චන්ද්‍රයා ගැනිමීඩ්

ගැනිමේඩ්, බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි.

එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ්, යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින් 1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන් බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.

ගැනිමීඩ්
ජුනෝ කක්ෂගතය විසින් ලබා ගත් සැබෑ වර්ණ ඡායාරූපයක්
ජුනෝකැම් සැබෑ වර්ණ දර්ශනය. Lighter surfaces, such as in recent impacts, grooved terrain and the whitish north polar cap at upper right, are enriched in water ice.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේගැලලියෝ ගැලලී
සොයාගත් දිනයජනවාරි 7, 1610
නිලනාමයන්
නම් කෙරුණේΓανυμήδης ගැනිමේඩාස්
විකල්ප නම්ජුපිටර් III
විශේෂණයගැනිමීඩියානු
කක්ෂීය ලක්ෂණ
පරිදුරාන්තිකය1069200 km
විදුරාන්තිකය1071600 km
අඩ-මහා අක්ෂය1070400 km
උත්කේන්ද්‍රියතාවය0.0013
කක්ෂීය කාලාවර්තය7.15455296 d
සාමාන්‍යය කක්ෂීය වේගය10.880 km/s
ආනතිය2.214° (to the ecliptic)
0.20° (to Jupiter's equator)
මෙහි චන්ද්‍රිකාවකිබ්‍රහස්පතී
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය2634.1±0.3 km (පෘථිවිය මෙන් 0.413 ගුණයක්)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය8.72×107 km2 (පෘථිවිය මෙන් 0.171 ගුණයක්)
පරිමාව7.66×1010 km3 (පෘථිවිය මෙන් 0.0704 ගුණයක්)
ස්කන්ධය1.4819×1023 kg (පෘථිවිය මෙන් 0.025 ගුණයක්)
මධ්‍යන්‍යය ඝණත්වය1.936 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය1.428 m/s2 (0.146 g)
මිදුම් ප්‍රවේගය2.741 km/s
භ්‍රමණ කාලාවර්තයsynchronous
ආක්ෂක ආනතිය0–0.33°
ප්‍රභානුපාතය0.43±0.02
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
K 70 110 152
දෘශ්‍ය විශාලත්වය4.61 (opposition)
4.38 (in 1951)
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය0.2–1.2 µPa
සංයුතියOxygen

ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක.

(magnetosphere) චුම්භක ගෝලයකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම ග්‍රහලෝකය වන්නේ ගැනිමේඩ්ය. ද්වී යකඩ හරය තුළ වු සංවහනය තුළින් එය නිර්මාණය වී ඇතැයි සැලකේ. මෙම ගෝලයෙන් අල්ප කොටසක් බ්‍රහස්පතිගේ වටා පුළුල් චුම්භක ක්ෂේත්‍රය තුළ ගිලී ඇති අතර විවෘත බල රේඛා මගින් එයට සම්බන්ධවේ. මෙම ග්‍රහ වස්තුවට ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇත. එහි O , O2 හා O3 (ඕසෝන්) අන්තර්ගත වේ. පරමාණුක හයිඩ්‍රජන් ඉතාමත් අවම මට්ටමකින් එහි පවතී.එහි වායුගෝලයට අනුරූපව අයන ගෝලයක් පවතීද යන්න තවමත් හෙලිවී නොමැත.

ගැනිමේඩ් චන්ද්‍රයා සොයාගැනීමේ ගෞරවය එය මුලින්ම 1610 දී නිරීක්ෂණය කළ ගැලීලියෝ ගැලිලිට හිමිවේ. එහි නම යෝජනා කරන ලද්දේ ඩිමෝන් මාරිස් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසිනි. මිත්‍යා විශ්වාසවලට අනුව සියලුම ග්‍රීක දෙවියන්ගේ කුසලාන දරා සිටින්නා (cupbearer) වන ඩියුස්ගේ ආදරය ලැබාගැනීම වෙනුවෙන් මෙය එනමින් නම් කෙරිණි. පයිනියර් 10 යානයෙන් ආරම්භ ගැනිමේඩ්ව ඉතා ආසන්නයෙන් නිරීක්ෂණය කිරීමට අභ්‍යවකාශ යානා වලට හැකිවි ඇත. වොයේජර් යානයෙන් එහි මැණීමේ කටයුතු සිදු කෙරිණි. ගැලීලියෝ යානයෙන් එහි චුම්භක ක්ෂේත්‍රය හා භූගත මුහුද පිළිබඳව සොයා ගැනුණි. ජුපිටර් අයිස් මුන් ඔබ්ටරය ගැනීමෙන් නිරීක්ෂනාත්මකව නිර්මාණය කල මුත් එම ව්‍යාපෘතියත් (NASA) නාසා ආයතනය විසින් 2005 වර්ෂයේදී අවලංගු කරන ලදී.

Tags:

බ්‍රහස්පතිබුධසෞරග්‍රහ මණ්ඩලය

🔥 Trending searches on Wiki සිංහල:

මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයහරිත විප්ලවයදළදා වහන්සේනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවහලාවතනවයොවුන් ලිංගිකත්වයපටිච්චසමුප්පාදයවිෂ්ණු දෙවියන්ට පිං දීමඉතිහාසයඇත් පොකුණශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඩොල්ෆින්සිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ අධිකරණයගබ්සාවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පළාත් මල්දස මහා යෝධයෝඅහිකුණ්ඨකථූපාරාමයබුද්ධඝෝෂ හිමිරණසිංහ ප්‍රේමදාසඅන්තර්පාදක ලිංගික චර්යාවසනත් ජයසූරියභූචලනසිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ලංකාවේ ඉතිහාසයරන්මසු උයනඅභ්‍යවකාශ ගවේෂණයදේශගුණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදේශබන්ධු තෙන්නකෝන්ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියපොල්කෘත්‍රීම බුද්ධියභාවනාචතුරස්‍රයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයමහාවංශයසිඟාලෝවාද සූත්‍රයකාංසා අක්‍රමතාවයක්‍රිකට්මුල් පිටුවසාමයදිවාලිසයිකෝසියාවපොළොන්නරුව පෞරාණික නගරයකම්කරු නීතියක්ෂණික මෝචනයක්ෂුද්‍ර ජීවීන්උභය ජීවීන්ලාඕසයෆේස්බුක්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝරෝසඋපායමාර්ගික කළමනාකරණයස්වාභාවික උපද්‍රවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසොලොස්මස්ථානඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)තෙරේසා මවුතුමියමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනිල් කටරොඩුශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවදිළිඳුබවපරිගණක මෘදුකාංගකොළඹ දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ මැණික්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාලිංගිකත්ව අධ්‍යාපනයතොරතුරු තාක්‍ෂණයසීගිරි ගීචෛත්‍යනර්තනය🡆 More