හෝ චි මින් නගරය

106°42′02.9″E / 10.776889°N 106.700806°E / 10.776889; 106.700806

හෝ චි මින් නගරය (වියට්නාම භාෂාව: තාන් පෝ හෝ චි මින්හ්; මෙම ශබ්දය පිළිබඳ ශ්‍රවණය කරන්න), හෙවත් සයිගොන් (මෙම ශබ්දය පිළිබඳ ශ්‍රවණය කරන්න, ප්‍රංශ: Saïgon) යනු වියට්නාමයේ විශාලතම නගරයයි. සයිගොන් යනු එහි පෙර නාමය වන අතර අදටද සමහර අවස්තාවන්දී නිල නොවන වශයෙන් එම නාමය භාවිත කරයි. එය අතීතයේදී ප්‍රේ නොකෝර් ලෙසද හඳුන්වනු ලැබූ අතර, එය 17 වන සියවසේදී වියට්නාමයට ඈඳා ගන්නා තුරුම ඛේමර් අධිරාජ්‍යයට අයත් තොටුපලක් විය. කොචින්චිනා ප්‍රංශ කොලොනියේ අගනුවර වූයේද මෙම නගරයයි. එය එවකට සයිගොන් නමින් හැඳින්විණි. පසුව 1955-1975 කාලයේදී දකුණු වියට්නාමයේ අගනුවර ලෙසද සයිගොන් නගරය යොදා ගැනිණි. 1976 ජූලි 2 වෙනිදා තදාසන්න ගියා දින් පළාත සමග ඒකාබද්ධ කල සයිගොන් නගරය, එතැන් සිට හෝ චි මින් සිහිවනු පිණිස හෝ චි මින් නගරය ලෙස නම් කරන ලදී.

හෝ චි මින් නගරය
Thành phố Hồ Chí Minh
Sài Gòn
නගරසභාව
Thành phố trực thuộc trung ương
අපනාමය(න්): පෙරදිග පැරීසිය
ඈත පෙරදිග මුතු ඇටය
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම
වියට්නාමය තුල සහ දකුණු වියට්නාමය තුල හෝ චි මින් නගරයේ පිහිටීම
රටවියට්නාමය
ගියා දින්හ් ලෙස පිහිටවනු ලැබීය1698
හෝ චි මින් නගරය ලෙස ප්‍රතිනාමකරණය කරන ලදී1976
දෙමොනිම්
List
  • සයිගොනියානුවා
රජය
 • පක්ෂ ලේකම්ලේ තන් හායි
 • මහජන කමිටු සභාපතිලේ හොවන්ග් ක්වාන්
සරිය
 • මුළු2,095.5 කිමී2 (809.23 සතරැස් සැත)
උන්නතාංශය19 මී (63 අඩි)
ජනගහණය(2014)
 • මුළු7,981,900
 • අනුස්ථිතියරටේ ඉහලම ජනගහනය
 • ඝණත්වයBad rounding here3,800/කිමී2 (Bad rounding here9,900/වර්ග සැත)
වේලා කලාපICT (UTC+07:00)
ප්‍රාදේශීය දුරකථන කේතය28
දල දේශීය නිෂ්පාදිතය2014 ඇස්තමේන්තුගත
 - සම්පූර්ණඇ. ඩො. බිලියන 71.1
 - ඒක පුද්ගලඇ. ඩො. 8,660
වෙබ් අඩවියhochiminhcity.gov.vn

හෝ චි මින් නගරයේ නගර සභා සීමාව තුල සහ තු දවු මොට්, දී අන්, බියෙන් හොවා වැනි අවට උප නගර හා එකට ගත්විට එහි ජනගහනය මිලියන 9 ඉක්මවා යන අතර එය වියට්නාමයේ වඩාත් ජනාකීර්ණම ප්‍රදේශයයි. 2025 වන විට නගරයේ ජනගහනය මිලියන 13.9 දක්වා ඉහල යනු ඇති අපේක්ෂා කෙරේ.

ගිනිකොනදිග වියට්නාමය තුල බොහෝ ප්‍රදේශ, ටියෙන් ගියෑන් පළාත සහ ලෝන්ග් ඇන් පළාත යන ප්‍රදේශ එක්කොට 30,000 square කිලෝmetres (12,000 sq mi) විශාල නාගරික ප්‍රදේශයක් ගොඩනැගීමට දැනට සැලසුම් කර ඇති අතර, 2020 වන විට වැඩ නිම වන එහි මිලියන 20ක පමණ ජනගහනයක් සිටිනු ඇති අපේක්ෂා කෙරේ.

හෝ චි මින් නගරය, මර්සර් මානව සම්පත් උපදේශක සේවය, ඉකොනොමිස්ට් බුද්ධි අංශය සහ ඊසීඒ ඉන්ටනැෂනල් යන සංවිධාන වලට අනුව ප්‍රවාසික සේවානියුක්තිකයින් සඳහා වඩාත් වටිනාකමකින් යුතු නගර ලයිස්තුවේ 132 වන ස්ථානය හිමිකරගෙන සිටී.

නාමය

හෝ චි මින් නගරය 
සයිගොන් යන නාමය මෙම නගරයට ලැබී අත්තේ නගරය පුරා දැකිය හැකි ඉඹුල් ගස් (බොන්ග් ගොන්) නිසා යයි විශ්වාස කෙරේ.

ඉතිහාසය පුරා හෝ චි මින් නගරය විවිධ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඊට හේතු වී ඇත්තේ විවිධ කාල වලදී විවිධ ජාතීන්, සංකෘතීන්, දේශපාලන කණ්ඩායම් යන ඒවාට අයත් පිරිස් එහි පදිංචි වීමයි. 1690 දී මෙකොන් ඩෙල්ටාව සහ ඒ අවට වියට්නාම පරිපාලනමය ඒකක පිහිටුවීම සඳහා හියුහි ගුයෙන් පාලකයන් විසින් ගුයෙන් හූ චාන් නමැති ප්‍රභූවරයා මෙම ප්‍රදේශයට එවන ලදී. පසුව එහි පාලනය වියට්නාම පාලනයට නතු වූ අතර, එම අවස්තාවේදී එයට ගියා දින්හ් යන නිල නාමය ලබා දෙන ලදී. 1860 දශකයේදී කොචින්චිනා නමැති ප්‍රංශ කොලොනිය පිහිටවන තුරුම එම නම පැවතිනි. ප්‍රංශ ආක්‍රමනිකයින් විසින් මෙම නමම සයිගොන් ලෙස පහසුව පිණිස වෙනස් කරගන්නා ලදී. සයිගොන් යනු ගියා දින්හ් නමෙහිම බටහිරකරණය වූ එක් භාවිත ආකාරයකි. කෙසේවෙතත් 1891 වනතුරුම වියට්නාම සිතියම් වල නගරය දැක්වුණේ ලෙසය. 1975 වසරේදී නගරය කොමියුනිස්ට් පාලනයට නතු වූ වහාම, ප්‍රාදේශීය රජය විසින්, උතුරු වියට්නාමයේ හිටපු නායක හෝ චි මින් නමින් එය නම් කරන ලදී.

හෝ චි මින් නගරය 
සයිගොන් දුම්රිය ස්ථානය විසින් 1620 දශකයේ සිට නගරය හැඳින්වූ සාම්ප්‍රදායික නාමය අදටත් භාවිත කරයි.

නමුත් අදටත් නගරයේ නිල නොවන නාමය වන සයිගොන් නාමය එදිනෙදා කතාබහේදී දේශීය මෙන්ම විදේශීය (විශේෂයෙන්ම විදේශගත වියට්නාම ඩයස්පෝරාව විසින්) වශයෙන්ද භාවිත වේ. හෝ චි මින් නගරයේ, 1 වන දිස්ත්‍රික්කය හැඳින්වීමටද සයි ගොන් යන නම බොහෝවිට යොදා ගැනේ.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමානව සැකිලි පද්ධතියහික්කඩුවේ සුමංගල තෙරණුවෝභික්ෂූන් වහන්සේවිෂ්ණුශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමොණරවිල කැප්පෙටිපොළ2004 සුනාමියශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී දළදා මාළිගාවඅභයගිරි දාගැබලිංගික ඊර්ෂ්‍යාවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසුදු බිංදුමදෙවි දේවතාවියෝසිංහබාහු රජඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)මර්සලින් ජයකොඩිමහියංගනය රජ මහා විහාරයජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඅකුණුමුල් ළමාවියේ සංවර්ධනයසජිත් ප්‍රේමදාසඉන්දියාවආර්ඩියුන‌ෝලක් විජය බලාගාරයඑච්. ඇල් ද සිල්වාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියසර්වෝදයලෝක ආහාර අර්බුදයමහත්මා ගාන්ධිකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ සිනමාවනෙළුම්දළදා පෙරහැරජපානයරුවන්වැලිසෑයසත්තුක්ෂණික මෝචනයමිශ්‍ර සිංහල හෝඩියසිංහල ටීකා සීපදසිඟාලෝවාද සූත්‍රයමල්ත්‍යාග (නීතිය)සිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයඅභිප්‍රේරණයවැව්මනෝවිද්‍යාවවිෂ්ණු දෙවියන්ට පිං දීමශ්‍රී ලංකාවේ ජාතික කොඩියහෘදයාබාධයසොකරි නාටකයස්වයං වින්දනයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඅන්වීක්ෂයශ්‍රී ලංකාවේ ජාතික සංකේතනිල්ලක්ගම බෝධි ඝරයකළුතර බෝධියරාහුල විද්‍යාලයනිවනඅහිකුණ්ඨකදිලීරලිංගික සංසර්ගික ඉරියව්අධික අවුරුද්දවිජයබා කොල්ලයප්‍රභාසංශ්ලේෂණයසීගිරියසරත් ගුණපාලථූපාරාමය, අනුරාධපුරඉතිහාසය🡆 More