තේ, රබර්, පොල් යනාදිය ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන බෝග වලින් ප්‍රධානතැනක් ගෙන ඇත.රබර් වගා කරන කරන ලද පලමු ආසියාතික රට වන ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලිමේදී ලෝකයේ ප්‍රධාන තැනක් ගනී.
ලෝකයේ ප්‍රධානම ක්‍රේප් රබර් සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකාවයි.
"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී. එභි රෝපිත බ්‍රසිලියන් රබර් දෙවර්ගයට අයත් ඇටවලින් හටගත් පැළ කිහිපයක් ලංකාවට ගෙන විත් 1876 දී හෙනරත්ගොඩ උද්ද්‍යානයේ රෝපනය කලේය.මෙම උද්භිත උද්ද්‍යානය ලෝකයේ රබර් කර්මාන්තයේ සංදිස්ථානයක් වශයෙන් හදුන්වනු ලැබේ. පසු කාලීනව ශ්‍රී ලංකාවෙන් රබර් පැළ අනෙකුත් ගිනිකොනදිග ආසියාතික රටවලට බෙදා දෙන ලදී. මෙම රටවල් දැනට 95% පමණ මුළු ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදනයට දායක වී ඇති අතර ඉතිරි ප්‍රමාණය අප්‍රිකානු රටවල් වලින් සපයනු ලැබේ. වර්තමාන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ රබර් වගාකර ඇති ප්‍රමාණය 128 879 හෙක්ටටයාර් වන අතර ඉන් 83 253 (63%) අයිතිවනුයේ කුඩා රබර් වතු හිමියන්ටය. එමෙන්ම රබර් කර්මාන්තය හොඳින් පුහුණු කළ රසායන විද්‍යාඥයන්, තාක්‍ෂණිකයන්, ඉංජිනේරුවන්, ශිල්පීය හා තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලි හා අවශ්‍ය උපකරණයන් යොදාගනිමින් උසස් තත්ත්‍වයෙන් යුතු රබර් සපයන නිසා තරඟකාරී මිල ගණන් යටතේ ලෝක වෙළඳ පොළේ තරඟ කිරීමේ හැකියාව ලැබී ඇත.නමුදු ප්‍රමාණවත් භූමි ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් ලෝක වෙළඳපොළට සපයන ස්වභාවික රබර් සඳහා ශ්‍රී ලංකවේ දායකත්‍වය මෑතකාලීනව 1.8% කි.
රබර් ගසක නිරෝගිමත් වර්ධනය සඳහා බොහෝ සාධක බලපානු ලබයි. ඒ අතරින් පස උෂ්ණත්‍වය හා වර්ෂාපතනය යන්න ඉතා වැදගත් වේ. රබර් ගසක් නිරෝගිමත් වර්ධනයට සෙල්සියස් අංශක 27 පමණ උෂ්ණත්‍වයක් ද මිලි මීටර් 2000 වඩා වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ද හොඳින් තෙතමනය රඳා පවතින ලැටරයිට් හෝ ලැටරයිට් වර්ගයේ කබොක් පසද අවශ්‍යවේ. එලෙසම නියුට්ට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් හා සෝඩියම් යන පෝෂක කොටස් වැදගත් තැනක් ගනී. මෙම පෝෂක කොටස් නිසි පරිදි රබර් ගසකට ලබාගත නොහැකි වුවහොත් රබර් ගස පහත සඳහන් රෝගී තත්ත්‍වයන්ට ලක් වේ.
3.1.1 Whiteroot Disease
රබර් ගස් මුල් අවදියේ දී පැළයේ මුල ප්‍රදේශය සුදු පැහැවී ඇත්නම් හා පුස් බැදීම් වලට ලක්වී ඇත්නම් එය Whiteroot රෝගය ලෙස හඳුනාගත හැකිය. වියලි කලාපයට වඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන මෙම රෝගය වර්ධයත් සමග රබර් ගස මරණයට පත් වේ.
3.1.2 Corynespora Leaf Spot Disease
මෙහි දී රබර් කොළයේ විවිධ ස්ථානවල දුඹුරු පැහැයට හුරු ලප හටගන්නා අතර පසු කාලීනව කොළය ගසෙන් හැලී යයි. කලුතර, කැළණිය, රත්නපුර ප්‍රදේශවල මෙම තත්වය බහුලව දැක ගත හැක.
3.1.3 Oidium Leaf Disease
මෙම රෝගී තත්ත්‍වය නිසා රබර් කොළයේ දෙපැත්තේමත්, රබර් මල් වලත් සුදු පැහැයට හුරු ලප මතුවේ. රෝගී තත්ත්‍වය වර්ධනයත් සමග මෙම තත්ත්‍වය රබර් ගසේ රිකිලි හා කුඩා අතු වලට ද වැලදී ගසේ වර්ධනය බාල කරයි.
3.1.4 Pink Disease
වයස අවුරුදු 3-7 පමණ වයසේ වර්ධන අවදිය පවතින රබර් පැල සඳහා මෙම රෝගය විශාල වශයෙන් බලපායී. රබර් ගසේ කඳේ සුදු පැහැයට හුරු මකුලු දැළක් වැනි විශාල ලප ඇතිවන අතර ඉන් රබර් කිරි වෑස්සිමක් ද දක්නට ලැබේ.
3.1.5 Phytophthora Disease
මෙම රෝගී තත්ත්‍වය රබර් ගසේ ගෙඩියට, නාරටි වලට හා කඳේ පොත්තට බලපෑම් කරයි. මෙහි දී රබර් ගසේ පොත්ත කුණු වී යාම ,රබර් ගසේ කොළ අනවශ්‍ය පරිදී වැටීමට ලක්වීම සිදු වී රෝගී තත්ත්‍වය වර්ධනත් සමග රබර් ගස මරණයට වුව ද පත් විය හැක.
-නිසිපරිදි පොහොර භාවිතය.
-නිරෝගිමත් පැල විශ්වාසවන්ත ස්ථානයකින් සිටුවීම සඳහා ලබා ගැනීම.
-වගා භුමියට හිරු එළිය වැටෙන පරිදි රබර් පැල නියමිත දුර ප්‍රමාණයකින් සිටුවිම.
-මරණයට පත්ව ඇති ගස් කපා ඉවත් කිරීම.
-පලිබෝධනාශක යොදා ගැනීම.
අතුරු බෝග වගාව ලෙස සලකනු ලබන්නේ එකම වගා භුමියේ බෝග වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කිරීමයි. අතුරු බෝග වගාව තුලින් රබර් වගා කරුවන්ට බොහෝ වාසි අත්පත් කර ගත හැක. ඒවා නම්,
තේ
කුරුඳු
වැනිලා
කෙසෙල්
උක්
කොකොවා
අන්නාසි
කරඳ මුංගු
පැෂන්පෘට්
පැඟිරි
බුලත්
දැව
රබර් බීජ වලින් ලබා ගන්නා රබර් පැල වගාවට සූදානම් කොට ඇති භුමියේ සිටුවා ගස වැඩෙන පරිදි පොහොර දමමින් හා වල් පැල මර්ධනය කරමින් නිසි ලෙස නඩත්තු කළ යුතුය. වසර 7 ගතවන තුරු රබර් ගස කිරි කැපීම සඳහා සුදුසු නොවේ. ගස රබර් ගසක කිරි කැපීම සඳහා කැපුම් දැමීමට සුදුසු වනුයේ එම රබර් ගසේ බද්ධ සන්ධියේ ඉහලම ස්ථානයේ සිට සෙ'මි'120(අඟල් 48)ඉහලින් වටය සෙ.මි.50(අඟල් 20) පමණ වූ විටය. මෙසේ කැපුම් දැමීමෙන් පසු රබර් ගස් වලින් ලබා ගන්නා කිරි පොල් කටු ආධාරයෙන් එකතුකොට රබර් නිෂ්පාදනාගාර වෙත යවනු ලැබේ. රබර් කිරි කපන අවස්ථාව් කිරි කැපුම්කරනු ලබන ස්ථානයේ වියලී ඇති පට්ට ගලවා ගන්නා අතර එය ඔට්ටපාලු ලෙස හඳුන්වනු ලැබේ. රබර් නිෂ්පාදනාගාරයේදී විවිධ ක්‍රියාවලීන්ට රබර් කිරි ලක් කොට පහත සඳහන් නිමවුම් ලබාගනී.
රබර් නිෂ්පාදනාගාරයේ දී මෙසේ නිපදවනු ලබන නිමවුම් යොදා ගනිමින් කර්මාන්තශාලා විවිධ වර්ගයේ නිමවුම් කරනු ලැබේ. ඒවා නම්,
කර්මාන්ත නිපයුම්
රබර් කිරි පදනම් කර කරනු ලබන නිපයුම්
අනෙකුත් රබර් නිෂ්පාදන
කලුතර | රත්නපුර | හම්බන්තොට |
කොළඹ | මාතර | නුවර එළිය |
ගාල්ල | බදුල්ල | කුරුණෑගල |
පුත්තලම | මාතලේ | කෑගල්ල |
නුවර | ගම්පහ | මොණරාගල |
( Sri Lanka Association of manufacturers and Exporters of Rubber Products (SLAMERP))
රට | 2000 | 2001 | 2002 | 2003 | 2004 | ප්‍රමුකතාවය |
---|---|---|---|---|---|---|
ඇමරිකා එක්සත් ජනපදය | 66.69 | 52.93 | 54.92 | 68.52 | 84.87 | 1 |
ජර්මනිය | 16.43 | 16.78 | 17.74 | 25.89 | 30.07 | 2 |
එක්සත් රාජධානිය | 17.42 | 11.95 | 13.41 | 17.28 | 23.43 | 3 |
ප්‍රංශය | 19.48 | 16.07 | 14.79 | 16.47 | 17.94 | 4 |
ඉතාලිය | 16.74 | 16.39 | 14.12 | 15.75 | 17.71 | 5 |
බෙල්ජියම | 18.85 | 12.05 | 10.76 | 9.64 | 11.83 | 6 |
ස්වීඩනය | 4.37 | 4.94 | 6.83 | 8.79 | 11.15 | 7 |
කැනඩාව | 5.42 | 7.27 | 6.99 | 7.16 | 8.46 | 8 |
නෙදර්ලන්තය | 5.09 | 3.15 | 4.21 | 5.37 | 7.21 | 9 |
ඉන්දියාව | 0.71 | 0.61 | 1.89 | 3.97 | 7.07 | 10 |
රබර් යනු දැනට ලංකාවේ අපනයනය කරනු ලබන කෘෂි අපනයන භෝග වලින් ප්‍රධාන තැනක් ගත් බෝගයකි. රබර් හා ඒ අශ්‍රිත නිපයුම් විදේශ රටවල අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ලංකාවට ලැබේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයනය සංයුතියට අනුව කෘෂි අංශයේ රබර් අපනයනය 1.4% පමණ වන අතර කාර්මික අංශයේ රබර් නිෂ්පාදන අපනයනය 6% පමණ වේ.
පසු කාලීනව රබර් කර්මාන්තය සමග විශාල රැකියා අවස්ථා වතු කර ජනතාවට හා ග්‍රාමීය ජනතාවට ලැබිණ. දැනට ගත් කළ 20,000 ක් පමණ රැකියා අවස්ථා රබර් කර්මාන්තය වටා බැඳී පවතී. මෙම රැකී රක්‍ෂා කිරි කැපීමේ සිට අපනයනය දක්වා ක්‍රියාවලිය තුලින් බිහි වී ඇත.එමෙන්ම මෑත කාලීන රබර් නිපයුම් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් තත්ත්‍වය හේතුවෙන් කුඩා හා විශාල වතු හිමියන්ට විශාල ආදායමක් අත්කර ගතහැකි විය. රබර් වගාව හේතුවෙන් රටේ පැවති රැකී රක්‍ෂා ප්‍රශ්නයට යම් විසඳුමක් වූ අතර රටේ ආර්ථිකයට හා ආදායම් විෂමතාවය අඩු කිරීමට එය ඉවහල් විය.
[fa:کائوچو]]
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ රබර් වගාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.