ඩෙල්ටා

ඩෙල්ටාවක් යනු ගඟක මුවදොර, සාගරයක්, මුහුද, කාන්තාරය, ගං මෝය, විල හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි.

ජලය සමඟ ගලා එන විවිධ ද්‍රව්‍ය (ඩෙල්ටාමය තැන්පත්වීම්) ජල පහරේ වේගය අඩුවීමත් සමඟ එම ස්ථානයේ තැන්පත් වෙයි. කාලයත් සමඟ එම රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම් ඇති වී එමඟින් ජල මාර්ග විභේදන නමින් හඳුන්වන කුඩා ජල පහරවල් ගණනාවකට බෙදේ. මෙම බෙදිම් වලින් ඇති වු කුඩා ජල පහරවල් නැවත එකතු වී සක්‍රිය හා අක්‍රිය කුඩා ඇල මාර්ග රාශියක් ඇතිවේ. භූ විද්‍යාත්මකව මෙම ඇලමාර්ග දියළු අවාන නමින් හැඳින්වේ. ගං මුවදොරේ ඇතිවන මෙම තැන්පත් විම් සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත් කළ ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය හා පදනමේ විශාලත්වය ක්‍රමයෙන් වර්ධනය වීමට හේතු වන්නේ මෙමඟින් ගංමෝය අවහිරවීම නිසා දිගින් දිගටම මුල් නිර්මාණයන්ට අවනතව විභේදන ඇතිවිමයි. මෙම විභේදන ආරම්භයේදී වේගයෙන් ගලන අතර කල්යාමේදි රොන්මඩ තැන්පත් වීම වැඩි වීමත් සමඟම මෙහි ගමන් වේගය බාල වී ජලය වෙනත් දිශාවකට ගමන් කිරීමට පටන් ගනී. ජලය ගලා යාමේ වේගය ජලයේ පාවෙන හා ඉවුරේ තැන්පත් අංශුවල ප්‍රමාණය සඳහා බලපෑමක් ඇතිකරන අතර ජලයේ වේගය අඩුවීමත් සමඟ පාවෙන අංශුවල ප්‍රමාණය කුඩා වන අතර ජලයේ වේගය වැඩිවීමෙන් විශාල අංශු තැන්පත් වේ. මෙම තැන්පත් වීම නොකඩවා චක්‍රීය ආකාරයට සිදුවේ.

tiny globe
නයිල් ඩෙල්ටාව අභ්‍යවකාශයේ සිට පෙනෙන පරදි (NASA)


tiny globe
Narsarsuag අසල ග්‍රීන්ලන්ත නිරිතදිග වෙරළේ ඇති දුනු හැඩැති ඩෙල්ටාව

මෙම තැන්පත්වීම් ඝන රොන් මඩ තට්ටු ආකාරයට හා සියුම් තට්ටු ආකාරයට වෙනස් ස්වරූපයන් උසුලයි. නයිල් ගංගාවේ මුවදොරේ රෝන්මඩ තැන්පත් වීම නිසා හටගත් ස්වභාවය ග්‍රීක හෝඩියේ ඩෙල්ටා අකුරේ හැඩයට සමාන නිසා ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොටොඩස් මෙයට ඩෙල්ටා යන නාමය යෙදීය. ‍ඩෙල්ටාවක් ඇතිවීම හා එහි හැඩය ගංඟාව මත රඳා පවතින අතර ඒවාට උදම් රැළි වලින් බලපෑමක් ඇති නොවේ. ඩෙල්ටාවක හැඩය සමහර විට කුරුලු පාදයක ආකාරයට බහු බෙදීම් සහිතව ඇතිවිය හැක. ඩෙල්ටාවක නිර්මාණය මතුපිට කොටස්, පළමු කොටස හා යට කොටස යන කොටස් 3 න් යුක්තය. පහළ කොටසේ ඉවුරු ඇති වන්නේ ගංගාව තවත් ජල ප්‍රවාහයකට ගලා යාම නිසා වතුරේ පාවෙන රොන්මඩවල ශක්තිය හීන වීමෙන් ගං ඉවුරු මත තැන්පත් වීමෙනි. මෙම ඉවුරු කුඩා රොන්මඩ අංශු තිරස් ස්ථර ලෙස තැන්පත් වීමෙන් සෑදී ඇත. පළමු කොටස් ඉවුරු වශයෙන් සෑදේ. ඉන්පසුව පහත් කොටස් ඉවුරු මත ගොඩ නැගෙයි. ගංඟාව ඉවුරු හරහා ගලායාමේදි ප්‍රධාන ගංගාව සමඟ ගලා යනවාට වඩා විශාල රොන්මඩ අංශු වලින් පළමු කොටස් වලින් ඉවුරු සෑදි ඇත. මෙය කෙළවරට ළඟාවු විට ගංගාවේ තැන්පත් වු රොන්මඩ ‍පහත් කොටස් ඉවුරු මත බෑවුමක් සහිත ස්ථර වශයෙන් තැන්පත් වේ. ඉන්පසු මතුපිට ස්ථරය මෙයට ඉහළින් තැන්පත්වේ. මෙම ස්ථරය තැනී ඇත්තේ ගංගා‍වේ ගමන් මග වෙනස්වීම නිසා තැන්පත් වන කුඩා රොන්මඩ අංශු වලිනි. විශාල අංශු තවදුරටත් තැන්පත් නොවේ. ගංගාව ඩෙල්ටා මතින් ගමන් කිරීමේදි එහි පාවෙන ද්‍රව්‍ය ඩෙල්ටාව මත තිරස් ස්ථර ලෙස තැන්පත් වේ. මිසිසිපි ඩෙල්ටාව මෙම වර්ගයට‍උදාහරණයකි.

ඉතා ප්‍රසිද්ධ ඩෙල්ටාවක් වන්නේ නයිල් ගඟේ පිහිටි ඩෙල්ටාවයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය ග්‍රීක හෝඩියේ අකුර‍ට සමාන නිසා මෙම භූ විෂමතාවයට ඩෙල්ටාව යන නම ලැබුනේද නයිල් ගංගා ඩෙල්ටාවෙනි. ගංගානම් හා බ්‍රහ්මපුත්‍ර ගංගා එකතුවෙන් සෑදුනු ඩෙල්ටාව ලොකයේ විශාලතම ඩෙල්ටාවයි. මෙය බටහිර බෙංගාලය හා බංග්ලාදේශයේ වැඩි කොටසක පැතිර තිබෙන අතර එය ගලා බසින්නේ බෙංගාල බොක්කටය. තවත් වැදගත් ගංගා ඩෙල්ටාවන් කිහිපයක් වන්නේ සැක්රෙමෙන්ටෝ - සෙත් ‍ජෝතින්(Jocqcen), මිසිසිපි, රයින්, රොන්, ඩැනියුබ්, එබ්රෝ, වොල්ගා, ලෙනා, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සින්දු, ක්‍රිෂ්ණා, ගෝධාවරි, Truekee කාර්සෝ, කාවේරි, අයියර්වාඩි හා Mekong ය.

විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන අනෙක් ගංඟාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ගංමෝයක් ආකාරයට ගලා බසී. මෙවැනි ගංමෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.

ඉතා දුර්ලභ ආකාරයේ විශාල තැනිතලාවක් තුළ ඇතිවු ඩෙල්ටාවන්ද දක්නට ලැබේ. මේවා යටිකුරු ඩෙල්ටා නමින් හැඳින්වේ. සමහර අවස්ථාවල ගංඟාවක් ‍රට තුළදී අතුගංඟා කිහිපයකට බෙදී මුහුදට ගලා යාමට පෙර එක්වන ප්‍රදේශයක් අභ්‍යන්තර ඩෙල්ටාවක් නම් වේ. මෙවැනි ඩෙල්ටා බො‍හෝ විට ඇති වන්නේ අතීතයේ විල් පැවිති ප්‍රදේශවලය. නයිජර් අභ්‍යත්තර ඩෙල්ටාව මේ සඳහා හොඳ නිදසුනකි. ඇමේසන් වනයේ marjo දුපතට ඉදිරියෙන්අභ්‍යත්තර ‍ ඩෙල්ටාවක් හමුවේ.

ආශ්‍රිත

  • Alluvial fan
  • Avulsion (river)
  • Estuary
  • Levee
  • Nile Delta
  • Regressive delta

මූලාශ්‍ර

Tags:

සාගර

🔥 Trending searches on Wiki සිංහල:

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයආනන්ද විද්‍යාලය, කොළඹජවන සහ පිටිය ක්‍රීඩාරණසිංහ ප්‍රේමදාසසඳකඩපහණමරියානා අගාධයඅහුක්ෂීර පථයශ්‍රී ලංකා‍ අලියාධවල පත්‍රිකාවහේන් ගොවිතැනසද්ධර්ම රත්නාවලියඇමසෝන් වැසි වනාන්තරයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවජන සන්නිවේදනයසෞඛ්‍යයඅයිසැක් නිව්ටන්මන්ද පෝෂණයසමාජ විද්‍යාවකාලස් පුයිජ්දෙමොන්එදිරිවීර සරච්චන්ද්‍රසාර ධර්මඅභිප්‍රේරණයගෝලීයකරණයගෞතම බුදුන්ගේ ධාතූන්මහනුවර යුගයේ සිතුවම් කලාවභූපාලි රාගයශ්‍රී ලංකා නිදහස් පක්ෂයභූගෝල විද්‍යාවබ්‍රිතාන්‍ය ලංකාවපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවහෙළ ගණන් ක්‍රමයකුණකටුවායකඩවිටමින්සියදිවි නසාගැනීමශ්‍රී ලංකා කොටියාඌව පළාතක්ෂුද්‍ර ජීවීන් සහ රෝගරුධිර සංසරණ පද්ධතියශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවදුක්ඛසුසන්තිකා ජයසිංහකලා වැවසමාජයවැලිවිට සරණංකර හිමිඩී.එස්. සේනානායකසමාජානුයෝජනයචෙස්ශ්‍රී ලංකාවේ බුද්ධාගමකෘෂි කර්මාන්තයග්‍රහලෝකද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියසපුෂ්ප ශාකපළමුවන පරාක්‍රමබාහු රජවළි කුකුළාසීතාවක පළමුවන රාජසිංහ රජුලතා මංගේෂ්කාර්මහා කාශ්‍යප රහතන් වහන්සේසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවපුරාවිද්‍යාවමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයවෛරසමොනරාඉල්ලුම සහ සැපයුමඑක්සත් රාජධානියමාරි කියුරිරුසියාවජැකලීන් ෆර්නැන්ඩස්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)අරයපෙරකෙළිය🡆 More