ක්‍රිස්තියානි සංගීතය

ක්‍රිස්තියානි සංගීතය යනු පුද්ගලයෙකු හෝ යම් පිරිසක් සතු ක්‍රිස්තියානි ධර්මයට අනුකූල ජීවන ක්‍රමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් කිරීම සඳහා ලියන ලද සංගීත කොටස් වේ.

(මෙය ඇතැම්විට ප්‍රසංශනාත්මක නැතහොත් වන්දනීය සංගීතය ලෙස හැඳින්වෙන අතර ඇතැම් විට දිව්‍යමය සංගීතය ලෙසද හැඳින්වේ. ) මෙය පොදු අනාගමික සංගීතයට විකල්පයක් ලෙස ද භාවිතා වේ.

සංගීතය අනෙක් සියළු කොටස් මෙන්ම ක්‍රිස්තියානි සංගීතයද සංස්කෘතිය සහ සමාජ වටපිටාව අනුව නිර්මාණය , ඉදිරිපත් කිරිම් , වැදගත්කම සහ අරුත ආදී ක්ෂේත්‍ර ඔස්සේ විවිධ වෙනස්කම් පෙන්වයි. වෙළඳ කටයුතු සඳහා යොදාගත හැකි විනෝදාත්මක නිර්මාණයක් ලෙස , ආගමික හෝ වෙනත් උත්සව අරභයා නැතහොත් සෞන්දර්යාත්මක වින්දනය සඳහා ආදී ලෙස විවිධ හේතු මුල් කොටගෙන ක්‍රිස්තියානි සංගීත නිර්මාණයන් එළි දැක්වේ. කෙසේ නමුත් බොහෝ විට දෙවියන් සහ / හෝ ක්‍රිස්තුස් වහන්සේ වන්දනාමාන කිරීම සහ පැසසීම ක්‍රස්තියානි සංගීතයේ පොදු මාතෘකාවක් වේ.

ක්‍රිස්තියානි සංගීතය - ප්‍රභේද සහ උප ‍ප්‍රභේද

ක්‍රිස්තියානි සංගීතය ප්‍රභේද සහ උප ප්‍රභේද කිහිපයකට වෙන් කල හැක. නමුත් බොහෝ විට ඒවා අතර බෙදීම සහ සම්බන්ධතාවයන් සියුම් ආකාරයක් ගනී. ඇතැම් විට මෙය පුද්ගලික අර්ථ දැක්වීම් අනුව වෙනස් වන අතර ඇතැම් විට විවාදයට ‍ද හේතු වේ. අනෙකුත් සංගීත ආකාර මෙන්ම මෙම ප්‍රභේදයන් ද ක්‍රමවේදය, විලාසිතාව, අන්තර්ගතය, මාතෘකාව සහ භූ‍ගෝලීය මූලාරම්භය අනුව වෙන්කර හඳුනාගත හැක. අතීතයේ පටන් පවතින කාණ්ඩ සහ ප්‍රභේද අතරට භක්ති ගීත, පල්ලියේ ගීතිකා, ස්තෝත්ර ගීතිකා, කාණ්ඩ යුගලක් භාවිතයෙන් ගායනා කරන ගීත, නූතන ක්‍රිස්තියානි සංගීතය, දක්ෂිණ ශුභාරංචිය සහ නූතන නාගරික ශුභාරංචිය අයත් වේ. ක්‍රිස්තියානි සංගීතයේ නිශ්චිත උප ප්‍රභේද අතරට Progressive Southern Gospel, ක්‍රිස්තියානි ගැමි සංගීතය, ක්‍රිස්තියානි පොප් සංගීතය, ක්‍රිස්තියානි රොක් සංගීතය, ක්‍රිස්තියානි Metal සංගීතය (Christian Metalcore සංගීතය ද ඇතුලුව), ක්‍රිස්තියානි පන්ක් සංගීතය, ක්‍රිස්තියානි Alternative රොක් සංගීතය, ක්‍රිස්තියානි හිප්හොප් සංගීතය (ක්‍රිස්තියානි රැප් සංගීතය ද ඇතුළුව) , Jubilee Quartet සහ පුජා ගීතිකා සංගීතය අයත් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සංගීතයතොරතුරු තාක්‍ෂණයසුනාමිබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුසෙනසුරු ග්‍රහලොවක්‍ෂීරපායි සත්තුකළුතරඅභ්‍යවකාශ ගවේෂණයඅනුරාධපුර රාජධානියරාවණා ඇල්ලරණසිංහ ප්‍රේමදාසසිංහල වෙදකමචාමර වීරසිංහපරිණාමයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අතිසා වැවඇත් පොකුණමහාවංශයත්‍රිවිද්‍යාමහා ප්‍රජාපතී ගෝතමීරුධිර සංසරණ පද්ධතිය (මානව)යශෝදරාG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)හස්තරේඛා ශාස්ත්‍රයසිංහරාජ වනාන්තරයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්නයිජීරියාවේ ජනවිකාසයමහාභාරතයසෞඛ්‍යයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගජල දූෂණයපංච නීවරණකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයහෙන්රි ජයසේනහින්නෝන්මාදයජන කවිගුවන්විදුලියආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ පළාත්නාදකුණු ආසියාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයපිළිකාඉන්දුනීසියාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනරූපවාහිනියේ ඉතිහාසයක‍ඩොලානබයිබලයතුන් සිංහලේඑක්සත් ජනපදයමානව සම්පත් කළමනාකරණයපොන්නම්බලම් රාමනාදන්ආනන්ද සමරකෝන්චතුරාර්ය සත්‍යයශ්‍රී ලංකා රුපියලඋපත් පාලන කොපුඅක්මාවධර්මදූත ලූක් තුමාඇම්බැක්කේ දේවාලයමිනිසාගේ ස්නායු පද්ධතියසොකරි නාටකයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසෙංකඩගල රාජධානියභගමණියසිංහල භාෂාවසාහිත්‍යයභූගෝල විද්‍යාවජාතික ජන බලවේගයඑනසාල්සිලින්ඩරඩයලොග් ආසියාටාෆේස්බුක්මුල් පිටුව🡆 More