මධ්‍ය බලවතුන්

මධ්‍ය බලවතුන් හෝ මධ්‍යම බලවතුන් යනු පළමු ලෝක යුද්ධයේ (1914-18) සටන් කළ ප්‍රධාන කණ්ඩායම දෙකින් එකකි.

ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ බල්ගේරියාව මෙයට අයත් විය. මෙම රටවලට අයත් යටත්විජිත (උදාහරණ ලෙස ජර්මන් නිව් ගිනියාව සහ ජර්මන් නැගෙනහිර අප්‍රිකාව) ද මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කරන ලදී. පළමු ලෝක යුද්ධය අවසානයේ මිත්‍ර බලවතුන් විසින් මධ්‍ය බලවතුන් පරාජය කරන ලදී. මධ්‍ය බලවතුන්ගේ ආරම්භය ලෙස සැළකිය හැක්කේ 1879 දී ඔස්ට්‍රියා-හංගේරියාව සහ ජර්මනිය අතර ඇතිවූ සන්ධානය යි. පෙරදී නාමාමාත්‍රික වශයෙන් ත්‍රිත්ව සන්ධානයට එකතු වී සිටියද, ඉතාලිය මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කළේ නැත. බල්ගේරියාව සහ ඔටෝමාන් අධිරාජ්‍යය යුද්ධයට එකතුවූයේ එය ආරම්භ වී කලකට පසුවයි.

මධ්‍යම බලවතුන්

Mittelmächte  (ජර්මන්)
Központi hatalmak  (හංගේරියානු)
İttifak Devletleri  (තුර්කි)
Централни сили (බල්ගේරියානු)
1914–1918
1914 අගෝස්තු 1 වන විට මධ්‍ය බලවතුන් (තැඹිලි පැහැයෙන්) දැක්වූ සිතියමක් *  ඔස්ට්‍රියා-හංගේරියා *  ජර්මනිය *  ඔටෝමාන් අධිරාජ්‍යය *  බල්ගේරියාව
1914 අගෝස්තු 1 වන විට මධ්‍ය බලවතුන් (තැඹිලි පැහැයෙන්) දැක්වූ සිතියමක්
තත්ත්වයහමුදාමය සන්ධානය
ඓතිහාසික යුගයපළමු ලෝක යුද්ධය
• ද්විත්ව සන්ධානය
(ජර්මනිය / ඔස්ට්‍රියා-හංගේරියා)
1879 ඔක්තොම්බර් 7
• ස්ථාපිත කළේ
ජුනි 28 1914
• ඔටෝමාන්-ජර්මානු සන්ධානය
1914 අගෝස්තු 2
• බල්ගේරියා-ජර්මානු ගිවිසුම
  • 1915 සැප්තැම්බර් 6 (රහසිගතව)
  • 1915 ඔක්තොම්බර් 14 (ප්‍රසිද්ධව)
• විසුරුවා හරින ලද්දේ
නොවැම්බර් 11 1918
පූර්වප්‍රාප්ති වනුයේ
මධ්‍ය බලවතුන් ද්විත්ව සන්ධානය (1879)
මධ්‍ය බලවතුන් ත්‍රිත්ව සන්ධානය (1882)
මධ්‍ය බලවතුන් ඔටෝමාන්-ජර්මානු සන්ධානය
මධ්‍ය බලවතුන් ඔටෝමාන්-බල්ගේරියා සන්ධානය
මධ්‍ය බලවතුන් බල්ගේරියා-ජර්මානු ගිවිසුම (1915)
මධ්‍ය බලවතුන්
  • මධ්‍යම බලවතුන්ගේ නායකයින් (වමේ සිට දකුණට):
  • ජර්මනියේ විල්හෙල්ම් II අධිරාජයා;
  • ඔස්ට්‍රියා-හංගේරියාවේ ෆ්‍රාන්ස් ජෝසෆ් අධිරාජයා;
  • ඔටෝමාන් අධිරාජ්‍යයේ සුල්තාන්වරයා මෙහ්මඩ් V;
  • බල්ගේරියාවේ ෆර්ඩිනන්ඩ් I රජු

සාමාජික රාජ්‍යයන්

පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට මධ්‍යම බලවතුන් අතර සිටියේ ජර්මානු අධිරාජ්‍යය සහ ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය පමණි. 1914 දී ඔටෝමාන් අධිරාජ්‍යය ඔවුන්ට එකතු වූ අතර, 1915 දී බල්ගේරියා ‍රාජධානිය එකතු විය. "මධ්‍ය බලවතුන්" යන නම සෑදී ඇත්තේ එම රටවල් වල පිහිටීම අනුව ය. මධ්‍ය බලවතුන් සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යයන් (ෆින්ලන්තය සහ ලිතුවේනියාව හැර) පිහිටා තිබුනේ රුසියානු අධිරාජ්‍යයට බටහිරින් සහ ප්‍රංශයට සහ එක්සත් රාජධානියට නැගෙනහිරින් ය. 1918 දී, යුද්ධය අවසාන වීමට සුළු කලකට පෙර, ෆින්ලන්තය, අසර්බයිජාන්, සහ ලිතුවේනියාව ද මධ්‍ය බලවතුන්ට එකතු විය.

මධ්‍ය බලවතුන් 
  • පළමු ලෝක යුද්ධ සමයේ මිත්‍ර බලවතුන් සහ මධ්‍ය බලවතුන්
  •      මිත්‍ර බලවතුන්
  •      මිත්‍ර බලවතුන්ගේ යටත්විජිත සහ ඩොමිනියන
  •      මධ්‍ය බලවතුන්
  •      මධ්‍ය බලවතුන්ගේ යටත් විජිත
  •      මධ්‍යස්ථ රාජ්‍යයන්

මධ්‍ය බලවතුන් පහළ රටවල් වලින් සමන්විත විය:

රාජ්‍යය පළමු ලෝක යුද්ධයට ඇතුලු වූයේ
මධ්‍ය බලවතුන්  ඔස්ට්‍රියා-හංගේරියා 1914 ජුලි 28
මධ්‍ය බලවතුන්  ජර්මනිය 1914 අගෝස්තු 1
මධ්‍ය බලවතුන්  ඔටෝමාන් අධිරාජ්‍යය 1914 අගෝස්තු 2 (රහසිගතව)
1914 ඔක්තොම්බර් 29 (ප්‍රසිද්ධව)
මධ්‍ය බලවතුන්  බල්ගේරියාව 1915 ඔක්තොම්බර් 14

Tags:

ඉතාලියඔටෝමාන් අධිරාජ්‍යයඔස්ට්‍රියා-හංගේරියා රාජධානියජර්මනියපළමුවන ලෝක යුද්ධයබල්ගේරියාව

🔥 Trending searches on Wiki සිංහල:

පුස්තකාලඅවසාදිත පාෂාණමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසතර අගතිශ්‍රී ලංකාවේ ආදිවාසීන්සිලින්ඩරකඩවතමුදල්ලන්දේසි ලංකාවඑල්ලේසමාධි බුදු පිළිමයඉතිහාසයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඑළාර රජක්‍රීඩාආගම්රෝස්මෙරිඌව වෙල්ලස්ස කැරැල්ලසුරතාන්තයපාලිප්‍රජාපතී ගෝතමීපොන්නම්බලම් අරුණාචලම්පංච කල්‍යාණබිලාවල් රාගයසෛලය (ජීව විද්‍යාව)මනෝවිද්‍යාවඩෝසන් කුළුණමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඔක්සිජන්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)පිළිකාකොළඹ කොටු‍වශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපරිගණකයත්‍යාග (නීතිය)කිරි වෙහෙර, කතරගමබැසිල් රාජපක්ෂආකල්පඅර්ජුන රණතුංගකාංසා අක්‍රමතාවයපළමුවන පරාක්‍රමබාහු රජසාපේක්ෂතාවාදයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්ලෝක පුදුමහරිතාගාර ආචරණයසාහිත්‍යයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිරොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයාසිංහබාහුශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියකොහොඹා කංකාරියචාමර වීරසිංහලෝක ළමා දිනයසෙංකඩගල පෙරහැර මංගල්‍යයමත්ද්‍රව්‍යපන්සිල්හිරුආලේලූයා සෙනසුරාදානේටෝඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණපාසල්පෘථිවියේ ජල ව්‍යාප්තියඅර්ථයසර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියමටූපැක් ශාකූර්දෙවි දේවතාවියෝකුරානයජංගම දුරකථනයේ උපතක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකා මහ බැංකුවඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවභූපාලි රාගයජාතික ගීය - ශ්‍රී ලංකාජර්මනියරජරට රාජධානියේ අනුරාධපුර යුගය🡆 More