ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 යනු ස්කොට්ලන්තය නිදහස් රටක් විය යුතු ද යන බව විමසා බැලීමට පැවැත් වූ ජනමත විචාරණයක් වන අතර එය 2014 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පැවැත්වුණි.

පැය 22:00 බීඑස්ටී (21:00 යූටීසී) වන විට ඡන්දය විමසීම අවසන්වූ විට, ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ අතර සැප්තැම්බර් 19 දින උදෑසන ම ප්‍රතිඵල නිකුත් විය. සමස්ත ප්‍රතිඵලය වූයේ "නැත" පාර්ශවයේ ජයග්‍රහණයයි: 55.3% ක් නිදහසට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කළහ.

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය
බ්‍රහස්පතින්දා, 18 සැප්තැම්බර් 2014
ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 ඔව් 1,617,989 &0000000000000044.70000044.7%
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 නැහැ 2,001,926 &0000000000000055.30000055.3%
වලංගු චන්ද 3,619,915 &0000000000000099.91000099.91%
අවලංගු හෝ හිස් ඡන්ද 3,429 &0000000000000000.0900000.09%
මුළු ඡන්ද 3,623,344 100.00%
ඡන්දය දැමීම &0000000000000084.59000084.59%
කොට්ඨාශය 4,283,392
පුරසභා ප්‍රදේශය අනුව ප්‍රතිඵල
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014
  ඔව්
  නැහැ

ස්කොට්ලන්ත සහ එක්සත් රාජධානි රජයයන් අතර ඇතිවුනු එකඟතාවයක් පරිදී, මෙම ජනමත විචාරණයට විධිවිධාන සලසන ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණ පණත, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් 2013 නොවැම්බරයේදී සම්මත කරන ලදි. මැතිවරණ කොමිසම විසින් නිර්දේශ කල පරිදී, ජනමත විචාරණ ප්‍රශ්නය වන්නේ, "ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?" – ඡන්දදායකයන් විසින් ඔව් හෝ නැහැ ලෙසින් පිළිතුරු දිය හැකිය. ස්ථිර වීම සඳහා, නිදහස පිළිබඳ යෝජනාවට සරල බහුතරයක් ලැබිය යුතුය. සමහරක් ව්‍යතිරේකයන්ට යටත්ව, වයස 16ක් හෝ ඊට වැඩි සියළු ස්කොට්ලන්ත වැසියනට, එනම් මිලියන 4.3 පමණ ජනතාවකට, ඡන්දය ප්‍රකාශ කල හැක.

නිදහස සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ යර්ස් ස්කොට්ලන්ඩ් වන අතර, සුසංගමය පවත්වාගෙන යෑම සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ බෙටර් ටුගෙදර් වෙයි. අනෙකුත් ඡන්ද ව්‍යාපාර කණ්ඩායම්, දේශපාලන පක්ෂ, වෙළෙඳ ව්‍යාපාර, පුවත්පත් සහ ප්‍රමුඛ පුද්ගලයන් බොහෝමයක් මේ සඳහා සම්බන්ධ වී ඇත. ඡන්ද ව්‍යාපාරය තුලදී ඉස්මතුවූ ප්‍රමුඛ වාද විෂයයන් අතර, නිදහස් ස්කොට්ලන්තයක් භාවිතා කරනුයේ කුමන ව්‍යවහාර මුදලක්ද, රාජ්‍ය වැය සහ උතුරු මුහුදේ තෙල් විය.

ඉතිහාසය

ස්කොට්ලන්තය සහ එක්සත් රාජධානිය ස්ථාපනය

මධ්‍යතන යුග තුලදී, ස්කොට්ලන්ත රාජධානිය සහ එංගලන්ත රාජධානිය, ස්වාධින රටවල් ලෙසින් සංස්ථාපනය කෙරිණි. 14වන සියවසෙහිදී, යුද්ධ මාලාවක් සටන්කිරීමෙන් පසුව, 1603 වසරෙහිදී, රාජාණ්ඩු දෙක විසින් පුද්ගලික සුසංගමයකට එළෙඹ ( කීරීටයන්ගේ සුසංගමය), ස්කොට්ලන්තයේ සයවන ජේම්ස් රජ එංගලන්තයෙහි පළමුවන ජේම්ස් රජ බවටද පත් විය. 1653 වසරෙහිදී, පොදු රාජ්‍ය මණ්ඩලයක පරිණායක සාමිවරයා ලෙසින් ඔලිවර් ක්‍රොම්වෙල් ප්‍රකාශයට පත් කෙරුණු විට, ජාතීන් දෙක එක් රජයක් යටතේ තාවකාලිකව එක්සත් වූ නමුත්, 1660 වසරෙහිදී, රාජාණ්ඩුව ප්‍රතිසංස්ථාපනය කෙරුණු විට විසුරුවා හැරිණි. 1707දී ස්කොට්ලන්තය සහ එංගලන්තය එක්සත් වූයේ මහා බ්‍රිකාන්‍ය රාජධානිය තැනීමටය. 1801දී අයර්ලන්ත රාජධානිය හා සමග එක්සත්වූ මහා බ්‍රිතාන්‍යය, මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය එක්සත් රාජධානිය තැනීය. 1922 වසරෙහිදී, අයර්ලන්තයෙන් බොහෝ කොටසක්, අයර්ලන්ත නිදහස් රාජ්‍යය ලෙසින් සුසංගමයෙන් ඉවත් විය. ; එබැවින් ස්වෛරී රාජ්‍යයේ වර්තමාන සම්පූර්ණ නම වනුයේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානිය යන්නයි.

බලය බෙදා හැරීම

1920 ගණන් වලදී, කම්කරු පක්ෂය වෙතින්, ස්කොට්ලන්තයේ ස්වදේශ පාලනය වෙනුවෙන් කැපවීමක් පල කෙරුණු නමුත්, පසුකාලීනව, එහි න්‍යාය පත්‍රයෙන් ගිලිහී ගියේය. 1934 වසරෙහිදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) ස්ථාපනය කෙරුණු මුත්, 1960 ගණන් වන තුරු සැලකිය යුතු තරම් මැතිවරණ සඵලත්වය ළඟා කර ගැනුමට අපොහොසත් විය. ස්වදේශ පාලනය ඉල්ලා සිටිමින්, ස්කොට්ලන්ත ප්‍රතිඥාතය නම් ලේඛනයක්, 1940 ගණන් වල අගභාගයේදී මිලියන 2 ක ජනතාව (මිලියන 5 ක ජනගහණයක් අතරින්) අත්සන් තබන ලදි. 1970 ගණන් වල අග භාගයේදී, ජිම් කැලහන්ගේ කම්කරු පක්ෂ රජය වෙත SNP වෙතින් මැතිවරණ පීඩනය එල්ල වන තුරු, දැනට ස්කොට්ලන්ත බලය බෙදා හැරීම ලෙසින් හැඳින්වෙන ස්වදේශ පාලනය, බරපතළ යෝජනාවක් බවට පත් නොවීය.

විමධ්‍යගත ස්කොට්ලන්ත මන්ත්‍රණ සභාවක් සඳහා යෝජනාවක් 1979දී ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරිණි. වෙනස අනුමත කරමින් ඉතා පටු බහුතරයක් සහිත ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුණද, එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණේ, මුළු ඡන්ද ප්‍රමාණයෙන් 40% ඉක්මවන 'ඔව්' ඡන්ද ප්‍රමාණයක් ලැබිය යුතු බවට වූ අවශ්‍යතාවය නිසාය.


බීබීසී නැඹුරුවක් පිළිබඳ චෝදනා

නිදහස වෙනුවෙන් ආධාරකරුවන් සමහරක් විසින්, මැතිවරණ ව්‍යාපාරය අතරතුර චෝදනා එල්ලකලේ, —එරාහී ජාතික විද්‍යුත් ප්‍රචාරකයා—බීබීසී, ස්කොට්ලන්ත නිදහසට එරෙහි නැඹුරුතාවයක් දක්වන බවයි.


ජනමත විමසීම්

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 
2014 සැප්තැම්බර් 11 විට ප්‍රතිඵල


ප්‍රතිඵලය

මනාපය ඡන්ද %
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014  නැත 2,001,926 55.30
ඔව් 1,617,989 44.70
වලංගු ඡන්ද 3619915 99.91
අවලංගු හෝ හිස් ඡන්ද 3,429 0.09
මුළු ඡන්ද 3,623,344 100
ලියාපදිංචි ඡන්දදායක ඡන්දය දීම 4,283,392 84.59%


ප්‍රදේශය අනුව

ඡන්ද කොට්ඨාශය සඳහා ඡන්ද විරුද්ධව ඡන්ද සඳහා (%) විරුද්ධව (%) වලංගු ඡන්ද ඡන්දය ප්‍රකාශ කිරීම (%)
ඇබර්ඩින් 59,390 84,094 41.4% 58.6% 143,484 81.7%
ඇබර්ඩීන්ෂයර් 71,337 108,606 39.6% 60.4% 179,943 87.2%
ඇංගස් 35,044 45,192 43.7% 56.3% 80,236 85.7%
අගාල් ඇන්ඩ් බෙයට් 26,324 37,143 41.5% 58.5% 63,467 88.2%
ක්ලක්මනෙන්ෂයර් 16,350 19,036 46.2% 53.8% 35,386 88.6%
ඩම්ෆ්‍රීස් ඇන්ඩ් ගැලොවේ 36,614 70,039 34.3% 65.7% 106,653 87.5%
ඩන්ඩී 53,620 39,880 57.4% 42.6% 93,500 78.8%
නැගෙනහිර එයෂයර් 39,762 44,442 47.2% 52.8% 84,204 84.5%
නැගෙනහිර ඩම්බට්න්ෂයර් 30,624 48,314 38.8% 61.2% 78,938 91.0%
නැගෙනහිර ලෝදියන් 27,467 44,283 38.3% 61.7% 71,750 87.6%
නැගෙනහිර රෙන්ෆ්‍රෙෂයර් 24,287 41,690 36.8% 63.2% 65,977 90.4%
එඩින්බරා 123,927 194,638 38.9% 61.1% 318,565 84.4%
ඒයිලයින් ෂියා 9,195 10,544 46.6% 53.4% 19,739 86.2%
ෆොල්කර්ක් 50,489 58,030 46.5% 53.5% 108,519 88.7%
ෆයිෆ් 114,148 139,788 45.0% 55.0% 253,936 84.1%
ග්ලාස්ගෝ නගරය 194,739 169,347 53.5% 46.5% 364,086 75.0%
හයිලන්ඩ් 78,069 87,739 47.1% 52.9% 165,808 87.0%
ඉන්වර්ක්ලයිඩ් 27,243 27,329 49.9% 50.1% 54,572 87.4%
මිඩ්ලෝතියන් 26,370 33,972 43.7% 56.3% 60,342 86.8%
මෝරේ 27,232 36,935 42.4% 57.6% 64,167 85.4%
උතුරු එයෂයර් 47,072 49,016 49.0% 51.0% 96,088 84.4%
උතුරු ලනෙක්ෂයර් 115,783 110,922 51.0% 48.9% 226,705 84.4%
පර්ත් ඇන්ඩ් කින්රෝස් 41,475 62,714 39.8% 60.2% 104,189 86.9%
රෙන්ෆ්‍රෙෂයර් 55,466 62,067 47.2% 52.8% 117,533 87.3%
ස්කොටිෂ් බෝර්ඩර්ස් 27,906 55,553 33.4% 66.6% 83,459 87.4%
දකුණු එයෂයර් 34,402 47,247 42.1% 57.9% 81,749 86.1%
දකුණු ලනෙක්ෂයර් 100,990 121,800 45.3% 54.7% 222,790 85.3%
ස්ටර්ලිං 25,010 37,153 40.2% 59.8% 62,163 90.1%
බටහිර ඩම්බාට්න්ෂයර් 33,720 28,676 54.0% 46.0% 62,396 87.9%
බටහිර ලෝදියන් 53,342 65,682 44.82% 55.18% 138,226 86.2%
ඕර්ක්නී දිවයින් 4,883 10,004 32.8% 67.2% 14,887 83.7%
ෂෙට්ලන්ඩ් දිවයින් 5,669 9,951 36.3% 63.7% 15,620 84.4%
එකතුව 1,617,989 2,001,926 44.7% 55.3% 3,619,915 84.6%

ආශ්‍රිත

Tags:

ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 ඉතිහාසයස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 බීබීසී නැඹුරුවක් පිළිබඳ චෝදනාස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 ජනමත විමසීම්ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 ප්‍රතිඵලයස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 ආශ්‍රිතස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014ජනමත විචාරණයස්කොට්ලන්තය

🔥 Trending searches on Wiki සිංහල:

මාර්තු 28පරිගණක ඉතිහාසයපැපොලවෙරළුප්ලේටෝසංගීතයසාහිත්‍යයමානව අයිතිවාසිකම්සිංහල ව්‍යාකරණවේගයසේවාදායක පරිගණකයක්ෂණික මෝචනයවැව්අභයගිරි විහාරයමහනුවර යුගයේ රාජාවලියලිංගික ඉන්ද්‍රියන්බදුලු ටැම් ලිපියසිංහල සන්ධිලෝක ජනගහනයකළු කුහරයක්‍ෂය රෝගයනර්තනයනොබෙල් ත්‍යාගයසතර අපායහින්නෝන්මාදයළමා මනෝ ව්‍යාධිවේදයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගසකල කලා වල්ලභ රජුගේ උප රාජධානියමාක් සකර්බර්ග්ඇදුමලෝවාමහාපායබුද්ධාගමළමා අපයෝජනයභූපාලි රාගයශ්‍රී ලංකාවසංස්කෘතියශක්තියෙහි ඒකකශිලා ගෝලයමයිකල් ජැක්සන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයාපහුව බලකොටුවකැලණිය රජ මහා විහාරයමහින්ද විද්‍යාලයක‍ඩොලානනායකත්වයතෛපොංගල්සන්දේශ කාව්‍යස්ටීවන් හෝකිංශ්‍රී ලංකාවේ වී ගොවිතැන2022 ශ්‍රී ලංකාවේ විරෝධතාකන්නගි අම්මන්පාලිශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලසීගිරි බිතු සිතුවම්මාණික්කාවත (ටෙලිනාට්‍යය)ආයුර්වේදයදුක්ඛවෙබ් බ්‍රව්සරවිද්‍යාවශ්‍රී ලංකා රේගුවදෙමළ අක්ෂර මාලාවක්ෂුද්‍ර ජීවීන්මහා ඇලෙක්සැන්ඩ' රජතිරසාර සංවර්ධනයවිදුලි බලාගාරආකිමිඩීස්විෂ්ණුක්ෂමතාව (භෞතික විද්‍යාව)දඹදෙණිය යුගයපලිබෝධනාශකයුරෝපයේ ජාතික රාජ්‍යකෘමියෝද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියඅරයවැල්🡆 More