පංච ද්‍රවිඩ: විකිමීඩියා ලැයිස්තු ලිපිය

පංච ද්‍රවිඩ ලෙස සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ , ක්‍රි.පූ.  103 සිට ක්‍රි.පූ.

88 දක්වා වසර 14 ක් එකිනෙකා මරා රජවෙමින් අනුරාධපුර සිට ලක්දිව රජරට රාජධානිය පාලනය කල බොහෝවිට පාණ්ඩ්‍ය රාජවංශයට අයත් වියහැකි ද්‍රවිඩ නායකයන් පස් දෙනෙකි.

ද්‍රවිඩයන් පස් දෙනා
ර‍ටරජරට රාජධානිය
අභිධානරජරට රජ
මුල්ම රජපුලහත්ථ
අවසන් රජදාඨික
ජනවර්ගයද්‍රවිඩ

පසුබිම

ද්‍රවිඩයන් පස් දෙන විසින් දිවයින ආක්‍රමණය කිරීමට පෙර, රජරට පාලනය කලේ, වට්ටගාමිණී අභය ලෙසින්ද හැඳින්වුනු, වළගම්බා රජ (ක්‍රිපූ 104–103, ක්‍රිපූ 89–76) විසිනි. දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් පස් දෙන විසින්, ක්‍රිපූ 103 දී, වළගම්බා රජ බලයෙන් පහකොට, ක්‍රිපූ 89 වන තුරු රට පාලනය කරන ලද අතර, එවිට වළගම්බා රජ විසින් ඔවුන් පරාජය කොට, යළි සිහසුන හිමි කර ගත්තේය.

පාලකයෝ

පුලහත්ථ

පුලහත්ථ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 103– ක්‍රිපූ 100
පූර්වප්‍රාප්තිකයාවළගම්බා රජ
අනුප්‍රාප්තිකයාබාහිය
මරණයක්‍රිපූ 100

පුලහත්ථ යනු ද්‍රවිඩයන් පස් දෙනගෙන් පළමුවැන්නා විය. පස් මසකට පෙර සිහසුනට පත් පාලක රජතුමාවූ වළගම්බා රජ බලයෙන් පහ කල ඔහු, දකුණු ඉන්දියාවෙන් පැමිණි, පාණ්ඩ්‍ය රාජවංශයේ දෙමළ නායකයෙකි. ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් බාහිය පත් තල හෙතෙම, වසර තුනක් රාජ්‍යය පාලනය කලේ, ක්‍රිපූ 100 දී බාහිය විසින් ඔහු මරා දමන තෙක්ය.

බාහිය

බාහිය
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 100– ක්‍රිපූ 98
පූර්වප්‍රාප්තිකයාපුලහත්ථ
අනුප්‍රාප්තිකයාපණය මාර
මරණයක්‍රිපූ 98

බාහිය යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් දෙවැන්නා වූ අතර, හෙතෙම ක්‍රිපූ 100 සිට ක්‍රිපූ 98 දක්වා රාජ්‍ය පාලනය කලේය. පුලහත්ථගේ පාලන සමයේදී ප්‍රධාන අමාත්‍ය වූ හෙතෙම, ඔහු මරා රජකම පැහැර ගති. බාහියගේ පාලන සමය කෙලවර වූයේ, ඔහු සිහසුනට පත්ව වසර දෙකක් ගත වත්ම, ඔහුගේ අග්‍රාමාත්‍ය වූ පණය මාර විසින් ඔහු මරා දැමීමත් සමගය.

පණය මාර

පණය මාර
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 98– ක්‍රිපූ 91
පූර්වප්‍රාප්තිකයාබාහිය
අනුප්‍රාප්තිකයාපිලිය මාර
මරණයක්‍රිපූ 91

ක්‍රිපූ 98 සිට ක්‍රිපූ 91 දක්වා රාජ්‍යය පාලනය කල පණය මාර , ද්‍රවිඩයන් පස් දෙන ගෙන් තෙවැන්නාවූ අතර, ද්‍රවිඩයන් පස් දෙනා අතුරින් වැඩිම කලක් රාජ්‍යය පාලනය කල තැනැත්තා විය. සිහසුනට පත් වීමට පෙර, හෙතෙම බාහිය යටතේ අග්‍රාමාත්‍යය තනතුර දැරූ අතර, පණය මාර විසින් බාහිය මරා රාජ්‍යය පැහැරගෙන සිහසුනට පත්වූයේ ඔහුගේ අග්‍රාමාත්‍යය ලෙසින් පිලිය මාර පත් කරමිනි.

පිලිය මාර

පිලිය මාර
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 91– ක්‍රිපූ 90
පූර්වප්‍රාප්තිකයාපණය මාර
අනුප්‍රාප්තිකයාදාඨික
මරණයක්‍රිපූ 90

අනුරාධපුරයේ රජ ලෙසින් පිලිය මාර රාජ්‍ය පාලනය සිදු කලේ ක්‍රිපූ 91 සිට ක්‍රිපූ 90 දක්වා වෙයි. ඔහුගේ පූර්වප්‍රාප්තිකයන් කල අයුරින්ම සිහසුන ඩැහැගත් හෙතෙම, පණය මාර ඝාතනය කලේ ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් කටයුතු කරමින් සිටියදීය. ද්‍රවිඩයන් පස් දෙන අතුරින්, අඩුම පාලන කාලය සහිත වූයේ පිලිය මාර වන අතර, ඔහුගේ ප්‍රධාන අමාත්‍ය දාඨික විසින් ඔහු මරා රජකම පැහැර ගැනුමට පෙර එය පැවැතියේ සත් මසක් පමණි.

දාඨික

දාඨික
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 90– ක්‍රිපූ 88
පූර්වප්‍රාප්තිකයාපිලිය මාර
අනුප්‍රාප්තිකයාවළගම්බා රජ
මරණයක්‍රිපූ 88

දාඨික යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් අවසන් තැනැත්තේ වූ අතර ක්‍රිපූ සිට ක්‍රිපූ 88 දක්වා රාජ්‍ය පාලනය කලේය. දාඨික සිහසුනට පත් වූයේ ඔහුගේ රජු පිලිය මාර ඝාතනය කිරීමෙන් වන අතර, එවිට හෙතෙම ඔහුගේ ප්‍රධාන අමාත්‍ය විය. ක්‍රිපූ 88 දී වළගම්බා රජ විසින් ඔහු මරා දමා සිහසුන පැහැර ගනිමින් විජය රාජ වංශය යළි ස්ථාපිත කලේය. ඊළඟ වසර 12 තුල වළගම්බා රජු විසින් අනුරාධපුර රාජධානිය පාලනය කෙරිණි.

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

පංච ද්‍රවිඩ පසුබිමපංච ද්‍රවිඩ පාලකයෝපංච ද්‍රවිඩ ආශ්‍රිතපංච ද්‍රවිඩ බාහිර සබැඳිපංච ද්‍රවිඩඅනුරාධපුර (පෞරාණික නගරය)ද්‍රවිඩ ජනයාපාණ්ඩ්‍ය රාජවංශයරජරට රාජධානියලක්දිව

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුදුරජාණන් වහන්සේපලිබෝධනාශකසතර සතිපට්ඨානයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකායුරෝපයආතර් සී. ක්ලාක්සිංහල අකාරාදි අනුපිලිවෙලජල චක්‍රයදේශපාලන විද්‍යාවසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවදහඅට සන්නියසමාජ විද්‍යාවශ්‍රී වික්‍රම රාජසිංහ රජආසියාවබෝවන රෝගසොක්‍රටීස්සිංහල සාහිත්‍යයඉන්දියානු ජාතික කොංග්‍රසයපාසල් උපදේශකඇදුමවිරුදාවලී නම් ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයමෛත්‍රීපාල සිරිසේනශාකපුවත්පත්අමරදේවඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවනිශ්ශංක මල්ල රජඋභය ජීවීන්පසළොස්වක පොහොය දොළහශ්‍රී ලංකාවේ ක්‍රීඩාවයූටියුබ්ශ්‍රී ලංකාවේ රබර් වගාවජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඩෙංගුසෞඛ්‍යයසිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයපුනරුදයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසිංහල මිණුම් ඒකකදුටුගැමුණු රජකාමාවචර ලෝකසිංහල පදශ්‍රී ලංකාවේ දික්කසාද නීතිධම්මපදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතබුද්ධි ගලනයචන්ද්‍ර මාස ක්‍රමයසන්නිවේදනයශුද්ධවූ මතෙව් තුමාගේ සුභාරංචියඅධ්‍යාපනයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයඌව වෙල්ලස්ස කැරැල්ලකෘත්‍රීම බුද්ධියනිෂ්පාදනයලෝක ජනගහනයපාහියංගලකළුතර බෝධියඡායාරූප ශිල්පීදෙවි දේවතාවියෝසංස්කෘතියමානව සැකිලි පද්ධතියජන කවි1000000000000 (number)ලිංගික අප්‍රාණිකත්වයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයභගමණියසිද්ධි අධ්‍යයනයහරප්පා ශිෂ්ඨාචාරයසතර සෘධිපාදශ්‍රී ලංකා රුපියලපන්සිල්දෙමළ භාෂාව🡆 More