ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි

ශ්‍රී ලංකා‌වේ ‌පහත දැක්වෙන ස්ථාන හත යුනෙස්කෝ සංවිධානය විසින් යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලයිස්තුවට ඇතුළුකර ඇත.

  • පොළොන්නරුව ඓතිහාසික පුරවරය (1982)
  • සිගිරි පෞරාණික පුරවරය (1982)
  • අනුරාධපුර පූජනීය පුරවරය (1982)
  • ගාලු නගරය සහ ආශ්‍රිතය (1988)
  • මහනුවර පූජනීය පුරවරය (1988)
  • සිංහරාජ රක්ෂිත වනාන්තරය (1988).
  • දඹුල්ලේ රංගිරි විහාරය (1991)
  • ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්

පූජනීය මහනුවර පුරවරය

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
දළදා මාලිගාව-පිටත පෙනුම

මහනුවර නගරයේ පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගා‍වේ බුදුන් වහන්‍‍සේගේ දන්ත ධාතුව තැන්පත් කර ඇත. රාජ්‍ය ‍දේශපාලන වැදගත් සංකේතයක් වන දන්ත ධාතූන් වහන්සේගේ හිමිකරු ර‍ටෙහි පාලකයා බව සැලකෙන මතයක් පුරාණ කාල‍යේ සිටම පවති. වර්ෂ 1592 සිට 1815 දක්වා කාල සීමාවෙහි දී ලංකාවේ අගනුවර ලෙස මහනුවර පැවති අතර දළදා මාලිගාව නිසාවෙන් මහනුවර නගරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. අස්ගිරි මල්වතු නිකා‍යේ හිමිවරු විසින් මාලිගාවේ ආගමික වතාවත් දිනකට තුන් වරක් උදෑසන, දහවල් සහ සවස පවත්වනු ලබයි. වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වී‍මේ අවස්ථාව අස්ගිරි මල්වතු ‍දෙපාර්ශවය අතර හුවමාරු ‍වේ. බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමින්, දන්ත ධාතුන් වහන්සේ දෝවනය කර වි‍ශේෂ ආගමික වතාවත් සිදු කරනු ලබයි. ‍මෙහිදි සුගන්ධවත් මලින් හා ජල‍යෙන් ‍දෝවනය කිරිම සිදු ‍කෙරෙන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර ‍බෙදා ‍දෙන්නේ එහි ඇතයි සැලකෙන රෝග සුව කිරී‍මේ ගුණය නිසාය. ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත.

සීගිරිය

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
සීගිරිය

සීගිරිය ලොව අට වන පුදුමය ලෙස හඳුන්වයි. ‍මෙය ඉතා ඈත අතීතයේදී සිංහලයේ රජ කළ,ලොව ප්රථම ගුවන් යානය වන දඩු මොනරයෙන් අහසින් ගමන් කරමින් මුළු ලොවම පාලනය කළ ලෝකාධිපති ලංකේෂ්වර රාවණ අධිරාජ්‍යා විසින් ක්‍රි.පූ 5000 දී ඉදිකරන ලද ආරක්ෂිත මාළිගා සංකීර්ණයක් ලෙස සලකනු ලබයි එතුමාට අමතරව කුවේර රජුත් පසුව පලමුවන කාශ්‍යප රජුත් මෙම මාලිගාව භාවිතා කරන ලදි.සීගිරි ගල මුදු‍නෙහි මාළිගාවක නටබුන්ද, ගල මධ්‍යයේ සිංහ දොරටුවක් ද බිතූ සිතුවම් සහ කැටපත් පවුර පිහිටා ඇත.‍ ‍මෙහි ඇති ‍වෙනත් වැදගත් අංග ‍ලෙස බිතු සිතුවම්, පර්වතය පහළින් පිහිටා ඇති මාලිගා සංකීර්ණය, දිය අගල්, පවුරු සහ පර්වත‍යේ සිට මිටර සිය ගණනක් දුරට විහි‍‍දෙන උද්‍යාන දැක්විය හැකිය. රජ මාළිගාවක් ‍මෙන් ම බල‍කොටුවක් ද වන ‍මෙය නිර්මාණකරුව‍න්‍‍‍ගේ විස්මයජනක හැකියාව නිරූපණය කරයි. පර්වතය මුදු‍නෙහි පිහිටි ඉහළ මාළිගාව ආශ්‍රිතව අදටත් පවතින පොකුණු දැකගත හැකිය. පහළ මාළිගාව වටා ඇති දිය අගල් මනරම් දර්ශනයක් මවා පායි.නෆ්‍රවඹරඹ

අනුරාධපුරය

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
රුවන්වැලිසෑය-අනුරාධපුරය

අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක්ව පැවති අතර අදටත් ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාර‍යේ සුරැකිව පවතින නටබුන් සදහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය ආසියා‍වේ පැවති විශිෂ්ඨත ම එකකි. දැනට එක්සත් ජාතින් ‍ලෝක උරුමයක් වන මෙය වර්තමාන අගනුවර වන ‍කොළඹ සිට කි.මී. 205 උතුරින්, උතුරු මැද පළාත මල්වතු ඔය ඉවුර මුල් කර‍ගෙන පිහිටා ති‍බේ. බු.ව.4 වන සියව‍සේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය, 11 වන සියවස දක්වා ම දකුණු ආසිය‍‍වේ ස්ථාවරත ම ‍‍දේශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ලෙස වැජඹුණි.‍ බෞද්ධ ලෝකයට පූජනීය නගරයක් වූ, වර්ග කි.මි. 40 පුරා විහිදුනු ‍‍බෞද්ධ ආරාම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ලෝකයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

ගාල්ල

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
ප්‍රදීපාගාරය-ගාල්ල

ගාල්ල, ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍වෙරළ තීර‍යේ ‍කොළඹ සිට කි.මි. 119 දුරින් පිහිටි නගරයකි. පෘතුගීසීන් පැමිණීමට ‍පෙර 16 වන සියව‍සේ දී ධීවර වරායක් ලෙස පැවති මෙය එවකට ගිම්මතිත්ත ‍ලෙස හදුන්වා ඇත. (ඉබන්බතුතා ක්වලි (Qali) ලෙස හදුන්වා ති‍බේ.) 18 වන සියව‍සේ බ්‍රිතාන්‍ය පාලකයින් කොළඹ ප්‍රධාන වරාය ‍ලෙස සැලකීමට ‍පෙර ගාල්ල එහි දියුණු‍වේ උපරිමයට එළඹ තිබිණ. 2004.12.26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.

පොළොන්නරුව

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
දෙමළ මහාසෑය(රන්කොත් වෙහෙර)-පොළොන්නරුව

‍චෝල ආක්‍රමණිකයින් පරදවා පළමුවන විජයබා රජු විසින් අගනුවර කර ගත් ‍පොළොන්නරුව ලංකා‍වේ ‍දෙවන පැරණිතම නගරයයි. එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරු මහා පරාක්‍රමබාහු රජුය. කෙටි චෝල පාලන සමයේ දී ‍මෙම නගරය ජනනාත මංගලම් ‍ලෙස ද හදුන්වා ති‍බේ. එ‍හෙත් ඉන් පසු පත් වූ පාලකයින්‍ අතරින් නිශ්ශංකමල්ල රජු හැරුණු විට පත් වූ අ‍නෙක් පාලකයින් එතරම් සාර්ථක ‍නොවූහ. එම රජවරු ඇති කර ගත් දකුණු ඉන්දියානු විවාහ සම්බන්ධතා පසු කාලීනව ඇති වූ දකුණු ඉන්දියානු ආක්‍රමණවලට ද රාජධානිය දඹ‍දෙණියට සංක්‍රමණය වීමටද හේතු විය. අද වන විට ‍පොළොන්නරු රාජධානි‍යේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන, මුල් කාලීන රජුන්ගේ සෞභාග්‍යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍මෙම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ලෝක උරුමයක් ‍ලෙස නම් කර තිබේ. [www.galle.mc.gov.lk]

රන්ගිරි දඹුලු ගල් විහරය

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
රන්ගිරි දඹුලු ගල් විහාරය)-දඹුල්ල

දඹුලු ‍ලෙන් විහාරය (රන්ගිරි දඹුලු ගල් විහාරය) රට මැද භාගයට වන්නට පිහිටි, ලෝක උරුමයක් ‍ලෙස නම් කර ඇති ස්ථානයකි. ‍කොළඹින් කි.මි. 148 නැ‍ගෙනහිරින්ද මහනුවරින් කි.මි. 72 උතුරින්ද පිහිටා ඇති ‍මෙය ඉතා ‍හොදින් සුරැකිව ඇති විහාර සංකීර්ණයකි. තැනිතලාවෙන් මි.160 උසින් පිහිටි පර්වතයක, 80 ට අධික ‍ලෙන් සංඛ්‍යාවක් පවතින අතර ‍ලෙන් පහක් ආශ්‍රිතව විහාර අංගනය පිහිටා ඇත. බුද්ධ චරිතයට අදාළ ස්තූප සහ බිතු සිතුවම් නිසා ‍මෙම විහාරය ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත. බුද්ධ ස්තූප 153, සිංහල රජුන්ගේ ප්‍රතිමා 3 සහ දැව ප්‍රතිමා 4 ක් වර්ග මි. 2100 ප්‍ර‍දේශයක පිහිටා ති‍බේ. බිතු සිතුවම් මගින් බුදුන්ගේ මාර පරාජය සහ පළමු ධර්ම දේශනාව නිරූපණය කර ඇත.

සිංහරාජ රක්ෂිතය

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි 
සිංහරාජ රක්ෂිතයේ කඳුමුදුන්)

ශ්‍රී ලංකා‌වේ ව‍න උද්‍යානයක් වන සිංහරාජ වනය, යුනෙස්කෝව මගින් ‍ජෛව ගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුමයක් ‍ලෙස නම් කර ති‍බේ. නො ඉදුල් වැසි වනාන්තරයක් වන ‍මෙය, ළඟා වීමට ඇති අපහසු බව නිසා ම දැව කර්මාන්ත‍යේ ග්‍රහණ‍යෙන් මිදී ඇත. ‍මෙය 1889 දී ලෝක උරුමයක් ද 1978 දී ලෝක උරුමයක් ද ලෙස ද නම් කර තිබේ. ‍මෙහි න‍මෙහි අරුත සිංහයාගේ රාජධානිය යන්නයි. නැගෙනහිර - බටහිර දිශා ඔස්සේ කි.මි. 21 ද උතුරු- නැගෙනහිර දිශා ඔස්සේ කි.මි. 7 පමණක් වුව ද ඉතා සරු ‍ජෛව විවිධත්වයකට සහ ආ‍වේනික වි‍ශේෂ (කෘමීන්, ශාක, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීර‍පායීන්) රැසකට ‍සෙවණ සපයයි. ශාක ගහණය නිසා යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයක දී ‍මෙන් වන සතුන් දැක ගැනීම අපහසුය. අලින් දැක ගත නො හැකි වුව ද දිවියන් වර්ග 15 ට ආසන්න සංඛ්‍යාවක් කළාතුරකින් දැක ගත හැකිය

මේ අඩවියත් බලන්න

බාහිර පුරුක්

Tags:

ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි පූජනීය මහනුවර පුරවරයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි සීගිරියශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි අනුරාධපුරයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි ගාල්ලශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි පොළොන්නරුවශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි රන්ගිරි දඹුලු ගල් විහරයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි සිංහරාජ රක්ෂිතයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි මේ අඩවියත් බලන්නශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි බාහිර පුරුක්ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවියුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි

🔥 Trending searches on Wiki සිංහල:

භික්ෂූන් වහන්සේජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලහේන් ගොවිතැනගොක් කලාවවිල්හෙල්ම් වුන්ඩ්රාමායණයසාක්‍ෂිශ්‍රී ලංකාවේ විදුලි බලයතුලනාත්මක දේශපාලනයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සත්තුදළදා වහන්සේඒබ්‍රහම් ලින්කන්වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයබිලාවල් රාගයලෝක ජනගහනයළමා අපයෝජනයපළමුවන ලෝක යුද්ධයභාවනාවිවාහ නීතිය - ශ්‍රී ලංකාවැලිවිට සරණංකර හිමිධාතුසේන රජඡායාරූප ශිල්පීශාන්ත ජුසේ වාස් තුමාදළදා පෙරහැරසෞරග්‍රහ මණ්ඩලයසතර සතිපට්ඨානයසාරිපුත්ත රහතන්වහන්සේබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාසිද්ධි අධ්‍යයනයමහින්දාගමනයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපන්සියපනස් ජාතක පොතසිංහල පිල්ලම්චාල්ස් බැබේජ්ඇම්බැක්කේ දේවාලයබුද්ධාගමශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවබසවක්කුලම වැව2004 සුනාමියඡායාරූපයපොල්සන්නිවේදනයගුරුත්වාකර්ෂණයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාත්‍යාග (නීතිය)කාවන්තිස්ස රජපොරොන්දම්තත් වාද්‍ය භාණ්ඩවෛරසමාරි කියුරිසිංහල පදශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාරන්ජන් රාමනායකමාර්ටින් වික‍්‍රමසිංහධවල පත්‍රිකාවඋපසර්ගහෘදයාබාධයඋණඇත් පොකුණසාදික්කාශ්‍රී ලංකාවේ පළාත්සිද්ධාර්ථ කුමරුලෝකයේ රටවල්මිනිසාගේ ස්නායු පද්ධතියලෝවැඩ සඟරාවසිංහල ජනකවිමඩු දේවස්ථානයදඬුලේනාචෛත්‍යශ්‍රී ලංකාවේ කැටයම් කලාවකාව්‍යශේඛරයවිජයබා කොල්ලයස්වයං වින්දනයක්‍රිකට්🡆 More