ශ්‍රී ලංකාව නිදහස් දිනය

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින නිදහස ලැබුනි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1,883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4, 5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4, 10, 11, 12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වරායේ නැව්, රජයේ ගොඩනැගිලි, ආගමික ස්ථාන, නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර, කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙකු විය. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ධූරයද හෙබවූ එතුමා අල්ටර් හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදෙනු ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.

Sri lanka flag
ශ්‍රී ලංකා ජාතික ධජය

Tags:

ඕස්ට්‍රේලියාවබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමවිටමින්ගෝලීයකරණයනීතියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහ වැව් නාමාවලියඅඟහරු ග්‍රහලොවඋණයාපහුව බලකොටුවනිකොලස් කොපර්නිකස්පවුලමාරි කියුරිහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයසෙම්ප්‍රතිශ්‍යාවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅමරදේවභාෂාවඋපසර්ගශ්‍රී ලංකාවේ සංස්කෘතියනෙළුම් කුළුණරන්මසු උයනචිත්‍රපට ඉතිහාසයතිරසාර සංවර්ධනයරණතුංග කරුණානන්දමුරගලපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලබක් පසළොස්වකලෝක ආහාර අර්බුදයමිනිසාගේ ස්නායු පද්ධතියවළි කුකුළාඇල්බට්‍ අයින්ස්ටයින්කන්‍යා පටලයනාමල් උයනමාර්ටින් වික‍්‍රමසිංහගෞතම බුද්ධ පරිනිර්වාණයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමරියානා අගාධයරුධිර සංසරණ පද්ධතිය (මානව)බළලාශ්‍රී ලංකාවේ පළාත් මල්හෙද සේවයබුද්ධදාස රජපින්නවල අලි අනාථාගාරයඅනුරාධපුර රාජධානියසුදු බිංදුමලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයමල්වතු ඔයසෙනසුරු ග්‍රහලොවමුනිදාස කුමාරතුංගදැල්පන්දුඉතිහාසයප‍්‍රාථමික අධ්‍යාපනයස්වභාවික වෘක්‍ෂලතාකුප්පමේනියවැලිවිට සරණංකර හිමිසෞරග්‍රහ මණ්ඩලයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ ඉතිහාසයශ්‍රී ලංකා කොටියානිල් මානෙල්ග්‍රහලෝකත්‍රිලක්‍ෂණශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවඅපරාධ නීතියශ්‍රී ලංකාවේ ශිලා ලිපිකරණිය මෙත්ත සුත්‍රයඅහිකුණ්ඨකආනන්ද සමරකෝන්අනගාරික ධර්මපාලදියවැඩියා රෝගයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලවවුනියාවඅයිසැක් නිව්ටන්රඹුටන්උපත් පාලන කොපු🡆 More