වක්ත්‍ර අස්ථි

වක්ත්‍ර, අන්තරංග කපාලය, හෙවත් ආශය-කපාලය යනු හිස්කබලේ කොටසක් වන අතර, එය ඇතිවන්නේ ග්‍රසනික වක්‍රයෙනි.

වක්ත්‍ර අස්ථි අතරට හිස්කබලේ පූර්ව සහ පහළ කොටස් අයත් වේ. හිස්කබලේ ඒ හැර සෙසු කොටස් කපාල අස්ථි ගණයට අයත් වේ.

වක්ත්‍ර අස්ථි
වක්ත්‍ර අස්ථි
මානව වක්ත්‍ර සැකිල්ල සාදන අස්ථි දාහතර.
වක්ත්‍ර අස්ථි
වක්ත්‍ර අස්ථි දාහතර. (ස්නායුකපාලය මෙහි අර්ධ-පාරදෘශ්‍ය අයුරින් පෙන්වා ඇත)
  නිල්: හලාස්ථිය (1)
  රෝස: නාසාස්ථි (2)
  රතු: තාලව අස්ථි (2)
  දීප්තිමත් නිල්: අශ්‍රැ අස්ථි (2)
  අඳුරු කොළ: යුගාස්ථි (2)
  දීප්තිමත් කොළ: අධර නාසා කම්බු (2)
තොරතුරු
ලතින්ossa faciei, ossa facialia
හඳුන්වනයන්
ග්‍රේ ගේp.156
Dorlands
/Elsevier
Facial bones
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහය

බොහෝ මූලාශ්‍රවල මානව හිස්කබලේ වක්ත්‍ර අස්ථි යටතට පහත අස්ථීන් දාහතර ඇතුළත් කොට ඇත:

විචලනයන්

ඇතැම්විට මානව කණ්ඨිකා අස්ථිය ද මේ අතරට ඇතුළත් කෙරුණු අවස්ථා ඇත. ජිද්‍රාස්ථිය (හෝ එහි කොටසක්) සහ කීලාස්ථිය ද සමහර අවස්ථාවල වක්ත්‍ර යටතට ඇතුඵත් කෙරුණ ද, ඒවා බොහෝ විට කපාලයේ කොටසක් ලෙස සැලකේ. ඇතැම් මූලාශ්‍රවල ඌර්ධ්වහනුක අස්ථියේ වම් සහ දකුණු කොටස් අස්ථි දෙකක් ලෙස සලකා ඇත. එසේම තාලව අස්ථිය ද ඇතැම්විට අස්ථි දෙකක් ලෙස විස්තර කෙරේ.

විවිධ පාඨ ග්‍රන්ථවල මෙම වක්ත්‍ර සැකිල්ලට ඇතුළත් කොට ඇති අස්ථීන් විවිධ ය. අස්ථීන්ගේ කලලවිද්‍යාත්මක සම්භවය මත පදනම්ව ඇතැම් පාඨ ග්‍රන්ථවල ස්නායුකපාල සහ අන්තරංග කපාල අස්ථීන් අතර වෙනස්කම් ඍජුවම දක්වා ඇත. වෙනත් පාඨ ග්‍රන්ථ මානව හිස්කබලේ පූර්ව පැත්තෙන් දැකගත හැකි සියලු අස්ථීන් මේ යටතට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත; මීට සමගාමීව ඔවුන් විසින් ලලාට අස්ථිය වැනි අස්ථි ද මෙයට ඇතුළත් කොට ඇත.

වර්ධනය

මෙම අන්තරංග කපාලය ඇතිවන්නේ ස්නායු මාර්ග ශිඛා සෛලවලින් (ස්නායුකපාලයේ, දත්වල සහ අධිවෘක්ක මජ්ජාවේ වර්ධනයට හේතු වන) හෝ මධ්‍යචර්මයේ දේහපිණ්ඩ කොටසින් ඇති වන කංකාල පිණ්ඩයෙනි. නමුත් මෙය කොන්ඩ්‍රික්තියේස් සහ සෙසු කාටිලේජමය පෘෂ්ඨවංශීන්ගේ මෙන්, ස්නායුකපාලය සමග අන්තඃකාටිලේජ අස්ථිභවනය මගින් ප්‍රතිස්ථාපනය වී නැත. උභයජීවීන් සහ උරගයන් වැනි සිව්පාවුන්ගේ කර්ණපටහයට සම්බන්ධ ස්තම්භිකාව ඇතිවන්නේ මෙම අන්තරංග කපාලයෙනි. නමුත් ක්ෂීරපායීන් තුළ, අන්තරංග කපාලයෙන් සම්භවය වන්නේ මැද කනේ අස්ථි වන මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය යි.

අමතර රූප

මේවාත් බලන්න

මූලාශ්‍ර

සැකිල්ල:Compound structures of skull

Tags:

වක්ත්‍ර අස්ථි ව්‍යූහයවක්ත්‍ර අස්ථි අමතර රූපවක්ත්‍ර අස්ථි මේවාත් බලන්නවක්ත්‍ර අස්ථි මූලාශ්‍රවක්ත්‍ර අස්ථි බාහිර සබැඳිsවක්ත්‍ර අස්ථිස්නායුකපාලය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයපළමුවන ලෝක යුද්ධයසිකුරු ග්‍රහලොවජයන්ති කුරු උතුම්පාලසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමදකුණු කොරියාවපවිත්‍රා වන්නිආරච්චිරාජ්‍ය නොවන සංවිධානනත්තලකළු වදුරාකෝමාරිකාශ්‍රී ලංකාවේ පළාත්බළලාපාෂාණවෛරස් පිළිබඳ හැඳින්වීමක්ලංකාවේ කලපුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයආපදා‍ කළමනාකරණයඒක සෛලික ජීවින්ලෝක සෞඛ්‍ය සංවිධානයකැලණියදඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ ආදි වාසීන්මහවැලි සංවර්ධන වැඩසටහනකජුපාස්කු උත්සවයමරියානා අගාධයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඇසළ (ගස)ඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිපාසල්රාග (සංගීතය)කුඩාපොළ හිමිවළි කුකුලාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)අධ්‍යාපනයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහින්දුස්ථානී තාලඑස්‌. මහින්ද හිමිචන්ද්‍ර ග්‍රහණයගොටුකොලඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසිංහල හෝඩිවැලිවිට සරණංකර හිමිසිලින්ඩරසරදියෙල්පොළොන්නරුව (බහුරුත්හරණය)භෛරවී රාගයරුසියානු විප්ලවයතෝමස් අල්වා එඩිසන්එක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ මැණික්බාලදක්ෂ ව්‍යාපාරයඝනත්වයචතුරාර්ය සත්‍යයජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිකිපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයමහවැලි ගඟකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාචලිතය පිළිබඳ නිව්ටන් නියමරණසිංහ ප්‍රේමදාසසිංහල ජනයාලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්සිංහල ජනකවිගාලු කොටුවකඩොලාන පරිසර පද්ධතියශාකටී.බී. ජයාශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනසිංහල පිල්ලම්නායකත්වයඕෂනියාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවැදි ජනයා🡆 More