පෑන

පෑන යනු තීන්ත භාවිතා කර යම් මතුපිටක, විශේෂයෙන් කඩදාසිවල ලිවීමට යොදාගන්නා දිග, සිහින්, වටකුරු උපකරණයකි.

බෝල්පොයන්ට් පෑන, රොලබෝල් පෑන, උල්පත් පෑන, ෆෙල්ට් තුඩු පෑන ආදී පෑන් වර්ග කිහිපයක් තිබේ. අතීතයේදී ඉපි පෑන, පිහාටු පෑන, තීන්තවල ගිල්වන පෑන ආදී පෑන් වර්ග භාවිත කර ඈත. වර්තමානයේදී විවිධ වර්ණවලින් හා වර්ණ කිහිපයක් සහිත පෑන් භාවිත වන නමුත් බහුලවම භාවිත වන්නේ නිල් හා කලු තීන්ත වලින් යුතු පෑන්ය.

පෑන
බෝල්පොයන්ට් පෑන


පෑන් වර්ග

පෑන් ප්‍රධාන වශයෙන් ඒවායේ තුඩ අනුව කොටස් කිහිපයකට වර්ග කළ හෑකිය.

පෑන 
රොලබෝල් පෑන

•බෝල්පොයින්ට් පෑන ක්‍රියා කරන්නේ තෙල් සමන්විත තීන්ත, පිත්තල, වානේ හෝ ටන්ස්ටන් වලින් සෑදු මි.මී 0.7–1.2 පමණ වන ඉතා කුඩා ගෝලයකින් ආලේප කිරීමෙනි.

•රෝලබෝල් පෑන ක්‍රියා කරන්නේ ජලය සහිත දියර තීන්ත හෝ ජෙල් තීන්ත බෝල්පොයින්ට් පෑනේ ආකාරයටම ආලේප කිරීමෙනි. දුස්‍රාවිතාවය අඩු තීන්ත, තෙල් සහිත තීන්ත වලට වඩා පහසුවන් කඩදාසි වලට උරාගන්නා අතර ලියන මතුපිට පෑන චලනය කිරීමද පහසුය.

•උල්පත් පෑනේ භාවිත වන්නේ ජලය සහිත දියර තීන්ත පෑන් තලය මගින් විසිරුවා හෑරීමයි. පෑන් තලයට තීන්ත ලෑබෙන්නේ පෑනේ තිබෙන තීන්ත ටෑන්කියක් මගින් ගුරුත්වාකර්ශන බලය හා කේශාකර්ශන බලය යදාගෑනීමෙනි. උල්පත් පෑනේ තීන්ත ටෑන්කිය නෑවත පිරවීමට හෝ අලුත් එකක් යෙදීමට හෑකිය. නෑවත පිරවීමට හෑකි තීන්ත ටෑන්කි සහිත උල්පත් පෑන් වල, බෝතලයෙන් ඉහලට තීන්ත ගෑනීම සදහා පිස්ටනයක් වeනි යාන්ත්‍රනයක් ද තිබේ. •සලකුණු පෑනට කෙදිවලින් සෑදු සවිවර තුඩක් තිබේ.' කුඩා තුඩ සහිත සලකුණු පෑන කඩදාසිවල ලිවීමට භාවිත කරයි. මධ‍යම ප්‍රමාණයේ තුඩ සහිත සලකුණු පෑන ළමයි විසින් විවිධ වර්ණ ගෑන්වීමට භාවිත කරන අතර කාඩ්බෝඩ් පෙට්ටිවල ලිවීමට හා සුදු පුවරුවල ලිවීමට විශාල ප්‍රමාණයේ තුඩ සහිත සලකුණු පෑන භාවිත කරයි. පළල් තුඩක් සහිත හා දීප්තිමත් විනිවිද පෙනෙන තීන්ත සහිත සලකුණ පෑන, ලියා තිබෙන වාක‍යයන් ඉස්මතුකර පෙන්වීමට භාවිත කරයි. තාවකාලික තීන්ත යොදා සකස්කළ සලකුණු පෑන සුදු පුවරු හා ඉහළ ප්‍රක්ශෙaපන උපකරණ සදහා යොදා ගනී. ස්ථිර තීන්ත යොදා සකස්කළ සලකුණු පෑන ඈසුරුම් කටයුතුවලදී භාවිත වේ'


පැරණි වර්ග

•බොහෝවිට ලීයෙන් සදා ඈති ගිල්වන පෑන" උල්පත් පෑනේ ආකාරයටම කේශික නළයක් සහිත ලොහ තුඩකින් සමන්විත වේ. මෙහි තීන්ත ටෑන්කියක් නොමෑති අතර, මෙය භාවිතකර ලිවීමේදී හෝ ඈදීමේදී පුන පුනා තීන්ත එකතුකළ යුතුය. මෙහි උල්පත් පෑනට වඩා වාසි කිහිපයක් තිබේ. මෙමගින් දිය සායම්, අදින තීන්ත, අම්ල තීන්ත ආදිය භාවිත කළ හෑකිය. උල්පත් පෑනේ ඒවා භාවිත කළ නොහෑක්කේ උල්පත් පෑන අහිරී යන නිසාය. තවද, පෑරනි තීන්ත, උල්පත් පෑන මළ බෑදීමටද හේතු වේ' ගිල්වන පෑන වර්තමානයේ ප්‍රධාන වශයෙන් සිතියම් ඈදීමට හා අක්ෂරඈදීමට යොදාගනී. •පිහාටු පෑන සාදන්නේ විශාල පක්ෂියෙකුගේ පිහාටුවලිනි. මේ සදහා බොහෝවිට පාත්තයාගේ පිහාටු යොදාගනී. මෙය උල්පත් පෑන, ගිල්වන පෑන හා නවීන බෝල්පොයsන්ට් පෑන ආදිය පෑමිනීමට පෙර භාවිතා වූවකි. පිහාටුවේ කද තීන්ත ටෑන්කිය ලෙස කියාකරන අතර, තීන්ත ලeබෙන්නේ කේශාකර්ශන ක්‍රියාව නිසාය. පිහාටු පෑන පුරතන යුගයේදී සම්කඩවල ලිවීමට හා කඩදාසිවල ලිවීමට භාවිත කර ඈත. පසුකාලීනව මෙය වෙනුවට ඉපි පෑන නිර්මdණය කර ඈත. ඉපි පෑන පටු දික් සිදුරක් සහිත බටයකින් හෝ බම්බුවකින් කපාගන්නා අතර, මෙහි යාන්ත්‍රණය පිහාටු පෑනට සමාන වේ. මෙය දෑනට භාවිතයේ නොමෑති අතර, ලිවීම සදහා "තක්ති" නම් ලී පුවරු භාවිත කරන පාකිස්තානයේ සමහර කොටස්වල පාසල් ළමුන් මෙය දෑනටත් භාවිත කරයි. එමගින් ඔවුන්ගේ ලිවීමේ හෑකියාව වර්ධනය වන්නේ යෑයි විශ්වාසයක් පවතී.

ඉතිහාසය

පෑන 
උල්පත් පෑන

ආදිකාලීන ඉන්දියානුවන් ප්‍රථමයෙන් පෑන භාවිත කර ඈත. පැරණි මූලාශ්‍රවලට අනුව පෑන් මුලින්ම තනන ලද්දේ කුරුලු පිහාටු හා උණ කෝටු භාවිතයෙනි. පුරාණ සාහිතයය කෘති වන රාමායනය, මහාභාරතය වෑනි කෘති සදහා ද මෙවෑනි පෑන් භාවිත කර අeත. ආදිකාලීන මිසරවාසීන් පෑපිරස් කඩදාසිවල ලිවීම සදහා සිහින් ඉපි බුරුසු යොදාගෙන ඈත. 7 වන සියවසේදී පමණ පිහාටු පෑන වෙනුවට ඉපි පෑන යොදාගෑනීම අරම්භ විය. ඉපි පෑන පාකිස්තානයේ සිසුන් විසින් ලී පුවරුවල ලිවීම සදහා භාවිත කරයි. ඉපි පෑන සාමානයයෙන්් සාදන්නේ බම්බුවක් යොදාගනීමෙනි. පිහාටු පෑන 1787දී ඈමරිකා එක්සත් ජනපදයේ වයවස්ථාව ලිවීමට හා අත්සන් කිරීමට යොදාගන්නා ලදී. රෝමානු අධිරාජයය බිදවෑටීමෙන් පසු යුරෝපියයන්ට ඉපියාවන් ලබාගෑනීම අපහසු වූ නිසා ඔව්න් පිහාටු පෑන්වලට යොමුවුනා. පිහාටු පෑන 19 වන සියවස දක්වා භාවිත කරන ලදී. 1803 දී ලෝහ පෑන් තුඩ සදහා පේටන්ට් බලපතය ලබාගත් නමුත්, එය වාණිජ කටයුතු සදහා යොදාගත්තේ නෑත. 1822 දී ජෝන් මිට්චෙල් විසින් ලෝහ තුඩ සහිත පෑන් නිෂ්පාදනය අරම්භ කරන ලදී. ඉන්පසුව ලෝහ තුඩේ ගුණdත්මකබව ක්‍රමයෙන් වeඩිවූ අතර ලෝහ තුඩ සහිත ගිල්වන පෑන් සාමානයය භාවිතය සදහා පෑමිනියේය.

පෑරණි ඉතිහාස වාර්තා වලට අනුව, උල්පත් පෑන 10 වන සියවසේදී පමණ නිර්මාණය විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මන්දාකිණිකැලණිය රජ මහා විහාරයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිචන්ද්‍රයාශ්‍රී වික්‍රම රාජසිංහ රජකෘෂි කර්මාන්තයධවල පත්‍රිකාවමහනුවර යුගයේ රාජාවලියරණසිංහ ප්‍රේමදාසඍග් වේදදරු නැලවිලි ගීදිළිඳුබවනාගරීකරණය - ශ්‍රී ලංකාදවුලනැදුන්ගමුව රාජානිකොලස් කොපර්නිකස්ලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමානව අයිතිවාසිකම්බෞද්ධ දිනදසුනමූලික ජීවන නිපුණතාබලශක්ති සංරක්‍ෂණයලාදුරුරුසියාවගුත්තිල කාව්‍යයමානව සම්පත් කළමනාකරණයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයජයමංගල ගාථාආර්ථික විද්‍යාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකා කලු වදුරාමුදල්විමලරත්න කුමාරගමබඹරකන්ද ඇල්ලමරියානා අගාධයහබන් කුකුළාකොරියන් යුද්ධයශිෂ්‍යත්ව විභාගයථූපාරාමය, අනුරාධපුරවිෂ්ණුවිජය කුමාරණතුංගත්‍රිකුණාමලයඅක්මාවපාලිත තෙවරප්පෙරුමමහනුවර පාසල් නාමාවලියමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකා ජාතික කොඩියකාලී දෙවඟනආදරයසංස්කෘතියසිරිත් මල්දමක්‍ෂය රෝගයවළගම්බා රජමත්ද්‍රව්‍යමිනිස් දත්භාෂාවපළමුවන ලෝක යුද්ධයඅපරාධබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඑන්සයිමඇරිස්ටෝටල්පයිතගරස් ප්‍රමේයයපාසල්සිංහයාතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅඟහරු ග්‍රහලොවඉන්දියානු ජාතික කොංග්‍රසයක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමදකුණු ආසියාවලිංගාශ්‍රිත රෝගලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඉන්දියාවේ දේශපාලන පක්ෂ🡆 More