නෙළුම්: මල් වර්ගයක්

නෙළුම් යනු මල් වර්ගයකි.

නෙළුම් මල
නෙළුම්: උද්භිද විද්‍යාව, සංස්කෘතික වැදගත්කම, භාවිතයන්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): විවෘතබීජක ශාකය
(unranked): Eudicots
ගෝත්‍රය: Proteales
කුලය: Nelumbonaceae
ගණය: 'Nelumbo'
විශේෂය: N. nucifera
ද්වීපද නාමය
Nelumbo nucifera
Gaertn.
පර්යාය නාම(ය)
  • Nelumbium speciosum Willd.
  • Nymphaea nelumbo

සියපත්, තඹර, පියුම්, පද්ම යන නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම පුෂ්පයමයි.මීට අමතරව හෙළ බසින් නෙළුම් මල හැඳින්වීමට නලිනි,අරවින්දම්,නීලෝත්පලම්,සහස්ස්‍ර පත්‍රජම්,කුමුදු,කුවල්‍ය,පුණ්ඩරීක,පන්කරුහම් හා පන්කජම් සමාන පද භාවිතවේ. රතු නෙළුම් හා සුදු නෙළුම් වශයෙන් ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත මෙම පුෂ්පයට සියපත් යන නම යෙදී ඇත්තේ එහි පෙති සියයක් ඇති නිසා යැයි කියති.

බෞද්ධ සාහිත්‍යයේ නෙළුම් මලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. සිදුහත් කුමරු නෙළුම් මල් සතක් මතින් ගමන් කළ පුවතේ සිට නොයෙකුත් අවස්ථාවන් හි දී මෙම පුෂ්පය සම්බන්ධ සිද්ධි ගණනාවක් බෞඬ සාහිත්‍යයෙහි හමු වේ. සිංහල ගීත වල ද අපට නොයෙක් අවස්ථා වල මෙම පුෂ්පය හමු වේ. සිසිර සේනාරත්නයන්ගේ "ඕළු නෙළුම් නෙරිය රඟා ලා", ලතා වල්පොලගේ "නෙළුම් මානෙල් මඩේ පිපුණත්" හා එම්. එස්. ප්‍රනාන්දු හා ඇන්ජලීන් ගුණතිලක ගැයූ "නෙළුම් මලේ පෙති කඩලා" මෙයට උදාහරණ වශයෙන් දිය හැකි ජනප්‍රිය ගී වලින් කිහිපයකි. නෙලුම් මල පිවිතුරු බවට උපමාව කර ගන්නා අතරම මෙම ශාකයට අයත් අල ආහරයට ගනී. සිංහල ජන ගී අතර නෙළුම් කවි වැදගත් තැනක් ගනී. නමුත් ඉන් අදහස් වනුයේ නෙළුම් මල් පිළිඳව නොව නෙලීම හෙවත් කැඩීම/කැපීම යන අදහසයි.

උද්භිද විද්‍යාව

කොළ ජලය මතුපිට පාවෙන අතර පිපිනු නෙළුම් මල් ජලයෙන් උඩට පැමිණෙයි.මුල්, පොකුණේ හෝ ගංගා පතුලේ පස මත රෝපණය වේ.නෙළුම් වලින් ඇතැම් විශේෂ මල් හට ගන්නේ රාත්‍රී කාලයේදීය.එහෙත් වැඩිමනක් විශේෂ මල් හටගත්නේ දිවා කාලයේය.සපුෂ්ප ශාකයක් බැවින් ලිංගික ප්‍රජනනයෙන් වර්ගයා බෝකරයි.සතුන් මගින් පරාගනය සිදුවේ.

සංස්කෘතික වැදගත්කම

බෞද්ධ හා හින්දු බැතිමතුන් නෙළුම් පූජනීය ශාකයක් වශයෙන් භාවිතයට ගනු ලබයි.

ගෞතම බුදුන් වහන්යේගේ උත්පත්තියෙන් අනතුරුව නැගීසිට සක්මන් කළ බවත් සිරි පතුළ තබන සෑම තැනකම නෙළුම් මල් පිපී සිරි පතුළ ඒ මත තැබූ බවත් බෞද්ධ ග්‍රන්ථවල සදහන් වේ.

නෙළුම්: උද්භිද විද්‍යාව, සංස්කෘතික වැදගත්කම, භාවිතයන් 
හින්දු දෙව් දූ ලක්ශ්මී නෙලුම් මල තම ආසනය කර ගනී

හින්දූන්ගේ විෂ්ණු හා ලක්ෂ්මී රෝස නෙළුම් මත යෝදාගනිමින් නිර්මාණය කර ඇත. In the representation of Vishnu as Padmanabha (Lotus navel), a lotus issues from his navel with Brahma on it. Goddess Sarasvati is portrayed on a white-colored lotus.

භාවිතයන්

නෙළුම්: උද්භිද විද්‍යාව, සංස්කෘතික වැදගත්කම, භාවිතයන් 
නෙලුම් අල අසියාතිකයන් විසින් ආහාරයට සූදානම් කර අති ආකාරය.

මල්, බීජ, දළු, සහ "මුල්" සියලු කොටස් මෙහි ආහාරයට ගත හැකි වේ.ශ්‍රී ලංකාවේ, සිහින්ව කැපූ නෙළුම් අල පෙති පොල්කිරි සහ කුළු බඩු යොදා පිසගත් ව්‍යංජනය (නෙළුම් අල ව්‍යංජනය ) ඉතා ජනප්‍රිය ව්‍යංජනයක් ලෙස භාවිතා කරනු ලබයි.

නෙළුම් ශාකයේ විවිධ කොටස් අය්‍රර්වෙද වෛද්‍ය ක්‍රමය තුල විවිධ ඖෂධ සෑදීමට යොදා ගනී.

බෞද්ධ හා හින්දු බැතිමතුන් නෙළුම් මල් බුදුන් වහන්සේට හා දෙවියන්ට පූජා කිරීමට යොදා ගනී.

ගැලරිය

Tags:

නෙළුම් උද්භිද විද්‍යාවනෙළුම් සංස්කෘතික වැදගත්කමනෙළුම් භාවිතයන්නෙළුම් ගැලරියනෙළුම්මල්

🔥 Trending searches on Wiki සිංහල:

යෝනි මාර්ගයශ්‍රීලංකන් ගුවන් සේවයජලභීතිකාවපරිගණකයජේසුස් වහන්සේදිලීරලක් විජය බලාගාරයරන්මසු උයනචතුරස්‍රයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපිළිකාභික්ෂූන් වහන්සේගුවන්විදුලියජලයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඋද්ධමනයයුද්ධජී‍.බී. සේනානායකශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ නීති පද්ධතියලංකාවමානව සම්පත් කළමනාකරණයසොකරි නාටකයශ්‍රී ලංකාවේ වල් පැලැටියුරෝපයනාසාසීගිරි ගීසිංහල අකාරාදි අනුපිලිවෙලමඩොල් දූවවනාන්තරදෙවොල් මඩුවනිශ්ශංක මල්ල රජසිංහල හින්දු අලුත් අවුරුද්දබලශක්ති සංරක්‍ෂණයසිකුරු ග්‍රහලොවසිංහල මිණුම් ඒකකමහාවංශයපදාර්ථයජපානයේ දේශපාලන ආර්ථිකයසත්තුඔලිම්පික්වැව්ගැලලියෝ ගැලලීහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසනව යොවුන්වියඅනුරාධපුර ජේතවනාරාමයනිල් කටරොඩුශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයවොලිබෝල්ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයතිස්සමහාරාමයසිරිත් මල්දමඡායාරූප ශිල්පීගෝලයශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියආතර් වී. දියෙස්ශාකහලාවතඉන්දියාවේ දේශපාලන පක්ෂනයිජීරියාවේ ජනවිකාසයසිංහල න-ණ ල-ළ බේදයබෝධි ඝරබටතොට ලෙනශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිමහාද්වීපශ්‍රී දළදා මාළිගාවවාරියපොල ශ්‍රී සුමංගල හිමිවිෂ්ණු දෙවියන්ට පිං දීමලංකාවේ වාරි කර්මාන්තයසනත් ජයසූරියස්තූප🡆 More