අකිහිතෝ

අකිහිතෝ (明仁) (උපත 1933 දෙසැම්බර් 23) ( උච්චාරණය (උදවු·තොරතුරු)) යනු ජපානයේ සාම්ප්‍රදායික අනුප්‍රාප්ත වීමේ පිළිවෙල අනුව ඔහු ජපානයේ 125 වැනි අධිරාජ්‍යයා වේ.

1989 ජනවාරි 7 සිට 2019 අප්‍රේල් 30 දින සිහසුන අත් හරින තෙක් ඔහුට ක්‍රයිසැන්තියම් සිහසුන හිමිවිය.

අකිහිතෝ අධිරාජ්‍යයා
明仁 (今上天皇)
අකිහිතෝ
ජපාන අධිරාජ්‍යයා
රාජ්‍ය සමය1989 ජනවාරි 7 - 30 April 2019
රාජාභිෂේකය1990 නොවැම්බර් 12
පූර්වප්‍රාප්තිකයාහිරොහිතෝ (ෂෝවා)
අනුප්‍රාප්තිකයානරුහිතෝ
අග්‍රාමාත්‍යවරුන්නොබොරු ටකෙශිටා
සෝසුකෙ උනෝ
ටෝශිකි කයිෆු
කීචි මියසාවා
මොරිහිරෝ හොසොකාවා
ත්සුතොමු හාටා
ටෝමීචි මුරයාමා
ර්යුටාරු හශිමොටෝ
කෙයිසෝ ඔබුචි
යෝෂිරෝ මොරි
ජුනිචිරෝ කොයිසුමි
ෂින්සෝ අබේ
යසුවෝ ෆුකුඩා
තරෝ අසෝ
යුකියෝ හටොයාමා
නවොටෝ කන්
යෝශිහිකෝ නොඩා
උපත23 දෙසැම්බර් 1933 (1933-12-23) (වයස 90)
ටෝකියෝ අධිරාජ්‍ය මාලිගය, ටෝකියෝ, ජපානය
වල්ලභයාමිචිකෝ ෂෝඩා වි. 1959 අප්‍රේල් 10
දරුවන්නරුහිතෝ, ජපානයේ අධිරාජයා
ෆුමිහිතෝ, අකිශිනෝ කුමාරයා
සයකෝ, නෝරි කුමරිය
සම්පූර්ණ නාමය
අකිහිතෝ (明仁)
වංශයජපාන අධිරාජ්‍ය වංශය
පියාහිරොහිතෝ අධිරාජ්‍යයා (ෂෝවා)
මවකෝජුන් අධිරාජිණිය
ආගමෂින්ටෝ
අත්සනඅකිහිතෝ අධිරාජ්‍යයා 明仁 (今上天皇)ගේ අත්සන

නාමය

ජපානයේදී, අධිරාජ්‍යයාව ඔහුගේ උපන් නමින් හඳුන්වනු නොලබයි. ඒ වෙනුවට "අති ගෞරවනීය අධිරාජ්‍යයා" හෙවත් "His Majesty the Emperor" (天皇陛下, Tennō Heika) ලෙසද, එයම කෙටිකොට "උතුමාණන්" හෙවත් "His Majesty" (陛下, Heika) ලෙසද භාවිතා කරයි. විධිමත් ලිවීමේදී හුදෙක් "අධිරාජ්‍යයා" යන්න වෙනුවට "බලයේ සිටින අධිරාජ්‍යයා" හෙවත් "The Reigning Emperor" (今上天皇, Kinjō Tennō) ලෙස යොදාගනී. අකිහිතෝ අධිරාජ්‍යයාගේ යුගය "හෙයිසෙයි යුගය" (平成) ලෙස හැඳින්වේ. ජපන් සම්ප්‍රදායට අනුව ඔහුගේ මරණයෙන් පසුව ජපාන කැබිනට් මණ්ඩලය විසින් ඔහුව "හෙයිසෙයි අධිරාජ්‍යයා" (平成天皇 Heisei Tennō; "මරණින් පසු නම" බලන්න) ලෙස නම් කරනු ඇත. ඒ සමගම ඊළඟ අනුප්‍රාප්තිකයාගේ යුගයට ලබාදෙන නමද ප්‍රකාශයට පත්කරනු ලබයි.

ජීවන චරිතය

අකිහිතෝ, හිරොහිතෝ අධිරාජ්‍යයාගේ සහ කෝජුන් අධිරාජිණියගේ වැඩිමහලුම පුත්‍රයාද, පස්වැනි දරුවාද වේ. කුඩා අවදියේදී ඔහුව හඳුන්වනු ලැබූයේ "ත්සුගු කුමාරයා" (継宮, Tsugu-no-miya) ලෙසය. ඔහුගේ පෞද්ගලික ගුරුවරුන්ගෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම, පසුව 1940 සිට 1952 දක්වා වූ කාලය තුල ගකුශූයින් පාසලෙන් ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය හැදෑරීය. ඔහුගේ පියාගේ ඉල්ලීම මත, රාජකීය පවුලේ ඊට පෙර සිටියවුන්ට මෙන් ඔහුට හමුදා නිලයක් හිමි නොවුනි.

1945 මාර්තු මාසයේදී ඇමරිකාව විසින් ටෝකියෝවට ගුවනින් බෝම්බ හෙලූ කාලය තුලදී අකිහිතෝ කුමාරයා සහ ඔහුගේ බාල සොයුරු මසහිතෝ කුමරු ටෝකියෝ නගරයෙන් බැහැරට රැගෙන යන ලදී. ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය අත්පත් කරගෙන සිටි සමයේදී, එලිසබෙත් ග්‍රේ විනිං විසින් අකිහිතෝ කුමාරයාට ඉංග්‍රීසි භාෂාව සහ අපරදිග සිරිත්-විරිත් උගන්වන ලදී. අකිහිතෝ කුමාරයා ටෝකියෝ නුවර ගකුශුයින් විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යා පීඨයේ කෙටිකලක් අධ්‍යාපනය ලැබූ නමුත් ඔහු කිසිදාක උපාධියක් ලබාගෙන නොමැත.

අකිහිතෝ කුමාරයා සිය උපතේදීම කිරුලේ මීලඟ උරුමක්කරු විය. නමුත් ඔහුව ඔටුන්න හිමි කුමාරයා (立太子礼 Rittaishi-no-rei) ලෙස නම් කිරීමේ නිල උත්සවය 1952 නොවැම්බර් 10 වෙනිදා ටෝකියෝ අධිරාජ්‍ය මාලිගයේදී සිදුවිය. 1953 ජූනි මාසයේදී ලන්ඩනයේ දී පැවැත්වුණු දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය සඳහා ජපානය නියෝජනය කරනු ලැබූයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා විසිනි.

අකිහිතෝ 
ජපාන අධිරාජ්‍යයාගේ නිල සංකේතය

ඔටුන්න හිමි කුමාරයා සහ කුමරිය ලෙස අකිහිතෝ කුමරා සහ මිචිකෝ කුමරිය රටවල් 37ක සංචාරය කර ඇත. රාජකීය කුමාරයකු වන නමුත් අකිහිතෝ කුමරා විසින් ජපාන රාජකීයත්වය සංසන්දනය කරනු ලැබූයේ රෝබෝවරයෙකුටය. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ජපාන අධිරාජ්‍ය පවුල ජපාන ජනතාවට වඩාත් සමීප කිරීමට තමාට හැකි පමණින් උදව් කරන බවයි.

1989 ජනවාරි 7 වැනිදා හිරොහිතෝ අධිරාජ්‍යයාගේ මරණය සිදුවීමත් සමග අකිහිතෝ කුමාරයා නව අධිරාජ්‍යයා බවට පත්විය. එවැනි පත්වීමක් සෙන්සෝ ලෙස හඳුන්වයි. අකිහිතෝ අධිරාජ්‍යයා නිල වශයෙන් සිහසුන උරුම කර ගනිමින් රාජාභිෂේකය ලැබූයේ 1990 නොවැම්බර් 12 වැනිදා වන අතර එවැනි රාජභිශේකයක් සොකුයි ලෙස හැඳින්වේ. 1998 වසරේදී ඔහු එක්සත් රාජධානියේ සිදුකල නිල සංචාරයකදී ඔහුට The Most Noble Order of the Garter සම්මානය පුදකරන ලදී.

2001 දෙසැම්බර් 23 වැනිදා, වාර්තාකරුවන් සමග පවත්වන ඔහුගේ වාර්ෂික උපන්දින හමුවේදී, කොරියාව සමග ඇති අර්බුධය පිලිබඳ වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිරාජ්‍යයා පැවසුවේ, තමාට කොරියානුවන් සමග ඥාතීත්වයක් දැනෙන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කම්මු අධිරාජ්‍යයාගේ (736–806) මව වන ශොකු නිහොන්ගි සහ කොරියාවේ බේක්ජෙ හි මුරියොං රජු අතර ඥාතී සම්බන්ධයක් තිබූ බවයි.

2003 ජනවාරි 14 වෙනිදා ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකාවක් නිසා අකිහිතෝ අධිරාජ්‍යයා ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. සිහසුනට පත්වීමෙන් අනතුරුව අධිරාජ්‍යයා විසින් අධිරාජ්‍ය පවුල ජපාන ජනයාට වඩාත් සමීප කිරීමට කැපවිණි. අධිරාජ්‍යයා සහ අධිරාජිණිය එම තත්වයන්ට පත්වීමෙන් අනතුරුව ජපානයේ දිස්ත්‍රික්ක සියල්ලෙහිම (එනම් 47හිම) සහ රටවල් 18ක නිල සංචාරයන්හි නිරත වී ඇත.

2011 ටෝහොකු භූමිකම්පාව සහ සුනාමිය සහ ෆුකුෂිමා I න්‍යෂ්ටික අනතුරු සිදුවූ අවස්තාවේදී, රූපවාහිනිය ඔස්සේ ඓතිහාසික ප්‍රකාශයක් කරමින්, බලාපොරොත්තු අත්නොහරින ලෙසත් එකිනෙකාට උදව් කරගන්නා ලෙසත් අකිහිතෝ අධිරාජ්‍යයා ජපන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අධිරාජ්‍යයා සහ අධිරාජිණිය 2011 මාර්තු 30 වෙනි බදාදා දින එම අනතුරු වලින් අවතැන් වූවන්ගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිණිස ඔවුන් රඳවා සිටි තාවකාලික කඳවුරකටද සංචාරයේ යෙදුනහ. අධිරාජයා විසින් අධිරාජ්‍ය පවුල් ජපන් ජනයාට සමීප කිරීමට නිතරම කටයුතු කලද ජපන් ඉතිහාසය තුල මෙවැනි සිදුවීම් ඉතා විරලය. 2011 වසරේදී නියුමෝනියාව වැළඳීම හේතුවෙන් අකිහිතෝ අධිරාජ්‍යයා රෝහල්ගත කෙරිණි. 2012 පෙබරවාරි මාසයේදී නිවේදනය කෙරුනේ අධිරාජ්‍යයාව කිරීටක පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි. 2012 පෙබරවාරි 18 වෙනි දින ඔහුට සාර්ථක ලෙස බයිපාස් සැත්කමක් සිදුකරන ලදී.

විවාහය සහ දරුවන්

1959 අප්‍රේල් 10 දින අකිහිතෝ කුමරු මිචිකෝ ෂෝඩා (උපත 1934 ඔක්තෝබර් 20) සමග විවාහ විය. මිචිකෝ ෂෝඩා යනු නිෂින් පිටි මෝල් සමාගමේ සභාපති සහ පසුව එහි ගෞරවනීය සභාපති වූ හිදෙසබුරෝ ෂෝඩාගේ වැඩිමහලුම දියණියයි. ජපාන අධිරාජ්‍ය පවුල සමග විවාහ වූ පළමු සාමාන්‍ය පුරවැසියා වූයේ මිචිකෝ කුමරියයි.

අකිහිතෝ අධිරාජ්‍යයාට සහ මිචිකෝ අධිරාජිනියට දරුවන් තිදෙනෙකි:

  • නරුහිතෝ, ජපාන අධිරාජයා (උපත 1960 පෙබරවාරි 23; මුලින් 'හීරෝ කුමාරයා' ලෙස හැඳින්විණි)
  • ෆුමිහිතෝ, අකිශිනෝ කුමාරයා (උපත 1965 නොවැම්බර් 30; මුලින් 'අයා කුමාරයා' ලෙස හැඳින්විණි)
  • සයකෝ කුරුඩා මහත්මිය (උපත 1969 අප්‍රේල් 18; මුලින් 'නෝරි කුමරිය' ලෙස හැඳින්විණි)

නිල උත්සව අවස්ථා

අකිහිතෝ 
අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ අධිරාජිණිය 2005 ජූනි 28 වෙනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටි අයුරු

සිය ව්‍යවස්ථාමය නිලයට අනුව එසේ නොකරන ලෙස බලකර තිබුනද, අකිහිතෝ අධිරාජ්‍යයා විසින් අවස්ථා කිහිපයකදීම ජපානයෙන් පීඩාවට පත්වූ ආසියානු රටවල් රැසකට ඒ පිලිබඳ සිය පසුතැවීම ප්‍රකාශ කර තිබේ. එලෙස ප්‍රකාශයන් කිරීම ආරම්භ වූයේ සිය පියාගේ මරණයෙන් තෙමසකට පසු, එනම් 1989 අප්‍රේල් මාසයේදී චීනය පිලිබඳ එවැනි ප්‍රකාශයක් සිදු කිරීමත් සමගය.

2005 වසරේ ජූනි මාසයේදී අධිරාජ්‍යයා විසින් එක්සත් ජනපද පාලනයට අයත් ප්‍රදේශයක් වන සයිපාන්හි සංචාරයේ යෙදුනේය. සයිපාන් යනු දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී 1944 ජූනි 15 සිට ජූලි 9 දක්වා සයිපාන් සටන පැවති ප්‍රදේශයයි. මෙම සංචාරයේදී අධිරාජ්‍යයා සහ අධිරාජිණිය විසින්, මියගිය ජපන් ජාතිකයන් පමණක් නොව, ඇමරිකානු සොල්දාදුවන්, කොරියානු කම්කරුවන් සහ දූපත් වාසීන් ද සිහිකරමින් යාඥාකිරීම් සහ පුෂ්පෝපහාර දැක්වීම් සිදුකළහ. මෙය ජපාන අධිරාජ්‍යයෙකු විසින් ජපානයෙන් පිටත ඇති දෙවන ලෝක යුද්ධ සටන් බිමක සංචාරයේ යෙදුනු පළමු අවස්තාව විය. මෙම අවස්තාව ජපන් ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. 1995 වසරේදී අධිරාජ්‍යයා විසින් ටෝකියෝ, හිරෝෂිමා, නාගසාකි සහ ඔකිනාවා යන නගර වල ඇති යුධ ස්මාරක නැරඹීමට ගියේය.

ආශ්‍රිත

Tags:

අකිහිතෝ නාමයඅකිහිතෝ ජීවන චරිතයඅකිහිතෝ විවාහය සහ දරුවන්අකිහිතෝ නිල උත්සව අවස්ථාඅකිහිතෝ ආශ්‍රිතඅකිහිතෝEn-us-Akihito from Japan pronunciation (Voice of America).oggගොනුව:En-us-Akihito from Japan pronunciation (Voice of America).oggමෙම ශබ්දය පිළිබඳවිකිපීඩියා:මාධ්‍ය භාවිතය සදහා උපදෙස්

🔥 Trending searches on Wiki සිංහල:

ගෝඨාභය රාජපක්ෂගැට බෙරයසිද්ධි ලෙබ්බේගොංගාලේගොඩ බණ්ඩාරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමමිනිස් දත්ඡායාරූප ශිල්පීමහාසේන රජලෝක පුදුමසමාජවාදයනිදිකුම්බාරත්න ශ්‍රී විජේසිංහගස්ලබුසමාජ විද්‍යාවසාමයමූලද්‍රව්‍ය ලැයිස්තුවචාමර වීරසිංහමුහම්මද් නබිනිෂ්පාදන හැකියා මායිමවෛරසමාරි කියුරිශ්‍රී ලංකාවේ සංස්කෘතියසමාජානුයෝජනයකමතදියවැඩියාවෙහි රෝග ලක්ෂණකොට්ටම්බාචන්ද්‍රයාවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ පළාත් මල්ලිංගික සංසර්ගික ඉරියව්උෂ්ණත්වයගබ්සාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්හෙද සේවයසේනානායක සමුද්‍රයමහ වැව් නාමාවලියකතරගමමානව ප්‍රජනන පද්ධතියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරක්‍රීඩාදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ රබර් වගාවකළමනාකරණයගඩලාදෙණිය විහාරයකෝට්ටේ යුගයඡායාරූපයත්‍රි ලක්ෂණමානවම්ම රජමනෝ විශ්ලේෂණවාදයඅධ්‍යාපනයමහාවංශයපොන්නම්බලම් රාමනාදන්පොන්නම්බලම් අරුණාචලම්බුද්ධ චරිතයනෙළුම්පණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාමහවැලි ගඟලංකා බැංකුවපංච කල්‍යාණපංච නීවරණසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමසෛලය (ජීව විද්‍යාව)හෘදයාබාධයමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ පළාත්මහනුවර පාසල් නාමාවලියකොළඹ දිස්ත්‍රික්කයඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියත්‍රිලක්‍ෂණඉරානයසිංහල සන්ධිවේදිකා නාට්‍ය🡆 More