කාව්‍ය

කාව්‍ය යනු ඉංගිරිසියෙන් poems යන අර්ථය දෙන ලේඛන විශේෂය හඳුන්වයි.

එසේ නමුත් ඉපැරණි සංස්කෘත අර්ථයන්ට අනුව කාව්‍ය යන්න යටකී කවිය හෙවත් පද්‍ය යන වර්තමාන තේරුම ඉක්මවා යයි. මන්ද යත්, පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, ද්‍රෘෂ්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය වැනි සියලු කලාංගයන් හැඳින්වීම සඳහා කාව්‍ය යන්න එකල භාවිත වූ හෙයිනි. ඒ අනුව වර්තමාන අර්ථයේ කවියත්, ගද්‍ය සාහිත්‍යත්, නාට්‍යත්, ගද්‍ය පද්‍ය දෙකොටසෙහිම සම්මිශ්‍රණයක් සේ ගැනෙන චම්පු කාව්‍යත් එකල පොදුවේ කාව්‍ය ලෙස හැඳින්වූ බව ප්‍රත්‍යක්ෂ වේ. එසේ නමුත් මෙහිදී අප කාව්‍ය ලෙස සලකා බලන්නේ කවිය යනුවෙන් නූතන අර්ථයෙන් ගැනෙන poems යන්නෙහි සිංහල සූචිතයයි.

ආරම්භක අවධියේ සිට කාව්‍ය යන්න තුළින් හැඟවුම් කරනු ලැබූවේ තාලයකට ගැයිය හැකි, නිශ්චිත විරිතක් නිශ්චිත මාත්‍රා ප්‍රමාණයක් හා නිශ්චිත යතියක් සහිත නිර්මාණයි.
එවන්නකට උදාහරණයක් ලෙස පහත සඳහන් සිංහල ජන කවිය ගෙන බලමු.


මැද වත්තේ සෙල්ලම් පාරකි යන්ට
මල් පිපිලා සුවඳේ බැරුවා ඉන්ට
නෙලාගන්න බෑ අත රිදෙනව අපට
සාදු සාදු මල් පිපියන් සොඳ රුවට


සමුද්‍ර ඝෝෂ විරිත නම් සුප්‍රකට විරිතට අනුව ලියා ඇති පහත සඳහන් සැළලිහිණි සංදේශ කාව්‍යය ද ගෙන බලන්න.

මනහර නා මෙනවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන එව කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැළණි ගඟ බඩ මද කලක් සිට

එසේ නමුත් පසුකාලීන යුගය වනවිට කාව්‍යෙයහි අර්ථය නිශ්චිත තනුවක් සහිත ගැයිය හැකි නිර්මාණය යන්නෙන් වෙනස්වී පුළුල් අර්ථයකින් භාවිත විය. මන්ද යත් නිසදැස් කවිය
යනුවෙන් කාව්‍යමය උපශානරයක් නිර්මාණය වීම නිසාය. නිසදැස් කවිය බටහිර කවිය තුළ නිෂ්පන්න වූවාය යන්න සාමාන්‍ය පිළිගැනීම වුවත් ඉපැරණි චීන කවි හා ජපන් හයිකු කවි වැනි
ලෝතයේ සෙසු ප්‍රදේශයන්ට අයත් කාව්‍යන් තුළද නිදහස් කවියට සමාන ලක්ෂණ නිරෑපණය වන බව ඇතැම් උගත්හු පවසති. ප්‍රවීන ශ්‍රීලාංකීය කිවිවර ලාල් හෑගොඩ මහතාගේ පහත කවිය
ගෙන බලන්න.

නෙත් කැලුම් ගටා
සඳුන් අරටුව දැල්වූයෙ නුඹයි

විහිදෙන්නෙ හෙමින්
ඒ සුවඳ බිඳයි

සිරවෙන්න රිසිසේ
ඒ සුවඳ කුටියේ
මුදවන්න ඒ
ශ්වේත සළුව රහසේ

නිසදැස් කාව්‍යය සඳහා බැලූ බැල්මට පෙනෙන ජනප්‍රිය විරිතක් නැති බව සැබවි. එසේ නමුත් ඒ සඳහාද ඊටම ආවේනික රිද්මයක් තිබේ.යතියක් තිබේ.ශබ්ද මාධූර්යයක් තිබේ. සිංහල නිසදැස් කවියේ ආරම්භකයා ලෙස සැලකෙන ජී.බී.සේනානායක මහතා මෙම මුල් නිර්මාණයන් පළ කළ පලිගැනීම (1946) නම් පොතෙහි මෙසේ පවසන්නේ එහෙයින්ය.

මේ පොකෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිර්මාණ මා සලකන්නේ ගද්‍යටත් පද්‍යටත් අතර ඇති නිබන්ධන විශේෂයක් හැටියටය. ඒවා කියවිය යුත්තේ ගද්‍ය කියවන ආකාරයටය. එසේ නමුත් පද සංඝටනාවේදී ශබ්ධ මාධූර්යය පිළිබඳ දක්වන සැලකිල්ල ගද්‍ය කියවීමේදී ඒ අරබයා දක්වන සැලකිල්ලට වඩා වැඩි විය යුතු ය.

ජී.බී.සේනානායක මහතාගේම අලුත ගෙනා මනමාලි නම් කවිය ගෙන ඔහු පවසන කතාව තේරුම්ගැනීමට උත්සාහ කරමු.

හිස නමා ගති ඈ
සිහින් රතැඟිලි පටලවා ගති,
සතියකට පෙර ගෙනා වර
විළිබර ය මගෙ රන්වන් මනාලිය.

දැල් තිර අස්සෙන්
පෙනෙයි ඈ
ඔබ යනු මොබ එනු
පට පිළී ගෙන අබරණ පෙට්ටි ගෙන.

ඇසෙයි නොපෙනෙන විටත්
සාලයෙන් කාමරයට
කාමරෙන් සාලයට
යන පා හඬ.

මා වෙත එතත් ඈ
වුවමනාවන් කිසිත් නැතිවද,
නොරැඳෙයි, පලායෙයි.

ගෑ විලවුනෙහි,
නැත,රන්වන් සමෙහි
සුවඳ නොව‍
හෙළන සුස්මෙහි සුවඳ ය ඒ
ඈ බඳ සුවඳ
දැනෙන්නෙ මට විතරද?

පෙනෙයි ඈ
ඇසෙයි
දැනෙයි
මට ගේ හැම තැන.

ඒ අනුව නූතන අර්ථයට අනුව කවිය යනු තනුවකට කියවිය හැකි හෝ වේවා කියවිය නොහැකි හෝ වේවා සුවිශේෂ සාහිත්‍යමය ලඝුලේඛන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.


                                                                                                          -පී.එන්.බී විජේකෝන් 

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මුනිදාස කුමාරතුංගලක්දිව රාජාවලියපන්සිල්ගොංගාලේගොඩ බණ්ඩාභූගෝල විද්‍යාවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයවිද්‍යුත් තැපෑලසිංහල පිල්ලම්එස්‌. මහින්ද හිමිබුදුගුණ අලංකාරයසොකරි නාටකයඋසස්කිරීම සහ පහත හෙලීමබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහඉන්දුනීසියාවබැද්දේගම(නවකතාව)සේනක බිබිලේලේශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයෝනි මාර්ගයපංච නීවරණසිංහල අලුත් අවුරුද්දරතු දත්ත පොතදෙමළ භාෂාවඉංග්‍රීසි භාෂාවරසායනික මූලද්‍රව්‍යමනෝ විශ්ලේෂණවාදයපලතුරු වර්ග ලැයිස්තුවරූපවාහිනියේ සාමාජීය බලපෑමභාෂාවභික්ෂු සාසනයසියදිවි නසාගැනීමදඬුලේනාකිරි වෙහෙර, කතරගමචන්ද්‍ර ග්‍රහණයසාහිත්‍යයඅපද්‍රව්‍ය කළමනාකරණයපාර්කින්සන් රෝගයකොළඹමහවැලි සංවර්ධන වැඩසටහනමොණරා සහ සෙබඩසිංහල සහ හින්දු අලුත් අවුරුද්දරංජිත් සියඹලාපිටියබිම්මල් වගාවබල්ලෝගෝලයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලු1000000000000 (number)සන්දේශ කාව්‍යවෙබ් අඩවිදැඩිමුණ්ඩ දෙවියෝමහින්දාගමනයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයඅටමස්ථානශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසෙනරත් පරණවිතානඅශෝක අධිරාජයාපාස්කු උත්සවයමිත්‍රත්වයගෞතම බුදුන්ගේ ධාතූන්කාව්‍යයේ මුඛ්‍යාංගකුණකටුවාශ්‍රී ලංකාවේ අපරාධවන්නම්Voynich manuscriptස්වාභාවික උපද්‍රවසර්පයෝසානියා මල්හෝත්‍රාකම්කරු නීතියස්වයං වින්දනයඊජිප්තුවගුප්ත රාජවංශයසිංහල මිණුම් ඒකකතිස්ස වැව (අනුරාධපුරය)ශ්‍රී ලංකාවේ නීති පද්ධතියබිසෝ කොටුවශ්‍රී ලංකාවේ වී ගොවිතැන🡆 More