පාර්කින්සන් රෝගය

පාර්කින්සන් රෝගය, යනු එයට ගොදුරු වූ පුද්ගලයාගේ චාලක ක්‍රියාවන් , කථනය සහ අනෙකුත් ක්‍රියාවන් අඩපණ කරන ප්‍රධාන ස්නායු පද්ධතියේ පිරිහීම් තත්වයකි.

පාර්කින්සන් රෝගය
පාර්කින්සන් සර් විලියම් රිචඩ් ගවර්ස්,"Manual of Diseases of the Nervous System in 1886" ඇසුරෙනි
ICD-10 G20., F02.3
ICD-9 332
DiseasesDB 9651
MedlinePlus 000755
eMedicine neuro/304 neuro/635 in young,pmr/99 rehab

මෙය චලන රෝගී තත්ත්වයන් ලෙස හඳුන්වන රෝග කාණ්ඩයේ එක් රෝගයකි. මාංශ පේශීවල තද බව, අනිච්ඡානුග සියුම් චලන, චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම හෝ නැති වී යාම , මෙම කාණ්ඩයට පොදු අද්විතීය රෝග ලක්ෂණයන් වේ. ස්නායු පද්ධතියේ ඩොපැමින් ස්‍රාවය කරන නියුරෝනවල ඩොපැමින් රසායනිකය නිෂ්පාදනය අඩු වීම නිසා පාදස්ථ ගැංග්ලියන් මගින් මොළයේ කංකාල පද්ධතියේ උත්තේජන අඩු වීම මෙම ලක්ෂණ සඳහා හේතු වෙයි. ද්විතීයික රෝග ලක්ෂණ ලෙස සිහි කල්පනාව අඩු වීම සහ භාෂාවේ දුර්වලතාවයන් ඉස්මතු වෙයි. මෙම රෝගය නිධන්ගත සහ ක්‍රමයෙන් වැඩි වන රෝගයකි.

නිධන්ගත ක්‍රමයෙන් වැඩිවන පාර්කින්සෝනිය තත්ත්වය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව පාර්කින්සන් රෝගයයි. වෙව්ලීම, මාංශවල ඝන බව, ක්‍රියාවන්වල වේගය අඩු වීම සහ ඉරියව්වල අස්ථායීභාවය ලෙස පාර්කින්සන් තත්ත්වය අර්ථ දැක්වේ. පාර්කින්ස රෝගය ප්‍රාථමික පාර්කින්සනත්වය ලෙස හැඳින්විය හැකිය. එනම් කිසිදු හේතුවක් නොමැති ජානමය විකෘතීන් නිසා ඇතිවන රෝගයකි. ද්විතීයික පාර්කින්සන් රෝගී තත්ත්වය ඇති වීමට හේතු කාරක ලෙස බෙහෙත් වර්ග , හිසට ඇති වූ පහර දීම්, සහ වෙනත් ඇතැම් රෝගී තත්ත්වයන් හඳුන්වාදිය හැකිය. ජේම්ස් පාකින්සන් විසින් ප්‍රකාශිත “වෙව්ලීම් සහිත පණ නැති වීමේ රෝග තත්වය ගැන විස්තරය” මගින් ඔහු විසින් කරන ලද සවිස්තරාත්මක හැඳින්වීම නිසා ඔහුට කරන ලද ගෞරවයක් ලෙස මෙම රෝගය පාර්කින්සන් රෝගය ලෙස නම් කරන ලදී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ජනයාපළමුවන ලෝක යුද්ධයරුසියාවශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයසියදිවි නසාගැනීමආයුර්වේදයඋභය ජීවීන්තනි වචන (සිංහල භාෂාව)ආවර්තිතා වගුවකාල් මාක්ස්ව්‍යාපෘති කළමනාකරණයඅධ්‍යාපන මනෝ විද්‍යාවරක්‍ෂණයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමානව සංවර්ධන දර්ශකයකෘෂි කර්මාන්තයවිවාහ නීතිය - ශ්‍රී ලංකාත්‍රිවිද්‍යාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසොකරි නාටකයයුරෝපයඇඩොල්ෆ් හිට්ලර්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඉන්දියාවේ දේශපාලන පක්ෂමිනිස් මොළයලිංගික ඊර්ෂ්‍යාවකම්කරු නීතියබල්ලෝමෛත්‍රීපාල සිරිසේනගල් පොත සෙල් ලිපියකාව්‍යයේ මුඛ්‍යාංගකාමාවචර ලෝකවෙසක් මස පුර පසළොස්වක පොහොයනියඟයඉතිහාසයපහතරට නැටුම්එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඋකුස්සාකොහුපාලිජයමංගල ගාථාඝනත්වයලන්දේසි ලංකාවදෙමළ ඊළාම් විමුක්ති කොටිඕස්ට්‍රේලියාවසිංහල ජනකවිශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසුසිල් ප්‍රේමජයන්ත්කොරියානු භාෂාවශ්‍රී ලංකාවේ සිවිල් නීතියවිෂ්ණු දෙවියන්ට පිං දීමමූලද්‍රව්‍ය ලැයිස්තුවකුප්පමේනියශ්‍රී ලංකාවේ කම්කරු නීතියදුටුගැමුණු රජමහවැලි ගඟකොළඹ දිස්ත්‍රික්කයඅභිප්‍රේරණයඑඩිෂම් බංගලාවසබරගමුව පළාතඅනගාරික ධර්මපාලනිදන්ගත වකුගඩු රෝගයබුදුගුණ අලංකාරයගොංගාලේගොඩ බණ්ඩාමාළුවලාකුළු පරිගණනයගුණදාස කපුගේසොක්‍රටීස්සමාජානුයෝජනයසිංහල අකාරාදි අනුපිලිවෙලත්‍රස්තවාදයබෞද්ධ කොඩියස්වභාවික පරිසරයසූර්ය ග්‍රහණතාරුණ්‍යය හා විවේකයවළි කුකුළාගෞතම බුදුන්ගේ ධාතූන්🡆 More