නීතියේ සමාජ විද්‍යාව

මැක්ස් වෙබර් 1917 දී- නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වෙබර් සමාජ විද්‍යාවේ සහ නීතියේ සමාජ විද්‍යාවේ ආරම්භකයකු ලෙස සැලකේ.

නීතියේ සමාජ විද්‍යාව වූ කලි නීතිය සහ සමාජය අතර ගණුදෙනුව පිලිබඳව විමර්ෂනය කරන්නකි. නීතියේ සමාජ විද්‍යාව නීති විද්‍යාව, නීතියේ ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණය, නීතියේ ආයතන සහ නෛතික ප‍්‍රයුක්තීන් සහ ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම විමර්ෂනය සඳහා විෂය වන්නාවූ ක්ෂේත‍්‍රයක් වෙයි. ආරම්භයේදී නෛතික න්‍යායවේදීහු මෙම ගුරුකුලය පිලිබඳව සැක පහළ කළහ. මෙහි සමාරම්භකයකු වූ නීතීඥයින් ඉගෙනගන්නා සහ අදාල කරන්නාවූ ධනාත්මක නීතිය සහ එදිනෙදා සාමාන්‍ය ජීවිතය පාලනය කරන වෙනත් ආකාරයන්ගේ නීති හෝ සමාජ සම්මතයන් අතර වෙනස පිලිබඳව අවධාරනය කළ ඉයුජින් එචර්ලිච්, තෙල්සන්ගේ උග‍්‍ර විවේචනයන්ට බඳුන්විය. 1900 දී පමණ මැක්ස් වෙබර් නීතිය වෙත වූ සිය විද්‍යාත්මක ප‍්‍රවේශය වන ‘නෛතික තාර්කික රූපාකාරය’ ආධිපත්‍යධාරී සම්මත නීතීන්ට මිස ජනතාවට ආරෝපනය කළ නොහැකි එකක් බව හඳුනාගන්නා ලදී. ධනවාදයේ වර්ධනයට සමාන්තරව වර්ධනය වූ නූතන දේශපාලන සංවර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍යය සඳහා පූර්ව කොන්දේසියක් බවට පත්වූ සංගත, ගණනය කළහැකි නීතිය සඳහා ඔහු යොදාගත් යෙදුම වූයේ ‘නෛතික තාර්කිකත්වය’ යන්නයි. තවත් සමාජ විද්‍යාඥයකුවූ එමිල් ඩර්කයිම් සිය The Division of Labour in Society කෘතියේ දක්වන ලද්දේ සමාජය සංකීර්ණ බවට පත්වීමේදී අපරාධ නීතීන් හෝ දණ්ඩන තහනම් අභිබවමින් වරද නිවැරදි කිරීම සහ වන්දි ලබාදීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකළ සිවිල් නීතිය වර්ධනය වන බවයි. තවත් කැපීපෙනෙන මුල් කාලීන නීතිෙය් සමාජ විද්‍යාඥයින් අතර යුරෝපයේ හියුගෝ සින්ෂ්හයිමර්, තියඩෝර් ගයිගර්, ජෝර්ජ් ගර්විච් සහ ලියොන් පෙට‍්‍රාස්කි මෙන්ම එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සම්නර්ද වෙති.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසරම්පජැක්සන් ඇන්තනීලෝ වැඩ සඟරාවසුළඟවගුරුරටයකුමඅර්ජුන රණතුංගමුහුදගල් විහාරයබැඩ්මින්ටන්මහනුවර යුගයේ සිතුවම් කලාවකොළඹරුසියාවඅයිසැක් නිව්ටන්දානයශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවපළමුවන පරාක්‍රමබාහු රජකලාවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයසිංහබාහුදකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසෙනසුරු ග්‍රහලොවෆේස්බුක්නියුමෝනියාවකාලී දෙවඟනආපදා‍ කළමනාකරණයසිංහල මිණුම් ඒකකයූටියුබ්වික්ටෝරියා උද්‍යානය, නුවරඑළියනිල් අවරියකළු කුහරඅෂ්ඨ විද්‍යාමහා පත්තිනි දේවාලය, නවගමුවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයමහාසේන රජඇසළ (ගස)ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තදුටුගැමුණු රජපහතරට නැටුම්සිංහල භාෂාවටෙරා ඊ පායිශාවෝඋඩුනුවර ලංකාතිලක විහාරයඉලෙක්ට්‍රෝන වින්‍යාසයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නපංච මහා වාදශ්‍රී ලංකා මහ බැංකුවකෝළම්රජරට රාජධානියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඇම්බැක්කේ දේවාලයස්ත්‍රී පුරුෂ භාවයපණිභාරතනායකත්වයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඇන්තූරියම්අලිශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසරත් ෆොන්සේකාසෝනියා දිසාවිශ්වයවිවාහයමඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඅටමස්ථානබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවරබින්ද්‍රනාත් තාගෝර්සිංහල හෝඩිහින්නෝන්මාදයරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයත්‍රිශික්‍ෂාදියවඩන නිලමේදුටුගැමුණුගේ පාලනය සමයසිංහල සාහිත්‍යයසමනල කන්ද🡆 More