නටරාජ

නටරාජ (සංස්කෘත: नटराज, නර්තනයට අධිපති) යනු හින්දු දෙවි ශිව විශ්වීය නර්තන ශිල්පියා ලෙස නිරූපණය කිරීමයි.

ඔහුගේ නර්තනය සංදර්භය මත පදනම්ව තාණ්ඩවම් හෝ නඩාන්ත ලෙස හැඳින්වේ. මෙම ඉරියව්ව සහ කලාකෘති පිළිබඳ අංශුමාද්භේද ආගම සහ උත්තරකාමික ආගම වැනි බොහෝ හින්දු ග්‍රන්ථවල සඳහන් වන අතර, මෙම නර්තන කැටයම් හෝ ප්‍රතිමා සියලු ප්‍රධාන ශෛවාගමික හින්දු දේවාලවල දක්නට ලැබේ.

නටරාජ
නර්තනයට අධිපති
නටරාජ
ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 10වන සියවසට අයත් චෝළ රාජවංශ නර්තනයට අධිපති ශිවගේ ලෝකඩ ප්‍රතිමාවක්
අනුබැඳියශිව
සංකේතඅග්නි
පාඨ ග්‍රන්ථඅංශුමාද්භේද ආගම
උත්තරකාමික ආගම

මෙහි සම්භාව්‍ය නිරූපණය 6වන සියවස අවට එල්ලෝරා ලෙන් සහ බදාමි ලෙන් කැටයම්වල දක්නට ලැබේ. 10වන සියවස අවට, තමිල් නාඩුව තුළ එහි වඩාත් පරිණතම සහ ප්‍රකටම නිදසුන් චෝළ ලෝකඩ ප්‍රතිමාවලින් දැකගත හැක. විවිධ උසින් යුත් මෙම ප්‍රතිමා සාමාන්‍යයෙන් අඩි හතරට වඩා උසින් අඩු අතර වැඩි අවස්ථා ද හමුවේ. ඓතිහාසික කලා නිර්මාණ අතර නටරාජා කැටම් දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ, අග්නිදිග ආසියාවේ බාලි හා කාම්බෝජය වැනි ප්‍රදේශවලින් සහ මධ්‍ය ආසියාවෙන් හමුවේ.

නර්තන සහ නාට්‍යමය කලාවන්ට අධිපති ලෙස ශිව දෙවියන් නිරූපණය කළ මෙම ප්‍රතිමා කලාව පිළිබඳ හින්දු ග්‍රන්ථවල සඳහන් ශෛලීන් සහ මිනුම් උපයෝගී කොටගෙන නිර්මාණය කරන ලදී. එමගින් දර්ශීයව ශිව එක් නාට්‍ය ශාස්ත්‍ර ඉරියව්වකින් යුතුව, සිය පසුපස වම් හස්තයේ අග්නිය දරාසිටින අතර, එහි ඉදිරි හස්තයෙන් ගජහස්ත හෙවත් දණ්ඩහස්ත මුද්‍රාවත්, නාගයකු එතී සිටින ඉදිරිපස දකුණු හස්තයේ අභය (බිය නොවීම) මුද්‍රාවත් නිරූපණය වේ. එය සූත්‍ර පාඨයක් කෙරෙහි යොමු කොට ඇත. පසුපස දකුණු හස්තයෙහි බොහෝවිට දමරු නම් උඩැක්කියක් වැනි සංගීත භාණ්ඩයක් දරාසිටිනු නිරූපිත ය. ඔහුගේ සිරුර, ඇඟිලි, වළලුකර, ගෙල, මුහුණ, හිස, කන් පෙති සහ වස්ත්‍රය විවිධ මෝස්තරවලින් අලංකාර කොට ඇති අතර, ඒවා ඓතිහාසික යුගය සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක. ඔහු වටා ගිනි සිළු වළල්ලක් ඇති අතර, පද්ම පීඨයක් මත සිය වම් පාදය ඔසවාගෙන (කලාතුරකින් දකුණු පාදය ඔසවා සිටින අවස්ථා ද හමුවේ) සිටියි. සිය දකුණු පාදයෙන් වාමනයකු පාගාගෙන සමබරව සිටියි. මෙම වාමන රුව (අපස්මාර හෝ මූයලක) මගින් අවිද්‍යාව සංකේතවත් කෙරේ. මෙම උද්වේගී නර්තනයේ ඇති ගතික ස්වභාවය කැරකැවී ගිය කේශ කලාපයෙන් පෙනී යන අතර, එහි සිහින් කෙස් වැටි හිසට පිටුපසින් විජිනියක් මෙන් සැකසී ඇත. 12වන සියවසේ සිටම ඉන්දියානු විද්වතුන් විසින් නටරාජ රුවේ ලක්ෂණ විවිධ අයුරින් අර්ථ දක්වා ඇති අතර, එහි සංකේතාත්මක සහ දාර්ශනික අර්ථය එහි දී ඉදිරිපත් කොට ඇත.

ඉන්දියාවේ වඩාත් ප්‍රචලිත ප්‍රතිමා සංකේතයක් වන නටරාජ රුව ඇතැම් අවස්ථාවල දී ඉන්දීය සංස්කෘතියේ සංකේතයක් ලෙස ද භාවිතා වේ. එපමණක් නොව එය හින්දු කලාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස ද සැලකේ.

ගැලරිය

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Tags:

නටරාජ ගැලරියනටරාජ ආශ්‍රේයයන්නටරාජ වැඩිදුර කියවීමටනටරාජ බාහිර සබැඳිනටරාජවිකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

රාජ්‍ය සේවා කොමිෂන් සභාවතාක්‍ෂණයකෝළම්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයවෑත්තෑවේ හිමිජාතික ගීය - ශ්‍රී ලංකාරාවණා රජබුද්ධාගමඑස් පහ (5S) ක්‍රමයමිශ්‍ර සිංහල හෝඩියතෙත් කලාපයේ ශාක විවිධත්වයයූටියුබ්නෙළුම්ප්‍රංශ විප්ලවයකෙටිකතාමිනිස් මොළයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවවසභ රජඅලෙවිකරණයශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ සිනමාවඋඩරට නැටුම්සොරබොර වැවමුල්කිරිගල රජ මහා විහාරයවේදශ්‍රී ලංකාවේ රබර් වගාවප්‍රජාපතී ගෝතමීමොනරාඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)කොහොඹවිර පුරන් අප්පුඉතිහාසයඉන්දු නිම්න ශිෂ්ටාචාරයයශෝදරාසතර සෘධිපාදශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවපටිච්චසමුප්පාදයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ ජාතික සංකේතඑක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාදුටුගැමුණු රජමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්ගොංගාලේගොඩ බණ්ඩාසිංහල මිණුම් ඒකකලංකාවේ කලපුදිළිඳුබවශ්‍රී ලංකාවේ ඉතිහාසයගිනි හාවාක්‍ෂය රෝගයශ්‍රී ලංකාවේ සම්මත වේලාවලංකා බැංකුවආර්ය අෂ්ඨාංගික මාර්ගයගුත්තිල කාව්‍යයඇරිස්ටෝටල්ලිබරල්වාදයදූරියන්ශාකචන්ද්‍ර කුමාර කඳනාරච්චිසත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසෛලය (ජීව විද්‍යාව)සමලිංගිකතාවරනිල් වික්‍රමසිංහලංකා ඉතිහාසය-මහාවංශය යනුස්නායු පද්ධතියමුඛ සංසර්ගයනායකත්වයසූර්ය ග්‍රහණරුසියානු විප්ලවයසිංහල න-ණ ල-ළ බේදයවිධායක ඡනාධිපතිඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්නාගදීප පුරාණ විහාරයහින්නෝන්මාදයනන්දා මාලනී🡆 More