ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පෙර 2015 ජනවාරි 8 වන දින පවත්වන ලදී.
තනතුරුධාරී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තුන්වන වරට තනතුරට පත්වීමේ බලපොරොත්තුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ ය. එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකත්වයෙන් යුත් විපක්ෂ හවුල විසින් මහින්ද රාජපක්ෂගේ රජයේ හිටපු සෞඛ්‍යය ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) - එජනිස හි ප්‍රධාන සංයෝගී පක්ෂය - හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ය.
| |||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 81.52% | ||||||||||||||||||
| |||||||||||||||||||
මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ ■ – මෛත්‍රීපාල සිරිසේන ■ – මහින්ද රාජපක්ෂ | |||||||||||||||||||
|
සිරිසේන මහතා මුළු ඡන්ද ප්‍රමාණයෙන් 51.28% ක් ද රාජපක්ෂ මහතා 47.58% ක් ද ලබා ගැනීමෙන් අනතුරු ව සිරිසේන මහතා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, ජනාධිපතිවරයෙකුගේ සාමාන්‍ය ධූර කාලය වසර හයක් වුව ද, ධූර කාලය වසර සතරක් ඉක්මවත්ම තනතුරුධාරියෙකු හට මැතිවරණයක් කැඳවිය හැක. 2009 වසරෙහි නොවැම්බර් මාසයේ දී, රජය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි පැරදවීමෙහි උද්‍යෝගීභාවයෙන් ඉපිලෙමින්, රාජපක්ෂ විසින් ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීය. 2010 වසරෙහි ජනවාරි මාසයේ දී පැවති මැතිවරණයෙහිදී රාජපක්ෂ විසින් දෙවන ධූර කාලය සඳහා බලය ලබා ගත්තේ පොදු විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා පරාජයට පත් කරමිණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2010 පෙබරවාරි මාසයේදී තින්දු කෙරුණේ, රාජපක්ෂගේ දෙවන ධුර කාලය, 2010 නොවැම්බර මාසයේ දී ඇරඹෙන බව වන අතර, ඒ අනුව 2010 නොවැම්බර් 19 දිනදී දිවුරුම් දුන්නේ ය.
2010 වසරේ සැප්තැම්බර් මාසයේ දී, එජනිස විසින් හික්මවනු ලැබූ පාර්ලිමේන්තුව විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දහ අටවන සංශෝධනය අනුමත කළ අතර එය විසින් ජනාධිපතිවරුන් සඳහා පැනවී තිබුණු දෙවරක ධූර කාල සීමාන්තය ඉවත් කොට, රාජපක්ෂ සඳහා තෙවන ධූර වතාවට තරග කිරීමට අවකාශ සැලසී ය.
රාජපක්ෂ විසින් තවද ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට 2014 වසරෙහි දී අනුමානයක් පැවති අතර, 2014 ඔක්තොම්බර් 20 දිනදී ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් තහවුරු කරන ලද්දේ 2015 ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වෙන බවයි. ඔහු විසින් තම දෙවන ධූර කාලය සඳහා ජයග්‍රහණය ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහඅටවන සංශෝධනය සම්මත කිරීමට පෙර බැවින්, නීතිඥ සංගමය සහ හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා ඇතුළු රාජපක්ෂගේ විවේචකයන් තර්ක කළේ ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි. 2014 නොවැම්බර් මුල දී රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ ඔහුට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න ය. අධිකරණය නියම කලේ රාජපක්ෂ හට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි. රාජපක්ෂගේ මිත්‍ර පාක්ෂිකයෙක් සහ නීති උපදේශකයෙක් වූ, හිටපු නීතිපති මොහාන් පීරිස් අග්‍ර විනිශ්චයකාරවරයා ලෙසින් පත් කරගැනුමට ඉඩ සලසමින් හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ එජනිස දෝෂාභියෝගයෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න පැන නගිමින් පවතියි.
2014 නොවැම්බර් 20 වන දින රාජපක්ෂ විසින් තමා නැවත මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරණයක් කැඳවමින් නිවේදනයක් නිකුත් කළේ ය. එම දිනයේ ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා 2014 දෙසැම්බර් 8 වන දින නාමයෝජනා ලබාගන්නා බවත් 2015 ජනවාරි 8 වන දින මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් නිවේදනය කළේ ය. රාජපක්ෂ යළි පත්වුවහොත් ඔහුගේ තෙවන ධූර කාලය ඇරඹෙනුයේ 2015 නොවැම්බර් 19 දින දී වන අතර, වෙනත් අපේක්ෂකයෙක් මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් විසින් මැතිවරණ දිනයේ දී ම ධුරන්දර වනු ඇත.[තහවුරු කර නොමැත]
ශ්‍රී ලාංකිකයින් 15,044,490 ක් මැතිවරණයේ දී ඡන්දය දැමීමට සුදුසුකම් ලබනු ඇත. තැපැල් ඡන්ද විමසීම 2014 දෙසැම්බර් 23 හා 24 දින වල දී පැවැත්විණි. එක්සත් ජාතීන් හැර විදේශ නිරීක්ෂකයන් හට මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා කර ඇත.
ක්ෂණික-අපධාව ඡන්ද ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පෙර නොපැවති තෙවන පදවි වාරයක් බලාපොරොත්තුවෙන් එජනිස අපේක්ෂකයා ලෙසින් වත්මන් ධූරන්ධර මහින්ද රාජපක්ෂ තරග කරනු ඇත. ලංකා කම්කරු කොංග්‍රසය, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ජාතික නිදහස් පෙරමුණ, කම්කරු ජාතික සංගමය සහ කදුරට ජනතා පෙරමුණ ඇතුළු එජනිස සංඝටක සුළු පක්ෂ කිහිපයක සහයෝගය ඔහු හට ලැබී ඇත.
මැතිවරණය සඳහා පෙර සුදානම් කාලය තුල දී විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙසින් යෝජනා කිරීමට බොහෝ නම් ඉදිරිපත් කෙරිණි: හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයෙහි නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත තෙරණුවෝ යන අය ඒ අතර වූහ. කෙසේ වෙතත්, 2014 නොවැම්බර් 21 දින මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එජාපය විසින් හෙළි කරන ලද්දේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන බව ය. විපක්ෂ සන්ධානය වෙත පිල් මාරු කිරීමට පෙර සිරිසේන මහතා විසින් රාජපක්ෂ රජයේ සෞඛ්‍යය ඇමති හා ශ්‍රිලනිපයේ මහ ලේකම් තනතුරු දරනු ලැබී ය.
අනෙකුත් අපේක්ෂකයින් දහ හත්දෙනා සුළු දේශපාලන පක්ෂයන් හා ස්වාධීනයන් ලෙස පැමිණ ඇත.
අතීතයේ පැවැති ශ්‍රී ලාංකික මැතිවරණ මෙන්ම, මෙම මැතිවරණයද, ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය සම්පත් අයථා පරිහරණය සහ මැතිවරණ නීති වල අනෙකුත් කඩකිරීම් වලින් ලක්ෂණෝපේත විය.
ජාහෙඋ පක්ෂය, එජනිස රජයෙන් ඉවත් වී දින දෙකකට පසුව, බොරැල්ල ප්‍රදේශයේ ජාහෙඋ පාම අතුරලියේ රතන තෙරණුවන්ට හිමි බෞද්ධ විහාරයක් වෙත, 2014 නොවැම්බර් 20 දිනදී ප්‍රහාර එල්ල කෙරිණි.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අපේක්ෂක | පක්ෂය | ඡන්ද | % | |
---|---|---|---|---|
මෛත්‍රීපාල සිරිසේන | නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 6,217,162 | 51.28% | |
මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 5,768,090 | 47.58% | |
රත්නායක ආරච්චිගේ සිරිසේන | දේශප්‍රේමි ජාතික පෙරමුණ | 18,174 | 0.15% | |
නාමල් අජිත් රාජපක්ෂ | අපේ ජාතික පෙරමුණ | 15,726 | 0.13% | |
මෞලවි ඉබ්‍රාහිම් මොහොමඩ් මිෂ්ලාර් | එක්සත් සාම පෙරමුණ | 14,379 | 0.12% | |
ඒ. එස්. පී. ලියනගේ | ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 14,351 | 0.12% | |
රුවන්තිලක පේදුරු | එක්සත් ලංකා ජනතා පක්ෂය | 12,436 | 0.10% | |
අයි. එම්. ඉල්යාස් | ස්වාධීන | 10,618 | 0.09% | |
දුමින්ද නාගමුව | පෙරටුගාමී සමාජවාදී පක්ෂය | 9,941 | 0.08% | |
සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදී පක්ෂය | 8,840 | 0.07% | |
සරත් මනමේන්ද්‍ර | නව සිහළ උරුමය | 6,875 | 0.06% | |
පානි විජේසිරිවර්ධන | සමාජවාදී සමානතා පක්ෂය | 4,277 | 0.04% | |
අනුරුද්ධ පොල්ගම්පොළ | ස්වාධීන | 4,260 | 0.04% | |
සුන්දරම් මහේන්ද්‍රන් | නව සම සමාජ පක්ෂය | 4,047 | 0.03% | |
මුතු බණ්ඩාර තැමිණිමුල්ල | ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය | 3,846 | 0.03% | |
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 3,750 | 0.03% | |
ප්‍රසන්න ප්‍රියංකර | ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය | 2,793 | 0.02% | |
ජයන්ත කුලතුංග | එක්සත් ලංකා මහා සභාව | 2,061 | 0.02% | |
විමල් ගීගනගේ | ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 1,826 | 0.02% | |
වලංගු ඡන්ද | 12,123,452 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද | 140,925 | |||
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 12,264,377 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 15,044,490 | |||
ඡන්දය ප්‍රකාශ කිරීම | 81.52% |
සිරිසේන මහතා දිනූ දිස්ත්‍රික්ක |
රාජපක්ෂ මහතා දිනූ දිස්ත්‍රික්ක |
මැතිවරණ දිස්ත්‍රික්ක | පළාත් | රාජපක්ෂ | සිරිසේන | වෙනත් | වලංගු ඡන්ද | ප්‍රකාශ කිරීම | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | |||
අනුරාධපුරය | උතුරු මැද | 281,161 | 53.59% | 238,407 | 45.44% | 5,065 | 0.97% | 464,432 | 100% | 77.98 % |
කළුතර | බස්නාහිර | 395,890 | 52.65% | 349,404 | 46.46% | 6,690 | 0.89% | 751,984 | 100% | 82.08 % |
කෑගල්ල | සබරගමුව | 278,130 | 51.82% | 252,533 | 47.05% | 6,108 | 1.14% | 536,771 | 100% | 98.80 % |
කුරුණෑගල | වයඹ | 556,868 | 53.46% | 476,602 | 45.76% | 8,154 | 0.78% | 1,041,624 | 100% | 78.82 % |
කොළඹ | බස්නාහිර | 562,614 | 43.40% | 725,073 | 55.93% | 8,673 | 0.67% | 1,266,085 | 100% | 81.49 % |
ගම්පහ | බස්නාහිර | 664,347 | 49.49% | 669,007 | 49.83% | 9,142 | 0.68% | 1,342,496 | 100% | 80.77 % |
ගාල්ල | දකුණ | 377,126 | 55.64% | 293,994 | 43.37% | 6,691 | 0.99% | 677,811 | 100% | 80.46 % |
ත්‍රිකුණාමලය | නැගෙනහිර | 52,111 | 26.67% | 140,338 | 71.84% | 2,907 | 1.49% | 195,356 | 100% | 72.50 % |
දිගාමඩුල්ල | නැගෙනහිර | 121,027 | 33.82% | 233,360 | 65.22% | 3,430 | 0.96% | 357,817 | 100% | 73.85 % |
නුවර එළිය | මධ්‍යම | 145,339 | 34.06% | 272,605 | 63.88% | 8,822 | 2.07% | 426,766 | 100% | 79.25 % |
පුත්තලම | වයඹ | 197,751 | 48.97% | 202,073 | 50.04% | 4,027 | 1.00% | 403,850 | 100% | 72.50 % |
පොළොන්නරුව | උතුරු මැද | 105,640 | 41.27% | 147,974 | 57.80% | 2,382 | 0.93% | 242,140 | 100% | 79.38 % |
බදුල්ල | ඌව | 249,243 | 49.15% | 249,524 | 49.21% | 8,303 | 1.64% | 458,104 | 100% | 79.56 % |
මඩකලපුව | නැගෙනහිර | 41,631 | 16.22% | 209,422 | 81.62% | 5,533 | 2.16% | 256,586 | 100% | 69.30 % |
මහනුවර | මධ්‍යම | 378,585 | 44.23% | 466,994 | 54.56% | 10,329 | 1.21% | 855,908 | 100% | 79.71 % |
මාතර | දකුණ | 297,823 | 57.81% | 212,435 | 41.24% | 4,892 | 0.95% | 491,398 | 100% | 99.07 % |
මාතලේ | මධ්‍යම | 158,880 | 51.41% | 145,928 | 47.22% | 4,214 | 1.36% | 309,022 | 100% | 78.76 % |
මොණරාගල | ඌව | 172,745 | 61.45% | 105,276 | 37.45% | 3,095 | 1.10% | 281,116 | 100% | 79.90 % |
යාපනය | උතුර | 74,454 | 21.85% | 253,574 | 74.42% | 12,723 | 3.73% | 340,751 | 100% | 64.22 % |
රත්නපුර | සබරගමුව | 379,053 | 55.74% | 292,514 | 43.01% | 8,517 | 1.25% | 680,084 | 100% | 98.89 % |
වන්නි | උතුර | 34,377 | 19.07% | 141,417 | 78.47% | 4,431 | 2.46% | 126,725 | 100% | 98.05 % |
හම්බන්තොට | දකුණ | 243,295 | 63.02% | 138,708 | 35.93% | 4,073 | 1.05% | 386,076 | 100% | 81.23 % |
එකතුව | 5,768,090 | 47.58% | 6,217,162 | 51.28% | 138,201 | 1.14% | 12,123,452 | 100% | 81.52%% |
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.