භ්‍රමණය

භ්‍රමණය යනු යම් වස්තුවක් යම් ‍ලක්ෂ්‍යයක් වටා වක්‍රාකාර චලනයක යෙදීමයි.

එම භ්‍රමනය සිදුවෙන ජ්‍යාමිතික තලය භ්‍රමණ තලය ලෙසත්, භමණ තලයේ කේන්ද්‍රයෙන් ලම්භාකාරව ඉහලට ඇදෙන මනඃකල්පිත රේඛාව භ්‍රමණ අක්ෂය ලෙසත් හැඳින්වේ. ත්‍රිමාණ වස්තුවකට භමණ අක්ෂ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැක.

භ්‍රමණ අක්ෂය එම වස්තුවේම අභ්‍යන්තරයෙන් හෝ ස්කන්ධ කේන්ද්‍රය හරහා යයි නම් එය ස්ව්‍යංභ්‍රමණය හෝ කැරකැවීම යනුවෙන් හඳුන්වන අතර අක්ෂය පෘෂ්ඨයෙන් පිටතට එන ස්ථානයන් ධ්‍රැව ලෙස හඳුන්වයි. සම්පූර්ණයෙන්ම පරිබාහිර අක්ෂයක් වටා භ්‍රමණය වීම (බොහෝවිට ගුරුත්වාකර්ෂන බලය හේතුවෙන්; උදාහරණ ලෙස පෘථිවිය සූර්යයා වටා සිදු කරන චලිතය) පරිභ්‍රමණය හෝ කක්ෂීය චලිතයක යෙදීම ලෙස හැඳින්වේ. එවිට භ්‍රමණ කේන්ද්‍රයේ දෙකෙළවර කක්ෂීය ධ්‍රැව ලෙස හඳුන්වනු ලැබේ.

ගණිතය

ගණිතානුකූලව, භ්‍රමණයක් යනු දෘඩ වස්තුවක් එක් ලක්ෂ්‍යයක් ස්ථිර ව තබාගෙන චලනය වීමයි (උත්තාරණය මෙන් නොව). මෙම නිර්වචනය ද්විමාන සහ ත්‍රිමාණ භ්‍රමණය යන දෙකටම අදාල වේ. (පිළිවෙලින් තලයක සහ අවකාශයේ)

දෘඩ වස්තුවක සියලුම චලිතයන් උත්තාරණය හෝ භ්‍රමණය හෝ ඒ දෙකෙහි සං‍යෝජනයක් වේ.

තාරකා විද්‍යාව

තාරකා විද්‍යාවේ දී, භ්‍රමණය යනු නිරතුරුව දක්නට ලැබෙන සංසිද්ධියකි. තාරකා, ග්‍රහලෝක සහ සියලුම අභ්‍යාවකාශ වස්තූන් තමාගෙ අක්ෂය වටා භ්‍රමණය වේ.

භ්‍රමණය හා පරිභ්‍රමණය

බොහෝ අවස්ථාවල පරිභ්‍රමණය, භ්‍රමණයට සමාන වචනයක් ලෙස යොදාගත්තද තාරකා විද්‍යාවේදි පරිභමණය (හෝ කක්ෂීය පරිභ්‍රමණය) යනු යම් වස්තුවක් තමා වටා භ්‍රමණය වෙමින් වෙනත් වස්තුවක් වටා ගමන් කිරීම වේ. චන්ද්‍රයින් ඒවායෙ ග්‍රහලෝක වටාද, ග්‍රහලෝක ඒවායෙ මව් තාරකා වටාද, තාරකා මන්දාකිණියේ මධ්‍යය වටාද පරිභ්‍රමණය වේ.

ප්‍රතිගාමී භ්‍රමණය

පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝක ඒවා පරිභ්‍රමණය වන දිශාවටම භ්‍රමණය වේ. නමුත් සිකුරු භ්‍රමණය වෙන්නේ එය පරිභ්‍රමණය වන දිශාවට විරුද්ධවයි. යුරේනස් භ්‍රමණය වෙන්නේ මදක් ඇලවයි. (යුරේනස් මුල් කාලයේදි නියම ආකාරයට භ්‍රමණය වන්නට ඇති බවත්, වෙනත් වස්තුවක් හා ඝට්ඨනයක් වීම නිසා එහි ආනතිය වෙනස් වී ඇති බවටත් විශ්වාස කෙරේ). මෙලෙස විරුද්ධ අතට භමණය වීම ප්‍රතිගාමි භ්‍රමණය ලෙස හැඳින්වේ.

භෞතික විද්‍යාව

පියාසැරි ගතික විද්‍යාව

ක්‍රීඩා

මූලාශ්‍ර

https://www.duhoctrungquoc.vn/wiki/en/Rotation

Tags:

භ්‍රමණය ගණිතයභ්‍රමණය තාරකා විද්‍යාවභ්‍රමණය භෞතික විද්‍යාවභ්‍රමණය පියාසැරි ගතික විද්‍යාවභ්‍රමණය ක්‍රීඩාභ්‍රමණය මූලාශ්‍රභ්‍රමණයචලිතය

🔥 Trending searches on Wiki සිංහල:

නුවර වැවකුමාරතුංග මුනිදාසරෝසසූර්යාගේ ව්‍යුහයඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයසරදියෙල්සෙංකඩගල රාජධානියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඒඩ්ස්මින්නේරිය වැවඇදුමප්‍රතිශක්තිකරණ පද්ධතියආනන්ද විද්‍යාලය, කොළඹසමලිංගිකත්වයේ ඉතිහාසයවෘත්තීය අධ්‍යාපනයදහම්ගැට මාලාවමී මැසි පාලනයරක්‍ෂණයපොන්නම්බලම් රාමනාදන්ඌව පළාතආයුර්වේදයමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ජානශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපෝෂක පදාර්ථබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයවලිසිංහ හරිශ්චන්ද්‍රධම්මපදයකොස්ගැලලියෝ ගැලලීශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයතාරුණ්‍යය හා විවේකයසිබිල් වෙත්තසිංහසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඇතීනාචියෑන් අධිරාජිනියප්‍රංශ විප්ලවයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපරිගණක ඉතිහාසය‍දේශගුණික විපර්යාසරන්ජන් රාමනායකශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවතෛපොංගල්ප්‍රථමාධාරඅක්මාවේ තෙල්මොණරා සහ සෙබඩපොලිසියකෝළම්ලංකා ඉතිහාසය-මහාවංශය යනුආර්මේනියාවඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණභෛරවී රාගයසීලකජුබුදු දහමඅනගාරික ධර්මපාලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමගල් පොත සෙල් ලිපියභූගෝලීය තොරතුරු පද්ධතිකෘත්‍රීම බුද්ධියප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ පළාත් මල්පේශි පටකයඉන්දු නිම්න ශිෂ්ටාචාරයදේවානම්පිය තිස්ස රජසුරතාන්තයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාකම්කරු නීතියවිහාරමහා දේවියමිනිස් දත්ඡායාරූපයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයමුදල්තෝමස් අල්වා එඩිසන්🡆 More