න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව

පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන, හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නම් වේ.

මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක (උත්ප්‍රේරක නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල ඉලේක්ට්‍රෝන වින්‍යාසය පමණක් වෙනසට ලක් කැරෙන රසායනික ප්‍රතික්‍රියා වලින් වෙනස් ය.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී අංශු මැවීම හෝ විනාශ වීම (හෝ දෙක ම) සිදු විය හැකි ය. ඒ අනුව ප්‍රතික්‍රියක සහ ඵල අතර ස්කන්ධ වෙනසක් ඇති වේ. එම ස්කන්ධ වෙනස අනුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් ශක්තිය මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය. ප්‍රතික්‍රියක වල ස්කන්ධය වඩා වැඩි නම් ශක්තිය මුක්ත වීම ද, නැත හොත් ශක්තිය අවශෝෂණය වීම ද සිදු විය හැකි ය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්ති ප්‍රමාණ රසායනික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්තියට වඩා බෙහෙවින් විශාල වේ.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකකට ගොනු කළ හැකි ය:

  1. න්‍යෂ්ටික විඛණ්ඩනය
  2. න්‍යෂ්ටික විලයනය

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවනට උදාහරණ

  • තාරකා මධ්‍යයේ සිදුවන විලයන ප්‍රතික්‍රියා: මෙහිදී ප්‍රධාන වශයෙන් අධික චාලක ශක්තීන් සහිත කුඩා න්‍යෂ්ටි දෙකක් (උදා: හයිඩ්‍රජන්) හෝ කීපයක් එකතු වී වඩා බර න්‍යෂ්ටි සාදයි.
  • විඛණ්ඩන බෝම්බ/න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරක: මේවායේදී අධික චාලක ශක්ති සහිත නියුට්‍රෝනවලින්, යුරේනියම්/ප්ලූටෝනියම් වැනි න්‍යෂ්ටි වලට පහර දී එම න්‍යෂ්ටි බිඳ හෙලනු ලැබෙයි.
  • අන්තරීක්ෂ කිරණ නිසා වායුගෝලයේ සිදුවන ප්‍රතික්‍රියා: අන්තරීක්ෂ කිරණ යනු අධික චාලක ශක්තියක් සහිතව අභ්‍යාවකාශයේ සිට වා‍යුගෝලයට ඇතුලු වන උප-පරමාණුක අංශූන් ය. මේවා වායුගෝලීය ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් (කාබන් ඩයොක්සයිඩ් වැනි වායු ලෙස පවතී) වැනි මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කොට සමීප පරමාණුක ක්‍රමාංක සහිත වෙනත් මූලද්‍රව්‍ය සාදයි.


Tags:

රසායනික ප්‍රතික්‍රියා

🔥 Trending searches on Wiki සිංහල:

සාංචියඡයාරූපකරණයමහාවංශයමුතියංගන චෛත්‍යයතෝමස් අල්වා එඩිසන්ජානබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසුදු කොඩි නඩුවනිල් මානෙල්සතර අපායසාදික්කාහෘදයාබාධයමුස්ලිම්මහාද්වීපපිළිකාඅනගාරික ධර්මපාලකාර්මික විප්ලවයරාජ්‍ය සේවා කොමිෂන් සභාවඅමරදේවබොරතෙල්භූගෝලීය තොරතුරු පද්ධතිඋෂ්ණත්වයශ්‍රි ලංකාවේ පාසල්නුවර වැවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)චලිතය පිළිබඳ නිව්ටන් නියමභගමණියඉන්දුනීසියාවවැල්නෙළුම්ක්ෂුද්‍ර ජීවීන්රුධිර සංසරණ පද්ධතිය (මානව)චාමර වීරසිංහහින්දු ධර්මයමහවැලි සංවර්ධන වැඩසටහනක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසතර මහා අපදේශහින්නෝන්මාදයමිනිස් ලිංගික ක්‍රියාඅළු බදාදාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාදීපවංශයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඉන්ෆ්ලුවෙන්සාස්නායු පද්ධතියමානව අයිතිවාසිකම්ශ්‍රී වික්‍රම රාජසිංහ රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමාළුදේශපාලන න්‍යායආර්ථික විද්‍යාවලෝවැඩ සඟරාව1000000000000 (number)මිනිස් දත්2023 ක්‍රිකට් ලෝක කුසලානයරුසියාවචෙස්1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනතජේසුස් වහන්සේවේදථේරවාද බුදු දහමත්‍රිපිටකයයුරෝපයජලයමුදල්හික්කඩුවපංච නීවරණශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයකාව්‍යයේ මුඛ්‍යාංගසරම්පදත්තමී මැසි පාලනයබළලානෙල්ලිජපානයසමනල කන්ද🡆 More