එ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපිය

හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විසින් සිය පුතුගේ ගුරුතුමිය වෙත යවන ලද ලෝක ප්‍රකට ලිපිය

ඔහු උගතෙක් විය යුතු බව දනිමි.
සියළු මිනිසුන් සාධාරණ නැත.
සත්‍යවාදීද නැත.
නමුත්,
සෑම නොමිනිසෙකුටම වීරයෙක්ද,
ආත්මාර්ථකාමී දේශපාලකයෙකුටම
කැපවුණු නායකයෙක්ද,
සෑම සතුරෙකුටම සහෘදයෙක්ද,
සිටින බවත්
ඔහුට උගන්වනු මැනවි.

ඊර්ෂ්‍යාවෙන් ඉවතට ඔහු මෙහෙයවා
සන්සුන් ව සතුටේ රසය විඳගැනීමටත්,
ඔහුට උගන්වනු මැනවි.

දුර්වලයා තලා පෙලන්නා,
වැඩිකල් නොගොස් ඒ සඳහා
පසු තැවෙන බව
ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.

පෙ‍ාත්පත් වල සැඟවුණු ආශ්චර්යය
ඔහුට උගන්වන ගමන්ම
අහසේ පියා සලන කුරුල්ලාගේ
සදාතනික මුණු මුණුවේද,
හරිත කඳු වැටි අසබඩ
විල්ගොමුවල විහඟ, මී මැසි නාදයේ ද,
අසිරිය විඳ ගැනීමට
නිදහස ඔහු හට ලබා දුන මැනවි.

දයාබර ගුරුතුමනි,
අසමත්වීම, රැවටීමට වඩා
ගෞරවනීය බව පාසලේදී
ඔහුට උගන්වනු මැනවි.

ලෝකයාගෙන් ගැරහුමට ලක් වුවද,
තම අදහස් මත විශ්වාසය ගොඩනඟා
ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.

සුමුදු හදවත් අතර සුමුදු වීමටත්,
රළු පරිසරයකදී රළු වීමටත්,
අවශ්‍ය ශක්තිය ඔහුට ලබා
දෙනු මැනවි.

වැඩි දෙනෙකු අනුගමනය
කල පමණින්, යමක් අනුගමනය
නොකිරීමට අවශ්‍ය ශක්තිය ඔහුට
ලබා දීමට උත්සාහ කල මැනවි.

සියළු දෙනාටම හෙ‍ාඳින්
සවන් දීමට මෙන් ම,
යහපත් දේ පමණක්
තෝරා බේරා ගැනීමටත්
ඔහුට උගන්වනු මැනවි.

ගෞරවනීය ගුරුතුමනි,
කඳුළු අතරින් සිනාසීමටත්,
කඳුළු බිඳුවක ලැජ්ජාව නොදැනීමටත්,
විවේචනයට බිය නොවීමටත්,
පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන්
ප්‍රවේශම් වීමට ඔහුට කියා දෙනු මැනවි.

ශක්තිය සහ මොළය
උපරිම මිලකට අගය කිරීමටත්,
එහෙත්, හදවත මෙන් ම ආත්මය ද,
මිළ නොකරන ලෙසටත්,
ඔහුට උගන්වනු මැනවි.

නුවමනා කලබලයකදී
දෙසවන් වසා ගැනීමටත්,
තමා නිවැරදි යැයි සිතේ නම්,
එ වෙනුවෙන් සටන් කිරීමටත්,
ඔහුට උගන්වනු මැනවි.

දයාබර ගුරුතුමනි,
අනවශ්‍ය හුරතලයට ලක් නොකර,
ඔහුට මෘදු ලෙස සලකනු මැනවි.
මන්ද යත්, හෙ‍ාඳ වානේ පන්නරයක්
ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.

නොඉවසිලිමත් වීමට ශක්තියත්,
නිර්භීත වීමට ඉවසීමත්,
නිරන්තරයෙන් තමා කෙරෙහි
අපරමිත විශ්වාසයක් තැබීමට
ඔහුට උගන්වනු මැනවි.

එවිට පමණක් ඔහු
සමස්ත මානව වර්ගයා කෙරෙහි
අනන්ත වූ විශ්වාසයක්
දක්වන්නේය.

ගෞරවනීය ගුරුතුමනි,
මෙය විශාල ඇනවුමකි.
එහෙත්, කළහැකි දේ
කුමක්දැයි බලනු මැනවි.

මේ අපූර්වතම කුඩා පැටියා
මගේ ආදරණීය පුතුමය!

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ජනාධිපතිබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවගුණදාස කපුගේශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඉස්ලාම් යනුවැලිවිට සරණංකර හිමිඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසෙංකඩගල රාජධානියථූපාරාමය, අනුරාධපුරචාමර වීරසිංහශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකාවේ ආර්ථිකයහෘදයධාතුසේන රජයුද්ධශ්‍රී ලංකාවේ වී ගොවිතැනඅධ්‍යාපන මනෝ විද්‍යාවසයිකෝසියාවනයිජීරියාවේ ජනවිකාසයඅක්මාවරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවමහාවංශයපරිසර දූෂණයමයිනාකෝළම්සූත්‍ර පිටකයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමාරි කියුරිගූගල්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයකුප්පමේනියබෝධි ඝරසත්ත්ව වංශලෝකයේ රටවල්ඉරානයපොළොන්නරුව පෞරාණික නගරයමුදු කරවලාසෛලය (ජීව විද්‍යාව)පොන්නම්බලම් අරුණාචලම්උකුස්සාඇඩොල්ෆ් හිට්ලර්උඩරට ගිවිසුමඋද්ධමනයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඅපද්‍රව්‍ය කළමනාකරණයවැදි සාහිත්‍යයදහඅට සන්නියකළුතර බෝධියත්‍යාග (නීතිය)දළදා පෙරහැරතෛපොංගල්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයශ්‍රී ලංකාවේ වල් පැලැටිකොහොඹසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඇම්බැක්කේ දේවාලයහෙන්රි ස්ටීල් ඕල්කට්පළමුවන විජයබාහු රජ‍දේශගුණික විපර්යාසසිංහල මිණුම් ඒකකබුද්ධි ගලනයකුට්ටම් පොකුණහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසිංහල න-ණ ල-ළ බේදයපණිභාරතඅභ්‍යවකාශ ගවේෂණයදේවානම්පිය තිස්ස රජහරිත විප්ලවය🡆 More