1955, ජූනි 20 සූර්ය ග්‍රහණය

පූර්ණ සූර්ය ග්‍රහණයක් 1955, ජූනි 20 දින ඇති විය.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, පෘථිවියට සූර්යයා දර්ශනය වීම පූර්ණ ලෙසින් හෝ අර්ධ ලෙසින් හෝ වැලැක්වීම නිසාවෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, චන්ද්‍රයාගේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යයාට වඩා විශාල වූ විට, සියළු සෘජු සූර්යාලෝකය වලක්වමින්, දහවල් කාලය අඳුරු කිරීමෙනි. පෘථිවියෙහි පෘෂ්ඨය වටා පටු පෙතක පූර්ණත්වය ඇතිවන අතර, කිලෝමීටර දහස්ගණනක් පළල කලාපයක් තුල අර්ධ සූර්ය ග්‍රහණය දර්ශනය වෙයි.

1955, ජූනි 20 දී සිදුවූ සූර්ය ග්‍රහණය
1955, ජූනි 20 සූර්ය ග්‍රහණය
සිතියම
ග්‍රහණ වර්ගය
ස්වභාවයපූර්ණ
ගැමා-0.1528
විශාලත්වය1.0776
උපරිම ග්‍රහණය
කාලසීමාවවිනාඩි7 තත්8
ඛණ්ඩාංක14.8උ 117නැ
කලපයෙහි. උපරිම පළල254 කිමී
වේලාව(UTC)
විශාලතම ග්‍රහණය4:10:42
ආශ්‍රිත
සාරොස්136 (34 of 71)
වට්ටෝරු # (SE5000)9410

උපරිම කාල සීමාව විනාඩි 7 තත්පර 8 ක් වීමෙන්, මෙය 136 ශ්‍රේණියෙහි විශාලතම සූර්ය ග්‍රහණය වෙයි.

ලංකාවට දර්ශනය වූ අයුරු

සූර්ය ග්‍රහණය ඇතිවූ කාල සීමාවේදී මුළු ලංකාවම අඳුරු වී ඇත. සත්වොද්‍යානයෙහි ව්‍යාඝ්‍ර. ඇත්, පක්ෂී ආදී සියළු සතුන් අමුතු හඬ නැගීමට පටන්ගෙන ඇත. කපුටන් ආදී පක්ෂීන් සවස් කාලය ඇතිවී යැයි සිතාදෝ උන්ගේ කූඩු වෙත පැමිණීමට පටන් ගෙන ඇත.

මිථ්‍යා විශ්වාස

සූර්ය ග්‍රහණය ඇති වූ කාලසීමාවෙහිදී වදකහ යුෂ පානය කිරීමෙන් ඡවි කල්‍යානය ලැබෙන බවට සමහරක් නක්ෂත්‍රවේදීන් විසින් පලකල අනාවැකි නිසාවෙන් බොහෝ ස්ත්‍රී-පුරුෂයන් එසේ කල බවට වාර්තා වේ. සූර්යග්‍රහණය පහවීමත් සමගම ලංකාවේ රෝහල් පුරා වමනය-පාචනය ආදී උදරාබාධ රෝගීන්ගෙන් පිරී යෑමට මෙය හේතු වූ බව කියැවේ.

ජාත්‍යන්තර නිරීක්ෂණ

සූර්ය ග්‍රහණය නිරික්ෂණය කිරීමට හා ඒ අවස්ථාවේදී සූර්යයාගේ රැස් වළල්ලෙහි ඡායාරූප ගැනීමට බොහෝ විදෙස් නිරීක්ෂණයන් ලංකාවට පැමිණ ඇත. කොළඹ, හිඟුරක්ගොඩ ආදී ස්ථාන වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුවී ඇති අතර වළාකුළු සහිත වූ අහස නිසාවෙන් මෙම කටයුතු එතරම් සාර්ථක වී නොමැත. ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යය ඒ. ඩබ්. මයිල්වාගනම් මහතා විසිනි. ලංකාවේ හිඟුරක්ගොඩ නගරය මෙම නිරික්ෂණ කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ පූර්ණ සූර්ය ග්‍රහණය දර්ශනය වන පෙතට ඉතාමත් කිට්ටු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබීම නිසාවෙනි. නිරීක්ෂණ අතුරින් ප්‍රකාශ නිරික්ෂණ අසාර්ථක වී ඇත්තේ වළාකුළු සහිත කාළගුණය නිසාවෙනි. කෙසේවෙතත්, භූ-චුම්බක, අයනගෝලීය සහ රේඩියෝ-තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් සාර්ථක ලෙසින් සිදු කර ඇත.

දර්ශනය වූ රටවල්

මෙම සූර්ය ග්‍රහණය, පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසින් දර්ශනය වී ඇත්තේ ලංකාව, සියමය, වියට්නාම රාජ්‍යය සහ පිලිපීනය යන රටවලට පමණි.

වෙනත් රටවල දී සිදුකරන ලද නිරික්ෂණ

වියට්නාම රාජ්‍යයේ, කික්යුඉක් බොක්කේ, හහාප් වෙරළෙහි තවත් ප්‍රධාන නිරික්ෂණ මාලාවක් සිදුකොට ඇත. එහි කටයුතු කර ඇත්තේ ජපාන ජලමාන කාර්යාලයයෙහි, එන්. ඔවාකි මහතාය. කාලගුණය හොඳින් පැවැති හෙයින්, මෙහිදී පූර්ණ සුර්ය ග්‍රහණය මධ්‍යයෙහි සූර්යයාගේ රැස් වළල්ල සෘජු ඡායාරූපයන්ට හසු කර ගැනුමට ජපාන විද්‍යාඥයින් සමත් වී ඇත.

Tags:

1955, ජූනි 20 සූර්ය ග්‍රහණය ලංකාවට දර්ශනය වූ අයුරු1955, ජූනි 20 සූර්ය ග්‍රහණය මිථ්‍යා විශ්වාස1955, ජූනි 20 සූර්ය ග්‍රහණය ජාත්‍යන්තර නිරීක්ෂණ1955, ජූනි 20 සූර්ය ග්‍රහණය දර්ශනය වූ රටවල්1955, ජූනි 20 සූර්ය ග්‍රහණය වෙනත් රටවල දී සිදුකරන ලද නිරික්ෂණ1955, ජූනි 20 සූර්ය ග්‍රහණයචන්ද්‍රයාපෘථිවියසූර්ය ග්‍රහණයසූර්යයා

🔥 Trending searches on Wiki සිංහල:

දානයයෝනි මාර්ගයමොණරවිල කැප්පෙටිපොළහිසරදයලෝකයේ රටවල්අනගාරික ධර්මපාලබෞද්ධ දිනදසුනඩෙල්ටාඝනත්වයත්‍රස්තවාදයශ්‍රී ලංකාවේ දාගැබ්අක්මාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්උෂ්ණත්වයඉන්දියාවරුහුණු කතරගම දේවාලයමිනිස් ලිංගික ක්‍රියාත්‍යාග (නීතිය)ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයචාමර වීරසිංහත්‍රිලක්‍ෂණඇරිස්ටෝටල්ශ්‍රී ලංකා පොලිස් සේවයසිඟාලෝවාද සූත්‍රයතාක්‍ෂණයතත් වාද්‍ය භාණ්ඩසිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවබුද්ධාගමබල්ලෝමිනිසාශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවසිරිත් මල්දමඇල්ගීලෝක ජනගහනයජාත්‍යන්තර කම්කරු දිනයඑස්‌. මහින්ද හිමික්‍රිස්තියානි ආගමනෙල්ලිපයිතගරස් ප්‍රමේයයමොනරාසත්තුඉන්දියානු ජාතික කොංග්‍රසයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසුසන්තිකා ජයසිංහබළලාරත්න ශ්‍රී විජේසිංහඍග් වේදවිර පුරන් අප්පුයශෝදරාසිංහල වර්ණ මාලාවවී බිස්සඋද්ධමනයඅභයගිරි විහාරයශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයව්‍යාපෘති කළමනාකරණයකෝළම්වන්නම්හෙළ ගණන් ක්‍රමයබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියනිශ්ශංක මල්ල රජවෙදනලාවමන්ද පෝෂණයවෛරසමත්ද්‍රව්‍යකම්කරු දිනයකොරල් පරඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅක්මාවේ තෙල්නෙප්චූන්ප්‍රතිරෝධකයමුස්ලිම්සිලින්ඩරකාවන්තිස්ස රජත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයශ්‍රී ලංකාවේ දියඇලි🡆 More