක් පිළිබද ප්‍රථම සවිස්තර පත්‍රිකාව විය. වොන් නියුමන්ගේ අසම්පූර්ණ First Draft of a Report on the EDVAC ටියුරින්ගේ පත්‍රිකාවට පෙර පළ වී තිබුණ නමුත් එය එතරම් සවිස්තර නොවූ අතර ‍NPL Mathematics Division හි සුපිරින්ටැන්ඩන්ට්වරයා වූ ජෝන් ආර්. වුමර්ස්ලි පවසන පරිදි "ආචාර්ය ටියුරින්ගේ ම අදහස් විශාල ප්‍රමාණයක් එහි ඇතුළත් ව තිබුණි." ACE යන්ත්‍රය ගොඩනැගීමේ ශක්‍යතාවය පැවතුණ ද යුධ සමයේ බ්ලෙච්ලි පාක් හි කටයුතු අරබයා පැවති රහසිගතභාවය ව්‍යාපෘතිය ඇරඹීම පමා කළ අතර ටියුරින් ඉන් ඉවත් වීමට හේතු විය. 1947 අග දී ඔහු කේම්බ්‍රිජ් වෙත සප්තවාර්ෂික නිවාඩුවක් සදහා පැමිණි අතර ඒ කාලය තුළ ඔහු සිය Intelligent Machinery පිළිබද කෙරුණු ප්‍රභවාත්මක කෘතිය ඉදිරිපත් කළේ ය. මෙය ඔහුගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් නො වී ය. ඔහු කේම්බ්‍රිජ්හි සිටි අතරතුර අන් අය විසින් ඔහුගේ සැලසුම අනුව නියමු ACE යන්ත්‍රය නිර්මාණය කෙරිණි. 1950 මැයි 10 දින පළමුවරට එහි පරිගණක වැඩසටහනක් ධාවනය කෙරුණු අතර English Electric DEUCE සහ ඇමරිකානු Bendix G-HYPERLINK "https://www.duhoctrungquoc.vn/wiki/en/Bendix_G-15"15 වැනි ලෝකයේ බිහි වූ පසුකාලීන පරිගණක ගණනාවක් එයට ණයගැති ය. ටියුරින්ගේ ACE යන්ත්‍රයේ සම්පූර්ණ ආකෘතිය ඔහුගේ මරණය තෙක් ම බිහි නොවිණි.

1948 දී ටියුරින් මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨත ම කථිකාචාර්ය ධූරයට පත්කෙරිණි. 1949 දී ඔහු එහි පරිගණක යන්ත්‍ර විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් වූ අතර මුල් ම ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකවලින් එකක් වූ මැන්චෙස්ටර් මාක් 1 පිණිස මෘදුකාංගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නට විය. යන්ත්‍රය සදහා වූ ක්‍රමලේඛක අත්පොතේ පළමු අනුවාදය ටියුරින් විසින් ලියන ලද අතර ෆෙරන්ටි විසින් ඔවුන්ගේ වාණිජමය ව්‍යාපෘතිය වූ ෆෙරන්ටි මාර්ක් 1 ගොඩනැගීම සදහා උපදේශකයකු ලෙස ටියුරින් ව බදවා ගන්නා ලදී. ටියුරින් ඔහුගේ මරණය දක්වා ම ෆෙරන්ටි විසින් උපදේශක ගාස්තු ගෙවනු ලැබීය.මේ කාලය තුළ ඔහු තවදුරටත් අමූර්ත ගණිතමය සොයාගැනීම් සම්බන්ධ කටයුතු කළේ ය. එ මෙන් ම සිය "Computing Machinery and Intelligence" (Mind, October 1950) හි කෘත්‍රිම බුද්ධිය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කළ අතර කිසියම් යන්ත්‍රයක් සතු ව කෘත්‍රිම බුද්ධියක් පවතී ද යන්න සම්බන්ධයෙන් මිනුම් දඩුවක් වශයෙන් පරීක්ෂාවක් ද යෝජනා කළේ ය. මේ පරීක්ෂාව අද ටියුරින් පරීක්ෂාව නමින් හැදින්වේ. මෙයට අනුව කිසියම් යන්ත්‍රයක් සමග සල්ලාපයේ යෙදෙන, එහෙත් තමන් සංවාදයේ යෙදෙන්නේ යන්ත්‍රයක් සමග ය යන්න ගැන කලින් දැනුවත් නොවූ මානව විචාරකයෙකුට එම සංවාදයේ දී යන්ත්‍රය පිළිතුරු දෙන විලාසය මගින් පමණක් තමන් සංවාදයේ යෙදෙන්නේ සැබෑ මිනිසකු සමග නොව යන්ත්‍රයක් සමග ය යන්න හදුනාගත නොහැකි නම් (එ තරම් නිරවද්‍ය අයුරින් එම යන්ත්‍රයට මානව හැසිරීම ලිඛිත-වාචික ප්‍රතිචාර තුළින් අනුකරණය කළ හැකි නම්) එම යන්ත්‍රය සිතීමේ හැකියාව සහිත යන්ත්‍රයක් බව පැවසීම යුතු ය. මෙම පත්‍රිකාවේ දී ටියුරින් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ එක්වර වැඩිහිටි මනසක් නිර්මාණය කිරීම වෙනුවට ළමා මනසක තර්කනය හා උගෙනීමේ හැකියාව ක්‍රමලේඛයකට ගනිමින් වඩා සරල පරිගණක වැඩසටහනක් නිර්මාණය කර පසුව එය ඉගෙනුම් ක්‍රියාවලියට භාජනය කිරීම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු (වඩා පහසු) ක්‍රමය බව යි. පරිශීලකයා මිනිසකු ද නැතිනම් ක්‍රමලේඛයක් ද යන්න හදුනාගැනීම සදහා අද අනතර්ජාලයේ නිතර භාවිත වන CAPTCHA පරීක්ෂාව ටියුරින් පරීක්ෂාවේ ප්‍රතිලෝම (reverse) කරනයකි.

1948 දී ටියුරින් සිය උපාධි අපේකෂක සගයකු වූ ඩී. ජී. චැම්පර්නොව්න් සමග එක්ව පරිගණකයක් සදහා චෙස් ක්‍රීඩා වැඩසටහනක් කිර්මාණය කිරීම පිණිස කටයුතු කරන්නට සිදු විය. 1950 දී අවසන් කෙරුණු එය Turochamp ලෙම නම්කෙරුණි. 1952 දී ඔහු එය මාක් ෆෙරන්ටි 1 පරිගණකයක ස්ථාපනට කිරීමට තැත් කළත් අවශ්‍ය තරම් ශක්තියක් නොමැති වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට පරිගණකය අසමත් විය. ඉන්පසු ඒ වෙනුවට ටියුරින් තමා පරිගණකය ලෙසින් ඇල්ගොරිතමයේ පිටු පෙරලමින් එහි උපදෙස් අනුව කටයුතු කරමින් (එක් ඉත්තකු ඇදීමට අඩ පැයක් පමණ ගනිමින්) චැම්පර්නොව්න්ගේ බිරිද සමග චෙස් සටනක් සිදු කළ අතර එය පටිගත කරන ලදී. චැම්පර්නොව්න්ගේ බිරිද සමග කළ චෙස් සටනේ දී පරිගණක වැඩසටහන අනුව කටයුතු කළ ටියුරින් ජයගහණය වූ බව පැවසුණත් ටියුරින්ගේ වෘත්තීය සගයකු වූ ඇලික් ග්ලෙනී සමග සටනේ දී වැඩසටහන පරාජය විය.

ඔහුගේ ටියුරින් පරීක්ෂාව එම සොයාගැනීමෙන් අඩ සියවසකටත් වැඩි කලක් ගත වන තුරු පැවතුණ කෘත්‍රිම බුද්ධිය පිළිබද විවාදයට කළ කැපී පෙනෙන, අභියෝගාත්මක සහ සදා නොමැකෙන සම්මාදමක් විය.

ඔහු 1948 දී matrix සමීකරණ විසදීම සදහා අද දක්වා භාවිතා කෙරෙන LU විසංයෝජන ක්‍රමය (LU decomposition method)හදුන්වා දෙන ලදී.

ආශ්‍රිත නාමාවලිය

Tags:

ඇලන් ටියුරින් පවුල් පසුබිම සහ අධ්‍යාපනයඇලන් ටියුරින් පාසල් සමයඇලන් ටියුරින් වෘත්තීය ජීවිතය සහ පර්යේෂණඇලන් ටියුරින් ආශ්‍රිත නාමාවලියඇලන් ටියුරින්ඇල්ගොරිතමකෘත්‍රීම බුද්ධියගණිතඥයාපරිගණක විද්‍යාවපරිගණනය

🔥 Trending searches on Wiki සිංහල:

මර්සලින් ජයකොඩිඑක්සත් ජාතීන්ගේ සංවිධානයමුඛ සංසර්ගයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියමහාභාරතයතුන් සිංහලේලිංගික අප්‍රාණිකත්වයපාසල්ලංකාවේ වාරි කර්මාන්තයආනන්ද සමරකෝන්පාපන්දු ක්‍රීඩාවථූපාරාමයගොංගාලේගොඩ බණ්ඩානාගදීප පුරාණ විහාරයආදරයදෙමළ අක්ෂර මාලාවපොන්නම්බලම් රාමනාදන්භගමණියශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනචාල්ස් බැබේජ්විල්හෙල්ම් වුන්ඩ්දෙමළ ජනතාවකුමාරතුංග මුනිදාසරතන සූත්‍රයශාන්ති නිකේතන විද්‍යාපීඨයආගම්ඇසසිංහරාජ වනාන්තරයසතර සතිපට්ඨානයගුණදාස කපුගේඉන්දු නිම්න ශිෂ්ටාචාරයඋද්ධමනයගුරුත්වාකර්ෂණයශ්‍රී ලංකාවේ වල් පැලැටිගෝලයනිල් කටරොඩුජල දූෂණයආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිපන්සල් වචනරාවණා රජමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවත්‍රිපිටකයපණිභාරතමන්නාරම බයෝබැබ් ගසදකුණු ආසියාවඅමරදේවසමාජයසංස්කෘතියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසක්‍රිකට්ලෝවාමහාපායලෝක පුදුමකාවන්තිස්ස රජවිෂ්ණු දෙවියන්ට පිං දීමඅටමස්ථානබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාලන්දේසි ලංකාවකඩවතඉන්දියාවවළගම්බා රජරන්මසු උයනමැතිවරණයපූජාවලියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලතාප රසායනයදේශපාලන විද්‍යාවපරිගණක මෘදුකාංග🡆 More