මහා පරාක්‍රමබාහු රජ මාළිගය: මාලිගා

මහා පරාක්‍රමබාහු රජ මාළිගය (හෝ වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය) යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර තුල දැකගත හැකි මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව.

1153-1186) සත් මහල් මාළිගාව වේ. මෙම මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව 12 වන ශතවර්ෂයේ අනුරාධපුර විජයබා මාළිගයට, පඬුවස්නුවර හා යාපහුව යන මාළිගාවන්ට සමාන බව පැවසේ.

මහා පරාක්‍රමබාහු රජ මාළිගය: නාමය, මාළිගය, මූලාශ්‍ර
මහා පරාක්‍රමබාහු රජ මාළිගය

නාමය

ශක්‍ර දෙවියින්ගේ වාසභවන හැඳින්වීම සඳහා යොදන වෙෙජයන්ත ප්‍රාසාදය යන නාමය අතීතයේදී මෙම පරාක්‍රමබාහු රජ මාළිගය හැඳින්වීමට යොදා තිබූ බව ප්‍රකාශ වේ. රජු සහ දෙවියන් සමාන යැයි යන සංකල්පය ඉස්මතුකරවීම සඳහා මෙවැනි නාමයක් සිය රජ මාළිගාවට යෙදීමට රජු කටයුතු කරන්නට ඇතැයි මින් ගම්‍ය කෙරේ.

මාළිගය

මහා පරාක්‍රමබාහු රජ මාළිගය: නාමය, මාළිගය, මූලාශ්‍ර 
මහා පරාක්‍රමබාහු රජ මාළිගාවේ ඇතුලත බිත්තිහී පැරණි කපරාරු කොටස් තවමත් ශේෂව පවතී

ඉතාමත් ඝන ශක්තිමත් ගඩොලින් නිමවා ඇති මෙම මාළිගය එකල මහල් හතකින් සමන්විතව තිබූ බව පැවසෙයි. උඩු මහල් ලී බාල්ක මත ලෑලි සවිකිරීම මගින් නිමවා තිබී ඇති අතර මහල් තරණය සඳහා ගල් පඩි යොදා තිබූ බව විශ්වාස කෙරේ. තිබූ යැයි කියැවෙන මහල් හතෙන්, මහල් තුනක අවශේෂ වර්ථමානයේ දැකගත හැකි වන අතර දැව බාල්ක සඳහා උපයෝගී කොට ගත් තව් හා බිත්ති කුහර, ඝන ගඩොල් බිත්ති අතර ශේෂව පවතී. මාළිගාව ගිනිගෙන දැවීමෙන් විනාශ වූ බවට සාධක පවතී.

මහාවංශයට අනූව මෙම මාළිගයෙහි කාමර දහසක් තිබූ බව කියැවෙයි. කෙසේවූවද මාළිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් සේ සැළකුණද සමස්ථ මාළිගා පරිශ්‍රය තුල කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මාළිගය අවට නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් දැකගත හැකි වන අතර ඒවා විවිධ පූජා, විනෝද කටයුතු, දැසි දස්සන්ගේ ලැගුම්හල් හා ගබඩා ආදිය සඳහා යොදා ගන්නට ඇතැයි සැළකේ.

මූලාශ්‍ර

ආශ්‍රේය

Tags:

මහා පරාක්‍රමබාහු රජ මාළිගය නාමයමහා පරාක්‍රමබාහු රජ මාළිගය මාළිගයමහා පරාක්‍රමබාහු රජ මාළිගය මූලාශ්‍රමහා පරාක්‍රමබාහු රජ මාළිගය ආශ්‍රේයමහා පරාක්‍රමබාහු රජ මාළිගයපඬුවස්නුවර මාළිගයපරාක්‍රමබාහු රජපොළොන්නරුව පෞරාණික නගරයයාපහුව බලකොටුවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

කඩුපුල්ශ්‍රී ලංකාවේ නර්තනයන්ශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගශ්‍රී ලංකා පොදුජන පෙරමුණදාගැබ්ශ්‍රී ලාංකීය සංස්කෘතියපරිගණකයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඅලෙවිකරණයකොළඹ ජාතික කෞතුකාගාරයවිජයබා කොල්ලයස්ටීවන් හෝකිංඅධ්‍යාපන මනෝ විද්‍යාවසිංහල සන්ධිතම්මැට්ටමඑන්සයිමප්‍රජාපතී ගෝතමීමහා මංගල සුත්‍රයකොළඹ පාසල් නාමාවලියපහතරට නැටුම්මහින්ද රාජපක්ෂඅනගාරික ධර්මපාලමුගලන් රහතන්වහන්සේඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවෛද්‍යවරයාඅභයගිරි විහාරයවියුණු සටහනමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)අවුකන බුදු පිළිමයපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ වී ගොවිතැනජපන් සංස්කෘතියනියඟයකොළඹ බස් මාර්ගධර්ම සංගායනාආර්ථික සංවර්ධනයකැලණියමාර්ටින් වික‍්‍රමසිංහශිශ්නයශ්‍රී ලංකාවේ අපරාධතරුගෝලයශිව දෙවියන්දේවානම්පිය තිස්ස රජවෙබ් අඩවිසිංහලේ රාජාවලියසත්තුඉසුරුමුණියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියරජරට රාජධානියේ අනුරාධපුර යුගයලාඕසයඇත් පොකුණරූපවාහිනියඅටමස්ථානදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයලූෂන් බුලත්සිංහලශ්‍රී ලංකාවේ ජල වේලි ලැයිස්තුවසූත්‍ර පිටකයලේ ගැලීමමහා ප්‍රජාපතී ගෝතමීරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයප්‍රජාතන්ත්‍රවාදයසරම්පයෝගඩොල්ෆින්ආසියාවසෞඛ්‍යයමුඛ සංසර්ගයයුරෝපියානු සංගමයහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකෘමියෝඡායාරූපයවිශාකා උපාසිකාව🡆 More