රොකට් යානය

රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්‍රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල රොකට් යානය ලෙස වැඩීමට නොයෙක් ජාතීන් උපකාර කරන ලදී.

සර් අයිසෙක් නිව්ටන් හා රොකටයේ ක්‍රියාත්මක මූලධර්ම

රොකට් යානය
A Soyuz-U, at Baikonur's Site 1/5 in Kazakhstan

ඉතිහාසය

එංගලන්තයේ ජීවත් වූ සර් අයිසැක් නිව්ටන් විසින් සොයා ගත් නියම අතර රොකට් යානයට වැදගත් වන්නේ "චලනය" පිළිබද නියමනු ය.෴

නූතන රොකට් යානය හා රුසියානු දායකත්වය

නිකොලයි අයිවනොච්චි කිබල්චි - (1881)

වෙඩි බෙහෙත් සාදන්නෙකි. දෙවෙනි ඇලෙකෙසැන්ඩ්ර් සාර් මැරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ සිර ගත විය. එහිදී වෙඩි බෙහෙත් කරල් එකිනෙක පිපිරවීමෙන් ක්‍රියා කරන රොකට් අහස් යානයක් පිළිබද සැලැස්මක් ඉදිරිපත් කරන ලදී.

කොන්ස්ටන්ටයින් සියැල්කොවිස්කි - (1891)

රොකටයේ ඉතිහාස කතාව අතර රුසියානු නම සදා ‍රැදවූ දෙදෙනාගෙන් කෙනෙකි.1895 දී ග්‍රහලෝක කරා ගමන් කිරීම පිළිබද තම ප්‍රථම ලිපිය පල කලේය. එමගින් වෙඩි බෙහෙත් දැවීම වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතා කරමින් එහි වේගය බොහෝ සෙයින් වැඩි කල හැකි බව පෙන්වා දුන්නේය.ද්‍රව ඉන්ධන සංකල්පය හදුන්වා දුන් ඔහු එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ද පෙන්වීය.නමුත් අප විස්මයට පත් විය යුතු වන්නේ ඔහු බිහිරි පුද්ගලයෙකු වීමයි.

රොකට් යානය

රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්‍රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල රොකට් යානය ලෙස වැඩීමට නොයෙක් ජාතීන් උපකාර කරන ලදී.

වර්න්හර් වොන් බ්‍රෝන් මඟින් නායකත්වය දුන් ඉංජිනේරු කණ්ඩායමක් ඇපලෝ වැඩ සටහන සඳහා සැලසුම් කිරීම ආරම්භ කළ විට ඔවුන්ගේ රොකට් බූස්ටරවලට සහාය දීමට ඇත්තේ කිනම් ආකාරයේ මෙහෙයුමකටදැයි ඔවුන්ට පැහැදිලි නොවීය. සෘජු නික්මීමක් සඳහා බූස්ටරයක් අවශ්‍ය වේ. සැලසුම් කර තිබූ නෝවා රොකට්ටුවක විශාල බර ප්‍රමාණයක් එසවීමේ හැකියාව තිබේ. නාසාහි තීරණය නිසා මාෂල් අභ්‍යාවකාශ ගමන මධ්‍යස්ථානයෙහි වැඩකටයුතු සැටර්න් 1B හා සැටර්න් V නිෂ්පාදනය කරා යොමු විය. මේවා නෝවාට වඩා ජවයෙන් අඩු වූ නමුත් සැටර්න් V ඊට පෙර නිපදවූ ඕනෑම බූස්ටරයකට වඩා බලයෙන් වැඩි විය.සැටර්න් V අදියර තුනකින් සමන්විත අතර බූස්ටරයේ මඟ පෙන්වීම් පද්ධති ඇතුළත් උපාංග ඒකකයකින් ද සමන්විත වේ. ප්‍රථම අදියර වන S-1 C හරස් රටාවකට සකසා ඇති F-1 එංජින් 5කින් යුක්ත වන අතර එමඟින් රාත්තල් මිලයන 7.5කට වඩා වැඩි තෙරපුමක් නිපදවයි. ඒවා දහනය වෙන්නේ මිනිත්තු 2.5ක් පමණක් වන අතර එමඟින් අභ්‍යාවකාශ යානයේ වේගය දළ වශයෙන් පැයට සැතපුම් 6000 (2.68kms-1) දක්වා ත්වරණය කරයි. නිර්මාණය කිරීම අතරතුර දී F-1 එංජින් දහන අස්ථායීතාවකට මුහුණ පෑය. දහන ප්‍රචාලක එංජිමෙහි දහන මුහුණත හරහා ඒකාකාරී නොවේ නම් එංජිමට හානි වන අයුරින් පීඩන තරංග ගොඩනැඟිය හැක. මෙම ගැටළුව පර්යේෂණ ගණනාවක් හරහා එංජිම හොඳින් සුසර කිරීමෙන් විසදන ලද අතර එමනිසා එංජිම තුළ ඇති වූ කුඩා ආරෝපණයක් පවා අස්ථායීතාවයක් ප්‍රේරණය නොකරයි.

දෙවන අදියර වන S-II , J-2 එංජින් 5කින් සමන්විත වේ. ඒවා දළ වශයෙන් මිනිත්තු 6ක් පුරා දහනය වන අතර අභ්‍යාවකාශ යානය පැයට සැතපුම් 15300ක වේගයට (6.84kms-1) හා සැතපුම් 115ක් පමණ වන උන්නතාංශයකට රැගෙන යයි. මෙම අවස්ථාව වන විට S-IV B තෙවන අදියර ක්‍රියාත්මක වී අභ්‍යාවකාශ යානය කක්ෂයට ඇතුල් කරයි. එහි එක් J-2 එංජිම ට්‍රාන්ස් චන්ද්‍ර ඇතුළ් වීම් දහනය සිදු කිරීම සඳහා නැවත පණ ගැන්වීමට හැකි ලෙස සැලසුම් කර ඇත.

සැටර්න් IB යනු මුල් සැටර්න් 1හි වැඩි දියුණු කළ සංස්කරණයකි. එයට H-1 එන්ජින් 8කින් යුත් ප්‍රථම අදියරක් හා සැටර්න් V හි තෙවන අදියරට සමාන S-IV B දෙවන අදියරක් ද ඇත. සැටර්න් V හි වූ රාත්තල් මිලියන 7.5ක තෙරපුමට සන්සන්දනාත්මකව සැටර්න් IB ‍ට එහි ප්‍රථම අදියරේ දී ඇත්තේ රාත්තල් මිලියන 1.6ක තෙරපුමක් ඇත. නමුත් එයට අණ දීම් හා චන්ද්‍ර මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීමේ හැකියාව ඇත. එය ඇපලෝ පර්යේෂණ මෙහෙයුම්වල දී ස්කයි ලැබ් වැඩසටහනේ දී හා ඇපලෝ - සොයුස් පර්යේෂණ වැඩසටහනේ දී යොදා ගන්නා ලදී. 1973 දී සැටර්න් V විසින් නිකුත් කරන ලද නැවත සවි කරන ලද S-IVB අදියරක් ස්කයි ලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බවට පත් විය

Tags:

රොකට් යානය ඉතිහාසයරොකට් යානය නූතන හා රුසියානු දායකත්වයරොකට් යානය රොකට් බූස්ටරරොකට් යානය

🔥 Trending searches on Wiki සිංහල:

ජපානයවිවාහයසිඟාලෝවාද සූත්‍රයයු‍රේනස්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවරතු දත්ත පොතජල දූෂණයදරු නැලවිලි ගීආතර් වී. දියෙස්ශ්‍රී ලංකාවේ මැණික්සිංහරාජ වනාන්තරයගෝලයබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඅන්වීක්ෂයඇම්බැක්කේ දේවාලයධර්ම සංගායනාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලෝක පුදුමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපන්සිල්සාමයස්නායු පද්ධතියහෘදයාබාධයමල්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඋභය ජීවීන්ආණමඩුව තෝනිගල සෙල් ලිපියඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමන්නාරම බයෝබැබ් ගසඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඋණබිසෝ කොටුවපටිච්චසමුප්පාදයකළුතර පාසල් නාමාවලියබළලාවිවාහ නීතිය - ශ්‍රී ලංකාවිද්‍යා දේවී භණ්ඩාරිතොරතුරු තාක්‍ෂණයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසබ්‍රහස්පති ග්‍රහයාසංවර්ධිත රටවල්ශ්‍රී ලංකා පොලිස් සේවයඝනත්වයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවමුනිදාස කුමාරතුංගසන්නිවේදනයඡායාරූප ශිල්පීඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තලසිත් මාලිංගආදිවාසීන්ඡායාරූපයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසිංහල ටීකා සීපදහික්කඩුවේ සුමංගල තෙරණුවෝසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාකාලී දෙවඟනසිකුරු ග්‍රහලොවපහතරට නැටුම්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදේවානම්පිය තිස්ස රජනාගරීකරණය - ශ්‍රී ලංකාසිංහබාහු රජක්‍රීඩාපරිගණකයඅධ්‍යාපන මනෝ විද්‍යාවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලහෙන්රි ජයසේනසෝවාන්ඩොල්ෆින්සතර අපායශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී පාදස්ථානය🡆 More