ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් (18 දෙසැම්බර් 1878 - 5 මාර්තු 1953) යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි.
1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණන්වල මැද බාගයේ සිට 1953 ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළේය. තනි-පක්ෂ පාලන ක්‍රමවේදයක් යටතේ රජයේ ප්‍රධානියා වූ ස්ටාලින් ඇත්ත වශයෙන්ම 1937 වනවිට රටේ ඒකාධිපති (de facto dictator) බවට පත්ව සිටියේය. මාක්ස්වාදය හා ලෙනින්වාදය ගරුකළ ස්ටාලින් එම මතවාද මාක්ස්වාදය-ලෙනින්වාදය ලෙස ආකෘතිකරණයට උදව් දුන්නේය. ඔහුගේම ප්‍රතිපත්ති ස්ටාලින්වාදය ලෙස ජනප්‍රිය විය.
Иосиф Сталин (රුසියානු) იოსებ სტალინი (ජෝර්ජියානු) | |
General Secretary of the Communist Party of the Soviet Union | |
---|---|
තනතුර දරමින් 3 April 1922 – 16 October 1952 | |
පූර්වප්‍රාප්තිකයා | Vyacheslav Molotov (as Responsible Secretary) |
අනුප්‍රාප්තිකයා | Nikita Khrushchev (as First Secretary) |
Chairman of the Council of Ministers | |
තනතුර දරමින් 6 May 1941 – 5 March 1953 | |
First Deputies | Nikolai Voznesensky Vyacheslav Molotov Nikolai Bulganin |
පූර්වප්‍රාප්තිකයා | Vyacheslav Molotov |
අනුප්‍රාප්තිකයා | Georgy Malenkov |
පුද්ගලික තොරතුරු | |
උපත | Ioseb Besarionis dze Jughashvili 18 දෙසැම්බර් 1878 Gori, Tiflis Governorate, Caucasus Viceroyalty, Russian Empire |
විපත | 5 March 1953 Kuntsevo Dacha, Kuntsevo, Russian SFSR, Soviet Union | (වයස 74)
Resting place | Lenin's Mausoleum, Moscow (9 March 1953 – 31 October 1961) Kremlin Wall Necropolis, Moscow (from 31 October 1961) |
ජාතිය | Soviet |
දේශපාලන පක්ෂය | Communist Party of the Soviet Union |
කලත්‍රයා | Ekaterine Svanidze (1906–07) Nadezhda Alliluyeva (1919–32) |
දරුවන් | Yakov Dzhugashvili Vasily Dzhugashvili Svetlana Alliluyeva |
දෙමව්පිය(s) | Besarion Jughashvili and Ekaterine Geladze |
අත්සන | |
අපනාමය | Koba |
හමුදා සේවය | |
Allegiance | Soviet Union |
ඛණ්ඩය/සේවය | Soviet Armed Forces |
සේවා කාල සීමාව | 1943–53 |
නිලය | Marshal of the Soviet Union (1943–45) |
Commands | All (supreme commander) |
සටන්/යුද්ධ | World War II |
Central institution membership
Other offices held
| |
රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ප්රව්ඩා සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි (protection rackets) ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය (Collectivization) මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම යුක්රේනයට වැඩි බලපෑම් එල්ල කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම (Great Purge) ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.
This article uses material from the Wikipedia සිංහල article ජෝසෆ් ස්ටාලින්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.