අධර නාසා කම්බු

අධර නාසා කම්බු (අධර සංවලිත අස්ථිය) යනු නාසයේ ඇති සංවලිත අස්ථි අතරින් එකකි.

එය නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය දිගේ තිරස්ව විහිදෙන අතර, රෝල් වූ ස්වභාවයක් ගන්නා සවිවර අස්ථි ස්තරවලින් සෑදී ඇත. අධර නාසා කම්බු යුගල වක්ත්‍ර අස්ථි යටතට අයත් යැයි පිළිගැනේ. මේවා 'අධර නාසා සංවලිත අස්ථි' ලෙස හැඳින්වීමට හේතුව එහි කෘත්‍යය සංවලිත අස්ථිවල කෘත්‍යයන්ට සමානත්වයක් දැක්වීමයි. සංවලිත අස්ථි තුළින් වාතය හමායන විට, මේවායේ ඇති ශ්ලේෂ්මල ස්තරවල වාතය හොඳින් ගැටී වාතය උණූසුම්, තෙත් සහ පිරිසිදු වේ. අධර නාසා කම්බුවලට උත්තරව මධ්‍ය නාසා කම්බු සහ උත්තර නාසා කම්බු පිහිටන අතර, ඒවා හිස්කබලේ කපාල කොටසකි පැනනගින ඒවා වේ. ඒ නිසා අනෙක් කම්බු දෙවර්ගය කපාල අස්ථිවල කොටස් ලෙස සැලකේ.

අධර නාසා කම්බු හෙවත් අධර සංවලිත අස්ථිය
අධර නාසා කම්බු
වම් අක්ෂීකූපයේ මධ්‍ය බිත්තිය. (අධර නාසා කම්බු මධ්‍යයේ කහ පැහැයෙන් දැක් වේ.)
අධර නාසා කම්බු
රූපය 1: දකුණු නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තිය. මෙහි අධර කම්බු එම ස්ථානයේම දැක් වේ. (රෝස පැහැයෙන්)
තොරතුරු
ලතින්Concha nasi inferior,
concha nasalis inferior
සන්ධිවලජිද්‍රාස්ථිය, ඌර්ධවහනුක අස්ථිය, අශ්‍රැ අස්ථිය සහ තාලව අස්ථිය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.169
Dorlands
/Elsevier
c_50/12253882
TAA02.1.08.001
FMA54736
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මෙය සතුව පෘෂ්ඨ දෙකක්, දාර දෙකක් සහ අන්තයන් දෙකක් පවතී.

ව්‍යූහය

පෘෂ්ඨ

මධ්‍ය පෘෂ්ඨය උත්තල වන අතර, සිදුරු සහිත ස්වභාවයක් ගනී. රුධිර වාහිනී ගමන් කිරීම සඳහා එහි තිරස් ඇලියක් පවතී.

පාර්ශ්වික පෘෂ්ඨය අවතල ය. එය අධර ආයනයේ කොටසක් සාදයි.

දාර

ඉහළ දාරය සිහින්, අක්‍රමවත් එකක් වන අතර, එය නාසා කුටීරයේ පාර්ශ්වික බිත්තියේ විවිධ අස්ථිවලට සම්බන්ධ වී ඇත.

මෙය ප්‍රධාන කොටස් තුනකට බෙදේ: ඒවා නම්,

  • පූර්ව කොටස, මෙය ඌර්ධවහනුක අස්ථියේ කම්බු කුඩුම්බිය සමග සන්ධානය වේ;
  • අපර කොටස, තාලව අස්ථියේ කම්බු කුඩුම්බිය සමග සන්ධානය වේ;
  • මධ්‍ය කොටස, හොඳින් සලකුණු වී ඇති ප්‍රසර තුනකින් සමන්විත ය. මෙය ප්‍රමාණය සහ ස්වරූපයෙන් විවිධ විය හැක.
    • මේ අතර, පූර්ව හෙවත් අශ්‍රැ ප්‍රසරය යනු කුඩා තියුණු ප්‍රසරයකි. එය අස්ථියේ පූර්ව හතරෙන් එකක කොටසේ සහ අපර හතරෙන් තුනක කොටසේ පිහිටා ඇත. එහි අග්‍රය අශ්‍රැ අස්ථියේ අවරෝහණ ප්‍රසරය සමග සන්ධානය වේ. එහි දාර මගින් ඌර්ධ්වහනුක අස්ථියේ පූර්ව ප්‍රසරයේ පසුපසට සන්ධානය වේ. එය නාසාඅශ්‍රැ පුණාලයේ නාලිකා තැනීමට උපකාරී වේ.
    • මෙම ප්‍රසරයට පිටුපසින් පිහිටි පළල්, සිහින් ඵලකාකාර ජිද්‍රාස්ථි ප්‍රසරය, ජිද්‍රාස්ථියේ සාංකුශ ප්‍රසරය සමග සම්බන්ධ වේ. එහි පහළ දාරයෙන් ඌර්ධවහනුක ප්‍රසරය පහළින් සහ පැතිවලින් වක් වී පැනනගියි. එය ඌර්ධවහනුක අස්ථිය සමග සන්ධානය වන අතර, ඌර්ධවහනුක කෝඨරකයේ මධ්‍ය බිත්තිය තැනීමට ද උපකාරී වෙයි.

අධර දාරය නිදහස්, ඝනකම්, සෛලීය ව්‍යූහයකි.

අන්තයන්

අන්ත දෙකම මඳ හෝ වැඩි වශයෙන් උල් හැඩැති ය. අපර අන්තය වඩාත් සිහින් ය.

වර්ධනය

අධර නාසා කම්බු අස්ථිභවනය වන්නේ තනි මධ්‍යස්ථානයකිනි. එය භ්‍රෑණයේ පස්වන මාසයේදී කාටිලේජමය නාසා ප්‍රාවරයේ පාර්ශ්වික බිත්තියෙන් හටගනී.

අමතර පින්තූර

මූලාශ්‍ර

බාහිර සබැඳි

මේවාත් බලන්න

සැකිල්ල:Nose anatomy

Tags:

අධර නාසා කම්බු ව්‍යූහයඅධර නාසා කම්බු අමතර පින්තූරඅධර නාසා කම්බු මූලාශ්‍රඅධර නාසා කම්බු බාහිර සබැඳිඅධර නාසා කම්බු මේවාත් බලන්නඅධර නාසා කම්බුසවිවර අස්ථි

🔥 Trending searches on Wiki සිංහල:

නිදහස් දිනය (ශ්‍රී ලංකාව)මහා කාශ්‍යප රහතන් වහන්සේග්‍රාම නිලධාරීකාලී දෙවඟනඅක්මාවේ තෙල්තිසා වැවඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්සොළොස් මහා ජනපදහබන් කුකුළානාකොහාග්‍රැෆික් නර්මානකරණයදරු නැලවිලි ගීසිදත් සඟරාවඩී.එස්. සේනානායකමුල් පිටුවගෙම්බාශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඩෙංගුමෛත්‍රී බුදුරජාණන් වහන්සේඋසස් පෙළ දේශපාලන විද්‍යාවභෞතික විද්‍යාවමිනිත්තුබල්ලෝක්‍රිකට්ලසිත් මාලිංගසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුකෙසෙල්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ මාර්ග සංඥානේටෝකටු අනෝදාශ්‍රී ලංකාවේ කම්කරු නීතියලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවරත්න ශ්‍රී විජේසිංහසැකිල්ලලෝවාමහාපායකුප්පමේනියත්‍රිශික්‍ෂාපන්සිල්ගෝලීය ආර්ථිකයේ අවාසිත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාමැලේරියාවආනන්ද කුමාරස්වාමිමොණරවිල කැප්පෙටිපොළදිවාලිප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ඉතිහාසයකැලණියමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ ජාතික කොඩියමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහල ජන නාටකවැදි සාහිත්‍යයසුරාබදු ආඥා පනතවැස්සලංකා බැංකුවප්‍රතිචක්‍රීයකරණයජී බී සේනානායකශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඇල්ගීඑස්. පණීභාරතමානව අයිතිවාසිකම්මාළුමන්නාරම බයෝබැබ් ගසලක්දිව රාජාවලියනිල් අවරියකොරෝනා වෛරසයටී.බී. ජයාසිංහල අක්ෂර මාලාවඅධ්‍යාපන මනෝ විද්‍යාවසූත්‍ර පිටකය🡆 More