සිංහල ප්‍රස්ථාව පිරුළු: ජනවහර

ප්‍රස්තාව පිරුළු යනු තැනට ගැලපෙන ආකාරයට විවිධ අවස්ථාවන්හිදී විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් (ප්‍රස්තාව පිරුළු) යොදාගැනීම සිංහල භාෂාවේ නිතර දක්නට ලැබේ.

මෙය යම්විටෙක උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. බොහෝ අවස්ථා වලදී මෙම ප්‍රස්ථා පිරුළු බිහිවීම ගැන පසුබිම් කතන්දර/ජනකතා පවතී.

ප්‍රස්තාව යනු අවස්ථාවටයි. වෙලාවටයි. සුදුසු මෙහොතටයි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ ප්‍රස්තාව යන්නට අවස්ථාව, වෙලාව අධිකාරිය, පටන් ගැන්ම 'විවාහය' යන අර්ථ ද දී තිබෙන අතර, පිරිවුඵ (පාරිවට්ට) යන්නට ඒ වෙලාවට පමණක් ප්‍රයෝජනය ගෙන පසුව හිමියාට භාරදෙනු පිණිස ඉල්ලාගත් දෙය (තාවකාලික දෙයක්) ලෙස පැහැදිලි කර තිබේ. මේ අනුව බලන විට සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සදහා අනුන්ගෙන් ලබාගත් වැකි යන්න ප්‍රස්තාව පිරුළු යන්න සුදුසුම ආසන්න අර්ථය බව දැක්වීම නිවැරදි වෙයි.

යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි උකහා දැක්වීම සඳහා සිංහල සම්ප්‍රදායේ යම් යම් යෙදුම් යොදා ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්තාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ හැකිය. ඉතා ඈත අතිතයේ සිට ම සිද්ධියක් හෝ අවස්ථාවක් අරබයා ගොඩ නැගී ඇති නියමයන් ප්‍රස්තාව පිරුළු වශයෙන් ගැනේ. මේවා භාෂිත මෙන්ම ලේඛණ ව්‍යහාරයේ දී ත් යොදා ගැනෙන්නේ පවසන අදහස රසවත් හා අර්ථවත් කිරීමට ය. එම ප්‍රස්තාව පිරුළු ද පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.එළිපත්තේ ඉන්න බළලා වගේ ප්‍රස්තාවේ තේරැම

ප්‍රස්ථාව පිරුළු සදහා පාදක වූ කතා

ගැමි ව්‍යාවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්ථාව පිරුළ හදුන්වා දීම නිවැරදි යයි හැගේ.මන්ද ජනකතා ජනකවි තුළින් ලද අත්දැකීම් මෙන්ම පරිශිලනය කරන ලද කරැණු ඔස්සේද එවැනි ආකායට එය අර්ථකථනය කිරිම වරදක් නොව.. ගැමියන් එසේත නැත්නම් පැරැනන්නන් කට කහනවට කතා කීවේ නැත. සිත කය වචනය මැනවින් සංවර කරගත් ඔවුන් නූගත් ගැමියන්ගේ ඇසුරෙන් පවා ලද අත්දැකීම් මගින් ආදර්ශයන් සපයා තිබුණේ වහෙන් ඔරෝ බාසාවෙනි.අදට වඩා එදා බාසාව සරල යැයි කිව නොහැක . නමුත් අපබ්‍රංස තිබුනාදායි සැකයක් ඇත.සිංහල වචන වලට ඉංග්‍රීසි ගලපන විට ඒවා අපබ්‍රංස වන්නට ඇත.එවැනි අප්බ්‍රංස කීම වෙුනුවට කිව යුතු දේ කෙටියෙන් හිකට කාවාදින්නට කීවේ මෙවැනි ප්‍රස්ථාව පිරැළු භාවිතයෙනි. අද වන විටද එහි විකාශනයට මාධ්‍ය වන්නේ ජන වහර එසේත් නැතිනම් මුඛ පරම්පරාගත සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමයකි.

පිරුළු සඳහා උදාහරණ

  • කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලන්නා වගේ
  • රන් බිජු ගන්න කිකිළිගෙ බඩ පැළුවා වගෙයි
  • ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙයි
  • දීකිරට බලල්ලුත් සාක්කිලු
  • කපන්න බැරි අත ඉඹිනව වගෙයි
  • කළුවා මාරපන ගියා වගෙයි
  • පරංගියා කෝට්ටේ ගියා වගෙයි
  • වක්කඩේ හකුරු හැංගුවා වගෙයි
  • කටුස්සාගේ කරේ රත්තරං බැන්ඳා වගෙයි
  • ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගෙයි
  • කසාය බිව් ගොළුවා වගෙයි
  • එපා වාහෙට හොදි බෙදනවා වගෙයි
  • ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි
  • අන්දරේ සීනි කෑවා වගෙයි
  • කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි
  • ගහ දන්න මිනිහට කොළ කඩා පානවා වගෙයි
  • බාගෙන කන්න තියෙන වල ඉහගෙන කනවා වගෙයි
  • තම්බි කිරි පැණි කෑවා වගෙයි
  • බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ
  • හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
  • අටුව කඩා පුටුව හැදුවා වගෙයි
  • ගමරාල සිල් ගත්තා වගෙයි
  • නංගි පෙන්නලා අක්කා දෙනවා වගෙයි
  • වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා වගෙයි
  • අට්ටික්කා ගහේ මල් පිපුණා වගෙයි
  • කජු කනවා වගෙයි
  • වෙහෙර ගිලපු මිනිහට අග්ගලාවත් කජ්ජක්ද?
  • දෙවේලේ දකින කුකුලගේ කරමලෙත් සුදුයි
  • කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි
  • කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු
  • ගමරාලගේ වංගෙඩිය වගෙයි
  • ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි
  • අතීසාරයට අමුඩ ගහනවා වගෙයි
  • වහෙන් ඔරෝ බාසාවෙන් කියනවා වගෙයි
  • කොහොඹ ගහේ කරවිල වැල ගියා වගෙයි
  • වැලේ ගෙඩි වැලට බර නැතිලු
  • ගහේ කටු උල් කරන්න ඕනි නැතිලු
  • අඬුව තියාගෙන අත පුච්චගන්නවා වගෙයි
  • බළල්ලු ලවා කොස්ඇට බාවනවා වගෙයි
  • හතු පිපෙනවා වගෙයි
  • ගිලීමලෙත් ඇත දත සුද්දෝ
  • යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවානම් හාල් මල්ල නොබලාම විසිකරපිය කීවාලු.
  • ලූලා නැති වල කනයා පණ්ඩිතයාය
  • කලුවා මාරපන් ගියා වගේ

ඉගි වැකි හෙවත් රූඩී

  1. ඉවසීමෙන් සැනසීම ලැබේ - ජයග්‍රහණ ලබාගැනීමට නම් ඉවසීමෙන් කටයුතු කල යුතුය.
  2. ඉක්මන් කොටයි - වැඩි හදිස්සියක් හොඳ නැත
  3. ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ - අනවශ්‍ය දෙයක් ඉවත් කර ඊට වඩා අනවශ්‍ය දෙයක් ළංකර ගැනීම
  4. ඉහේ මලක් පිපුණා වාගේ - විශාල සතුටකදී මෙවැන්නක් කියැවේ.
  5. ඉබිකටුක් බෙහෙතට ඔනෑවීම - අහක දමන දෙයත් ඔන අවස්තා තිබීම.
  6. ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ
  7. ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ
  8. ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ
  9. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ - කෙනෙකු ළඟ නැති දෙයක් ඉල්ලා සිටීම.
  10. ඉබ්බා අහසින් ගියා වාගේ
  11. ඉබ්බා දියේ දැම්මා වාගේ

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයදඬුලේනාසජිත් ප්‍රේමදාසJalani premadasaතෝමස් අල්වා එඩිසන්ලංකාවේ වාරි කර්මාන්තයමාරි කියුරිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයනිල් වෙරළුශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරශ්‍රී ලංකාවේ ඉතිහාසයජයලත් මනෝරත්නඡයාරූපකරණයසුද්ධෝදන රජවලිසිංහ හරිශ්චන්ද්‍රපොල්පලාඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්සනත් ජයසූරියශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවචතුරාර්ය සත්‍යයක‍ඩොලානසාම්ප්‍රදායික සිංහල විවාහධර්ම සංගායනාශ්‍රී ලංකාවේ නර්තනයන්මින්නේරිය වැවදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දමහින්දාගමනයආතර් වී. දියෙස්සිංහල ජනයාමර්සලින් ජයකොඩිධම්මික පෙරේරාපොරොන්දම්චෛත්‍යලෝක ජනගහනයකොළඹකොහොඹා කංකාරියපන්සිල්පරිගණක මෘදුකාංගථූපාරාමය, අනුරාධපුරමුතියංගන චෛත්‍යයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවපාසල් උපදේශකකරපිංචාවිලියම් ෂේක්ස්පියර්ගුණදාස කපුගේමරියානා අගාධයආසියාවබුද්ධාගමසොකරි නාටකයඋපසර්ගඩයලොග් ආසියාටාළමා අපයෝජනයමානවම්ම රජමල්දොන් බාරොන් ජයතිලකසූත්‍ර පිටකයඅභිප්‍රේරණයපිළිකාජපානයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපරිසර දූෂණයමොණර කුඩුම්බියචන්ද්‍ර මාස ක්‍රමය1000000000000 (number)තිසරණවළගම්බා රජබෞද්ධ දිනදසුනදෙවන ලෝක යුද්ධයවවුනියාවහාවෝක්‍රි.ව.1818 පළමු නිදහස් සටනනාගදීපයපනාකඩුව තඹ සන්නසඅනුරාධපුර රාජධානියදහඅට සන්නියපුත්තාණ්ඩු🡆 More