කළු මරණය

කළු මරණය යනු මිනිස් ඉතිහාසයේ දරුණුතම මහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ.

නමුත් සමහරක් විට වර්තමානයේදී අනෙකුත් රෝගවලටද එහි වගකීම පවරා දේ.

කළු මරණය
කළු මරණය. "The Chronicles of Gilles Li Muisis" (1272-1352), abbot of the monastery of St. Martin of the Righteous. Bibliothèque royale de Belgique, MS 13076-77, f. 24v.

එය මධ්‍යම ආසියාවේ හට ගෙන 1340 දශකයේ පසු භාගය වන විට යුරෝපයට පැතිරිණි. වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 - 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% - 60% ප්‍රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්‍රමාණයක‍ට අඩු කර ඇත.

කුද්දැටි ඉදිමීමේ වසංගතය යුරෝපයේ සෑම පරම්පරාවකටම ප්‍රචණ්ඩ බව වෙනස් වෙමින් 1700 ශතවර්ෂය දක්වා පැමිණි බවට පිළිගැනේ. මෙම කාලය අතරතුරදී වාහක වසංගත 100 ට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපය හරහා පැතිර ගියේය. 1603 දී එහි නැවත පැමිණීමේදී වසංගතය ලන්ඩන් වාසී 38000 ට වඩා මරා දැමීය. 17 වන සියවසේ වෙනත් සැළකිය යුතු වසංගත වූයේ 1629 – 1631 ඉතාලියානු වසංගතය , සෙවිල්හි මහා වසංගතය ( 1647 – 1652 ), ලන්ඩනයේ මහා වසංගතය (1665- 1666) , වියානාවේ මහා වසංගතය (1679 ) යි. රෝග කාරකය හඳුනා ගැනීම හරහා යම් මත භේදයක් තිබුනද 1720 – 1722හි මහා වසංගතයෙන් හා 1771 මොස්කව් වසංගතයෙන් පසු 19 වන සියවසේදී එය යුරෝපයෙන් නැති වී ගොස් ඇති බව පෙනේ.

14 වන සියවසේ කළු මරණය ව්‍යාප්ත වීම යුරෝපානු ජනගහනය මත බලවත් බලපෑමක් එල්ල කළ අතර යුරෝපයේ සමාජ ව්යු හය වෙනස් කරන ලදී. එය රෝමාණු කතෝලික පල්ලිවලට තදබල පහරක් වූ අතර යුදෙව්වන් , පිටරැටියන් , යාචකයන් හා ලාදුරු රෝගීන්, හා සුළුතරයන්ට පුළුල්ව වද හිංසා සිදු වීමට මෙය හේතු වේ. දෛනික ජීවත් වීමේ අස්ථිර බව රෝගාතුර බවේ සාමාන්‍යය ආකාර නිර්මාණය කළ අතර එමගින් ද ඩිකැමිරන් හි ගියොවනී බොක්කසියෝ හි නිරූපණය කර ඇති පරිදි මොහොතක් සඳහා ජීවත් වීමට පුද්ගලයන්ට බලපෑම් එල්ල විණි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යුනෙස්කෝවිජය රජමුවාමන්දාකිණිආසියාවජනමාධ්‍යයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුමඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ කම්කරු නීතියරාමසාන් උත්සවයගිරවුමානව සංවර්ධන දර්ශකයසිකුරු ග්‍රහලොවරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ ආර්ථිකයරතු දත්ත පොතසිරිත් මල්දමතාප රසායනයආවර්තිතා වගුවඅහිකුණ්ඨකමනෝවිද්‍යාවඋෂ්ණත්වයදේශබන්ධු තෙන්නකෝන්මූලික අයිතිවාසිකම්පිළිකාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවමත්ද්‍රව්‍යදුටුගැමුණු රජපරිගණක දෘඩාංගමහා ප්‍රජාපතී ගෝතමීඩුබායිපයිතගරස් ප්‍රමේයයඉරානයශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ පළාත්අනුරාධපුර යුගයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්රූපවාහිනියනල්ලූර් කන්දස්වාමි කෝවිලපොරොන්දම්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසිංහල වෙදකමසෝඩියම්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවරන්කොත් වෙහෙරදැඩිමුණ්ඩ දෙවියෝලන්දේසි ලංකාවසිංහල හෝඩිහලාවතඇන්තූරියම්බෞද්ධ කොඩියඋභය ජීවීන්ඩයි⁣නෝසරයන්වී බිස්සපොළොන්නරු යුගයශ්‍රී ලංකාවේ සර්පයෝවැල්නැනෝ තාක්‍ෂණයදන්ත කුමරු හේමමාලා කුමරියජොහන්නස් කෙප්ලර්කැලණියශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවග්‍රැෆික් නර්මානකරණයනාගරීකරණයඑස් පහ (5S) ක්‍රමයකළු කුහරශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඒ.ටී. ආරියරත්නදානයශ්‍රී ලංකා පොදුජන පෙරමුණදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයදස මහා යෝධයෝපණ්ඩුකාභය රජමානවම්ම රජමානව කායච්ඡේද විද්‍යාවමුදු කරවලා🡆 More