විදුර වික්‍රමනායක

විදුර වික්‍රමනායක, (දෙමළ: விதுர விக்கிரமநாயக்க, ඉංග්‍රීසි: Vidura Wickremanayake; උපත 11 ජූලි 1959) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙකි.

ඔහු වත්මන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය වේ. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයාය.

විදුර වික්‍රමනායක
விதுர விக்கிரமநாயக்க
Vidura Wickremanayake
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
2022 මැයි 20
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
කම්කරු අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාමනූෂ නානායක්කාර
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
22 අපේ‍්‍රල් 2010
පුද්ගලික තොරතුරු
උපත11 ජූලි 1959 (1959-07-11) (වයස 64)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
Relationsරත්නසිරි වික්‍රමනායක (පියා)

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

විදුර වික්‍රමනායක මහතා රත්නසිරි වික්‍රමනායක මහතාට සහ කුසුම් වික්‍රමනායක මහත්මියට දාව 1959 ජූලි 11 වැනිදා උපත ලැබීය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පිලිපීනයේ විශ්වවිද්‍යාලයකින් කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් අයෙකි.

දේශපාලන ජීවිතය

ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස පත් කරනු ලැබුවා.ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය මනාප ඡන්ද 147,958 ක් ලබා කළුතර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත් වූ අතර ජාතික උරුමයන්, ග්‍රාමීය කලා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.2022 ශ්‍රී ලංකාවේ විරෝධතා ඉක්බිතිව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ ඉල්ලා අස්වීමෙන් පසුව, ඔහු 2022 අප්‍රේල් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එමගින් මුළු රජයම ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ධූරයෙන් ඉවත් විය. ඔහු 2022 මැයි 20 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය තනතුරට පත් කරන ලදී.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

විදුර වික්‍රමනායක මුල් ජීවිතය සහ අධ්‍යාපනයවිදුර වික්‍රමනායක දේශපාලන ජීවිතයවිදුර වික්‍රමනායක ආශ්‍රිත ලිපිවිදුර වික්‍රමනායක මූලාශ්‍රවිදුර වික්‍රමනායකඉංග්‍රීසි භාෂාවකළුතර මැතිවරණ දිස්ත්‍රික්කයරත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව

🔥 Trending searches on Wiki සිංහල:

බැටරියූටියුබ්හෝමර්ඩී.එන්.ඒ.අලිරූපවාහිනියඋපසර්ගසඳකඩපහණවිලියම් බ්‍රිල්න්‍යෂ්ටික ශක්තියශිලා ගෝලයනව සීලන්තයසෝවාන්ගැට බෙරයක්ෂුද්‍ර ජීවීන් රෝපණයශ්‍රී ලංකාවේ පළාත් මල්කොහාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලේ ගැලීමබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයදස මහා යෝධයෝ10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”නොබැඳි ජාතීන්ගේ සංවිධානයවිකිපීඩියාශ්‍රී ලංකා කොටියානාගරීකරණය - ශ්‍රී ලංකාමහියංගනයකොහුළමා මනෝ ව්‍යාධිවේදයජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමනියුමෝනියාවළමා අපයෝජනයශ්‍රී ලංකාවේ ඉතිහාසයමින්නේරිය වැවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවප්‍රතිජීවකබර්මියුඩා ත්‍රිකෝණයවිලියම් ජේම්ස්මහාද්වීපලිංගික සංසර්ගික ඉරියව්රසායනික මූලද්‍රව්‍යආදරයකොස්අනගාරික ධර්මපාලකිරි වෙහෙර, කතරගමමානව සම්පත් කළමනාකරණයකාර්මික විප්ලවයජල චක්‍රයවිශ්වයජෝසෆ් ස්ටාලින්පුරාණ රෝමයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඅපරාධ නීතියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඑල්ලේ ක්‍රීඩාවේ රීතිගණිකාවශ්‍රී ලාංකීය සංස්කෘතියකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාබෝවන රෝගමිහින්තලයභාෂාවප්‍රංශ විප්ලවයඇරිස්ටෝටල්ලංකාවේ වාරි කර්මාන්තයකෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවබුලත් හා සිංහල සමාජයජවන සහ පිටිය ක්‍රීඩාමානව විද්‍යාවචන්ද්‍ර මාස ක්‍රමයපළමුවන ලෝක යුද්ධයමාක්ස්වාදයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනරසායනික සූත්‍රචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයත්‍රිපිටකය🡆 More