එල්ලෝරා ගුහා

එල්ලොරු ලෙසින්ද හැඳින්වෙන, එල්ලෝරා (මරාති: वेरूळ Vērūḷ) යනු, මහාරාෂ්ට්‍ර ඉන්දියානු ප්‍රාන්තයෙහි අවුරන්ගබාඩ් නගරයට 29 කිමී (18 සැත) වයඹ දෙසින් පිහිටි සහ රාෂ්ට්‍රකූට රාජවංශය විසින් තනවා ඇති පුරාවිද්‍යාත්මක අඩවියකි.

එහි ඇති ඉතා උසස් ගුහා නිසාම ප්‍රචලිත එල්ලෝරා, ලෝක උරුම අඩවියකි. එල්ලෝරා වෙතින් නිරූපණය වන්නේ ඉන්දියානු ගලෙහි-නෙළූ ගෘහ නිර්මාණ ශිල්පයෙහි පරම නිදර්ශනයකි. "ගුහා" 34 – සත්‍යවශයෙන්ම චරනන්ද්‍රි කඳු වල සිරස් මුහුණත කැණීම වෙතින් තැනුනු ව්‍යුහයන් වෙති. බෞද්ධ, හින්දු සහ ජෛන ගලෙහි-නෙළූ දේවාල සහ විහාර සහ මතාවන් 5වන සියවස සහ 10වන සියවස අතර තනා ඇත. සමීපයෙහි තනා ඇති, බෞද්ධ ගුහා 12 (ගුහා 1–12), හින්දු ගුහා 17 (ගුහා 13–29) සහ ජෛන ගුහා 5 (ගුහා 30–34), ප්‍රදර්ශනය කරනුයේ ඉන්දියානු ඉතිහාසයෙහි මෙම යුගයේ පැවැති ආගමික සුසංයෝගයයි. එය, ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු ආයතනය යටතේ පවතින රක්ෂිත ස්මාරකයකි.

එල්ලෝරා ගුහා
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
එල්ලෝරා ගුහා
කයිලසනාත දෙවොල, (ගුහාව 16)
ගල මුදුනෙහි සිට දර්ශනය
නිර්ණායකයසංස්කෘතික: (i) (iii) (vi)
මූලාශ්‍රb 243
අභිලේඛනය1983 (ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය "[" සැසිය)

ශබ්දනිරුක්තිය

වෙරුල් හෝ එලුරා ලෙසින්ද හැඳින්වෙන එල්ලෝරා යන නාමය, එලපුර යන පුරාතන නාමයේ විකෘතවූ ආකාරයයි.

බෞද්ධ ගුහා

එල්ලෝරා ගුහා 
තෝමස් ඩැනියෙල් (1803) විසින් නිර්මිත එල්ලෝරා කන්ද සිතුවම.
එල්ලෝරා ගුහා 
එල්ලෝරා ගුහා, සාමාන්‍ය සිතියම.

මෙම ගුහා තනා ඇත්තේ 5වන සිට 7වන සියවස දක්වා කාලය තුලදීය. ගුහා 1-5 පළමු අදියරෙහි (400-600) සහ ගුහා 6-12 පසු අදියරකදීද (මධ්‍ය 7වන - මධ්‍ය 8වන සියවස) ලෙසින්, පස්වන සහ අටවන සියවස අතර තැනුනු බෞද්ධ ගුහා, මුලදීම තැනුනු නිර්මාණ වලින් කිහිපයක් බවට පෙරදී විශ්වාස කෙරුණු මුත්, නවීන විද්වතුන්ට වර්තමානයේදී පැහැදිලිව ඇත්තේ සමහරක් හින්දු ගුහා (27,29,21,28,19,26,20,17 සහ 14), මෙම ගුහාවලට පෙරදී නිමවී ඇති බවයි. මුලින්ම තැනී ඇති බෞද්ධ ගුහාව වන්නේ ගුහා 6 වන අතර, එයින් පසුව 5,2,3,5 (දකුණු පාර්ශවය), 4,7,8,10 සහ 9 තැනී ඇත. අවසනට තැනී ඇත්කේ 11 සහ 12 ගුහාය. සියළුම බෞද්ධ ගුහා 630-700 අතරතුරදී තනා නිම කොට ඇත.

මෙම නිර්මාණ බොහෝවිට විහාර හෝ ආශ්‍රමයන් වෙතින් සමන්විත වී ඇත: මේවා කඳු මුහුනත කැණීමෙන් නෙලා ඇති විශාල, මහල්-කිහිපයකින් සමන්විත ගොඩනැගිලි වන අතර, විසුම් කුටි, නිදන කුටි, මුළුතැන් ගෙවල් සහ අනෙකුත් කුටි වලින් සමන්විත විය.

සටහන්

Tags:

ඉන්දියාවජෛන ආගමබුද්ධාගමමරාති භාෂාවමහාරාෂ්ට්‍රරාෂ්ට්‍රකූට රාජවංශයලෝක උරුම අඩවියවිහාරයහින්දු ආගම

🔥 Trending searches on Wiki සිංහල:

රූපවාහිනියේ සාමාජීය බලපෑමඑල්ලේෆේස්බුක්ප්‍රථමාධාරජේසුස් වහන්සේගේ උප්පත්තියජර්මනියගුණදාස කපුගේසිංහල සාහිත්‍යයදෙමළ ජනතාවකුට්ටම් පොකුණනාට්‍ය කලාවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිබිල් වෙත්තසිංහඋද්ධමනයරුවන්වැලිසෑයකේතුවමහින්දාගමනයශ්‍රී ලංකාවආලේලූයා සෙනසුරාදාමඩොල් දූවබුලත් හපයාක්‍ෂුද්‍ර ජීවීන්සතර අගතිපුස්තකාලබෙවෙර්ලි හිල්ස්ඇදුමකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඡායාරූප ශිල්පීසිංහල නාඩගම්චලිතය පිළිබඳ නිව්ටන් නියමඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයකෝළම්ශ්‍රම බලකායපෙර පාසල්ගබ්සාවඉත්තෑවාශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියතාරකා විද්‍යාව‍දේශගුණික විපර්යාසඕස්ට්‍රේලියාවව්ලැඩිමියර් ලෙනින්කෘමියෝලෝ වැඩ සඟරාවආනන්ද රහතන්වහන්සේමානසික ‍අක්‍රමතාසරත් ගුණපාලදුන්හිඳ ඇල්ලමත්ද්‍රව්‍යශිෂ්‍යත්ව විභාගයනියුමෝනියාවරෝසසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපණ්ඩුකාභය රජසිරිමාවෝ බණ්ඩාරනායකමිනිසාගේ ස්නායු පද්ධතියශිව දෙවියන්ගල් විහාරයවොලිබෝල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියදේශපාලන න්‍යායශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවථූපාරාමයසජිත් ප්‍රේමදාසඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසමාධි බුදු පිළිමයමුවාඇතීනාකෝට්ටේ යුගයකාලස් පුයිජ්දෙමොන්සන්නිවේදනයස්වභාවික වෘක්‍ෂලතාමර්සලින් ජයකොඩිකුවේණි කුමරිය🡆 More