ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව

සූක්ෂම ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාවේම ශාඛාවක් වන අතර එමගින් පුද්ගලයින් කුටුම්බ සහ ව්‍යාපාර සහ සම්පත් බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිළි කරයි.

විශේෂයෙන්ම වෙළඳපොළ තුල සිදුවන භාණ්ඩ හා සේවා හුවමාරු මෙහිදී සලකා බැලේ.

සූක්ෂම ආර්ථික විද්‍යාව මෙම තීරණ හා හැසිරීම් රටාවන් භාණ්ඩ හා සේවාවල ඉල්ලුමට හා සැපයුමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කරයි. මේ තුලින් භාණ්ඩ හා සේවාවල මිල තීරණය වන අතර එසේම මිල ගණන් වලින් භාණ්ඩ හා සේවාවල ඉල්ලුම හා සැපයුම තීරණය වේ.

සාර්ව ආර්ථික විද්‍යාව ආර්ථික වර්ධනය උද්ධමනය විරැකියාව ඉහත ප්‍රතිඵලවලට හේතුවන ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්වීම් වැනි සමස්ත ආර්ථික කටයුතු නියෝජනය කරයි. විශේෂයෙන්ම ලුකස් විචාරය (Lucas Critique) වැනි නවීන සාර්ව ආර්ථික න්‍යායන්ගේ පිබිඳීම සූක්ෂම මූලධර්ම (Micro Foundation) මත පදනම් වේ.

සූක්ෂම ආර්ථික විද්‍යාවේ එක් අරමුණක් වන්නේ භාණ්ඩ හා සේවා අතර සාපේක්ෂ මිල ඇති කරන වෙළඳපොළ යාන්ත්‍රණය විශ්ලේෂණය කිරීම හා හිඟ සම්පත් විකල්ප භාවිතා කරන්නන් අතර බෙදා වෙන් කිරීම විශ්ලේෂණය කරයි. මීට අමතරව වෙළඳපොළ බිඳ වැටීම්, එනම් වෙළඳපොළ කාර්යක්ෂම ප්‍රතිඵල ලබා නොදෙන අවස්ථා දෙක මෙමඟින් විශ්ලේෂණය කරයි. එසේම පූර්ණ තරඟකාරීත්වය සඳහා අවශ්‍ය න්‍යායාත්මක කොන්දේසිද මෙමඟින් විස්තර කරයි. පොදු සමතුලිතය, අපූර්ණ තොරතුරු මත වෙළඳපොළවල්, අවධානම් සහගත තෝරා ගැනීම් සහ ‍වෙළඳපොළ යාන්ත්‍රණය තුල නිෂ්පාදිතයින්ගේ නව්‍යතාවය වැනි වැදගත් අංශ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව තුල පවතී.


උපකල්පන හා අර්ථ දැක්වීම්

ඉල්ලුම් සැපයුම් න්‍යාය සාමාන්‍යයෙන් වෙළඳපොල පූර්න තරඟකාරී යැයි උපකල්පනය කරයි. මින් අදහස් වන්නේ එහි ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට භාණ්ඩ හා සේවාවල මිල ගණන් වලට සැළකියයුතු වෙනසක් කල නොහැකි බවත්ය. නමුත් සැබෑ ලෝකයේ සිදුවන ගණුදෙණු වලදී තත්ත්වය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනී. එයට හේතුව ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් හෝ කණ්ඩායම් වශයෙන් මිල‍ට බලපෑම් කිරීමයි. ඉල්ලුම් සැපයුම් සමීකරණ අවබෝද කර ගැනීමට තරමක් දුරට නවීන විශ්ලේෂණයන් අවශ්‍ය වේ. කෙසේ වුවත් සරල අවස්ථා වලදී මෙම න්‍යාය වඩා හොඳින් ක්‍රියාත්මක වේ.

ප්‍රධාන ආර්ථික විද්‍යා ප්‍රවාහය (Main Stream Economics) වෙළඳපොළ, සමාජ සංවිධාන සඳහා වඩා වැඩි කැමැත්තක් දක්වන බව උපකල්පනය නොකරයි. බොහෝ විශ්ලේෂණයන්ට අනුකූලව ඉහත කී වෙළඳපොළ අසාර්ථකවීම්වලට හේතු වී තිබෙන්නේ සම්පත් බෙදා හැරීමේ පවතින දුර්වලතාවයයි. මෙවැනි ගැටළුවලදී ආර්ථික විද්‍යාඥයින් රාජ්‍ය පාලනය මඟින් ඍජුවම නාස්තිය නැවැත්වීමේ ප්‍රතිපත්තිය සොයාගනියි. එසේම වෙළඳපොළ සහභාගීවන්නන්ට වක්‍රාකාරයෙන් සමාජ සුභසාධනයට ගැළපෙන අයුරින් හැසිරීමට පොළඹවයි.



Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පංච කල්‍යාණග්‍රහලෝකදඹදෙණිය යුගයබුදුගුණ අලංකාරයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියහෘදයශ්‍රී ලංකා ජාතික කොඩියපළමුවන ලෝක යුද්ධයමානව විද්‍යාවවිහාරමහා දේවියශ්‍රී ලංකාවේ සර්පයෝයකඩමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයප්‍රතිජීවකඅභිචාරාත්මක ප්‍රතිකාරමිනිස් ඇසප්‍රථමාධාරයසෝදරාවතවිල්කැලණිය රජ මහා විහාරයකොරෝනා වෛරසයමානවවාදී මනෝවිද්‍යාවපරිණාමයශ්‍රී ලංකාවේ දාගැබ්ගිනි කඳුඅපරාධ නීතියගාලු කොටුවලිංගික අප්‍රාණිකත්වයජාත්‍යන්තර කාන්තා දිනයරබින්ද්‍රනාත් තාගෝර්ලෝ වැඩ සඟරාවප්‍රභාසංශ්ලේෂණයනාගරීකරණයබැද්දේගම(නවකතාව)ප්‍රශස්තිඅනුරාධ දූල්ලෑව විජයරත්නශ්‍රී ලාංකීය සංස්කෘතියජයන්ති කුරු උතුම්පාලශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයවෙබ් බ්‍රව්සරබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපංච නීවරණආපදා‍ කළමනාකරණයකොහොඹා කංකාරියදේශබන්ධු තෙන්නකෝන්ශ්‍රී ලාංකේය ඉංග්‍රීසිශ්‍රී ලංකාවේ බලකොටුසයිමන් නවගත්තේගමමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකසංඝමිත්තා තෙරණියසිංහල පිල්ලම්දෙමළ භාෂාවමිනිස් හිස්කබලගැට බෙරයඉල්ලුම සහ සැපයුමවෙසක් උත්සවයබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානතෙත් සදාහරිත වනාන්තරදඹුල්ල රජමහා විහාරයඋපසර්ගහින්දු ධර්මයශ්‍රී ලංකා ගුවන් හමුදාවපයිතගරස් ප්‍රමේයයරාවණා රජකටු අනෝදාශ්‍රී දළදා මාළිගාවසුභාෂිතයමහායානභූගෝල විද්‍යාවදේපල නීතියබලශක්ති සංරක්‍ෂණයඕ‍සෝන් වියනපුරාණ රෝමයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව🡆 More