මැක්ස් වෙබර්

සැකිල්ල:Other persons

මැක්ස් වෙබර්
මැක්ස් වෙබර්
ජර්මානු ජාතික සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි.
උපත21 අප්‍රේල් 1864(1864-04-21)
Erfurt, Prussian Saxony
මියගිය දිනය14 June 1920(1920-06-14) (වයස 56)
Munich, Bavaria

කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ( 1864 අප්‍රේල් 21 – 1920 ජූනි ) යනු ජර්මානු ජාතික, නිලධාරීවාදය මුල් කොටගත් පාලන ක්‍රම පිළිබඳව ලොවට කියා දුන් සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි.

වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ:

  1. නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි ව්‍යුහයක් පවත්වාගෙන යාම.
  2. විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම.
  3. එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.
  4. පුද්ගල සබඳතාවලින් බැහැරවීම. මෙය ඉක්මන් හා තාර්කික තීරණ ගැනීමේදී වැදගත් වේ.
  5. උසස්වීම්, වැඩ පැවරීම් ආදී දේ සඳහා තීරණ ගැනීමේදී හැකියාව පමණක් සැළකීම.
  6. සෑම කාර්ය්‍යක් උදෙසාම වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යාම.

ජීවන තොරතුරු

ළමා කාලය හා පවුල් පසුබිම

1864 අප්‍රේල් මස 21 වන දින ජ්මනියේදී මැක්ස් වෙබර් උපත ලැබීය.ඔහුගේ සම්පූර්න නම කාල් එමිල් මැක්ස්මිලර් වෙබර් නම්විය.වෙබර් ගේ පියා ධනවත් දේශපාලන ක්‍රියාකරුවකු වූ අතර මව දැඩි ආගම්වාදී ධනවත් තැනැත්තියක් විය.වෙබර් දරුවන් හත්දෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.ඔහු මෙන්ම ඔහුගේ සහෝදරයෙකුවූ ඇල්ෆ්‍රට්ද සමාජ හා අර්ථික විද්‍යාඥයෙකුවිය.1876 නත්තල් දිනයේදී වෙබර්ට විශේෂ ත්‍යාගයක් ලැබිණ.මෙම ත්‍යාගයවූයේ ජර්මානු අධිරජ්‍ය හා පාප්තුමන් පිළිබද විස්තර ඇතුලත් කෘතියකි.ඔහු එම ග්‍රන්තය කියවීමෙන් පසු ශාස්ත්‍රිය විශයන් කෙරෙ ඇති ඇල්ම වැඩිවිය.පාසැල්වියේ සිටම ඉගෙනීමට දක්ෂතා දැක්වූ වෙබර් පාසැලේ දීප්තිමත්ම සිසුවකුවිය.

අධ්‍යාපනය

පාසැල් අධ්‍යාපනය නිසිලෙස නිමකල වෙබර් 1882 දී ජර්මනියේ හයිඩ්ල්බර්ග විශ්ව විද්‍යාලයට බැඳී නීතිය හදාරයි.එහිදී නිතීය හා නීති ඉතිහාසයගැන ඔහුගේ වැඩි අවධානය යොමුවේ.මේ අතර ඔහු සමාජ විද්‍යාව කෙරේද යොමුවේ.නීති උපාධිය ලැබීමෙන් පසු ඔහු යුධ හුමුදාවට බැඳී සේවය කරයි.වසරක යුධ හමුදා සේවයෙන් පසු ඔහු නැවත වැඩිදුර අධ්‍යාපනය සදහා බර්ලින් විශ්ව විද්‍යාලය වෙත යයි.එහිදීද නීතිය පිළිබද වැඩිදුරටත් අධ්‍යනය කරයි.මෙම කාලය තුල ඔහු මත්පැන් පානයට යොමුවූබව පැවසේ.කෙසේ වෙතත් වෙබර් නිතිය පිළිබද ආචාර්‍ය උපාධිය දක්වා ඉහළම අධ්‍යාපනයක් ලබයි.

රැකියාව

ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු විශ්ව විද්‍යාල කිහිපයකම කතිකාචාර්‍යවරයෙකු ලෙස හා මහාචාර්‍යවරයෙකු ලෙස සේවය කරඇත.1889 දී ෆ්‍රෙයිබර්ග් (Freiburg) විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්‍යවරයෙකු ලෙස පත්විය.විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු නීතිවේදියෙකු ආර්ථික විද්‍යාඥයෙකු සමාජ විද්‍යාඥයෙකු ලෙස සේවයකල වෙබර් විසින් කෘති රැසක් පළකලන ලදී.මෙම කෘති බොහෝමයක් පසුව ඉංග්‍රිසියට පරිවර්තනයවිය.ගත්කතුවරයෙකු පමනක් නොව ඔහු මාධ්‍යවේදියෙකු ලෙස පුවත්පත් රැසකටම ලිපි රචනාකර ඇත.මේ අතර ඔහු 1897 දී යම් මානසික ඇදවැටීමට ලක්වී ඇත.මෙම මානසික රෝගී තත්වය නිසා 1900-1918 කාලය තුල ඔහුගේ ශාස්ත්‍රිය සේවාවන් ඇණසිටියේය.මෙම මානසික රෝගී තත්වය සුව අතට හැරුනද විටින් විට එම තත්වය මතුවූබව පැවසේ.

දේශපාලනය

වෙබරියානු දර්ශනය

සමාජ ක්‍රියා නයාය

ප්‍රොතෙස්තන්දවාදය හා ධනවාදය

වෙබර් විසින් ආගම පිළිබද දැක්වූ අදහස් අතර ප්‍රොතෙස්තන්ත ආගම පිළිබද දැක්වූ අදහස් බොහෝ විචාරකයන්ගේ පැසසුමට මෙන්ම ගැරහුමටද ලක්විය.ඔහුගේ මෙම විග්‍රහය තුලින් බටහිර යුරෝපා සමාජය සාම්ප්‍රධායික කතෝලික ආගමෙන් බැහැරව ප්‍රොතෙස්තන්තවාදය දෙසට නැඹුරු වීමත් සමග වැඩවසම් සමාජය අහෝසිවී ධනවාදය නිර්මානය වන ආකාරයත්.ඒ හරහා යුරෝපා සමාජය ලබන දියුණුව මෙන්ම සාම්ප්‍රධායික සංස්කෘතියට හා ආගමට මුල්තැන දුන් පෙරදිග රටවල් ඊට සාපේක්ෂව නොදියුණු ජාතියක් වූ සැටිත් වෙබර් පහදා දෙයි.වෙබර්ගේ විග්‍රහයට අනුව ප්‍රොතෙස්තන්තවාදය හැර අනෙක් ආගම් පරලොවටබර ආගම් ලෙස විග්‍රහ කරයි.සාම්ප්‍රධායික කතෝලික ආගම හින්දු ආගම බෞද්ධ ආගම හා ඉස්ලාම් වැනි පරලොවට බර ආගම් තුලින් මෙලොව දියුණුව නොව පරලොව දියුණුව කෙරෙහි මුල්තැන ලබාදී ඇත.එහෙත් ප්‍රොතෙස්තන්තවාදයතුල දෙවියන් වහන්සේ සතුටු කිරීමටනම් හැකිතරම් මුදල් ඉපවිය යුතුය යන්න පෙන්වාදෙයි.ප්‍රොතෙස්තන්තවාදය බිහිවන්නේ 15 වන සියවසයේදී පැවති සාම්ප්‍රධායික කතෝලික ආගමට එරෙහිව මාටින් ලූතර් (1483-1564) හා ජෝන් කැල්වින් (1509-1564) යන පූජකයන් විසින් සිදුකල අරගලයේ ප්‍රථිපලයක් ලෙසයි.එවක සාමාන්‍ය ජනයා තුලද සාම්ප්‍රධායික කතෝලික ආගමට විරුද්ධ අදහස් පැවතියද එවක පැවති අධර්ම මර්ධනාධිකරණය වැනි ආයතන නිසා ඔවුන්ගේ හඩ යටපත්වී පැවතිණ.එහෙත් මාටින් ලූතර්ගේ ඉදිරිපත්වීම සමග ඔහුවටා විශාල ජනකායක් රොක්විය.පසුව ජෝන් කැල්වින්ද ලූතර්ට එක්විය.මෙසේ සාම්ප්‍රධායික කතෝලික ආගමට විරුද්ධව ගොඩනැගුන ප්‍රොතෙස්තන්ත නිකායට බොහෝ උගතුන් දාර්ශනිකයන් සහය දැක්වීය.මෙම කතොලික ආගමට විරුද්ධව ගොඩනැනුන නව ආගමික නිකාය විරෝධී යන අර්තය දෙන (protestant) ප්‍රොතෙස්තන්ත නමින් 1521 දී නාමකරණයට ලක්විය.මෙම ප්‍රොතෙස්තන්ත ආගම මගින් බටහිර යුරෝපා රටවල ජනයාගේ ප්‍රබල ආකල්පමය වෙනසක් ඇතිවිය.

References

http://iris.nyit.edu/~shartman/mba0299/120_0299.htm සංරක්ෂණය කළ පිටපත 2011-01-13 at the Wayback Machine

Tags:

මැක්ස් වෙබර් ජීවන තොරතුරුමැක්ස් වෙබර් වෙබරියානු දර්ශනයමැක්ස් වෙබර්

🔥 Trending searches on Wiki සිංහල:

කෘෂි කර්මාන්තයනෙප්චූන්2024 ගිම්හාන ඔලිම්පික්පළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපවුලමිනිස් මොළයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මී මැසි පාලනයමානව සම්පත් කළමනාකරණයඋසස් පෙළ දේශපාලන විද්‍යාවතනි වචන (සිංහල භාෂාව)සිංහල ජනයාචතුරස්‍රයවෛරසදියවැඩියාවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅන්වීක්ෂයපුවක්රාජ්‍ය නොවන සංවිධානඉරානයදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයලෝක ආහාර අර්බුදයනිල් කටරොඩුතිරසාර සංවර්ධනයඅටුවාඅවුරුදු කුමරිය තේරීමලක් විජය බලාගාරයශ්‍රී ලංකාවේ ජාතික කොඩියරන්ජන් රාමනායකඉංග්‍රීසි භාෂාවනිල් මානෙල්වයඹ පළාත, ශ්‍රී ලංකාවකාව්‍යයේ මුඛ්‍යාංගසත්තුරක්‍ෂණයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපරාක්‍රම සමුද්‍රයගිරවුමුතුරාජ‍වෙලඩයලොග් ආසියාටාපරිගණක දෘඩාංගසරම්පජාතික ජන බලවේගයසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ ජාතික සංකේතරුසියාවමාතර දිස්ත්‍රික්කයමානව අයිතිවාසිකම්ගජමන් නෝනාශාන්තිකර්මජයන්ති කුරු උතුම්පාලකොළඹ විශ්වවිද්‍යාලයසමනල කන්දශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමජලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරපෘතුගීසි ලංකාවනිවනවැදි ජනයාඇත් පොකුණඅඟහරු ග්‍රහලොවගෞතම බුදුරජාණන් වහන්සේනාගදීප පුරාණ විහාරයසීගිරි බිතු සිතුවම්යෝගව්‍යාපෘති කළමනාකරණයපණිභාරතක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝළමා අපයෝජනයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලසිංහල සන්ධිපේශි පටකය🡆 More